බෝ පැළ වගේ දුමින්දලා හා බෝ ගස් කපන චම්පිකලා

අපි බෝ පැළ වගේ කට්ටිය යි සමහරු තමන්ගේ ‍‍ම හොර උපාසකකම ගැන උපහාසයෙන් කතා කරති.

බෝ ගස ලස්සන ය. බෝ කොළය සොබා දහමේ අති සුන්දර ම නිර්මානයකි. ඒ සුන්දරත්වය හා ආගමික භක්තිය කැටි කර චන්ද්‍රරත්න මානවසිංහයන් හා අමරදේවයන් නිර්මානය කළ 'මහ බෝ වන්නම' හෙළයේ සුන්දර ම සංගීත හා සාහිත්‍ය නිර්මානයකි. 

එහෙත්, බෝ ගස පොල් ගස හෝ කොස් ගස තරම් මිනිසුන්ට හෝ සතුන්ට ප්‍ර‍යෝජනවත් ශාඛයක් නො වේ.

ඉතා කුඩා ඇටයකින් බෝ වන, ඉතා නිසරු බිත්තියක් උඩ පවා වැඩෙන්නට හැකි හැබැයි, වැවෙන්න ගත්තොත්, වඳ කරන්නට බැරි, ආක්‍රමණශීලී බෝ ගස ආගමික අන්තවාදය සඳහා කදිම උපමාවකි. 

භාරත ලක්ෂ්මන් ඝාතන‍යේ විත්තිකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී සිල්වාගේ පළමු නම වන දුමින්ද යන්නෙහි තේරුම ද බෝ ගස යන්නයි.

දෙතිස් මහා පල රැක් බෝධි කියන සියල්ලම බෝ ගස් නො ‍වේ. සපු ගස ද ඒ අනුව බුදු කෙනෙකුට සෙවණ දුන් බෝධියකි. චම්පක කියන්නේ සපු ගසට ය. චම්පක රාමනායක යනු හොඳ සිංහල නමකි. චම්පික යනු බස නසන නමකි. එසේ ම චම්පික කියන්නේ ලංකාවේ දේශපාලන පොළවේ වැවෙන වල් පැළෑටියකි.

මට මේ බෝ ගස ගැන ලියන්නට උවමනාවක් තිබිණි. එහෙත්, එය මට වඩා හොඳට කිසිවකු විසින් ෆේස්බුක්හි ලියා තිබෙනු දැක අවසර ගෙන එය මෙහි පළ කරමි. ස්තුතිය චාමි සෑම්ට

බෝ ගස ඉතා ප්‍රිය ජනක වෘක්ෂයකි. ඉතා හොඳ සෙවණක් සාදන අලංකර පත්‍ර සහිතය. සුළඟින් සෙලවෙන පත්‍ර ඉතා මිහිරි ගුමුවක් උපදවයි.

එහෙත් 'බෝ සමිඳාණන් වහන්සේලා' නම් මට දිරවන්නේම නැත. සෙවණ සදන සාමාන්‍ය ගසක් කෙරෙහි ඇතිවන මිතුරු/ලෙන්ගතු ආකල්පය ඔය සමිඳානන් වහන්සේලා කෙරෙහි මට ඇතිවන්නේ නැත. ඒවාට හේත්තුවක් දමන්නට නොහැකිය. කොලයක් කඩාගෙන හැඩ බලන්නට නොහැකිය. ඒවා යට ඉඳගෙන පත්තරයක් බලන්නට හෝ කෙනෙකු සමග කයියක් ගහන්නට නොහැකිය. බෝ සමිඳා සෙවණේ සින්දුවක් කියන්නටද නොහැකිය.

කොටින්ම කාක බෝධිය මිනිසුන්ට සෙවණ සදන්නකි. බෝ සමිඳානෝ මිනිසුන් කෙරෙහි බලය පතුරුවන්නකි.
ග්‍රෑන්ඩ්පාස් හිදී කපා දැමෙන්නේ කාක බෝධියක්ද, බෝ සමි‍ඳානෙක්ද යන්න ගැන මට අදහසක් නැත. ඇතැම්විට උස් මහත් වූ පසු බෝ සමිඳානෙක් බවට පත්වූ මිතුරු කාක බෝධියක් වන්නට පුළුවන.

පිට සක්වල ජීවියෙකුට අනුව නම්, අපුල දනවන ඩීසල් දුමාරය, දූවිල්ල, ගිනි ගහන රස්නය සපිරි ග්‍රෑන්ඩ්පාස් ලංකාව මේ මොහොතේ ඉල්ලන්නේ සිසිල දනවන ගසක් කපා දමා එතැන ගිනි අව්වේ වේලෙන කොන්ක්‍රීට් පල්ලියක් ඉදිකිරීමටය.

අනිත් අතට කපා දැමූයේ සිසිල වෙනුවට බලය පතුරුවන 'බෝ සමිඳානෙක්' නම් එහි ඇති අමුතු ගොන්කමකුත් නැත.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. "කොලයක් කඩාගෙන හැඩ බලන්නට නොහැකිය. ඒවා යට ඉඳගෙන පත්තරයක් බලන්නට හෝ කෙනෙකු සමග කයියක් ගහන්නට නොහැකිය. බෝ සමිඳා සෙවණේ සින්දුවක් කියන්නටද නොහැකිය.
    "

    පැරාත් චූන් ගිය පාර ගෙඩි පිටින්ම අරගෙන දැම්මට, මේ කියන්නෙ මහ මෝඩ කතාවක් කියල තේරෙන්නෙ නෑනෙ. ඔය හාදයා ඔය දෙවල් කරන්න බෑ කියන බෝ ගස් (ඌ කියන්නෙ 'බෝ සමිඳාණන්' ) තියෙන්නෙ පන්සල් අතුලෙ, ආගමික ස්තානයකට ගියාම එතන එකෙ හැටියට ඉන්නවා මිසක් පාරෙ බෝක්කු උඩ කරන ඒවා කරන්න බෑ කියන එක තේරෙන්න් මොලයක් නම් නැතුව ඇතිනෙ. කිසි අවුලක් නැ මිනිහට ඔය කොහේ හරි තියන ගහකට හරි කාක බෝ ගහක් හරි යටට ගිහින් ඔය ටික කරගන්න පුලුවන්නෙ. අනික සින්දු කියන එක ඇර අනිත් දෙවල් එහෙමට අවුලක් නෑනෙ අනිත් අයට බදා නොවෙනවානම්, උදා: බෙල්ලන්විල බෝදිය ලඟ වැලි බිමේ මිනිස්සු ඕනෙ තරම් කතා කර කර ඉන්නෙ. ඒත් අරික්කලක් හරි මොලයක් තියනවානම් ඕනෙ එකෙක්ට තේරෙනවා තැනට සුදුසු විදියට හැසිරෙන්නෙ. මුන් වගෙ ගොන් මෝල්ලු හැසිරෙන්න ඕනෙ තැන රෙන්න හදන කොට ටිකක් අවුල් තමා.

    ඉස්සෙල්ලාම කොහෙට හරි ගහන්න ඕනෙනම් ගහන විදිය හරිද කියල බලල ගහන එක තමයි ගුණ, මොකද නැත්නම් මේ වගෙ ගොන් මිස්ටේක් වෙනවා.
    කිතුණු පල්ලියේ උනත් ගීතිකා කියනවා මිසක් සින්දු කියන්න බෑනෙ.

    මුගෙ මේ තර්කයම අනුව කියන්න පුලුවන් වහලයක් යට ඉඳන් *කන්න පුලුවන් නම් ඇයි විහාර ගෙයි, පල්ලියේ, කෝවිලෙ එක කරන්න බැරි කියල. ඇයි ඉතින් වහලයක් යටනේ.


    (කොළ්ඹ පල්ලි/බෝදි සීන් එක දැනුයි දන්නෙ, මගෙ කොමෙන්ට් එක අර ගොන් කතාවට )

    ප. ගෝ.

    ReplyDelete
    Replies
    1. අනේ ඇනෝ,

      පේලි අතර කියවන්න පුරුදු වෙන්න. මේ කියල තියෙන්නේ නිකම් ගහක් ගැන නොවේ. නිකම් ගහක් උඩ දමාගෙන වඳින මෝඩ මිනිසුන් ගැන යි.

      Delete
    2. උබ වගේ ගොන් තඩියෙක්ට සලකන වට වඩා සෙවන සලසන බෝ ගසකට වදින එක හොද දෙයක්. ගොන් තඩියා...

      Delete
    3. ගනන් ගන්න එපා ඇනෝ මේ රටේ ගස් බොහොම හිග‍යිනෙ. ගහක් හොයාගන්න හෙනට අමරුයිනේ. අනික මේ රටේ ඉන්න එවුන්ට ගහක් ‍යට සින්දු කීවෙ නැත්තන් තාලෙ එන්නෑනෙ. ගහක් ‍යට පත්තරෙ බැලුවෙ නැත්තන් අකුරු පේන්නෙත් නෑ

      අනික මේ රටේ තියෙන ලොකුම අපරාදෙනෙ බුද්ධගම අදහන එක. ඒකනෙ මෙච්චර උගත් බුදිමත් ජ නයෝ බනින්නෙ. අපි මෝඩයෝ උන එකට ඒ අය මොනව කරන්නද

      Delete
    4. @Sampath Sri SitinamaluwaAugust, හරියට කියවල බලන්න වඳින (මෝඩ ) මිනිස්සු ගැනද එහෙම නැත්නම් වඳින ගහ ගැනද කියල තියෙන්නෙ කියල. හොඳට කියෙව්වොත් තේරෙයි මිනිහට වඳින බෝ ගහක් යට කය්යක් දාල සින්දුවක් කියා ගන්න බැරිවෙලා දොඩෝනවා කියල. මට ඔයාට සිංහල උගන්න බෑ, ඒත් හිතනවා පොඩි කාලෙ ඉස්කෝලෙ ගිහින් ඇති කියල.


      ප. ගෝ.

      Delete
  2. පැරා
    මේක ලිපියට අදාල නම් නෑ.මට මතකයි චානුක වත්තේගම හරි නාලක ගුනවර්ධන හරි සිංහල බ්ලොග් ගැන රෑන්කින්ග් එකක් කරල ඒකට ඔබේ බ්ලොග් එකත් තිබුන එක ගැන පෝස්ට් එකක් දාල තිබුන .ඒකෙ ලින්ක් එකක් දාන්න පුලුවන්ද?

    ReplyDelete
  3. වෙසක් කූඩු රාජයෝ, තොරණ් රාජයෝ වගේ අප්‍රාණික රජවරු ඉන්න මේ ලෝකේ බෝ සමිඳා හෙවත් දුමිඳා ලා කීප නමක් වැඩ හිටියට මොකද වෙන්නේ?

    ReplyDelete
  4. පැරකුම් ඔබ චම්පිකට සුලු අවියකින් පහර දී තිබේ. ලන්කාවේ සිහිබුද්ධියකින් යුතුව දෙශපාලනය කරන චම්පික ඔබට වඩා ගව් ගනනකින් ඉදිරියෙන් සිටින මිනිසෙකි. මෙහෙම ලියන්නට ගත්තොත් ඉක්මනින් වල් ප​ැලයක් වෙන්නේ ඔබේ බ්ලොගයයි

    ReplyDelete
    Replies
    1. වර්ගවාදය සිහි බුද්ධිය නම්, අපට ඒක නැතිකම ගැන ඇත්තේ ආඩම්බරයකි.

      Delete
    2. ලන්කාවේ සිහිබුද්ධියකින් යුතුව දෙශපාලනය කරන චම්පික ඔබට වඩා ගව් ගනනකින් ඉදිරියෙන් සිටින මිනිසෙකි.
      පැරා මේකෙ වැරැද්දක් කියන්න බැහැ.බස් එකේ ෆුට් බොඩ් එකේ ගිය මිනිහෙක් ලක්ශ සිය ගනනක ඩිස්කවරි වාහනවල යන්නෙ ඒ හින්ද තමයි

      Delete
  5. ඇර ඇර පැරකුම් ඇර​. ගහපන් සිංහල බෞද්ධයන්ට සහෝ බිමට බෑවෙන කම්ම​. උබ සිංහල බෞද්ධයට ගහන හැම දවසකම මාක්ස්වාදී මගේ ආත්මයට මාර කාලකන්නි සහනයක්, සතුටක් ඇතිවෙන්නේ මචන්. පුලුවන් නම් හැමදාම මේවගේ ලිපියක් පලකරපන්. ඕකුන් හින්දා තමයි මාක්ස්වාදී අපිට මේ රටේ සමාජවාදේ පිහිටුවන්ඩ තාම බැරි උනේ. සිංහල කතෝලිකයෝ, දෙමල ජාතිවාදින් දිනුවම අපිට මේ රටේ තැනක් එන්වා සහෝ. එතකන් ඇර ඇර මචන් බිම දාගෙන ගහ පන්, නහයෙන් පිඹ​, පිඹ ගහපන් ඔය සිංහල බෞද්ධ සංස්කෘතියට​. අපේ X කාරයෝත් දැන් මේ වැඩේ හරියට කරන් නෑනේ. උබල කිහිප දෙනයි උන්ගේ රෙදි ගලවන්නේ සහෝ.
    උබට විප්ලවීය උත්තමාචාරය සහෝදරයා....
    මීට උබේ සහෘද​
    මුස්පේන්තු මාක්ස්

    ReplyDelete
  6. බුදුරජානන් වහන්සේට වන්දනා කිරීම සදහා මිනිසුන් පූජා ද්‍රව්‍ය රැගෙන ජේතවනාරාමයට එනවා. එහෙම එනකොට බුදුන්වහන්සේ ජේතවනයා වැඩ නොසිටියොත් ඒ මිනිසුන් බලාපොරොත්තු කඩවීමෙන් ආපසු යනවා. ආනන්ද ස්වාමීන්වහන්සේ මේ බව බුදුන් වහන්සේට දැන්වුවා. ඒ හේතුකරගෙන තමන් වහන්සේ වෙනුවට පුද පූජා ලැබීමට, තමන් වහන්සේට බුද්ධත්වය ලබා ගැනීමට උපකාරීවූ ඇසතු ගස සුදුසු යැයි දේශනා කලා

    බෞද්ධයෝ විදිහට අපි ඇසතු බෝධියට පුද පූජා කරන්නෙ ඒ ගෞතම බුදුරජානන් වහන්සේට කරන පුද පූජවක් ලෙස සලකලයි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා