තව තොවිලයක් අවසානයි ලංකාවේ - අහුලමු කෑලි දැන් අපි ඒ බෙර පලුවේ

බලාපොරොත්තු වූ අන්දමින්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය පරාජයෙන් කෙළවර විය. 

වඩා ගෞරවනීය අවසානයක්  සඳහා හෝ ඉඩක් තැබීමට ආන්ඩුව කැමැත්තක් නොදැක්වූ බව පී.බී. ජයසුන්දරගේ ප්‍රකාශයෙන් පෙනේ. 

අනාගත රාජ්‍ය නායකයා වීමේ සිහිනය වෙනුවෙන් ලකුණු දමා ගන්නට කපටි බැසිල් උත්සාහ කරයි. එහෙත්, ඔහු මෙම ප්‍රතිඵලයේ සම්පාදකයෙකි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය තුළ වර්ජනයේ අවසානය සම්බන්ධයෙන් මතභේද ඇතිවීම සාධාරණය. 

නායකයන් අරගලය පාවාදුන්නා යයි ප්‍රකාශ කරන්නෝ රැඩිකල් මතධාරීන් ලෙස පෙනෙනමුත් ඔවුන් ආණ්ඩුවේ කොන්ත්‍රාත්කරුවන් වන්නට බොහෝ ඉඩ තිබේ. 

තත්වය පිළිබඳ සරසවි ආචාර්යවරුන්ට පමණක් දොස් නැගිය නොහැකිය. මෙම අරගලය පවතින දූෂිත ක්‍රමයට එරෙහිව දේශපාලන වැදගත්කමකින් යුත් එකක් බවට පත් වුණද එය ඉදිරියට ගෙනයාම සඳහා සමාජයේ සහයෝගය බලමුළුගන්වන්නට රටේ සෙසු බලවේග අසමත් විය.

වෘත්තීය සමිති හා විපක්ෂ දේශපාලන පක්ෂ ආචාර්යවරුන්ගේ පාගමනේ එල්ලී යන්තම් එදාවේල පිරිමසාගත්තා මිස කළ දෙයක් නැත. 

තව තොවිලයක් අවසානයි ලංකාවේ
අහුලමු කෑලි දැන් අපි ඒ බෙර පලුවේ

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්. මේ ෆුටා අරගලය සම්බන්ධයෙන් මගේ අවංක මතය.

    ඔවු ෆුටා එක අරගලය නිමා කරන්නේ අපි මවා ගෙන හිටි පොරොන්දුවූ දේශ කරා අපිව අරන් ගිහිල්ලා නෙමෙයි, ඔළු තුනේ මකරගේ ඔළු කපලා නෙමෙයි. ඒක ඇත්ත.

    ෆුටා එක හුටුස් ගාලා ඔවුන්ගේ අරගලය නවත්වනවා.

    ඒ නවත්වන්නේ මහ අමුතුම තැනක. ඒක මේ සංසිද්ධියේ ප්‍රේක්ෂකයන් වූ අප අවුල් කරවනවා. ඒ අප බ්ලාපොරොත්තු වෙච්ච අවසානයක් නෙමෙයි. එතකොට අපි හිතනවා, "වට් ද හෙක්..?" කියලා. ඒක හරියට අර ෆිල්ම් එකක් නොහිතපු තැනක ඉවරවුනාම එන ෆීලින්ග් එක වගේ.

    අපට මහ අඩුවක් දැනෙනෙන්න ගන්නවා. එය අප ඇතුළේ රික්තයක් නිර්මාණය කරනවා. ඒ රික්තය අපිව හිතන්න පොළඹවනවා.

    ඇත්තටම කිව්වොත් ෆුටා අරගලයට පෙර සහ පසු ඉන්නේ එකම මිනිසෙක් නෙමෙයි. අවංකවම මාව උදාහරණයට ගත්තොත් මම වෙනස් වෙලා.

    මට මහ අඩුවක් දැනෙනවා.
    මට මහ වරදාකාරී හැඟීමක් දැනෙනවා.
    මේ අයට මීට වඩා දෙයක් ලැබිය යුතුයි කියලා හිතෙනවා.

    ඒකම ඇති "මට" ෆුටා අරගලය ජයග්‍රහණයක් කියලා හිතන්න.

    ReplyDelete
    Replies
    1. මරු ආතල් ...හිත හිත හිටහල්ල...පරාජය අවංකව බාරගන්න බැරිකම...

      Delete
    2. අපිටනම් "වට් ද හෙක්..?" කියල නෙමේ කියවුනේ, මොන "හු....." කොලේ යකුනේ කියල. ඔය මහතුරුනට අමතකද ඔයාල අපේ ජිවිත වලින් මාස ගණන් සොරාගතුබව. මලන්ලට මේක ෆිල්ම් එකක් වගේ පෙනුනට අපිටනම් මේක අපේ ජිවිතයේ කොටසක්. ලෙයින්, කදුලෙන්, දාඩියෙන්, අපේ ජීවිතවලින් කරපු සටනක්. එහෙම සටනක් තවදුරට ගෙනියන්න බැරුව අකුල ගතම එකට කියන්නේ "දෘෂ්ටිවාදයක්" ස්තාපිත කල කියල නෙවේ. එකට කියන්නේ පාවාදීම කියල. පසුබැසීම කියල. පරාජය කියල. බොරු බයිලා නැතුව ඇත්ත පිළිගන්න. FUTA එකේ බබ්බුන්ටයි, ලමතෙනිලටයි විදි සටන් කටෝර වැඩි. ඔහෙලා කොලේ මේක දැන දැනම සමාජයේ යන්තමට හෝ සංවේදී මිනිස්සු ටික රැවටීම එහෙම නැත්නම් තමුන්ගේ දාරිතාව නොදැන සටන් කිරීම. මේ දෙකම එකවගේ තකතීරු කම්. සමාජ සදරනත්වය වෙනුවෙන් කරන සටන් තව කාලෙකට නැවත හැරවීම්. ෆුට එකේ සෙප්පඩ විජ්ජාව ලංකාවේ අද්යපනේ එක අගලකින්වත් ඉදිරියට ගෙනයාමට නොහැකිවූ මහා නෙයියාඩමකි.

      Delete
    3. ලංකාවේ රාජ්‍ය අංශයේ රැකියා අහිමිවීමේ තර්ජනයකින් තොරව දීර්ඝකාලීන වැඩවර්ජනයක් කළ හැක්කේ වෛද්‍ය, ඉංජිනේරු සහ විශ්ව විද්‍යාල ආචාර්යවරු වැනි රැකියා අංශ කීපයක පමණයි. එම රැකියවල අය වර්ජනයක නිරත වන විට ඔවුන් පන්නා දමා එම පුරප්පාඩු පාලක පක්ෂයේ ඇම්බැට්ටයන්ගෙන් පිරවීමට ඇති නොහැකියාවයි. විශ්ව විද්‍යාල ඇදුරන්ගේ අරගලය මේ තරම් දිගුකලක් ඇදගෙන යාමට ඔවුන්ට හැකි වූයේ ඔවුන්ගේ රැකියාවල සුරක්ෂිතතාව පිළිබද ගැටළුවක් මතු නොවූ නිසයි. සේවා අංශයේ සිදුවන මොනතරම් යුක්ති සහගත ඉල්ලීම් මත පදනම්වන අරගලයක් වුනත් සාමාන්‍යයෙන් සිදුවනුයේ ඔවුන්ගේ සේවය ලබන පාර්ශ්වය වර්ජන ක්‍රියාමාර්ගයෙන් පීඩා විදින විට ප්‍රතිවිරෝධයක් මතුවීමයි. වෛද්‍ය වර්ජනවලදී රොගීන්ගෙන් සහ ඔවුන්ගේ හිතවතුන්ගෙන් මතුවන විරෝධතා බොහෝ විට වර්ජන විරෝධී මතවාදයක් සමාජය තුළ තහවුරු කරන්න ආණ්ඩු යොදාගන්නවා. ඒ අරගලය හුදෙකලා කිරීමටයි. විදුලි ඉංජිනේරු වර්ජනය මීට තවත් උදාහරණයක්, නමුත් ෆූටා අරගලය තුළ එවැනි තත්ත්වයක් මතු කර ගැනීමට ආණ්ඩුව ගත් උත්සාහය පරාජය වූයේ ඔවුන්ගේ වර්ජන ක්‍රියාමාර්ගයෙන් සෘජුවම පාඩු සිදු වූ සේවය පාර්ශ්වය වන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් මෙම අරගලයට එරෙහි වූවා පමණක් නොවෙයි උපරිම කැපකිරීම් කරමින් එයට සහාය වීමයි.මෙම අරගලයේ දීර්ඝ පැවැත්ම නිර්මාල්ගේ පුද්ගලික ජයග්‍රහණයක් නම් මෙම වාසි සහගත තත්ත්වය "නිර්මාල්ගේ දින 100" ලෝක වාර්තාවට බලපෑ බව අමතක කරමින් වාචාල කතා දෙඩවීම තරම් නොවේ. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙම අරගලය තුළ සංවර්ධනාත්මක දායකත්වයක් දැක්වූවා වාගේම උපරිම කැපකිරීමක්ද කළා. 6% පිලිබදව සටන්පාඨය පෙරට ගැනීමට මැදිහත් වූයේ අන්කිසිවෙකු නොව සරසවි සිසු ව්‍යාපාරයයි. නමුත් නිර්මාල් ඇතුළු ෆූටා නායකයන් කළේ කුමක්ද? මෙම අරගලය තුළ අන්තරය ශක්තිමත්ව පෙරට පැමිණිහොත් එය හා සමීපව කටයුතු කරන පෙසපෙ ශක්තිමත් වේ යැයි බිය වී ජවිපෙ නායකයන් තම සරසවි ඇදුරන් කීප දෙනෙකු හරහා දියත් කළ කුමන්ත්‍රණය හමුවේ සරසවි සිසුන් අරගලයෙන් බැහැර කිරීමයි. එජාපයත් ජවිපෙයත් සමග ඇතිකරගත් අවස්ථාවාදී සම්මුතිය ආරක්ෂා කරගැනීම සදහා අවිවිශිබමයට පල නොකියා පළා බෙදීමයි. නිර්මාල් සහ අනෙක් ෆූටාවන් ජවිපෙ සෝමවංශ සහ විජිත හේරත් දඹර අමිල සමග කළ සාකච්ඡාවෙන් පසු පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවලදීත් පළමු පොදු රැළිය තුලත් මෙම තත්ත්වය පැහැදිලි වුනා. ඇත්තටම මේ අරගලයේ ඉරණම තීන්දුවූනේ පසුගිය කාලය පුරාම මහින්දගේ රජයට කඩේ ගිය ජවිපෙ හොරිකඩ නායකයන් මෙම අරගලයට මැදිහත් වූ පැයේ සිටමයි. මහින්ද මේ ගැන සෝමවංශට ණයගැතියි. අන්තරයේ කැදවුම්කරු අත් අඩංගුවට ගන්නේත් තවත් සිසුන් 2ක් මරණයට පත්වන්නේත් අන්තරය මේ අරගලයේ බැහැරකර හුදෙකලා කිරීමට ලක් කළ පසුවයි. මෙම තත්ත්වයට ෆූටා නායකත්වය වගකිව යුතුයි. අන්තරය බැහැර කිරීම නිසාම 6% සටන්පාඨය හෙමීට අත්හැර දැමීමට ෆූටාවන්ට හැකිවුනා. ඉතින් අවසානයේ මේ ලද ප්‍රතිඵලය ලැබීමට අනිවාර්ය වූවක් බව දේශපාලන අමනයන්ට හැර වෘත්තීය අරගල ගැන ත් මෙරට දේශපාලනය ගැනත් යම්තමින් හෝ අවබෝධයක් ඇතියවුන් මහා පුදුමයක් වුනේ නැහැ. සමාජයේ ආන්ඩුවිරෝධය ගසාකෑ ෆූටෑවන් එය බැසිල්ගේ දෙපාමුල පාවාදුන්නා.

      Delete
    4. ලංකාවේ රාජ්‍ය අංශයේ රැකියා අහිමිවීමේ තර්ජනයකින් තොරව දීර්ඝකාලීන වැඩවර්ජනයක් කළ හැක්කේ වෛද්‍ය, ඉංජිනේරු සහ විශ්ව විද්‍යාල ආචාර්යවරු වැනි රැකියා අංශ කීපයක පමණයි. එම රැකියවල අය වර්ජනයක නිරත වන විට ඔවුන් පන්නා දමා එම පුරප්පාඩු පාලක පක්ෂයේ ඇම්බැට්ටයන්ගෙන් පිරවීමට ඇති නොහැකියාවයි. විශ්ව විද්‍යාල ඇදුරන්ගේ අරගලය මේ තරම් දිගුකලක් ඇදගෙන යාමට ඔවුන්ට හැකි වූයේ ඔවුන්ගේ රැකියාවල සුරක්ෂිතතාව පිළිබද ගැටළුවක් මතු නොවූ නිසයි. සේවා අංශයේ සිදුවන මොනතරම් යුක්ති සහගත ඉල්ලීම් මත පදනම්වන අරගලයක් වුනත් සාමාන්‍යයෙන් සිදුවනුයේ ඔවුන්ගේ සේවය ලබන පාර්ශ්වය වර්ජන ක්‍රියාමාර්ගයෙන් පීඩා විදින විට ප්‍රතිවිරෝධයක් මතුවීමයි. වෛද්‍ය වර්ජනවලදී රොගීන්ගෙන් සහ ඔවුන්ගේ හිතවතුන්ගෙන් මතුවන විරෝධතා බොහෝ විට වර්ජන විරෝධී මතවාදයක් සමාජය තුළ තහවුරු කරන්න ආණ්ඩු යොදාගන්නවා. ඒ අරගලය හුදෙකලා කිරීමටයි. විදුලි ඉංජිනේරු වර්ජනය මීට තවත් උදාහරණයක්, නමුත් ෆූටා අරගලය තුළ එවැනි තත්ත්වයක් මතු කර ගැනීමට ආණ්ඩුව ගත් උත්සාහය පරාජය වූයේ ඔවුන්ගේ වර්ජන ක්‍රියාමාර්ගයෙන් සෘජුවම පාඩු සිදු වූ සේවය පාර්ශ්වය වන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් මෙම අරගලයට එරෙහි නොවූවා පමණක් නොවෙයි උපරිම කැපකිරීම් කරමින් එයට සහාය වීමයි.මෙම අරගලයේ දීර්ඝ පැවැත්ම නිර්මාල්ගේ පුද්ගලික ජයග්‍රහණයක් නම් මෙම වාසි සහගත තත්ත්වය "නිර්මාල්ගේ දින 100" ලෝක වාර්තාවට බලපෑ බව අමතක කරමින් වාචාල කතා දෙඩවීම තරම් නොවේ. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙම අරගලය තුළ සංවර්ධනාත්මක දායකත්වයක් දැක්වූවා වාගේම උපරිම කැපකිරීමක්ද කළා. 6% පිලිබදව සටන්පාඨය පෙරට ගැනීමට මැදිහත් වූයේ අන්කිසිවෙකු නොව සරසවි සිසු ව්‍යාපාරයයි. නමුත් නිර්මාල් ඇතුළු ෆූටා නායකයන් කළේ කුමක්ද? මෙම අරගලය තුළ අන්තරය ශක්තිමත්ව පෙරට පැමිණිහොත් එය හා සමීපව කටයුතු කරන පෙසපෙ ශක්තිමත් වේ යැයි බිය වී ජවිපෙ නායකයන් තම සරසවි ඇදුරන් කීප දෙනෙකු හරහා දියත් කළ කුමන්ත්‍රණය හමුවේ සරසවි සිසුන් අරගලයෙන් බැහැර කිරීමයි. එජාපයත් ජවිපෙයත් සමග ඇතිකරගත් අවස්ථාවාදී සම්මුතිය ආරක්ෂා කරගැනීම සදහා අවිවිශිබමයට පල නොකියා පළා බෙදීමයි. නිර්මාල් සහ අනෙක් ෆූටාවන් ජවිපෙ සෝමවංශ සහ විජිත හේරත් දඹර අමිල සමග කළ සාකච්ඡාවෙන් පසු පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවලදීත් පළමු පොදු රැළිය තුලත් මෙම තත්ත්වය පැහැදිලි වුනා. ඇත්තටම මේ අරගලයේ ඉරණම තීන්දුවූනේ පසුගිය කාලය පුරාම මහින්දගේ රජයට කඩේ ගිය ජවිපෙ හොරිකඩ නායකයන් මෙම අරගලයට මැදිහත් වූ පැයේ සිටමයි. මහින්ද මේ ගැන සෝමවංශට ණයගැතියි. අන්තරයේ කැදවුම්කරු අත් අඩංගුවට ගන්නේත් තවත් සිසුන් 2ක් මරණයට පත්වන්නේත් අන්තරය මේ අරගලයේ බැහැරකර හුදෙකලා කිරීමට ලක් කළ පසුවයි. මෙම තත්ත්වයට ෆූටා නායකත්වය වගකිව යුතුයි. අන්තරය බැහැර කිරීම නිසාම 6% සටන්පාඨය හෙමීට අත්හැර දැමීමට ෆූටාවන්ට හැකිවුනා. ඉතින් අවසානයේ මේ ලද ප්‍රතිඵලය ලැබීමට අනිවාර්ය වූවක් බව දේශපාලන අමනයන්ට හැර වෘත්තීය අරගල ගැන ත් මෙරට දේශපාලනය ගැනත් යම්තමින් හෝ අවබෝධයක් ඇතියවුන් මහා පුදුමයක් වුනේ නැහැ. සමාජයේ ආන්ඩුවිරෝධය ගසාකෑ ෆූටෑවන් එය බැසිල්ගේ දෙපාමුල පාවාදුන්නා.

      Delete
    5. FUTA කියන්නේ රජයේ ලියාපදිංචි වුර්තිය සමිතියක්. එහෙම එකකට නීතිමය බලයක් නෑ තමන්ගේ සාමාජික නොවන කිසිම කෙනෙක් සෘජුලෙස වුර්තිය අරගලයකට යොදා ගන්න. නමුත් වෙනත් අංශ වලින් එහි කාර්යයට උපකාර ලැබීමේ අයිතියක් තිබේ. එක තමයි අනිත් යුනියන්ස් වෙනවෙනම ප්‍රකාශ නිකුත් කලේ. අවාසනාවට කිසිකෙනෙක් එතනින් එහාට ගියේ නෑ.

      සාමාජිකයන් නොවන ශිෂ්‍යන් වුර්තිය ක්‍රියාමාර්ගයට ඍජුව යොදාගත්තනම් එකෙන්ම ඔප්පුවෙන්න තිබ්බ මේක ආණ්ඩු විරෝදී කුමන්ත්‍රණයක් කියල. ඒකම ඇති FUTA එකේ නායකන්ට විරුද්දව වරෙන්තු නිකුත් කරන්න. හරියට අඬන්න ඉන්න එකාගේ ඇහැට ඇඟිල්ලෙන් අනිනවා වගේ. 6% ඉල්ලපු එකටත් ආණ්ඩුව දීපු ප්‍රධාන පිළිතුර තමයි FUTA එකට වුර්තිය සමිතියක් විදියට එක ඉල්ලන්න නීතිමය බලයක් නෑ කියන එක. ශිෂ්‍යන්, අනිත් සංගම්, පොදු මහජනතාවට කරන්න තිබ්බේ FUTA එක පස්සේ සෙට් වෙන්න බලන් ඉන්නේ නැතුව තම තමන්ගේ අනන්‍යතා සහිතව ආණ්ඩුවට තෙරපුමක් ඇතිකිරීම රටේ අද්‍යාපනය දියුණු කරන්න කියල. රටේ අවාසනාවට ඒක උනෙත් නෑ.

      වර්තමාන ශිෂ්‍යන්ට අද්යාපන ඇමතිගේ ඉඳන් සියලු සම්බන්ද පුද්ගලයන් ගැන වගේම මේ ආණ්ඩුව එක්කත් වෛරයක් තියෙන්න බොහෝ හේතු සිද්දවෙන්න ඇති. හැබැයි වෘතිය මට්ටමේදී තමන්ගේ පවුද්ගලික කෝන්තර පිරිමහගන්න බෑ. ඒක සමහර FUTA නායකයොත් තේරුම් ගත්තේ අන්තිම සාකච්චා වලදී කියල හැසිරීමෙන් පෙන්න තිබුන.

      Delete
  2. සෑම අරගලයකටම සිදුවූ ලෙස පාලක පන්තියෙ ජයග්‍රහනයෙන් පසු අරගලය නිමාවිය. මින් පසු මේ රටෙ දෙශපාලන සන්දර්භය තුල නිර්මාල් රන්ජිත් දෙවසිරිට හිමිවන ස්තානය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. ලංකාව නම් මුඩුම දේශපාලන භූමියේ  නැළියකට එකුකරගත් ගෙම්බන් රැලක් ලව්වා දින 100 ක විරෝධතාවක් පවත්වාගෙන ගිය ප්‍රථම ලාංකිකයා ලෙස නිර්මාල් ලියවෙනු ඇත.

      Delete
    2. "ලංකාව නම් මුඩුම දේශපාලන භූමියේ නැළියකට එකුකරගත් ගෙම්බන් රැලක් ලව්වා දින 100 ක විරෝධතාවක් පවත්වාගෙන ගිය ප්‍රථම ලාංකිකයා ලෙස නිර්මාල් ලියවෙනු ඇත."

      100% ක් එකඟ වෙමි. ඊටත් වඩා මහලොකු දේසපාලන නායකයන්ටත්, වුර්තිය සමිති රදලයන්ටත් මැරෙන තුරා අමතකනොවන ලජ්ජාවක් ඇතිකළ මිනිසෙකු ලෙස නිහඬව ඉතිහාසයේ සටහන් වේවි.

      Delete
  3. ඔබගේ ලිපියත් තිසරගේ කමෙන්ටුවත් දෙකම අගනේය. මටත් මේ අරගලය ගැන කිසිම බලාපොරොත්තුවක් නොතිබ්බත් (මෙය පරදින බව දැන සිටියෙමි.) අවසානය මෙසේ වේ යැයි මොහොතකටවත් නොසිතුවෙමි. මින් එක එකා තමන්ට ලකුණු දමා ගැනීම හැර වෙන කිසිම යහපතක් වූ බවක් මට නම් නොහැඟේ. විය යුතුව තිබුණේ මහජනතාවට මේ ප්‍රශ්නය ගැන තේරුම් යන අන්තයකට ගොස් මහජනයා සහ සිසුන්ගේ එකඟතාවයෙන් සටන අවසන් කිරීමයි. දැන් සිදු වූ දෙය ගැන නම් ජනතාව කලකිරෙනු ඒකාන්තය. අනාගතය වඩා භ්‍යානක වේ යැයි මට හැඟේ.

    ReplyDelete
  4. මේ රටෙ මිනිසුන්ට දෙශපාලනය කියාදී වෑඩක් නෑත. ඔවුන් වෙනුවෙන් අරගල කර පලක් නෑත. තමා වෙනුවෙන් පමනක් ජීවත් වීමට දතකන පරමාදර්ශී ලාන්කිකයන් ඔවුන්ව බේරාගෑනීමට දියසේන කුමරා එනතුරු බලාසිටින අතර එතෙක් තමාගෙ මඩිය තරකර ගෑනීමට පෙරුම් පුරයි. 6% අරගලය නිහඩව අපට කියාදෙන්නේ සුභවාදී අනාගතයක් පිලිඹදව ලාන්කිකයන් තුල වූ බොදවී ගිය කුහක බලාපොරොත්තුවයි...

    ReplyDelete
  5. පැහැදිලිවම strategy වල අවුලක් තිබ්බා. තමන්ට ලකුණු දාගන්න දීපු try එක නිසා මෙහෙම වුණා කියලයි මට හිතෙන්නෙ. නැත්නම් වර්ජනයයි බහුජන සටනයි දෙකම එකට කරන්න යන්නෙ නෑ. අනික මේ අයගෙ වර්ජනයක් ආණ්ඩුවට සෘජුව බලපාන්නෙ නෑ. සටන බහුජනයට ගෙනියනව නම් වර්ජනය නොකර වෙනත් ක්‍රියාමාර්ග ගන්න තිබුණා. මේ අය ඔක්කොම තුරුම්පු ගහල එකට දැම්මමට පස්සේ ආණ්ඩුව 7කොලෙන් ගහල දිනුව. පැහැදිලිවම නායකත්වවේ ගණන් බැලීමේ හා උපායමාර්ග වල ගැටලුවක් තියෙනව. එක බැටන් පොල්ලක්වත් පාවිච්චි නොකර ආණ්ජුව ඉහලිනම දිනුව. - බට්ටා

    ReplyDelete
  6. මේ සටනේ 6% ආවේ ගොඩක් පස්සේ. නමුත් ඒක මාර මාකටින් පාරක් උනා. නැගලම ගියා. ඒ කියන්නේ නයික් වගේ ට්‍රේඩ් මාක් එකක් උනා. මීට පස්සේ සේල් එකක් උනත් 6% ඩිස්කවුන්ට් දෙනවා කිවොත් අපට මේ සටනයි නිදහස් අධ්‍යාපනයයි මතක් වෙනවා. කන්නන්ගර කවුද කියලා පින්තූරෙන් දන්නෙ නැති එකාටත් කන්නන්ගර නම හරි මතක් වෙනවා. නමුත් ඉල්ලීම එක නෙමෙයි. වැඩි කරපු සැලරි එක බේසික් එකට ඇඩ් කර ගන්න එක. ආචාර්යවරුත් අවංකව දන්නවා හොඳම සැලරි එකක් ලැබෙනවා කියලා. නමුත් ඒක බේසික් එකට එකතු උනාම වාසි වැඩියි. ඒ ගැන කියන්න ඕන නෑනේ.

    නමුත් අපි බලාගෙන ඉන්නවා මේ ආන්ඩුව වැටෙනකම්. ඒකට ගේමක් ගහන ඕන එකෙකුට බොක්කෙන්ම සපි එක දෙනවා. නමුත් හොඳ කතිකයෝ, තාර්කික හේතු නෑ. ගේම අදින එකාගේ රෙදි ගලවන එක. ආන්ඩුවට අමු හෙළුවෙන් කඩේ යන උන්ට සිම්පල් දෙයක්. උන්ට හෙළුවෙන් උන්නට ගානක් නෑ. මොකෝ උනුත් දන්නවා උන් හෙළුවෙන් කියලා. ඒ උනාට ගේම ඇදපු එකාගේ රෙදි ගැලෙව්වම, අපිට අප්සෙට්. මම අනාවැකියක් කියන්නම්, ඔය කරූලයි ජනරාල් මහත්තයයි සෝභිත හාමුදුරුවෝ ඉස්සරහට දාගෙන නටන නාඩගමටත් ආචාර්යවරුන්ට ලැබුන සපි එකවත් ලැබෙන්නේ නෑ. කවුද එතන ඉන්නේ. අඩු ගානේ ජනතාවගේ බොක්කට කතා කරන්න පුළුවන් එකෙක් ඉන්නවද..? සජියා රනිල් එක්ක එකතු උනොත් නම් පොඩි හෝප් එකක් තියාගන්න පුළුවන්.

    ReplyDelete
  7. මාතලන්: පිඑච්ඩීයකට අවුරුදු ගානක් දුක් විඳ ලබාගන්නා ඔය වැටුප හොඳ යැයි ඔබ කියන්නේ නම්, වි.ව. කථිකාචාර්යව‍රයෙකුගේ වටිනාකම ගැන ඔබ ගැන වාද කර පලක් නැත.

    අවුරුදු ගණනක් ඉගෙනගෙන, තවත් අවුරුදු බර ගණනක් වි.වි.‍යේ වැඩ කර ලැබෙන වැටුප, වි.වි.යෙන් එලියට ගොස් අවුරුදු 5ක් රස්සාවක් කර ලබා ගත හැකි නොවේද?

    කෙසේ වෙතත් FUTA අරගලය අප හිතන්නට පොළඹවා ඇත. අධ්‍යාපනයට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි බව එය අපට පෙන්වා දී ඇත. රටේ තීන්දු තීරණ වලට බුද්ධිමතුන්ගේ දායකත්වය අවම බව එය අපට පෙන්වා දී ඇත. රටේ වැදගත් ම අමාත්‍යාංශ පරිපාලනය කරන්නේ තකතීරුවන් බව එය අපට මතක් කර දී ඇත. රටේ ගැටුම් නිරාකරණය කිරීමට බහින්නේ ගැටුම් නිරාකරණය ගැන කිසි දු පරිචයක් නැති අය බවත්, ගැටුම නිරාකරණය වන්නේ සාධාරණ තීන්දුවකට පැමිණ නොව, ඒකාධිපතියාගේ සොහොයුරාට බයේ හිස නැමීමෙන් බවත් එය අපට පෙන්වා දී ඇත. එය අඩුම තරමේ ඉතා සුලු පිරිසකගේ වත් ඇස් අරවා ඇත. ජනමතයේ කොන්ද බිඳ දමා ඇති මේ මොහොතේ, මට නම් එය ධනාත්මක ප්‍රතිපලයකි.

    ReplyDelete
    Replies
    1. 1. කීයක්ද ඉල්ලන්නේ....?
      2. කීයක් ලැබෙනවාද කියලා දන්නවාද...?

      Delete
    2. එළියේ වැඩකර ඊට වැඩ උපාය ගතහැකිනම්, අහවල් උලව්වකට මේවා ඇතුලේ වෙලේනවද?
      සතියකට පැය 5-6 ක් උගන්වා, කිසිදු රටට වැඩක් ඇති පර්යේෂණයක් නොකර, කැඩිච්ච ඉංග්‍රීසියෙන් අවුරුදු 15-20 ක් පරණ මගේ අයියා ඉගෙනගත් විෂය කරුණුම මටත් ඉගෙන්වූ ලින් මැඩියන් රැලකට ඔය ගෙවනවා හොදටෝම ඇති.
      අට සමත් නොවූ, ඇගලුම් කම්හල් කොල්ලන් කෙල්ලන් අරගල දින ගන්නා සමයක, PhD උගතුන් නිකම්ම නිකන් බොල් පිළිමය.
      තමන් ගේ ආත්මාර්ථකාමී වැටුප් අරගලය සදරනිකරණය කරගැනීමට හදිසියේ 6% එකතු කරගත්, අවසානයේ 6% වෙනුවෙන් පෙනීසිටි දස දහස් ගණනක් මිනිසුන් කුණු බක්කියට තල්ලු කල අවස්ථාවාදී නරුම රැල.

      Delete
    3. @Sampath Sri Sitinamaluwa,
      අනේ මහත්තයෝ ඔය ඔය කියන වට්ටෝරුව මේ රටේ නොදන්නා එකෙක් නැත. එය අලුතෙන් මතක් කර දීමට FUTA ව කොහෙත්ම අවශ්‍ය නැත. ( සමහර විට ජිවිතේ පළමු වතාවට පොලවට පය තබපු ආචාර්ය වරුන්ටනම් මෙය අලුත් දත්තයක් වියහැක) FUTA අරගලය හිතන්නට පොළඹවා ඇති නිසා වෙන්ට ඇති පළාත් සබා දෙක තුනකකම බලය ආණ්ඩුවට උඩින්ම දුන්නේ. ඔයවගේ කතා කීමට මේදිනවල චිනෙක්වත් සොයාගන්නට නැත. උනුත් කොණ්ඩය කපා මැණික් ගල් ගිලිමින් සිටි.

      Delete
  8. දැන් අපට ඇති එකම බලාපොරොත්තුව උතුරු පලාත් සභා මැතිවරනයයි.

    විශ්වවද්‍යාල ආචාර්ය අරගලයේ ජයග්‍රහනය පැතූ සහෝදරවරුනි, එකාවන්ව එක්වෙමු!

    - Dimithri

    ReplyDelete
  9. Chanthaka De Mel බැසිල් යුව රජා ගුණ කඳ ගයමු සිරි සොඳා!!

    මෙන්න පඩි කියා – අපට දුන්නු බඩපුරා
    බැසිල් මහත්මා – ගුණකඳ වනමු මෙලෙසිනා
    තුටු කඳුළු පෙරා – ඔබේ සිරි පතුල් දොවා
    දුන්නු රන් මසූ – පොදි ගෙන යමුය තුටියෙනා

    කටපුරා අපට ටින් කිරි – දුන්න එස්බියා
    නිරුවතින් එදා – මතකද පා ගමන් ගියා
    සුර ලොවින් බැසා – සුර දූතයෙක් නියා
    බැසිල් යුවරජා – අපෙ ගිණි නිවපු සිරිමතා

    FUTA එකෙ අපී – ඔබට ණය ගැතියි මැතී
    FUTA එකෙ අපී – ඔබට ලියමු ගී බැතී
    FUTA එකෙ අපී – ඔබෙ ගුණ ගයමු බිම හැපී
    FUTA එකෙ අපී – ඔබෙ පා දුහුවිලිය නිතී

    ජාතියේ පියා – ඩී. එස්. සේනනායකා
    ඒ තුමා පුතා – අපට බත් දුන්නු පියා
    බැසිල් යුවරජා – අපට පඩිය දුන් පියා
    ඔබේ සිරි දෙපා – වඳිමු සාදු කිය කියා

    ReplyDelete
  10. මෙය ජයක් හෝ පරාජයක් හෝ වෙන මල ඉලවුවක් හෝ වේවා මම දකින්නේ මෙච්චරයි.

    දවස් 2න් පැය කීපෙන් වර්ජන නවත්වන රටක 4000කට අඩු පිරිසක් 2/3 ක බලයක් තියෙන ආණ්ඩුවකට විරුද්දව මාස තුනක පඩිත් නැතුව වෙනත් කිසිම පොදු පිරිසකගේ ආධාරයකුත් නැතුව දවස් 100ක් සටනක් ගෙන ගිය. මහලොකු විප්ලව නවකතා කියෝලා මකරු මරන්න පිට දෙසවලින් වීරයෝ එනකන් හීන බලන ලංකාවේ කොන්දක් නැති සෙවල මිනිස්සු මේකේ ඇද කුද අඩු පාඩු හොයල තවත් ටිකක් ආතල් ගනීවි. යම් කිසි දවසක අපේ දරුවන්ට හරි නිදහසේ හිතන්න පුළුවන් කමක් ලැබුනොත්, රටක අනාගතය වෙනුවෙන් ඒ කැපකිරීම කරපු මිනිස්සුන්ව ලජ්ජා නැතිව තනිකරලා දාල ගෙවල් වලට වෙලා නිවුස් වලින් විප්ලව කරපු අපි ගෙන ප්‍රශ්න කරනකොට, හදවතට එකඟව දෙන්න උත්තරයක් තියෙනවද කියල දැන්මම කල්පනා කලොත් හොඳයි.

    ඔවුන් උතුරට ගියෝය - අපි උතුරේ නොවුයෙමු

    ඔවුන් මද්යවෙදින් කරා ගියෝය - අපි මාද්‍යවේදීන් නොවීමු

    ඔවුන් පවුද්ගලික අංශයේ සේවකයන් කරා ගියෝය - අපි පවුද්ගලික අංශයේ සේවකයන් නොවීමු

    ඔවුන් ධීවරයන් සොයා ගියෝය - අපි ධීවරයෝද නොවීමු

    ඔවුන් ශිෂ්‍යන් සොයා ගියෝය - අපි ශිෂ්‍යයෝද නොවීමු

    ඔවුන් ආචාර්යවරුන් කරා ගියෝය - අපි අචාරයවරුන්ද නොවීමු

    ඔවුන් විනිසුරන් කරා ගියෝය - අපි විනිසුරෝද නොවීමු

    එබැවින් අපි නිහඬව සියල්ල රස වින්දෙමු. ඔවුන් අප සොයා එන බවද අපි දන්නෙමු. එත් ඒ අන්තිමටම බැවින් අපිට සතුටුය. අපිව අන්තිමට තේරීම ගැන අපි ඔවුන්ට පින් දෙන්නෙමු. මලත් අනුන් කන ගේමවල් රසවිඳ මියයාම අපිටනම් පිනකි.

    ReplyDelete
    Replies
    1. තමන්ගේ අර්ත්මර්තකමි ඉල්ලීම් ටිකකට පමණක් කේවල් කර පොදු අරමුණු බැසිල් ඉදිරියේ වශ්පකරහැරි FUTA වේ සටන උඩදාන්න යන මහතුනේ ඔයගොල්ලෝ නටනකොට මොනර නටනකොට වගේ බිජ්ජ පේනවා කියල තමයි කියන්න තියන්නේ.
      ඔයගොල්ලෝ ඔය කියන 4000 වර්ජනේ කරනකොට එස් බි නම් කියුවේ "විනාඩි 10 යෙන් වැඩේ ක්‍රෂ් කරනව කියල. ඒකාලේ ඔහෙලව ආණ්ඩුව පඩේකටවත් ගණන් ගත්තේනැ. අඩුමගානේ බැසිල් සිරිමතා සකච්චවක්වත් ලබාදුන්නේ නැ. ඔයාල ගමක බලයක් වුනේ සමාජයේ අනෙකුත් ස්ථර සටනට දායක වූ නිසා. පවත්වපු එකම රැළියකටවත් පාගමනකටකත් ඔය 4000 න් 1000 වත් සහබාගි උනාද කියල හොදට හොයල බලන්න. එහෙම වුනාට මේ රටේ සාමාන්‍ය නිමිස්සු ෆුට එක වටේ එක්රොක් උනේ 6% ඉල්ලීම නිසා, එහෙම නැත්තම් ආණ්ඩුව තමන්ගේ දරුවාගේ අද්යපනෙට කෙලවනවා කියල කලින් දැනන් හිටපු නිසා, එක හරිගස්සන්න ඕනේ නිසා. මකරු මරන්න යමු කියුවේ ඔයාලා! රටේ පොඩි මිනිහ එහෙම කරන්න බැ නේද මහත්තයෝ කිවුවහම ඔයගොල්ලෝ තමයි කියුවේ අපි කියවපු පොත් වල වීරයා මකර මැරුවා අපිත් එක්ක යමු කියල. මකර මරන්න ගිය ඔහෙලා කඩුව පුකේ ගහගෙන එලියට අවහම අපිට අයිතියක් නැද්ද ඔහෙලගෙන් අහන්න මකර මැරුවද මකර ඇරියද කියල අහන්න. අපිට කියන්න තියෙන්නෙත් කොලේ මොකද්ද කියල හදවතට හදවතට එකඟව දෙන්න උත්තරයක් තියෙනවද කියල දැන්මම කල්පනා කලොත් හොඳයි, කියන එක තමයි

      අපි උතුරට ගියෙමු - අපි උතුරේ නොවුමුත් උතුරේ උන් අපට සහය විය, අපි උතුරේ උන් නැවත රැවටුයෙමු
      අපි මාද්‍යවේදීන් කරා ගියෙමු - අපි මාද්‍යවේදීන් නොවුමුත්උන් අපට සහය විය, උන් රවටන එක අපට සුළු වැඩක් විය
      අපි පවුද්ගලික අංශයේ සේවකයන් කරා ගියෙමු - අපි පවුද්ගලික අංශයේ සේවකයන් නොවුමුත්උන් අපට සහය විය, දැන් උන්ට උන්ගේ වැඩක් බලාසිටිය හැක
      අපි ධීවරයන් සොයාගියෙමු- අපි ධීවරයෝද නොවුමුත් උන් අපට සහය විය, උන්ගේ ඇම උන්ටම ගිල්වුගෙමු.
      අපි ශිෂ්‍යන් සොයාගියෙමු - අපි ශිෂ්‍යයෝද නොවුමුත් උන් අපට සහය විය, උන්ව හැම දාම මෙන් මෙවරද කඩේ දක්කුවෙමු
      අපි ආචාර්යවරුන් සොයාගියෙමු - අපි අචාරයවරුන්ද රැවටුයෙමු, ප්‍රදාන පෙලේ සමිති දෙකක පොරවල් උගුර කඩාගෙන බෙරිහඳුන් අතර අපි පුකෙනුත් සිනා සුනෙමු.
      අපි විනිසුරන් කරා ගියෙමු - අපි විනිසුරෝ කෙසේ වෙතත් උන්ගේ සංගම් කිපයක්නම් රැවටුයෙමු.

      එබැවින් අපි නිහඬව සියල්ල රස වින්දෙමු. මලත් අපේ ගේම් වලට අනුන් කඩේ යැවීම අපිටනම් පිනකි. අනේ FUTA!

      Delete
  11. තමන්ගේ අර්ත්මර්තකමි ඉල්ලීම් ටිකකට පමණක් කේවල් කර පොදු අරමුණු බැසිල් ඉදිරියේ වශ්පකරහැරි FUTA වේ සටන උඩදාන්න යන මහතුනේ ඔයගොල්ලෝ නටනකොට මොනර නටනකොට වගේ බිජ්ජ පේනවා කියල තමයි කියන්න තියන්නේ.
    ඔයගොල්ලෝ ඔය කියන 4000 වර්ජනේ කරනකොට එස් බි නම් කියුවේ "විනාඩි 10 යෙන් වැඩේ ක්‍රෂ් කරනව කියල. ඒකාලේ ඔහෙලව ආණ්ඩුව පඩේකටවත් ගණන් ගත්තේනැ. අඩුමගානේ බැසිල් සිරිමතා සකච්චවක්වත් ලබාදුන්නේ නැ. ඔයාල ගමක බලයක් වුනේ සමාජයේ අනෙකුත් ස්ථර සටනට දායක වූ නිසා. පවත්වපු එකම රැළියකටවත් පාගමනකටකත් ඔය 4000 න් 1000 වත් සහබාගි උනාද කියල හොදට හොයල බලන්න. එහෙම වුනාට මේ රටේ සාමාන්‍ය නිමිස්සු ෆුට එක වටේ එක්රොක් උනේ 6% ඉල්ලීම නිසා, එහෙම නැත්තම් ආණ්ඩුව තමන්ගේ දරුවාගේ අද්යපනෙට කෙලවනවා කියල කලින් දැනන් හිටපු නිසා, එක හරිගස්සන්න ඕනේ නිසා. මකරු මරන්න යමු කියුවේ ඔයාලා! රටේ පොඩි මිනිහ එහෙම කරන්න බැ නේද මහත්තයෝ කිවුවහම ඔයගොල්ලෝ තමයි කියුවේ අපි කියවපු පොත් වල වීරයා මකර මැරුවා අපිත් එක්ක යමු කියල. මකර මරන්න ගිය ඔහෙලා කඩුව පුකේ ගහගෙන එලියට අවහම අපිට අයිතියක් නැද්ද ඔහෙලගෙන් අහන්න මකර මැරුවද මකර ඇරියද කියල අහන්න. අපිට කියන්න තියෙන්නෙත් කොලේ මොකද්ද කියල හදවතට හදවතට එකඟව දෙන්න උත්තරයක් තියෙනවද කියල දැන්මම කල්පනා කලොත් හොඳයි, කියන එක තමයි

    අපි උතුරට ගියෙමු - අපි උතුරේ නොවුමුත් උතුරේ උන් අපට සහය විය, අපි උතුරේ උන් නැවත රැවටුයෙමු
    අපි මාද්‍යවේදීන් කරා ගියෙමු - අපි මාද්‍යවේදීන් නොවුමුත්උන් අපට සහය විය, උන් රවටන එක අපට සුළු වැඩක් විය
    අපි පවුද්ගලික අංශයේ සේවකයන් කරා ගියෙමු - අපි පවුද්ගලික අංශයේ සේවකයන් නොවුමුත්උන් අපට සහය විය, දැන් උන්ට උන්ගේ වැඩක් බලාසිටිය හැක
    අපි ධීවරයන් සොයාගියෙමු- අපි ධීවරයෝද නොවුමුත් උන් අපට සහය විය, උන්ගේ ඇම උන්ටම ගිල්වුගෙමු.
    අපි ශිෂ්‍යන් සොයාගියෙමු - අපි ශිෂ්‍යයෝද නොවුමුත් උන් අපට සහය විය, උන්ව හැම දාම මෙන් මෙවරද කඩේ දක්කුවෙමු
    අපි ආචාර්යවරුන් සොයාගියෙමු - අපි අචාරයවරුන්ද රැවටුයෙමු, ප්‍රදාන පෙලේ සමිති දෙකක පොරවල් උගුර කඩාගෙන බෙරිහඳුන් අතර අපි පුකෙනුත් සිනා සුනෙමු.
    ඔවුන් විනිසුරන් කරා ගියෙමු - අපි විනිසුරෝ කෙසේ වෙතත් උන්ගේ සංගම් කිපයක්නම් රැවටුයෙමු.

    එබැවින් අපි නිහඬව සියල්ල රස වින්දෙමු. මලත් අපේ ගේම් වලට අනුන් කඩේ යැවීම අපිටනම් පිනකි. අනේ FUTA!

    ReplyDelete
  12. කියවීමට වටිනා ලිපියක් - තම තම නැණ පමණින් තේරුම් ගන්න උත්සහ ගනිත්වා
    http://www.divaina.com/2012/10/18/sarasavi%201.html

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා