පළාත් සභා අහෝසි කළ යුතුය

මේ දිනවල 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කළයුතු බවට හා පළාත් සභා අහෝසි කළයුතු බවට උද්ඝෝෂණයක් මතු කර ගැනීමට උත්සාහයක් තිබේ. 

වෘත්තීය විප්ලවවාදියකු ලෙස ජවිපෙ තුළ සිටි විමල් වීරවංශ දැන් වෘත්තීය දේශපාලකයකු ලෙස මහනායක හිමිවරුන් පවා හමුවෙමින් 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංෝධනයට එරෙහිව මතු කරගන්නට උත්සාහ කරන සිංහල ජාතිවාදී රැල්ලේ මුදුනෙන් සිය බල යාත්‍රාව තබාගැනීමට උත්සාහයක් දරමින් සිටියි. ඒ අරුතින් ඔහු මේ වනවිට චම්පික රණවක පවා පසුබස්වා ඇති බව පෙනේ. 

හෙළ උරුමයේ බහුවිධ නායකයන් අතර ආරාවුල්, වියවුල් නිසා තනි ගමනක් යන විමල්ට එතරම් තරගයක් එල්ලවී නැත. 

ජවිපෙ අභ්‍යන්තරයේ පසුගිය සමයේ සිදුවූ හැලහැප්පීම් හමුවේ දැන් ජවිපෙ වමටත්, දකුණටත් දෙකටම නැති නෝමෑන් ඒරියාවක අතරමංව හිඳියි. පෙරටුගාමී පක්ෂය උත්සාහ කරමින් සිටින්නේ ප්‍රමාණයෙන් ොකු හිරු කණ්ඩායමක් වන්නටය. 

මේ සියල්ල මධ්‍යයේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි මාතෘකාව බවට පත් වී තිබේ. එදා මෙන්ම අදත් එයට දැඩි ලෙස පක්ෂපාතී ස්ථාවරයක සිටින බව පෙනෙන්නේ සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ පමණි. 

පළාත් සභා හඳුන්වා දුන් 1988දී කොටි සංවිධානය හෝ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හෝ එය පිළිගත්තේ නැත. ජවිපෙ එයට එරෙහිව දැවැන්ත කැරැල්ලක් මෙහෙයවීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය‍ පවා පළමු පළාත් සභා මැතිවරණයට තරග කළේ නැත. 

අදත් මේ හැමෝම පළාත් සභාවලට විරුද්ධය. දකුණේ ජනතාව මෙන්ම උතුරේ ජනතාවද පළාත් සභාවලට එරෙහිය. දකුණේ පළාත් හතක පළාත් සභා පැහැදිලිවම සුදුඅලිය. එයින් සිදු වී ඇත්ේ පළාත්බද ේශපාලන තක්කඩි තලයක් බිහිවීම පමණි.

දකු‍ණේ ජනතාව මධ්‍යම ආණ්ඩුව සතුව ඇති බලතල පළාත්වලට විමධ්‍යගත කරන්නැයි කිසිකලෙක ඉල්ලා සිටියේ නැත. උතුරු හා නැගෙනහිර ජනතාව ඉල්ලා සටන් කළේ පළාත් සභාවක් නොවේ. 

අපේද මතය වන්නේ පළාත් සභා අහෝසි කළයුතු බවයි. එහෙත් ඒ සමගම උතුරු නැගෙනහිර ජනයාගේ බලය බෙදාගැනීමේ ඉල්ලීම සාකච්ඡා කළ යුතුය. දෙමළ, මුස්ලිම් ජාතීන්ගේ අපේක්ෂා ඉටුවන පරිදි හා සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන්ගේ අනුකලනයෙන් පුළුල් ලාංකික ජාතියක් ගොඩනැඟීමට ඉවහල් වන පරිදි බලය බෙදාගැනීමක් සඳහා උචිත රාමුවක් ගොඩඟාගත යුතුය.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. විධායක ජනාධිපති දුරයද පළාත් සභා සමගම අහෝසිවන්නේ නම් හොඳය.

    ReplyDelete
  2. එය නම් ප්‍රාර්ථනාවක් හා සිහිනයක් පමනක්ය.

    ReplyDelete
  3. ඉන්දියාව මොකද දන්නේ නෑ කියන්නේ. එහෙනුත් සපෝට් වගෙයි පේන්නේ.. මොකද ඉන්වෙස්ටස්ලට ඉඩ දෙනවනේ..

    ReplyDelete
    Replies
    1. ලොකු අය්ය අකමැති බව කියල තිබුන...

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා