ඒක ලිංගික පාසල් වසා බහු ලිංගික පාසල් පිහිටුවීම

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ලංකාවේ බාලක, බාලිකා පාසල් ක්‍රමය වෙනස් කරන්නට අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන යෝජනා කර තිබේ. 

බන්දුල ඇමති වුණත් මේ නම් කර තිබෙන්නේ ඉතා ප්‍රගතිශීලී යෝජනාවකි. මෙය ක්‍රියාත්මක කිරීම දුෂ්කර නැත. 2015 වසරේ සිට 1 ශ්‍රේණියටත්, 6 ශ්‍රේණියටත් විරුද්ධ ලිංගික සිසුන් බඳවා ගැනීම ප්‍රමාණවත් ය. ඒ සමගම බාලිකා පාසල් ලෙස නම් කර ඇති පාසල්වල නම් වෙනස් කරන්නට සිදු වනු ඇත. විශාඛා විද්‍යාලය,  දේවි විද්‍යාලය ආදී වශයෙනි. එය එතරම් දුෂ්කර නැත. 

මෙතැනදී තවත් රසවත් කරුණක් කෙරෙහි අවධානය යොමු වේ. බාලිකා පාසල් තිබුණත්, පිරිමි ළමයින් පමණක් ඉන්නා කිසිදු පාසලක නමේ බාලක පාසල කියා නැති බව ඔබ දුටුවා ද?

මේ බාලක, බාලිකා පාසල් ක්‍රමය ගැලපෙන්නේ ඉස්ලාම් අන්තවාදී ඇෆ්ගනිස්ථානය, පකිස්තානය, ඉරානය වැනි පසුගාමී රටවලට ය. ලංකාව දැන්වත් මේ යටත් විජිතවාදී වික්ටෝරියානු උරුමයෙන් මිදිය යුතුය. ළමයින් ස්ත්‍රී පුරුෂ  වශයෙන් වෙන් කර එකිනෙකාගෙන් ඈත් කර තබන මෙම පසුගාමී ක්‍රමය වෙනුවට ස්වාභාවික පරිසරයක නිදහසේ ඉගෙන ගන්නට අවස්ථාව ලබා දීම සමාජමය වශයෙන් ඉතා ප්‍රගතිශීලී පියවරකි.

මේ සමග ම මේ කරුණත් කිව යුතු ය. අපේ රටේ ප්‍රභූ තන්ත්‍රය බිහි වුණේ මෙකී ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙන් කරන ලද පාසල්වලින් වීම ද අපේ අවධානයට යොමු විය යුතු ය. අඩ සියවසකට වැඩි කලක් රට කෑ මොවුන්ගේ තිබෙන වලත්ත, මජර ගති පැවතුම්වල පසුබිමේ කුඩා කාලයේ ලද මෙම ක්ෂතිමය අත්දැකීම තිබෙන්නට පුළුවන. උන් දේශපාලකයන් හා ඉහළ නිලධාරීන් බවට පත් වී මේ රටට කෙළවන්නේ ඒ නිසා වන්නට පුළුවන.

දැන් ඉතින් පාසල් ගෝත්‍රවාදය අල්ලාගෙන උඩ පැන පැන ගමේ මහා විද්‍යාලවලින් ආ අපට නො බැන මා කියන කාරණය දෙස අවධානය යොමු කරන්න. 1948 සිට මේ රට පාලනය කළේ මේ පාසල්වල ආදි සිසුන් වන අතර ඔවුන් විසින් රට ගෙන ගොස් තිබෙන අගාධය විමසා බලන්න. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. / ඒක ලිංගික පාසල් වසා බහු ලිංගික පාසල් පිහිටුවීම */

    ඔබ මෙහි බහු ලිංගික කියන්නේ ද්වි-ලිංගික කියන එක නේද? නැත්තං මෙතන තව වෙනම අවුලක් ඇතිවෙනවා!

    නිවරද වචනය මිශ්‍ර පාසල් කියන එකනේ!

    ReplyDelete
    Replies
    1. කකා සමලිංගික නේද?

      Delete
    2. ඇනෝනිමස්, ඔබ ගැන මට දුකයි.

      පව්!

      Delete
    3. කකා ට කිසිම ලිංගයක් නැත ඇත්තේ පුකක් පමණි...

      Delete
  2. නව ක්‍රමය යටතේ විශාකා විද්‍යාලය අනේපිඩු විද්‍යාලය ලෙසත්, දේවි බාලිකාව දේවදත්ත විද්‍යාලය ලෙසත් නම් කළ හැකි වේවි!

    ReplyDelete
    Replies
    1. ඒක හොඳ විහිළුවක් නෙවෙයි....:)

      Delete
    2. කක්කා.. ඔයා ඉස්කෝල වල අයිතිකාරයෝ ගැන ප්‍රශ්න අහන්නේ, ඒකට ඔයාට තියන් අයිතිය මොක්කක්ද? ඔයා ඔස්ට්‍රේලියාවේ ගිහින් සින්හලෙන් මෙහෙ තියෙන මගුල් ගැන දිනපතා ලියන්නෙයි කම්ම්මෙන්ට් දාන්නෙයි ඔයාට තියෙන අනන්‍යතා අවුල අනිත් අය පිටින් යවන්න නේඩ? ඔයා ලන්කාවට ඇලිලා ඉන්න ක්‍රමයටම වෙන කෙනෙක් ඉස්කෝල්කට යුනි එකකට ඇලිලා ඉන්නවා වෙන්න පුලුවන්. ඔයා ඇලිලා නැත්තම් ඉන්ග්ලිශ් වලින් ඔසී බ්ලොග් එකක් ලියන්න. කක්කා එක වහන්න. අනුන්ගෙ පුකවල් ගැන ප්‍රස්න් අහ්න්න කලින් තම්න්ගෙ පුක බලාගන්න.

      Delete
    3. ඇනෝනිමස්, ඔබ ගැන මට දුකයි.
      පව්!

      Delete
    4. කකා ඕනේ දෙයක් කියන්න. අපේ තරහක් නැහැ. අනේ එත්, පින්සිද්ද වෙයි ඔය මෙලෝ රහක් නැති ලින්ක් නම් පොස්ට් කරන්න එපා.

      Delete
    5. ආ මෙන්න සුපිරි රහ පිරි ලින්ක් එකක්
      http://kathandara.blogspot.com/2013/04/vi-auguro-un-felice-anno-nuovo.html


      !!!


      Delete
  3. විශ්වාස කළ නොහැකි තරම්වන ප්‍රගතිශීලී යෝජනාවක්....
    මේක මෙතනිනුත් එහාට ගෙන යා හැකියි.ආගම් සහ ජාතීන් සඳහා වෙන් කර ඇති පාසලු ත් වසා දමා සියලුම පාසල් සියලු ආකාරයෙන් මිශ්‍ර කිරීමෙන්.වෙන් කළ යුත්තේ කනිෂ්ඨ සහ දිවිතීය වශයෙන් පමණයි.

    එවිට බොහෝ ගැටළුවලට කල්පවතින නිශ්චිත විසඳුම් ලබගත හැකියි.

    ReplyDelete
    Replies
    1. ජාති ආගම් පදනමින් පාසල් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යංශය ඉඩ නො දෙන බව කලින් ම කියා තිබුණා

      Delete
    2. අදාල ප්‍රවෘතිය දැක්කෙ පස්සෙ

      "ලිංගික පදනම යටතේ පාසල් බෙදිමේ ක්‍රමය ඉදිරියේදී අවසන් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි. සමාජ ඒකාබද්ධතා ජාතික ප්‍රතිපත්තිය පිළිබද අධ්‍යාපනය සදහා ප්‍රවේශය මැයෙන් ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ පැවැති සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
      වැඩිදුරටත් කරුණු දැක්වූ ඔහු සදහන් කර සිටියේ ජාති ආගම් ලිංග වශයෙන් පාසල් වර්ගී කරණය කිරීම තුළින් වාර්ගක අර්බුද ආගමික අර්බුද ගොඩනොනැගෙන බවත් ඒ තුලින් සමාජ ඒකාබද්ධ තාවය හා ජාතික ඒකාබද්ධතාවය ඇති කිරීමට පහසු බවත් පැවසීය.

      ලංකාවේ අධ්‍යාපන ආයතන ක්‍රමවේදයක් වශයෙන් මිශ්‍ර පාසල් ගොඩනැගීම වඩා යෝග්‍ය බවත් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරමින් පවතින බවත් සදහන් කර සිටියේය. එසේම ජාති හා ආගම් වශයෙන් පවතින බේදයද ඉවත් කරන බව ඒ මහතා පැවැසීය."

      Delete
  4. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මුලින් කෙල්ලන් සිටි හිල්ඩා ඔබේසේකර නේවාසිකාගාරයේ අපේ කාලයේ සිටියේ කොල්ලන්.

    ඒ සමගම මුලදී කොල්ලන් සිටි රාමනාදන් සහ විජේවර්ධන නේවාසිකාගාරවල අපේ කාලයේ සිටියේ කෙල්ලන්.

    එනිසා පාසලක වුව නම එය මිශ්‍ර ද ඒක ලිංගික ද වීම යන්න සමග අවුලක් තිබේ යැයි කියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මෙහෙ මිනිස්සුන්ගේ ටැක්ස් සල්ලි වලින් නිකන් ඉගෙනගෙන රට පැනලා බයිලාත් ලියනවා. එළ ද බ්‍රා

      Delete
    2. ඇනෝනිමස්, ඔබ ගැන මට දුකයි.
      පව්!

      Delete
  5. /* මා කියන කාරණය දෙස අවධානය යොමු කරන්න. 1948 සිට මේ රට පාලනය කළේ මේ පාසල්වල ආදි සිසුන් වන අතර ඔවුන් විසින් රට ගෙන ගොස් තිබෙන අගාධය විමසා බලන්න. */

    මෙයට හේතුව ඔබ කියන කාරණයම නොවෙයි.

    තාමත් ලංකාවේ නායකත්වයට 1948 ට පසු ඉපදුණු අයෙක් පත් වී නැති වීමත් එක හේතුවක්.

    ReplyDelete
    Replies
    1. 48 න් පස්සෙ උන් ටික ආවම මීට අන්ත වෙයි.උන්ට මුන්ට තියන බුද්ධියවත් නැහැනෙ..

      Delete
    2. නාමල් දිනවමු

      Delete
    3. ඒකනේ මම ඔස්ට්‍රේලියාවෙ ගියේ. 1948 පස්සෙ ඉපදුනු එකෙක් බලයට ආව ගමන් මම උගේ කක්කා ඇඩ්වයිසර් වෙලා රූං ගාලා ලන්කාවේ. මාව ඔසෙට්‍රේලියාවේ එකෙක් වත් ගනන් ගන්න්නේ නෑ ඒ නිසා පොරටෝක් දෙන්නෙ ලංකාවෙ බයියන්ට.

      Delete
  6. පැරා පාසල් ගෝත්‍රවාදයට එරෙහිව අදහස් දක්වලා.හොඳයි හොඳටම හොඳයි.ලංකාවේ සමාජය ගෝත්‍රවාදයේ ගිලෙන එක පටන් ගන්නෙ පාසලෙන්.මධ්‍ය මහා විද්‍යාල වලට ගිය සිසුන් මෙ නිර්ලජ්ජිත ගෝත්‍රවාදයේ ගොදුරු නොවෙයි.පාසල් වාදය,ප්‍රදේශවාදය,ජාතිවාදය,ආගම්වාදය හා ලිංගවාදයට එරෙහිව සාධාරණ සමාජයක් සදහා ප්‍රයත්නයක් දැරිය යුතුයි.මම බ්ලොග් එක කරන්නේ මේ පංච මහා දුෂ්ටකමට එරෙහිවයි

    ReplyDelete
    Replies
    1. මද්‍ය මහා විද්යාල වලින් ගිය සරීර හොරු තමයි දේසපාලක්යිනට පුක දෙමින් ඉක්මනට සල්ලි හොයන්න යන්නේ. කොළබ හයිල්ක්ලාස් ඉස්කොලෙකින් ආව කෙනෙක් ඒ හයිය නිසා බය නෑ. එස් බී වගේ ගොබ්බයො එක්ක මද්යමහා විද්‍යාල වලින් ආපු හරක් රැල තමයි යස් සර් යස් සර් කියකිය පස්සෙන් ගොට්ට අල්ලන්නෙ. සිවිල් සේවය බල්ලට ගිය මද්‍යමහා අය ඕකට ආවාට ප්ස්සෙ.

