විද්‍යාලෝකය පෙන්නූ පාසල් හැදීමේ හා විනය ගොඩනැගීමේ අධ්‍යාපනය

ගාල්ලේ පාසල් සිසු මවකට කතා කර විද්‍යාලලෝක සිද්ධිය ගැන ඇසූ විට ඇය අපූරු කතාවක් කීවාය. එහි හිටපු වැඩබලන විදුහල්පත්වරයා පාසල දියුණු කළ බව හා විනය ගොඩනැගූ බව ඇය කීවාය. මව්පියන් හා සිසුන් කුපිත වී ඇත්තේ ඒ හොඳ මහත්තයා මාරු කළ නිසාය. වයස අවුරුදු පනහකට ආසන්න මේ මවද සිසුන්ගේ හැසිරීම අනුමත කරමින් කතා කළාය.

පාසල් හැදීම හා විනය ගොඩනැගීම කියන්නේ කුමක්ද? 

දැන් පාසල්වල ළමයි ශබ්ද විකාශන ඔස්සේ නිතර බුදුදහම අදහති. ගුරුවරුන්ට වඳිති. ඒ තරමටම ප්‍රචණ්ඩව හැසිරෙති. 

අද කාලයේ පාසල් හදනවා කියන්නේ ගොඩනැගිලි හැදීම, ගේට්ටු බැඳීම, ළමයින් පෙළට යැවීම, ටයි දැම්මවීම, සපත්තු පොලිෂ් කිරීම, කොණ්ඩා කැපීම පාලනය කිරීම ආදිය හැර අන් යමක් නොවේ. 

අධ්‍යාපන පද්ධතියම හිතන්නේ මේවා තමයි වැඩ කියාය. එහෙත්, ළමයින් හැදීම යනු වෙන දෙයකි. අධ්‍යාපනය හෙවත් ශික්ෂණ විද්‍යාව යනු දරුවන් ශාරීරික, මානසික, බුද්ධිමය හා ආකල්පමය ලෙස ශිෂ්ට හා දියුණු බවට පත්කිරීම හා ඔවුන් නිර්මානශීලී මිනිසුන් ලෙස ගොඩනැගීමයි. 

පාසල්වල අද සිදු නොවන්නේ මෙය පමණි.

විද්‍යාලෝක සිද්ධිය විසින් පෙන්නුවේ මේ නිරුවතයි.   සමාජය මේ ගැන ගැඹුරින් සිතිය යුතුය.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. //එහි හිටපු වැඩබලන විදුහල්පත්වරයා පාසල දියුණු කළ බව හා විනය ගොඩනැගූ බව ඇය කීවාය. //

    එහෙම ගොඩනගපු විනයක තරම පෙනුනා ළමයින්ගෙ හැසිරීමෙන්...

    ReplyDelete
    Replies
    1. ඔබ සියයට සීයක් හරි හිටපු විදුහල්පති විනය ඉගැන්නුවනම්
      කෝ අර උගනන්පු විනය . එකද අලුත් විදුහප්ල්පති වරයට
      මුත්‍ර වලින් ගැහුවේ අම්ම කෙනෙක් ලු උත්තරය දීල තියෙන්නේ
      උන්ගේ හැටියටම ඇති දරුවොත්
      අහිංසකයන් ගේ ජීවිතත කාලකන්නි කරන දෙමව්පියෝ
      saman

      Delete
  2. මේ රටේ මිනිස්සුන්ට හැකි ඉක්මනින් බුද්ධිමය සංවර්දනයක් ලබාදිය යුතුයි.අපේ රටේ මිනිස්සු එන්න එන්න පොඩි බබාල වගේ වෙනවද ? පාලකයො මිනිස්සුන්ව පොඩි බබාල කරලද ? ..

    ReplyDelete
  3. රට නිරුවත් වුනේ බෝ කලකට පෙරය
    ''මරා'' ට හමුවුනෙත් ඒ නිරුවත් රටය
    වඳුරට දැලි පිහිය ලැබුණා හිටි හැටිය
    දැන් වල් ''මරා'' පෙන්නන්නේ උගෙ අඟය

    ඒ අඟ දැකපු දරුවොත් නිරුවත් වීලා
    පෙන්නයි උන්ගෙ නිරුවත කුල්මත් වීලා
    නැහැදුනු රටක් ඇත උන්හට පේවීලා
    එහෙව් රටේ මුව හම නොතලන් මෝලා

    ReplyDelete
  4. ඉස්කෝලවලට දේශපාලනෙයි. කාලකන්නි දේශපාලඥයෝ පාසල දෙම්ව්පියන්ටයි ආදි යක්ෂයින්ටයි දුන්නම අත්වෙන ප්‍රතිපල තමා ඔය. ආපු ප්‍රින්සිපල්ටත් පිස්සු, උන්න එකාටත් පිස්සු. ළමයින්ටත් පිස්සු. වලිය ෆෝම් කල පොලීසියත් ඔල්මාදේ හොඳම එක. ෂුවර් එකටම ආපු එකා නම්බර් වන් දේෂපාලන හෙන්චයියෙක් වෙන්න ඇති.

    හැබයි මම එක දෙයක් අනුමත කරනවා. ඌ පොලිසියත් එක්ක ඉස්කෝලේ ඇතුලට ඇවිල්ලා මාධ‍ය ඉදිරියේ පෙන්නපු සංදර්ෂනයට ඌට ෂේප් එකේ යන්න දුන්න නම් ඒ කොල්ලෝ, කොල්ලෝ නෙමෙයි.. අරි උන්. මතක තියාගන්න මම මේ කියන්නේ. පාසල තුලට පොලීසියත් එක්ක ඇවිත් දර්ෂනේ දැම්මාට පසු වූ දෙයයි.,

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා