එකේ සිට දහතුනට පංති තියෙන ලංකාවේ කොලීජි
අපේ අධ්‍යාපන ඇමතිතුමා බාලක හා බාලිකා පාසල් මිශ්‍ර පාසල් කරන්න යනවානේ. ඒ ගැන අපි මෙන්න මේ ලිපියේ ලිව්වා.
අපේ පාසල් පද්ධතිය ගැන කතා කරන විට තවත් හාස්‍යජනක කරුණක් කෙරෙහි අවධානය යොමු වේ.
ලංකාවේ ලොකු ලොකු කොලීජි හෙවත් විද්‍යාල ඇත. මේ විද්‍යාලවල එකේ පංතියත් තිබේ. ඒ කියන්නේ මේවා ප්‍රයිමරියේ සිට විශ්ව විද්‍යාල ප්‍රවේශය දක්වා ම උගන්වන ප්‍රාථමික හා ද්විතීයක කොලීජි වේ. එහෙම කොලීජි තිබෙන්නේ ලංකාවේ විතරක් වෙන්නත් පුළුවන.
ඒවායේ ආදි ශිෂ්ය සංගම් කියන්නේ ළමයින් දාන සංගම් ය. තරාතිරම කුමක් වුණත්, සාමාන්‍යයෙන් ලංකාවේ බහුතරයක් පාසල්වල ආදි ශිෂ්ය සංගම් අල්ලාගෙන සිටින්නේ ලුම්පන් ධනවතුන් විසිනි. එතරම් අධ්‍යාපනයක් නො ලැබූ සල්ලිකාරයන් පිරිසක් වන මේ පිරිසට වෙන අනන්‍යතා නැති නිසා ඔවුන් අනන්‍යතාව ගොඩනඟා ගන්නට උත්සාහ කරන්නේ පාසල් ගෝත්‍රවාදය හරහා ය.
ලංකාවේ පාසල් අඩු තරමේ ප්‍රාථමික, ද්විතීයක ලෙස හෝ ප්‍රතිව්‍යුහගත විය යුතුය. කලුතර ගුරුළුගෝමී විද්‍යාලය වැනි උසස් පෙළ සඳහා පමණක් වූ විද්‍යාල විවෘත වෙනවා නම් හොඳ ය. එකේ සිට 13 දක්වා සිසුන් එකම පාසලක ඉගෙනීම මළ විකාරයකි.
එහෙත්, ඉහත කී ඊනියා ආදි ශිෂ්ය සංගම් මේ ක්‍රියාවලියට ඇති ප්‍රබල බාධාවකි. කලින් නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ලොකු ම අභියෝගය ආවේ තියෙන එක ඒ හැටියෙන් ම රැක ගන්නට අවශ්‍ය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයෙනි. දැන් ආදි ශිෂ්‍ය සංගම්වලිනි.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

ඇත්තටම ආදී ශිෂ්ය සංගම් කියන ඒවා වහා අහෝසි කල යුතුයි.තමා ඉගෙන ගනිපු පාසලට අවංකවම සේවයක් කරන්න ඔනේ නම් ඒක සංගම් නැත්නම් මොනවා හරි පිහිටුවාගෙන කරන්න පුළුවන්.හැබයි ඔවුන්ට ඕනේ විදිහට පාසලක් පාලනය කරන්න දෙන්නේ කොහොමද?.දැන් ගුරුවරයෙක් මාරු කරන එකේ ඉඳලා විදුහල්පතිවරයෙක් පත් කරන එකේ එක දක්වා සහ හැම පාසල් පරිපාලනයක්ම කරන්න ඔනේ ආදී ශිෂ්‍ය සංගමේට ඔනේ විදිහට.
ReplyDeleteඑක පැත්තකින් ආන්ඩුවලිනුත් මේවාට කැමතියි.මොකද පාසල් සංවර්ධනයට වෙන්කරන මුදල් සෑහෙන්න කපලා දාන්න පුළුවනි නේ.ඔය නිදහස් අධ්‍යාපනය, රජය අධ්යාපනයට වියදම් කරන ප්‍රතිශතය් ගැන කතා කරන ගමන් මෙන්න මේ ආදී ශිෂ්ය සංගම් මාෆීයාව ගැනත් කතා කරන්න ඔනේ..මොකද රජය ප්‍රතිපාදන වෙන්කරන ඒවායින් හෙමින් සැරේ ලිස්සලා යන්න මාර්ගයක් හදාගෙන තියෙනව මේවා නිසා.රජයේ පාසල් කිව්වට ඉස්සරහාට කිසි දෙයක් කරන්න බැරිව යනවා අධ්‍යාපන අමාතාංශයට.
මෙහි සඳහන් කරල තියෙනව වගේම ඇත්තටම පාසලෙන් අස්වෙලා අවුරුදු ගාණක් ගිහිල්ලත් ඔය පාසල් ගෝත්‍රවාදයේ ගිලිලා ඉන්නේ වෙන අනන්‍යතා නැති නිසා ඒක ඔස්සේ අනන්ය්තාවයක් ගොඩනගාගන්න අය.තමන් ගිය පාසලට නිහඬව ආදරය/ගෞරව කිරීම වෙන දෙයක්.
---Dinuka--
ඉරිසියාව වැඩි කමට උඹව පැලෙයි මචන්
ReplyDelete(ආදි ශිෂ්‍ය මාපියාව (මාපියාවක් ? ) තරමක ඇත්තක්, ඒ ගැන මීට වඩා හොඳින් ලියන්න තිබ්බ, කොහෙද ඉරිසියාව වැඩිකමට අවශ්‍ය දෙයි අනවශ්‍ය දේයි පටලගෙන )
-ප. ගෝ.
ඇයි මචන් මම මෙතන මොකකට ඊරිසියා කරන්න ද?
Deleteහොඳ/ ජනප්‍රිය යැයි සම්මත ඉස්කෝලෙකට යන්න බැරි උනාට....වෙන මොකටද?
Deleteඅය්යෝ මචන් මමත් ගියේ උඹ ඔය කියන ජාතියේ හොඳ/ජනප්‍රිය රටම දන්න පාසලකට තමයි.හැබයි උඹලට වගේ ආදි ශිෂ්‍ය උණක් මට නැහැ එකයි වෙනස.ඒ කියන්නේ පාසලට ගෞරවයක් නැහැ කියන එක නෙවෙයි.ඒත් දැන් මම අස්වෙලා ඉගෙන ගෙන ඉවරයි.ඒකේ ඉගෙන ගත්තා කියලා ඒක අපිට අයිති දෙයක් වත් කවදහරි අපේ දරුවොත් ඒකට ගත යුතුයි කියල මානසිකත්වයක් මට නැහැ.ඒකෙ අස්සට ගිහින් ඒකට බලපෑම් කරන්න මට උවමනාවක් නැහැ.
Deleteඅයියා මල්ලී ලෝකය බිහිවීමට හේතුව මේ 1 සිට 12 දක්වා පන්ති එකම පාසලක තිබීම විය යුතුයි.
ReplyDeleteමේ ආදි ශිෂ්ය සංගම් කියන්නේ කොච්චර ගෝත්‍රික සංවිධානද කියන එක තේරෙන්නේ පිට රටවල ආදි ශිෂ්ය සංගම් හදන අපේ මැට්ටෝ දිහා බැලුවාමයි. සාමන්‍යයෙන් වෙනත් රටවල් උන් පිට රටකදි එකතු වෙන්නේ උන්ගේ රටේ නමට. නමු විශේෂයෙන් මෙහෙන් බටහිර රටවලට ගිහින් ඉන්න අපේ කබ්බෝ රට වටා එකතු වීම පැත්තකට දාලා එහෙ ගිහිනුත් එකතු වෙන්නේ උන් ලංකාවේ ඉගෙන ගත්ත පාසල් වල නම් වලින්. එහෙ සුද්දන් පඩේකටවත් මුන්ව ගනන් ගන් නැති උනාම මුන් ඒ වෛරය පිට කරන්ඩ, හීනමානය වහ ගන්ඩ ආදි ශිෂ්ය සංගම් හදා ගන්නවා. එහෙම හරි පුංචි පුංචි අනන්‍යතා හදාගෙන මුන්ගේ දුප්පත් ආත්ම වලට සහනයක් ගන්ඩ තමයි මුන් බලන්නේ. UK, USA, Australia වල Old Trinitians, Mahamayan, Anandian, Nalandiana, Thomian, වගේ විකාර සංගම් ගොඩක් තියෙනවා. එහෙ ගිහිල්ලත් ගෝත්‍රවාදේ. ඇයි මුන්ට බැරි එක රටක එක දජයක් යටට එකතුවෙලා, ශ්‍රී ලාංකිකයෝ ලෙස එකතුවෙලා රටට යමක් කරන්ඩ. මේ විකාරය කොච්චර දුර දිග ගිහිල්ලද කියනවා නම් රෝයල් එකේ විතරක් සංගම් 6 තියෙනවා උතුරු ඇමරිකා මහද්වීපය පුරාම. Old Royal NY, Old royal Washington, LA....
ReplyDeleteමිනිස්සු සංගම් හදා ගන්න එකවත්, නොයෙක් අනන්යත යටතේ එකතු වෙන එකවත් වැරදියි කියන්න බෑ. එහෙමනම් ඉතින් අපි වෙන රටකට ගියාම ශ්‍රී ලාංකිකයො හැටියට එකතු වෙන එකත් වැරදියි. පාසැල් වලින් ඔහොම අනන්යතාවක් ගොඩ නගුනේ නැත්තන් වෙන එකකින් ඕක හැදෙයි. උදාහරණයක් විදියට ඇමරිකවෙ තියෙන ෆැටර්නි ගන්න පුලුවන්. ඒවා මුලු රට පුරාම් ව්යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම් ලොව පුරා ඇති වෘතීමය සංගම් ගන්න. (IEEE, BSC...) . ජනප්‍රිය පාසැල් ව්ල තිබෙන පහසුකම්, සංස්කෘතිය, අත්දැකීම් .... මේ සියල්ලම එකට ගොඩනැගිල තියෙන්නෙ බැංදීම් සහ ආදි ශිෂ්ය සංගම් නිසා තමයි. රගර්, ක්‍රිකට් වගෙ ක්‍රීඩා ඔයතරම් උත්කර්ශවත් විදියට පවත්වන්න මේ තියෙන යටිතලයෙන් විශාල පිටිවහලක් ලැබෙනවා. අනිත් එක ඔය වගේ සම්බන්දතා ගොඩනගා ගන්න තමයි අද මේ තියෙන ඔක්කොම සමාජ ජාල වලින් උත්සහ කරන්නෙ.
ReplyDeleteදැන් ප්‍රශ්නෙ තියෙන්නෙ සාධාරණ අවස්ථා ලැබීම ගැන නම්, ජීවිතේ කිසිම දෙයක් 100% සාධාරණ නෑ. විශේෂයෙන්ම මේ ප්‍රශ්නෙ එන්නෙ රැකියාවෙදි. මම අනිවාර්යෙන්ම මගේ පාසැලේ හරි, මගේ විශ්වවිද්යාලෙ හරි කෙනෙක් ගන්න කැමතියි. ඇයි ? මට එයා ගැන විස්තර හොයාගන්න ලෙසියි, මම් කැමති දේවල් වලින් කොටක්සකට ඔහුත් කැමතියි, අන්යොන්ය මිතුරන් සිටින නිසා ලං වෙන්න පහසුයි, මම් ආපු පසුබිමෙන්ම අපු නිසා මම කරන විදියට වැඩ කරයි කියල තියෙන විශ්වාසය වැඩියි.
Looser....
Deleteමිනිස්සු සංගම් හදා ගන්න එකවත්, නොයෙක් අනන්යත යටතේ එකතු වෙන එකවත් වැරදියි කියන්න බෑ. එහෙමනම් ඉතින් අපි වෙන රටකට ගියාම ශ්‍රී ලාංකිකයො හැටියට එකතු වෙන එකත් වැරදියි. පාසැල් වලින් ඔහොම අනන්යතාවක් ගොඩ නගුනේ නැත්තන් වෙන එකකින් ඕක හැදෙයි. උදාහරණයක් විදියට ඇමරිකවෙ තියෙන ෆැටර්නි ගන්න පුලුවන්. ඒවා මුලු රට පුරාම් ව්යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම් ලොව පුරා ඇති වෘතීමය සංගම් ගන්න. (IEEE, BSC...) . ජනප්‍රිය පාසැල් ව්ල තිබෙන පහසුකම්, සංස්කෘතිය, අත්දැකීම් .... මේ සියල්ලම එකට ගොඩනැගිල තියෙන්නෙ බැංදීම් සහ ආදි ශිෂ්ය සංගම් නිසා තමයි. රගර්, ක්‍රිකට් වගෙ ක්‍රීඩා ඔයතරම් උත්කර්ශවත් විදියට පවත්වන්න මේ තියෙන යටිතලයෙන් විශාල පිටිවහලක් ලැබෙනවා. අනිත් එක ඔය වගේ සම්බන්දතා ගොඩනගා ගන්න තමයි අද මේ තියෙන ඔක්කොම සමාජ ජාල වලින් උත්සහ කරන්නෙ.