      Delete
  7. ඕවා බන්දුලගෙ පඩ ශෝ කතා විතරයි පැරා.. එහෙම විප්ලවයක් කරන්න මිනිහට හයියක් නැහැ.

    ReplyDelete
  8. නිකම් ම යන එකේ කියලා ගියත් මොකෝ

    ReplyDelete
  9. කරනවා නම් ඉතා හොඳ වැඩක්... ඒත් ඔබම කියනවා වගේ පාලක පැලැන්තියේ ඉන්න වැඩි දෙනෙක් මේ පාසල් වලින් ආපු අය. පාසලෙන් අස්වූ පසුවත්, ආදි සිසුන් ලෙස පාසලේ නමින් ආතල් ගන්න අය. මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට තරම් හැකියාවක් බන්දුලට නැහැ කියලා මට හිතෙන්නේ. මේ වරප්‍රසාදලත් ගැහැණු පිරිමි පාසල් නිසාම යැපෙන කී දෙනෙක් ඉන්නවද?

    ReplyDelete
  10. පිරිවෙන් සහ කන්‍යාරාම ?

    ReplyDelete
  11. මම ඉතින් පසුගාමියා විතරක් නෙවේ රජ ඉස්කෝලෙ ගිය හින්ද වෙන්න ඇති මට මෙහෙම හිතෙන්නෙ,

    මේක ඔය කියන තරම් ප්‍රගතිශීලි තීරණයක් වෙන්නෙ කොහොමද? සාමාජවාදය, සමානාත්වය හැම මගුලකට පටලව ගන්න ගියාම ඒක හරියන්නෙ නෑ, මම කියන්නෙ නෑ බාලක/බාලිකා පාසල් තියන්න ඕනෙමයි කියල. නමුත් තිබ්බයි කියල වෙන්නෙ මොකක්ද? විරුද්ධ ලින්ගිකයො නැති හින්ද ඉස්කෝලෙ ඉන්න කෙල්ලො/කොල්ලො අසහන කාරයෝ වෙනවද? එතකොට රටෙ වෙන ස්ත්‍රී දූශන, ලමා අපචාර කරල තියෙන්නෙ ඒක ලිංගික පාසල් වලින් ආපු උන්ද? ඉස්කෝලෙ ඉන්න පැය ගානට විරුද්ධ ලින්ගිකයෙක් නොදකින එකා/එකී අසහනකාරයෙක් වෙනවනම් ඒ කියන්නෙ වෙන අවුලක්, එතකොට සාරුවා සුනිල් ගියෙ බාලක පාසලකටද? නූරිවත්තෙ අතකොටා, තව ලිස්ට් දෙන්න පුලුවන්.

    අනිත් කරුණ මජර පාලකයෝ/පාලිකාවො බිහිවෙන්නෙ උන් ඉගන ගත්තෙ මිශ්‍ර පාසලකද බාලක/බාලිකා පාසලකද කියන කරුනෙන් නෙවෙ, මේ තියන තුප්පහි දේශපාලන රටාවයි රටෙ ඉන්න මිශ්‍ර/බාලක/බාලිකා පාසල් වලින් ආපු කොන්ද කෙලින් තියාගෙන ඉන්න බැරි මිනිස්සුයි හින්දා.

    පොල්පොට්, ස්ටාර්ලින්, හිට්ලර් ඉගන ගත්තෙ මොකේද දන්න නෑ, හොයන්න ඕනෙ.

    ප.ගෝ.



    ReplyDelete
    Replies
    1. පොඩි දෙයක්, කතන්දරගෙ කොමෙන්ට් දැක්කාම හිතුනා සමහරවිට බාලක පාසල් වලින් එන සීමිත කොටසකට මෝලේ අමරුවක් හදෙනාවත් දෝ කියල.

      ප.ගෝ.


      Delete
  12. පාලකයින් රට කන්නේ පවතින සමාජ, දේශපාලන, ආර්ථික ක්‍රමය නිසා මිසක් පාසැල් නිසා නොවේ. වලත්තයන්, මජරයන් මෙන්ම විනයගරුක පුද්ගලයන්ද හැම පසැලකම සිටිති. එය පොදු වූ ලක්ෂණයකි. සමාජවාදියකු වන ඔබ මෙය මෙහිදී තේරුම් ගැනීමට සමත් නොවීම පුදුමයට කරුණකි.

    ReplyDelete
  13. ඔබගේ හීනමානය හොඳින්ම පේනවා මේ ලිපියේ මතු කරලා තියෙන මෝඩ තර්කය නිසා. දේශපාලකයෝ රට කාලා තියෙන්නේ මේ වගේ ඒක ලිංගික පාසල්වලින් ආපු නිසා නෙවෙයි, මේ තියෙන සමාජ ක්‍රමය නිසා.

    අනිත් එක මේ විදිහේ පාසල් තියෙන එක වැරුද්දක් වෙන්නේ කොහොමද? ඒක ගොත්‍රවාදයක් නෙවෙයි. මමත් බාලක පාසලකින් ආපු කෙනෙක්. එහෙම කියලා මට ගෑනු දැක්කහම අසහනයක්වත්, වෙනත් අසම්මත හැගිමක්වත් ඇවිත් නැහැ. මිශ්‍ර පාසල් වලින් එන අයට වඩා මේ වගේ පාසල් වලින් එන අය ගැහැණුන්ට ගරු කරනවා. මිශ්‍ර පාසල් තියෙන එක හොඳයි, ඒවාට කැමති අයට, ඒක ලිංගික පාසල තියෙන්න ඕනේ ඒවාට කැමති අයට. මම කැමති නැහැ මගේ දරුවා මිශ්‍ර පාසලකට දාන්න. ඉතින් මට තියෙන්න ඕනේ මම කැමති දේ.

    ReplyDelete
    Replies
    1. ඔබට පුද්ගලික පාසැලකට ඔබේ දරුවා යවන්න වුනොත් ? කොහෙද ඒක ලිංගික පුද්ගලික පාසැල් තියෙන්නෙ ?

      Delete
    2. "මම කැමති නැහැ මගේ දරුවා මිශ්‍ර පාසලකට දාන්න. ඉතින් මට තියෙන්න ඕනේ මම කැමති දේ."
      ඇයි ඔයාගේ දරුවා සමලිංගික ද ?

      Delete
  14. අන්න අරුන් නිසා තමයි සිංහල ජාතියට තැනක් නැත්තේ
    දෙමලුන්ව පෙන්වූහ,
    මුන් තමයි රට කන්නේ
    සමසමාජ කාරයින්ව පෙන්වුහ,
    අන්න අරුන් තමයි සිංහල ජාතියට තැනක් නැත්තේ
    කොටින්ව පෙන්වූහ,
    අන්න අරුන් නිසා තමයි සිංහල ජාතියට තැනක් නැත්තේ
    මුසල්මානුවන්ව පෙන්වූහ,

    රටේ කැකෑරෙන දුප්පත් කම, අසරණ කමට, අධ්‍යාපනයේ අවුලට හේතුව ලෙස දැන් සුපිරි පාසල් අල්ලගෙනද,

    එහි පුදුමයක් නැත.
    රුපියල් 2500න් මාසයක් පවුලකට ජීවත් වෙන්න පුලුවන් කියපු ආර්තික විද්‍යා ටියුශන් මාස්ටර්නේ මෙයා,
    ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරේ පිටවෙයි කියලත් ඒව අමතර උපකාරක පංතිවලට එයි කියලත් ඊයේ පෙරේදා ශිෂ්‍යත්ව උපකාරක පංති පැවත්වීම තහනම කරපු ඇමතිල ඉන්න රට මේක, පුදුමයි නේද?

    ReplyDelete
    Replies
    1. දයල් බතී

      /*
      අන්න අරුන් නිසා තමයි සිංහල ජාතියට තැනක් නැත්තේ
      දෙමලුන්ව පෙන්වූහ,
      මුන් තමයි රට කන්නේ
      සමසමාජ කාරයින්ව පෙන්වුහ,
      අන්න අරුන් තමයි සිංහල ජාතියට තැනක් නැත්තේ
      කොටින්ව පෙන්වූහ,
      අන්න අරුන් නිසා තමයි සිංහල ජාතියට තැනක් නැත්තේ
      මුසල්මානුවන්ව පෙන්වූහ,
      */


      මේකට තව පද දෙකක් එකතු කරලා නූතන නීමොලර් කවියක් කරන්න පුළුවනි!

      Delete
  15. /* පිරිමි ළමයින් පමණක් ඉන්නා කිසිදු පාසලක නමේ බාලක පාසල කියා නැති බව ඔබ දුටුවා ද? */

    මිනුවන්ගොඩ නාලන්දා බාලිකා හා පිරිමි ලෙස මධ්‍ය මහා විද්‍යාල 2ක් ඇත. එහි පිරිමි පාසල හඳුන්වන සෑම විටම "නාලන්දා පිරිමි" පාසල ලෙස හඳුන්වයි. පිරිමි පාසලේ සමහර උසස් පෙළ පන්ති සඳහා බාලිකාවන්ද ඇතුලත්කර ගැනේ. එම බාලිකාවන්ද තමාගේ පාසල නාලන්දා පිරිමි පාසල බව හඳුන්වාගනී.

    ReplyDelete
  16. "දැන් ඉතින් පාසල් ගෝත්‍රවාදය අල්ලාගෙන උඩ පැන පැන ගමේ මහා විද්‍යාලවලින් ආ අපට නො බැන මා කියන කාරණය දෙස අවධානය යොමු කරන්න"

    ඔබ අයත් වන්නේ "ගමේ මහා විද්‍යාල" ගෝත්‍රයටද?

    ReplyDelete
  17. කෙරෙනවානම් හොද වැඩක්. නමුත් කෙරෙනකං විශ්වාස නෑ. මොකද ආදි ශිෂ්‍ය සමිති බලවත්. ඔවුන් මේකට කැමති නෑ.

    ගෑනු පිරිමි වෙන් කරලා හදන එකෙන් ඔවුනොවුන් වැඩිවියට පත්වූ විට එකිනෙකා ගැන ඇති අවබෝධය අඩු වෙන බවයි මගේ හැගීම. එය අපේ සංස්කෘතියේ දෙයක් නොව මිෂනාරි අධ්‍යාපන රටාවෙන් ලැබුන දෙයක්. ලංකාවේ දික්කසාද වෙන අයගෙන් බහුතරයක් මෙවැනි පාසල්වලින් ආපු අය කියලා සැක කරන්ඩ පුළුවන් (සමීක්ෂණයක් කරලා බලන්ඩ වටින කාරණයක්). ඒ වගේම බොහෝ කාන්තා පාසල්වලින් එළියට එන ගෑනු ළමයි ඇන්දෙනවා ප්‍රේම සම්බන්ධතාවලදී පහසුවෙන්ම. මොකද ඔවුන්ට පිරිමි හිතන හැටි ගැන වැටහීමක් නෑ. පිරිමින්ටත් එහෙමයි. අනෙක් අතට ලංකාවේ සමලිංගික සේවනයට යොමු වන පිරිසෙන් ඉතා වැඩි පිරිසක් කේවල පාසල්වල අය (උපතින් සමලිංගික අය ගැන නොවේ මේ කියන්නේ. බාහිර පරිසරයේ බලපෑමෙන් සමලිංගික වෙන අය). පාසල කියන්නේ සමාජයට හුරු කරන තැනක්නම් එතන සමාජයේ ආකෘතියක් තිබිය යුතුයි.

    ReplyDelete
  18. පාසල මිශ්‍ර වුනත් ඒක ලිංගික උනත් වෙන්න ඕනේ අධ්‍යාපනය ස්ත්‍රී පුරුෂ භාවය අනුව සුවිශේෂී කරමයකට ඇතිකිරීමයි. ගැහැනු ළමුන්ට ස්ත්‍රීත්වය කේන්ද්‍රවන ලෙසත් පිරිමි ළමුන්ට පෞරුෂත්වය කේන්ද්‍රවන ලෙසත් අධ්‍යාපනය විශේෂනයකට බඳුන් වියයුතුයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා