Posts

Showing posts with the label අධ්‍යාපන

සිසු ජීවිත බිලි ගන්නා පාසල් ස්පෝට්මීට්

Image
නිවාස සැරසිල්ලක් පාසලේ නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙලේ සැරසිලි වෙනුවෙන් පුවක් ගසක් කැපීමට ගොස් ගසකින් වැටීම නිසා රිච්මන්ඩ් විද්‍යාලයේ උසස් පෙළ සිසුවෙක් මිය ගියේ ය. නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල වෙනුවෙන් සැරසිලි කිරීම සඳහා රාත්‍රිය පාසලේ නැවතීම යනු බොහෝ දෙනෙකුට ඉතා සොඳුරු අත්දැකීමකි. සැරසිලි කරනවාට අමතරව, හොර කුරුම්බා කැඩීම, මධ්‍යම රාත්‍රියේ බේකරියෙන් මිළ දී ගත් උණු පාන් කෑම වැනි තවත් රසවත් අත්දැකීම් ද මේ සමග වෙළී තිබේ. මේ අත්දැකීම් නව යොවුන් විය රසවත් කරන මුත්, ඒ සමග බැඳී තිබෙන අනතුරුදායකකම ඉතා භයානක ය. අප කුඩා කාලයේ මෙන් නොව දැන් දරුවන්ට සාමාන්‍ය ජීවිතය තුළින් ලැබෙන හසුරු කුසලතා අඩු ය. ඒ නිසා අනතුරුදායකකම  තවත් ඉහළ ගොස් තිබේ.  පාසල්වල නිවාස සැරසිලි යනු මේ වන විට මළ විකාරයකි. මේවා ස්වාභාවික ද්‍රව්‍යවලින් කළ යුතු බවට පාසල් බලධාරීන් විසින් කර තිබෙන නියෝග නිසා පාසල් සිසුන් අතින් අවුරුදු පතා සිදු වන පාරිසරික හානිය අති විශාල ය. ඵල දරන පුවක් ගස්, කෙසෙල් ගස් විශාල ප්‍රමාණයක් කපා දමනු ලැබේ. ඒ මදිවාට ගොක් අතු, පොල් කොළ ආදිය කපා දැමීම නිසා ඵලදාවට සිදු වන හානිය ද විශාල ය.  පස...

ගහෙන් වැටුණු දරුවාට විදුහල්පති ඇනීම

Image
දරුවකු අතින් ලිංගිකත්වය හා සම්බන්ධ වරදක් සිදු වූ කල පවා ලංකාවේ නීතිය අනුව එය සැලකෙන්නේ දරුවාගේ වරදක් ලෙස නො වේ. වරද සිදු කළ අනෙක් පාර්ශ්වය වැඩිහිටියකු වේ නම්, එම පාර්ශ්වයේ වරදක් ලෙසයි. එය ලංකාවේ නීතිය අනුව ලිංගික දූෂණ ගන‍යේ ලා සැලකේ. නීතිය ඉදිරියේ අනුකම්පාවට ලක් වන ළමයි පාසල් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ඉදිරියේ යළි අසරණ වන්නේ කෙසේ ද? ගුරුවරු හා විදුහල්පතිවරු ඉන්නේ නීතියට ඉහළින් ද? අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති අතින් දූෂණය වූ දැරියක එම ප්‍රදේශයේදී අවමානයට ලක් වීම නිසා ඇය බංඩාරවෙල කුඩා කුසුම් බාලිකා පාසලට ඇතුළත් කරන ලදී. එහෙත්, එම පාසලේ විදුහල්පතිනිය මේ සිද්ධිය පිළිබඳ සොය දැනගෙන ඇය පාසලින් ඉවත් කිරීමට තීරණය කර තිබේ. නේවාසික පහසුකම් සහිත එම විදුහලේ ඉගෙනීම ලබමින් සිටින අතර විදුහල්පතිනිය දිනක්‌ මව කැඳවා දියණිය තරුණයන් දෙදෙනකුගෙන් හා ප්‍රාදේශීය සභාපතිවරයකුගෙන් අතවරයකට භාජනය වී ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි කියමින් විදුහලෙන් අස්‌කර ගන්නා ලෙස දන්වා ඇත. විදුහල්පතිනිය ගෙන් එල්ල වූ දැඩි බලපෑම් නිසාම ඇඳුම් හා පාසල් පොත් රැගෙන දියණිය සමග ආපසු ගෙදර එන්නට මවට සිදු වී තිබේ. දැන් මේ පිළිබඳව...

එකේ සිට දහතුනට පංති තියෙන ලංකාවේ කොලීජි

අපේ අධ්‍යාපන ඇමතිතුමා බාලක හා බාලිකා පාසල් මිශ්‍ර පාසල් කරන්න යනවානේ. ඒ ගැන අපි මෙන්න මේ ලිපියේ ලිව්වා. අපේ පාසල් පද්ධතිය ගැන කතා කරන විට තවත් හාස්‍යජනක කරුණක් කෙරෙහි අවධානය යොමු ‍වේ. ලංකාවේ ලොකු ලොකු කොලීජි හෙවත් විද්‍යාල ඇත. මේ විද්‍යාලවල එකේ පංතියත් තිබේ. ඒ කියන්නේ මේවා ප්‍රයිමරියේ සිට විශ්ව විද්‍යාල ප්‍රවේශය දක්වා ම උගන්වන ප්‍රාථමික හා ද්විතීයක කොලීජි වේ. එහෙම කොලීජි තිබෙන්නේ ලංකාවේ විතරක් වෙන්නත් පුළුවන. ඒවායේ ආදි ශිෂ්‍ය සංගම් කියන්නේ ළමයින් දාන සංගම් ය. තරාතිරම කුමක් වුණත්, සාමාන්‍යයෙන් ලංකාවේ බහුතරයක් පාසල්වල  ආදි ශිෂ්‍ය සංගම් අල්ලාගෙන සිටින්නේ ලුම්පන් ධනවතුන් විසිනි. එතරම් අධ්‍යාපනයක් නො ලැබූ සල්ලිකාරයන් පිරිසක් වන මේ පිරිසට වෙන අනන්‍යතා නැති නිසා ඔවුන් අනන්‍යතාව ගොඩනඟා ගන්නට උත්සාහ කරන්නේ පාසල් ගෝත්‍රවාදය හරහා ය. ලංකාවේ පාසල් අඩු තරමේ ප්‍රාථමික, ද්විතීයක ලෙස හෝ ප්‍රතිව්‍යුහගත විය යුතුය. කලුතර ගුරුළුගෝමී විද්‍යාලය වැනි උසස් පෙළ සඳහා පමණක් වූ විද්‍යාල විවෘත වෙනවා නම් හොඳ ය. එකේ සිට 13 දක්වා සිසුන් එකම පාසලක ඉගෙනීම මළ විකාරයකි. එහෙත්, ඉහත කී ඊනියා ආදි ශිෂ්‍ය සංගම් ...

ඒක ලිංගික පාසල් වසා බහු ලිංගික පාසල් පිහිටුවීම

Image
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ලංකාවේ බාලක, බාලිකා පාසල් ක්‍රමය වෙනස් කරන්නට අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන යෝජනා කර තිබේ.  බන්දුල ඇමති වුණත් මේ නම් කර තිබෙන්නේ ඉතා ප්‍රගතිශීලී යෝජනාවකි. මෙය ක්‍රියාත්මක කිරීම දුෂ්කර නැත. 2015 වසරේ සිට 1 ශ්‍රේණියටත්, 6 ශ්‍රේණියටත් විරුද්ධ ලිංගික සිසුන් බඳවා ගැනීම ප්‍රමාණවත් ය. ඒ සමගම බාලිකා පාසල් ලෙස නම් කර ඇති පාසල්වල නම් වෙනස් කරන්නට සිදු වනු ඇත. විශාඛා විද්‍යාලය,  දේවි විද්‍යාලය ආදී වශයෙනි. එය එතරම් දුෂ්කර නැත.  මෙතැනදී තවත් රසවත් කරුණක් කෙරෙහි අවධානය යොමු වේ. බාලිකා පාසල් තිබුණත්, පිරිමි ළමයින් පමණක් ඉන්නා කිසිදු පාසලක නමේ බාලක පාසල කියා නැති බව ඔබ දුටුවා ද? මේ බාලක, බාලිකා පාසල් ක්‍රමය ගැලපෙන්නේ ඉස්ලාම් අන්තවාදී ඇෆ්ගනිස්ථානය, පකිස්තානය, ඉරානය වැනි පසුගාමී රටවලට ය. ලංකාව දැන්වත් මේ යටත් විජිතවාදී වික්ටෝරියානු උරුමයෙන් මිදිය යුතුය. ළමයින් ස්ත්‍රී පුරුෂ  වශයෙන් වෙන් කර එකිනෙකාගෙන් ඈත් කර තබන මෙම පසුගාමී ක්‍රමය වෙනුවට ස්වාභාවික පරිසරයක නිදහසේ ඉගෙන ගන්නට අවස්ථාව ලබා දීම සමාජමය වශයෙන් ඉතා ප්‍රගතිශීලී පියවරකි. මේ සමග ම මේ ක...

අහිංසකයන් අංගුලිමාලයන් කරන්න හමුදා විදුහල්පතිවරු පාසල්වලට

Image
ලංකාවේ ප්‍රධාන පාසල් කීපයක විදුහල්පතිවරුන්ට යුද හමුදාවේ කර්නල් තනතුරු පිරිනමා ඇත. ඔවුහු ඇතැමෙක් හමුදා ඇඳුම් ඇඳගෙන පාසලටද පැමිණි බව වාර්තා‍ වේ.  මේ මිලිටරි විදුහල්පති/පතිනියන්ගෙන් බලාපොරොත්තු වන්නේ පාසල්වල විනය ගොඩනැඟීමයි. ඔවුන් පාසල්වල ගොඩනඟන විනය සඳහා පරමාදර්ශය යුදහමුදාවයි.  පාසල් විනය හමුදා විනය බවට පත් වූ විට අනාගතයේදී රටේ විනයද හමුදා විනය බවට පත් වනු ඇත.  හමුදා විනයේ මූලික ලක්ෂණය කුමක්ද? තර්ක කිරීමකින් තොරව ඉහළ නිලධාරියාගේ අණ පිළිපැදීමයි.  ඒ අනුව, පාසල් සිසුන්ගෙන් බලාපොරොත්තු වනු ඇත්තේ තම ගුරුවරුන් දෙන අණ කරුණු විමසීමකින් තොරව පිළිපැදීමයි.  අංගුලිමාල කළේද එයයි.  අහිංසකයන් අංගුලිමාලයන් බවට පත් කිරීමේ අවශ්‍යතාව මතු වන්නේ පාලකයන්ගේ ඒකාධිපති මානසිකත්වයෙනි. එසේම අධ්‍යාපනය යනු කුමක්ද යන්න පිළිබඳ ඇති නොදැනුමෙනි.  පාසලට අවශ්‍ය වී ඇත්තේ දරදඬු මිලිටරි ඒකාධිපතියකුගේ නායකත්වය නොව ආදරණීය මවකගේ පියකුගේ නායකත්වයකි. එවැනි අධ්‍යාපනඥයන් බිහිකරගැනීමේ නොහැකියාවේ විලි හමුදා නිලඇඳුමෙන් වසාගත නොහැකිය. මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්...

විද්‍යාලෝකය පෙන්නූ පාසල් හැදීමේ හා විනය ගොඩනැගීමේ අධ්‍යාපනය

Image
ගාල්ලේ පාසල් සිසු මවකට කතා කර විද්‍යාලලෝක සිද්ධිය ගැන ඇසූ විට ඇය අපූරු කතාවක් කීවාය. එහි හිටපු වැඩබලන විදුහල්පත්වරයා පාසල දියුණු කළ බව හා විනය ගොඩනැගූ බව ඇය කීවාය. මව්පියන් හා සිසුන් කුපිත වී ඇත්තේ ඒ හොඳ මහත්තයා මාරු කළ නිසාය. වයස අවුරුදු පනහකට ආසන්න මේ මවද සිසුන්ගේ හැසිරීම අනුමත කරමින් කතා කළාය. පාසල් හැදීම හා විනය ගොඩනැගීම කියන්නේ කුමක්ද?  දැන් පාසල්වල ළමයි ශබ්ද විකාශන ඔස්සේ නිතර බුදුදහම අදහති. ගුරුවරුන්ට වඳිති. ඒ තරමටම ප්‍රචණ්ඩව හැසිරෙති.  අද කාලයේ පාසල් හදනවා කියන්නේ ගොඩනැගිලි හැදීම, ගේට්ටු බැඳීම, ළමයින් පෙළට යැවීම, ටයි දැම්මවීම, සපත්තු පොලිෂ් කිරීම, කොණ්ඩා කැපීම පාලනය කිරීම ආදිය හැර අන් යමක් නොවේ.  අධ්‍යාපන පද්ධතියම හිතන්නේ මේවා තමයි වැඩ කියාය. එහෙත්, ළමයින් හැදීම යනු වෙන දෙයකි. අධ්‍යාපනය හෙවත් ශික්ෂණ විද්‍යාව යනු දරුවන් ශාරීරික, මානසික, බුද්ධිමය හා ආකල්පමය ලෙස ශිෂ්ට හා දියුණු බවට පත්කිරීම හා ඔවුන් නිර්මානශීලී මිනිසුන් ලෙස ගොඩනැගීමයි.  පාසල්වල අද සිදු නොවන්නේ මෙය පමණි. විද්‍යාලෝක සිද්ධිය විසින් පෙන්නුවේ මේ නිරුවතයි.   සමාජය මේ ගැන ගැඹුරින් සිත...

සාමාන්‍ය පෙළ අසාමාන්‍ය ප්‍රතිඵලය ජිල්මාට් ද?

Image
(2011 මාර්තු 31,   W3Lanka )  විභාග ප්‍රතිඵල ඉහළ යාම හොඳ දෙයකි. වැඩි වැඩියෙන් දරුවන් විභාග සමත් වීම යනු ලංකාවේ උගතුන් ප්‍රතිශතය ඉහළ යාමයි. ලංකාවේ මාරාන්තිත තරග විභාග යනු කොහොමත් යහපත් දෙයක් නො වේ. පහේ ශිෂ්‍යත්වයේ පටන් ම ඒවායේ අරමුණ ඉහළ ගුණාත්මක මට්ටමේ අධ්‍යාපනයට ඇති සීමිත අවස්ථා ගණනට පිරිසක් තෝරාගෙන ඉතිරි පිරිස හළා දැමීමයි. පසුගියදා ප්‍රතිඵල නිකුත් වූ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අති විශ්ෂ්ට ය. කෙතරම් විශිෂ්ට ද යත්, සාමාන්‍ය පෙළට ඉගැන්වූ, පාසල් වාර විභාග උත්තර පත්‍ර බැලූ හා සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර අධීක්ෂකයන් ලෙස කටයුතු කළ අය පවා එතරම් හොඳ ‍ප්‍රතිඵල ලැබීම විශ්වාස නො කරති. විභාගයේ ප්‍රශ්න පත්‍ර ද සරළ මට්ටමේ ඒවා නො වූ සංදර්භයක සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙසේ අසාමාන්‍ය ලෙස ඉහළ යාම බොහෝ ගුරුවරුන්ගේ සැකයට භාජනය වී තිබේ. පැතිරෙන කටකතා භයානක ය. කොම්පියුටර් ජිල්මාට් ද, එක්තරා බලධාරියකුගේ පුතකු විභාගයට ලිවීම ද, තවත් බලධාරීන්ට පෞද්ගලිකව කැපී පෙනෙන්නට අවශ්‍ය වීම ආදී කරුණු ද මේ කතා බහ අතර වේ. විභාග ක්‍රමය පිළිබඳ ද මැතිවරණ ක්‍රමය පිළිබඳ සේ විශ්වාසය නැතිව ...

බ්රුන්ඩි හා බ්‍රෑහී මංගලම් උත්තමං

Image
(2011 මාර්තු 10, ජේ.සී. අහංගම විසිනි,  W3Lanka )  අධ්‍යාපන ක්‍රමය විනාශ වුනේ නිදහස ලැබුනාට පසුවය කියා සිතමි. ඊට සාක්‍ෂ්‍ය වශයෙන් සිංහලට වුන දේ කියන්න අවසර. 1946යේ ඉපදුනු මගේ සිංහලත් හා මට අවුරුදු දෙකකට පෙර ඉපදුනු මගේ සහෝදරයාගේ සිංහලත් අතර තිබුනේ ලොකු පරතරයකුයි. අපි ගියේ එකම අධාර ලබන ක්‍රිස්තියානි පාසැලටයි. ඉගෙන ගත්තේ අටවෙනි පංතිය දක්වා සිංහලෙන් හා ඉන් පසු ඉංග්‍රීසියෙනුයි. අයියා සිංහල සාහිත්‍යය පවා ඉගෙනගත්තා. එවැනි පාඨ විෂයයන් මට තිබුනේ නෑ. සිංහල ඉගැන්වූ ගුරුවරයාට සැළකුවේ විකටකාරයෙකුට ලෙසයි. ඒ එතුමාට ඉංග්‍රීසියෙන් හරියට කතා කිරීමට බැරි වූ නිසායි. මගේ සිංහල ආවේ විශේෂයෙන් මගේ පියාගේ උත්සාහය නිසායි. නිවාඩු කාලයේ මම එතුමාගේ පොත්හලේ විකුණන්න තිබූ සිංහල නව කතා ආදිය කියවුවා. අපේ ගෙදරට ගෙනාවා රටේ හැම සිංහල පුවත් පතම. පසු කල පරිගණක ක්‍ෂෙත්‍රයේ වැඩ කරන මට පෙනුනා, අමෙරිකානු ව්‍යාපාර විසින් පිහිටුවන ලද යුනිකෝඩ් සංයුක්තායතනය ඉන්දියානු භාෂා පරිගණකයට ගෙන ඒම ඉතා අසීරු කිරීමට කටයුතු යෙදූ වග. ISO යන යුරෝපීය ව්‍යාපාරවල සංයුක්තානය කළ යෝජනාව මෙතරම් විනාශකාරී නොවේ. මේ මා ලියන දේ එය දර්ශන කර...

"එළියට සාප කරමින් නො සිට එක පාසලක හෝ ලයිට් කපනු!" - ඇමති චම්පික රණවක

Image
( 2010 නොවැම්බර් 10,  W3Lanka )  "ඒ පාසලේ විදුලිය කපලා ගෙවන්න තියෙන්නේ රුපියල් විසි දහසයි. එය ගෙවලා පාසලේ ආශ්චර්ය රැක දෙනවාද?" මේ ඊයේ පාර්ලිමේන්තුවේදී හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධනගෙන් හම්බන්තොට දුස්ත්‍රික්කයේ පාසලක් පිළිබඳ ඇසූ ප්‍රශ්නයක් හා අදාළව දිවයින පුවත්පතේ පළ වූවකි.  මේ දිනවල ලංකා විදුලි බල මණ්ඩලය පලසල්වල විදුලිය විසන්ධි කිරීමේ වැඩපිළිවෙලක යෙදී සිටින බව අධ්‍යාපන ඇමති හෝ ජනාධිපති හෝ නො දන්නවා ඇත. පාසල්වල විදුලිය කැපීම ජාතික හෙළ උරුමය නියෝජනය කරන චම්පික රණවක ඇමතිගේ සංකල්පයකි. එහි අරමුණ විදුලි බල මණ්ඩලයේ පාඩු අවම කිරීමයි.  පාසල්වල විදුලිය කපන්නේ විදුලි බිල් ගෙවා නැති නිසා ය. පාසල් රැසක විදුලි බිල් ගෙවා නැත්තේ ඒ සඳහා රජයෙන් ප්‍රතිපාදන නො ලැබෙන නිසා ය. පාසලුත් රජයේ ය. විදුලි බල මණ්ඩලයත් රජයේ ය.  පාසල්වලට විදුලි බිල් ගණනය වන්නේ ව්‍යාපාරික ආයතනවලට විදුලිය ගණනය වන ආකාරයටයි. එහෙත් පාසල්වල සිදු වන ව්‍යාපාරික කටයුත්තක් නැත. ඇතැම් පන්සල් ව්‍යාපාර මධ්‍යස්ථාන ය. එහෙත්, ඒවායේ විදුලි බිල ගණනය වන...

ලබන වසරේ මහා යුද්ධයක්?

Image
( 2010 ඔක්තෝබර් 20,  W3Lanka )   ලබන අවුරුද්දේ මහා යුද්ධයක් ඇති වන බවට හෙට අනිද්දා ම ලංකාවේ ජ්‍යෝතිෂකාරයන්, පේනකාරයන් ආදීන් අනාවැකි කියන්නට පටන් ගත්තොත් පුදුම විය යුතු නැත. හේතුව, 2011 වසර සඳහා රජය විසින් ඊයේ ඉදිරිපත් කරන ලද අයවැය ඇස්තමේන්තුව අනුව ආරක්ෂාව වෙනුවෙන් රු. බිලියන 215කට වඩා වෙන් කර තිබීමයි. 2010 වසරේ ආරක්ෂක වියදම රු. බිලියන 202කි. මහා ම යුද්ධය පැවති 2009 වසර සඳහා ද ආරක්ෂාව වෙනුවෙන් වෙන් කෙරුණේ රු. බිලියන 177කි. ආරක්ෂක වියදම් වැඩි වන අනුපාතයන්ගෙන් සෙසු වියදම් වැඩි වේ ද? 2010 වසරේ සෞඛ්‍ය වියදම රු. බිලියන 53ක් වූ අතර 2010 වසරේ එය රු. බිලියන 62කි. 2010 වසරේ සාමාන්‍ය අධ්‍යාපනයට වියදම රු. බිලියන 27කි. 2011දී එය රු. බිලියන 31කි. යුද්ධය නිමා වීමෙන් පසුව පවා ලංකාවේ ආණ්ඩුව මෙතරම් මුදලක් ආරක්ෂාවට වෙන් කරන්නේ ඇයි? රට අනාරක්ෂිත නිසා ද? පාලකයන් අනාරක්ෂිත නිසා ද?  ආරක්ෂාවට මෙතරම් මුදලක් වෙන් කළත් ගැහැනියකුට, දරුවකුට මේ රටේ ආරක්ෂාවක් තිබේ ද?  Bookmark, remember easily and come again   www.w3lanka.com

බන්දුලගේ සෙනසුරාදා අධ්‍යාපන සංකල්පය

Image
(2010 ජුලි 17,  W3Lanka )   අපේ අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමතිකම භාර ගත් දා සිට අධික ලෙස නෑමට බර ය.  පසුගිය දිනෙක අධ්‍යාපන ඇමතිතුමා මාර නිර්මානාත්මක සංකල්පයකැයි සිතාගෙන (දැනටත් ගණිත විෂයට පවතින) ලකුණු 25 සහ 34 අතර ලකුණු සඳහා සාමාර්ථයක් හඳුන්වා දෙන බවට ලොකු ප්‍රචාරයක් ගෙන ගියේ ය. ආණ්ඩුවේ කිලිනොච්චි කැබිනට් රැස්වීමෙහි සිදු වූ වැදගත් ම දෙය වූයේ ජනාධිපතිතුමා ‍මේ මාර සංකල්පයට නෝන්ඩිය දැමීමයි. ළමයින්ගේ බුද්ධි මට්ටම වැඩි දියුණු කිරීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා බන්දුල ඇමතිතුමාට උපදෙස් දුන්නේ මේ වගේ මෝඩ යෝජනා ආයෙ නම් ගේන්න එපා යි නො කියා කියමිනි.  දැන් අධ්‍යාපන ඇමතිතුමාට තවත් නිර්මානාත්මක අදහසක් පහළ වී තිබේ. ඒ වනාහි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුනට සෙනසුරාදා ද පාසල් පැවැත්වීමයි.   ටියුෂන් මුදලාලිලා ව්‍යාපාරික වශයෙන් සාර්ථක වන්නේ අධ්‍යාපන මනෝ විද්‍යාවක්, නිශ්චිත අධ්‍යාපන ක්‍රම විද්‍යාවක් අදාළ නො වන නීච අධ්‍යාපන වෙළඳපොලක් තුළ ය. ළමයින් හාර පන්දාහකට දේශනයක් පවත්වන සන්නස්ගල සාර්ථක ව්‍යාපාරිකයකු මිස හොඳ ගුරුවරයකු නොවේ. මක් නිසා ද යත්, ළමයින...

වාර විභාග සොමිය හා ඌරා‍ගේ මාළු උගේ ම ඇඟ පිට කැපීම

Image
(2010 ජුලි 09,  W3Lanka )  පාසල්වල දෙවන වාර අවසාන විභාගය ළඟ ළඟ එමින් තිබේ. පසුගිය සමයේ පළාත් සභා විසින් සකසන ලද වාර විභාග ප්‍රශ්න පත්‍ර රටට ම විහිළු සැපයූ බව කවුරුත් දනිති. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අධ්‍යාපන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පත් කරන ලද බව කියන නිලධාරීන්ගෙන් පිරී ඇත. බහුතරයක් නිලධාරීන්ට ඇති වැඩක් නැත. එහෙත්, වාර විභාග ප්‍රශ්න පත්‍රයක් නිවැරදිව සකසා පාසල්වලට බෙදා දීමට තරම් හැකියාවක් පළාත් අධ්‍යාපන බලධාරීන්ට නැත. නැති හැකියාවන් වර්ධනය කරගෙන පිළිවෙලකට පාසල් වාර විභාග පවත්වනවා වෙනුවට දැන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු වාර විභාග පැවැත්වීමේ වගකීමෙන් ඉවත්ව ඇත. ඒ වෙනුවට දැන් වාර විභාග ප්‍රශ්න පත්තර සකස් කරන්නේ පාසල් විසිනි. බලතල විමධ්‍යගත කිරීම නරක නැත. එහෙත්, පොදු ප්‍රශ්න පත්‍රයක් සැපයීමේදී එය සැකසීමට ගත වන කාලය, මුද්‍රණ වියදම් ආදී කාරණාවලදී එය පිරිවැය කාර්යක්ෂම වේ. පාසල් මට්ටමින් විභාග ප්‍රශ්න පත්‍ර සකසන්නට යාම විසින් විශාල ශ්‍රම හා ධන නාස්තියක් සිදු වේ. ප්‍රශ්න පත්‍රවල ගුණාත්මකභාවය ද රඳා පවතින්නේ එක්, එක් ගුරුවරයාගේ නිපුණත්වය මතයි. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු...

ලංකාවෙන් ඉංග්‍රීසි ගුරුවරුන් ආනයනය කරන්නට යන දකුණු කොරියාවට අබ සරණයි

Image
(2010 මැයි 25,  W3Lanka )   ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරුන් 2000කට කොරියාවේ පාසල්වල දෙවසරක් උගන්වා මුදල් උපයා ගැනීමේ අවස්ථාව ලබා දෙන බවට දැවැන්ත ප්‍රචාරයක් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන රජයේ මාධ්‍ය සමග එක්ව ගෙන යයි.  හිටපු සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා ද පසුගිය කාලයේ ලංකාවේ හෙදියන් දහස් ගණනකට විදේශ රටවල රැකියා අවස්ථාව ලබා දෙන බවට දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියේ ය. එහෙත්, පෞද්ගලික ක්‍රමවලින් විදේශ රැකියා සොයා ගත් අය හැර සෞඛ්‍ය අමාත්‍යංශය හරහා හෙද රැකියා ලබා ගත් කිසිවෙකු පිළිබඳ අපි නොදනිමු. රට රස්සා හීනයෙන් පිබිදුණු හෙදියන්ට ඉංග්‍රීසි පාඨමාලා පවත්වා මුදල් ගරා ගැනීමේ ජාවාරමක් ද සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් දියත් විය.  කොරියාවේ ඉංග්‍රීසි ගුරු රැකියා ලබා ගැනීම සඳහා හෙට අනිද්දා ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරු කොරියානු භාෂා පංති බඩගාමින් අතේ තිබෙන තුට්ටු දෙකට තට්ටු කර ගනු නිසැක ය.  අනෙක් පැත්තෙන් කොරියාවට ඉංග්‍රීසි ගුරුවරුන් අපනයනය කරන්නට සිටින ලංකාවේ දියුණු ම පළාත වන බස්නාහිර පළාතේ මතුගම අධ්‍යාපන කලාපයේ පමණක් ඉංග්‍රීසි ගුරු හිඟය 50කට අධික ය. ගුරු හිඟය නිසා එක ගුරුවරයා ...