ෆොන්සේකා ෆොන්සේකා

සරත් ෆොන්සේකා ඔක්තෝබර් 18දා පවත්වන රැළියට එක්සත් ජාතික පක්ෂය සහභාගි වන්නේ නැත. ජනතා විමුක්ති පෙරමුණ හෝ සමාජවාදී පෙරටුගාමී පක්ෂය සහභාගි වන්නේද නැත. වික්‍රමබාහු කරුණාරත්න හා සිරිතුංග ජයසූරිය වැනි පක්ෂ නම් සහභාගි වීමට ඉඩ තිබේ. එහෙත්, එය ප්‍රසිද්ධ වන්නේ ඒකාබද්ධ විපක්ෂ රැළියක් ලෙසයි. 

ඒකාබද්ධ විපක්ෂයක් ගොඩනැඟීමේදී ඇති ප්‍රධාන ප්‍රශ්නය වන්නේ එය සිදුවන්නේ කාගේ නායකත්වයෙන්ද යන්නයි. ෆොන්සේකාට උවමනා එය තමන්ගේ නායකත්වයෙන් පිහිටුවන්නයි. 

එමතැන තිබෙන ප්‍රශ්නය ෆොන්සේකා දැන් සෙබලු නැති සොල්දාදුවකු වී සිටීමයි. ඔහු ව‍ටා එකතු වී සිටින දේශපාලන සොල්දාදුවෝදේශපාලනික ආබාධිතයෝය. මිලිටරි වාක්කෝෂය අනුව නම් කැටගරිය. 

මේ පිරිසට අවශ්‍ය වී තිබෙන්නේ ෆොන්සේකා සිය කිහිලිකරුව කරගන්නටය. එහෙත්, ෆොන්සේකාට ඊට වඩා උන්නතිකාමී අදහස් තිබේ. එහෙත් 2010න් පසු ඒවා යල් පැනගිය අදහස් බවට පත් වී තිබෙන බව ඔහු දන්නා බවක් නොපෙනේ. 

ෆොන්සේකාට යළි 2010 ජනාධිපතිවරණයේදී ඔහු වටා ඒකරාශී වූ පිරිස ගොනු කරගත හැකි වන්නේ නැත. 

ඔහු දැන් සියලු බලවේගවලට ඉහළින් සිටගත හැකි දේශපාලන පෞරුෂයක් නොවේ. උඩින් සිටගන්නවා වෙනුවට ඔහු උත්සාහ කළ යුත්තේ සම වන්නටයි. 

සැබෑ ඒකාබද්ධ විපක්ෂයක් හැදෙනවානම් හැදෙනු ඇත්තේ ෆොන්සේකාගේ හෝ රනිල්ගේ හෝ  ජවිපෙ හෝ නායකත්වයෙන් නොව සම නායකත්වයකිනි.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. කිසි ආතල් එකක් නෑ. අර හාල් පාරු කරුත් අල්ලගෙන, ජනාධිපති කොම අහෝසි කරන්න යනවා, ආච්චිගෙ රෙද්ද. ඕක කී දෙන්ක් අහෝස් කරාද. දැන් තියෙන්නේ රාජාන්ඩුවක්. ඉති නැති රෙද්දක් අස් කරනවා කියන්නේ උන්ට පිස්සුද... ඒවා අහන අපිට පිස්සුද...?

    ReplyDelete
  2. සම නායකත්වයක්?...මේ අපේ ලංකාවෙ?....4 දෙනෙකුට එකට එකතු වෙලා ඉන්න බැරි එවුන් ඉන්න අපේ රටේ....

    ReplyDelete
  3. සිවිල් සමාජයේ වෘතිකයන් පිරිසකගේ එකමුතුවූ දේශපාලන පක්ෂයක් හරහා පමණක් රට ගොඩගත හැක.

    ලංකාව මිලිටරිකරණය වී ඇති ප්‍රමාණය ඉහටත් උඩිනි. දැන් අවුරුදු 7ක් තිස්සේ එයින් ප්‍රශ්න විසඳේනවට වඩා නැති ප්‍රශ්න රටට දී ඇත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා