මිනිසකු ලවා හරකකුගේ පුක ඉම්බවන උඩුගම පොලිසිය

වාරිස් ඩයිරි
මිනිස්සු පරිණාමයේ මුල සිට ම සතුන් දඩයම් කරගෙන මස් කෑහ. එය මිනිස් සමාජයේ සාමාන්‍ය ලක්ෂණයකි.

මස් කෑමට අකැමැති,  අහිංසාවාදී මිනිස්සු ද සමාජයේ සිටිති. 

මස් කෑම හා සම්බන්ධ විවිධ සංස්කෘතික ලක්ෂණ තිබේ. එක් සමාජයක ආහාරයට ගන්නා මසක් තවත් සමාජයක් විසින් පිළිකෙව් කරන අවස්ථා ඕනෑ තරම් තිබේ.

සෝමාලියානු මෝස්තර නිරූපිකාවක් හා ස්ත්‍රී ලිංගේන්ද්‍රිය විකෘති කිරීමේ ගෝත්‍රික චාරිත්‍රයට එරෙහි සමාජ ක්‍රියාකාරිකාවක් වූ වාරිස් ඩයිරි විසින් ලියන ලද කාන්තාරයේ කුසුම නම් වූ ඇගේ ජීවිත කතාවේ එක් තැනක ඇති සිද්ධියක් සිහිපත් වේ. වාරිස් සමග ඇගේ ඥාතීන් හමු වන්නට යන මාධ්‍ය කණ්ඩායමක් ඉදිරියේ සුරතල් කරනු ලබන එළු පැටවකු පසුව මරා උගේ මස් ‍භෝජනය පිණිස පිළිගන්වනු ලැබේ. මාධ්‍යකරුවන් පිරිස එය බුදීමට දක්වන අකැමැත්ත වාරිස්ගේ ඥාති ගෝත්‍රික ජනයාට තේරුම් ගත නො හැකි ය. 

බිලි පූජා පැවැත්වීම ද ඇතැම් ආගම්වල සංස්කෘතික අංගයකි. එහෙත්, නූතන සමාජය විසින් අගය කරනු ලබන ශිෂ්ටත්ව සංකල්ප තුළ එවැනි දේ පිටුදකින බැවින් ඒවා වැළැක්විය යුතු බව මගේ ද අදහසයි. අභියාචනාධිකරණය මේ පිළිබඳ වැදගත් වන නඩු තීන්දුවක් දී තිබේ. ඒ අනුව බිලි පුද පිණිස සතුන් මැරිය නො හැකි අතර, බලපත්‍රයක් ඇතිව මස් පිණිස සතුන් මැරීමට පුළුවන.

මස් මඩුවල වැඩ කරන ශ්‍රමිකයන් විසින් කරනු ලබන්නේ ද සමාජයට අත්‍යවශ්‍ය සේවාවකි. මස් කන මිනිසුන්ට අවශ්‍ය රස මස් සැපයීම වෙනුවෙන් පිළිකුල් සහගත කටයුතු කරන්නේ ඔවුන් විසින් බව අප අමතක නො කළ යුතු ය. ඔවුන් දෙස පිළිකුළෙන් බැලීම ‍අරුත් සුන් දෙයකි. ඔවුන් මස් සපයන්නේ ඒවා කන මිනිසුන් සිටින නිසා ය. අවසානයේදී එය ද රැකියාවකි.

පසුගිය දිනෙක උඩුගම පොලිසියට අල්ලාගෙන ආ මස් පිණිස හරකුන් දෙදෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි මිනිසකුට උණ බම්බුවලින් පහර දෙන ආකාරය හා ඔහු ලවා හරකකුගේ පුක ඉම්බවන ආකාරය මෙම වීඩියෝ‍වේ දක්නට ලැබේ. 

ඒ මිනිසා හරකුන් ප්‍රවාහනය කරන ආකාරය වැරදි බව ඇත්තකි. එහෙත්, රස්තියාදුකාරයන් රැළකට පොලිසිය සමග එකතු වී, පොලිසිය තුළදීම මිනිසකුට පහර දී හරකකුගේ පුක ඉම්‍බවන්නට තිබෙන අයිතිය කුමක්ද?

‍මේ මානව හිමිකම් උල්ලංඝනයන් වීඩියෝ කර ප්‍රසිද්ධ කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

යමෙකු සත්ව අයිතිවාසිකම් උල්ලංඝනය කළ පළියට මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට පොලිසියට හෝ වෙනත් පුද්ගලයන්ට අයිතියක් නිර්මානය වන්නේ නැත. මෙතැන සිටින අපරාධකරු හා සුචරිතවාදීන් යන දෙකොටස ම වරදිකරුවෝ ය. 

ලංකාව නීතිය හා සාමය ගැන අමාත්‍යාංශයක් ද ඇති රටකි.

තවත් විස්තර මෙතැන




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. පළමු කොටස

    හරක්මස් වාදය-

    පහත දැක්වෙන්නේ වික්ටර් අයිවන් මහතාගේ ලිපියකි. මා මස් මාංශ ආහාරයට ගන්නේ නැති නමුදු පහත අදහස් වලට එකග වෙමි. (මා මස් මාංශ ආහාරයට ගන්නේ නැත්තේ ආගම් වලින් කියා ඇති නිසා නොව, මගේ ශරීරයේ බර වැඩි නිසාය. මස් වල ඇති තෙල්අධික බව නිසා තවත් ස්ථුල වීමට ඇති නිසා මා මස් වර්ග ආහාරයට ගන්නේ නැත.)

    .......

    ඕනෑම සත්ව පාලනයකදී මස් ප‍්‍රයෝජනයට නොගන්නේ නම් එම සත්ව පාලනය ආර්ථික වශයෙන් ඵලදායී විය නොහැකිය. එය පිළිගත් රීතියකි. මස් පිණිස නොගෙන බිත්තර සඳහා පමණක් කුකුළන් ඇති කිරීම ආර්ථික වශයෙන් ඵලදායීවන්නේ නැත. මස් ප‍්‍රයෝජනයට නොගෙන කිරි සඳහා පමණක් හරකුන් ඇති කිරීමද ආර්ථික වශයෙන් ඵලදායීවන්නේ නැත.

    රට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමට අවශ්‍ය නම් දිනකට ලීටර් 20ත් 25ත් අතර ප‍්‍රමාණයකින් කිරි ලබාගත හැකි හොඳ වර්ගවල හරකුන්ගෙන් සමන්විත කිරිපට්ටි පාලනයකට රට යොමු කළ යුතුය. එක යායට පුරන් වී තිබෙන කුඹුරුවල ප‍්‍රමාණය සැලකිල්ලට ගත්විට ඒවා හරකුන්ට තණ නිපදවන තණ පිට්ටනි බවට පත්කළ හැකි නම් ඒවාද ආර්ථික වශයෙන් ඵලදායී ඉඩම් බවට හැරවිය හැකිය. එහෙත් දියුණු හරකුන්ගෙන් යුත් ගවපට්ටි පාලනයකට මිනිසුන් මුදල් ආයෝජනය කරනු ඇත්තේ කරනු ලබන ආයෝජනයන්ට සරිලන ලාභයක් උපයාගත හැකි නම් පමණය.

    උසස් වර්ගයේ හරකුන් 100කගෙන් යුතු ගවපට්ටියක් කිසියම් කෙනකු ආරම්භ කළායැ’යි උපකල්පනය කරමු. හොඳ වර්ගයේ එක හරකකු සඳහා ඔහුට රුපියල් ලක්ෂයත් දෙකත් අතර මුදලක් වැය කරන්නට සිදුවේ. හරකුන්ගේ වයස අවුරුදු තුනේදී උන්ට පැටව් ලැබී කිරි ලබාගත හැකි තත්ත්වයක් ඇතිවේ.
    එහෙත් එම හරකුන්ගෙන් ඔහුට කිරි ලබාගත හැක්කේ අවුරුදු හතක් තරම් කාලයක් පමණය. ඉන්පසු උහු කිරි ලබාගත නොහැකි, අඩුවෙන් කිරි ලබාදෙන ආර්ථික වශයෙන් ඵලදායී නොවන දෙනුන් බවට පත්වෙති. ඉන්පසු ඒ හරක් 100ට ඔහු කරන්නේ කුමක්ද? ඔවුන් මැරෙන තෙක් නඩත්තු කළ යුතුද?

    එසේ කළහොත් ඔහුගේ ගවපට්ටි පාලනයම අලාභදායී දෙයක් බවට පත්වන්නේය. හරකකුගේ ජීව බර කිලෝ 500ක් ලෙස සලකතොත් මස් පිණිස ජීවබරට දීමෙන් එක හරකකුගෙන් රුපියල් 75,000ක් පමණ උපයා ගත හැකිය. එවිට සිය දෙනාගෙන් උපයාගත හැකි ආදායම රුපියල් ලක්ෂ 75කි. එම ලක්ෂ 75 ආදායමක් බවට හරවා නොගෙන ඔහුගේ කිරි පට්ටි කර්මාන්තය ලාභදායී තත්ත්වයක තබාගත හැක්කේ කෙසේද? ඔහුට තම කර්මාන්තය ලාභදායී තත්ත්වයක තබාගැනීම අවශ්‍ය නම් එම හරක් 100 විකිණිය යුතුමය.

    රටේ ලාභදායී කිරිපට්ටි කර්මාන්තයක් පවත්වාගෙන යෑමට හැකිවනු ඇත්තේ කිරි ලබාගත නොහැකි හා ප‍්‍රමාණවත් තරමකින් කිරි ලබාගත නොහැකි දෙනුන් මස් පිණිස විකිණීමට පුළුවන්කමක් ඇත්නම් පමණය. එවැනි හරකුන්ට ඉල්ලූමක් තිබිය හැක්කේ රටේ හරක් මස් කර්මාන්තයක් තිබේ නම් පමණය. ඉන්දියාවේ හරක් මස් නොකන හින්දුන්ට ලාභදායී කිරිපට්ටි කර්මාන්තයක් පවත්වාගෙන යෑමට හැකිවී තිබෙන හරක් මස් කන මුස්ලිම් ජනතාවක් රටේ සිටීම නිසාය. මසට හරක් මැරීම තහනම් කිරීමකින් විය හැක්කේ රටේ මුළු කිරිපට්ටි කර්මාන්තයම නැතිභංග කිරීමය

    ReplyDelete
  2. දෙවන කොටස

    ගවපට්ටි පාලනය ගැන කතා කිරීම මොහොතකට පසුවට තබා අපට මෙම සාකච්ඡුාව කුකුළු පාලනයෙන් ආරම්භකළ හැකිය. කුකුළන්ගෙන් සාකච්ඡුාව ආරම්භ කිරීම වැදගත්වන්නේ භේදයකින් තොරව සියලූ ජනවර්ගද, සියලූ ආගම්වලට අයත් අයද අන් සියල්ලන්ටත් වඩා සියලූ ආගම්වලට අයත් පැවිද්දන්ද කුකුළු මස්ද, බිත්තරද ආහාරයට ගන්නා නිසාය. අනෙක් අතට පැවිද්දන් හැර සියලූ ආගම්වලට අයත් ජනයා කුකුළු පාලනයේ යෙදෙන නිසාය. කුකුළාද පණ ඇති ජීවියෙකි. කුකුළන් මරන ආකාරයද ලස්සන නැත. බෙල්ල කැපූ පසුද මැරෙන තෙක් කරන උගේ දැඟලිල්ල දකින කෙනකු තුළ මහත් සංවේගයක් ඇතිවිය හැකිය. කුකුළන් මරන ස්ථානවල වටාපිටාවද ඒ ස්ථාන පිරිසිදු කරන තෙක් අවලස්සනය.

    ඒ සියල්ල එසේ තිබියදීත් බෞද්ධයන්ද ඇතුළු ලංකාවේ සියලූ ආගම් අදහන්නෝ කුකුළු මස් ආහාරයට ගන්නෝය. සියලූ ආගම්වලට අයත් පූජකයෝද කුකුල් මස් ආහාරයට ගන්නෝය. වෙනත් කිසිම මසක් සේ ම කුකුළු මස්ද නොකන අය සිටිය හැකිමුත් ඔවුන්ගේ සංඛ්‍යාව විශාල නැත. අද ගම්බද අධිශීතකරණ යන්ත‍්‍ර ඇති පුංචි කඩවල පවා කුකුළු මස් විකුණන්නේය. කුකුළු බිත්තරද ලංකාවේ ජනප‍්‍රිය ආහාරයකි. බිත්තර හිඟ කාලවලදී අසහනයක් ඇතිවීම වළකනු පිණිස ආණ්ඩුව පිටරටවලින්ද බිත්තර ආනයනය කරන්නෙහිය.

    කුකුළු පාලනය සිය ආර්ථික මාර්ගය කොටගත් විශාල ජනතාවක් රටේ සිටින්නේය. ඔවුන්ට එසේ කිරීමට හැකිවී තිබෙන්නේ කුකුළු මස් හා බිත්තර කන ජනතාවක් රටේ සිටින නිසාය. කුකුළන් මැරීම තහනම් කළහොත් හෝ කුකුළු මස් හා බිත්තර කෑමෙන් මේ රටේ ජනතාව වැළකී සිටින තැනකට ගියහොත් රටේ කුකුළු පාලනය තේරුමක් නැති ඵලරහිත දෙයක් බවට පත්වන්නේය.

    ප්‍රෝටීන් ආහාර ගැන කතා කරනවිට පෝෂණ විද්‍යාවේ හා වෛද්‍ය විද්‍යාවේ ‘‘සම්පූර්ණ ප්‍රෝටීන්’’ ලෙස සැලකෙන්නේ එම ඇමයිනෝ දහයම ඇතුළත් ආහාර වර්ගය. එම ඇමයිනෝ අම්ල දහයම ඇතුළත්වන්නේ සත්ව ප්‍රෝටීන්වල පමණය. ශාක ප්‍රෝටීන්වල ඇත්තේ මිනිසාට අවශ්‍ය ඇමයිනෝ අම්ල වර්ග දහයෙන් එකක් හෝ කිහිපයක් පමණය. පෝෂණ විද්‍යාවේ හා වෛද්‍ය විද්‍යාවේ ශාක ගණයට වැටෙන ප්‍රෝටීන් ‘‘අසම්පූර්ණ ප්‍රෝටීන්’’ ලෙස හඳුන්වන්නේ ඒ නිසාය. අපේ ශරීරවල බරෙන් ජලය හැරුණු විට ඊළඟ ලොකුම පංගුව සමන්විත වන්නේ ප්‍රෝටීන්වලිනි. ඊට පේශි, අස්ථි, සන්ධි, ඉන්ද්‍රියයන්, ග‍්‍රන්ථි, නියපොතු හා රෝම ඇතුළත්ය. ශරීරයේ ඇති ද්‍රවවලද ප්‍රෝටීන් ඇතුළත්ය. ශරීරය, සෞඛ්‍ය සම්පන්නව හා නිසි ක‍්‍රියාකාරීත්වයක තබාගැනීම සඳහා ඉහත කී ඇමයිනෝ අම්ල දහයට ඇතුළත් සම්පූර්ණ ප්‍රෝටීන් ආහාර ආහාරයට ගැනීම අත්‍යවශ්‍යය. එළවළු ආහාරද වැදගත්ය. එහෙත් ශාක ප්‍රෝටීන් ආහාරවලට පමණක් එම අවශ්‍යතාව සම්පූර්ණ කළ නොහැකිය. නිර්මාංශ ආහාර ප‍්‍රතිපත්තියක තිබෙන අවුල ඇත්තේ එතැනය.

    ReplyDelete
    Replies
    1. තෙවන කොටස

      ආගම් මිනිසුන්ට වැදගත්ය. අපේ ශරීරවලට අදාළ ප‍්‍රශ්නවලදී වැදගත්වන්නේ ආගමික උපදෙස් නොව වෛද්‍ය උපදෙස්ය. සිංහල වර්ගයාට මස් මාළු කෑමෙන් වැළකී නිර්මාංශ අනුභව කරන ලෙසට දේශනා කරන්නන්ගෙන් වැඩිදෙනෙකු අන්ත සිංහලවාදීන් ලෙස සැලකිය හැකිය. එහෙත් ඔවුන් දැන හෝ නොදැන තමන් ආදරේ කරන වර්ගයා තල්ලූ කරන්නේ ක්ෂේම භූමියකට නොව මහා අගාධයකටය. ඉන් සිදුවිය හැක්කේ රෝගී ජාතියක් ඇතිවීමය.

      දැන් අපට මුස්ලිම් ප‍්‍රශ්නයේ තරම සොයා බැලිය හැකිය. ලෝක දෙමළ ජනගහනය මිලියන 79ක් වන විට ලෝක මුස්ලිම් ජනගහනය මිලියන 1619කි. ලෝක මුස්ලිම් ජනගහනයේ ප‍්‍රමාණය ලෝක දෙමළ ජනගහනයේ ප‍්‍රමාණයෙන් විසිගුණයකටත් වඩා විශාලය. දෙමළ ජනයා ලෝක ජනගහනයෙන් සියයට 1.14ක් වනවිට මුස්ලිම් ජනයා ලෝක ජනගහනයෙන් සියයට 23කි. ක‍්‍රිස්තියානි ගණයට වැටෙන ආගම් අදහන ජනයා (ඔවුහු ලෝක ජනගහනයෙන් සියයට 31කි.) හැරුණු විට ලෝකයේ වැඩිම ජනගහනයක් අදහන ආගම ලෙස සැලකිය හැක්කේ මුස්ලිම් ආගමය.

      මුස්ලිම් බහුතරයක් සිටින රටවල් සංඛ්‍යාව 49කි. රටේ ජනගහනයෙන් සියයට 80කට වැඩි මුස්ලිම් ජනයා සිටින රටවල් සංඛ්‍යාව 38කි. ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනයක් ජීවත්වන්නේ අරාබි හෝ මැදපෙරදිග රටවල නොව අප ජීවත් වන කලාපය ලෙස සැලකිය හැකි දකුණු හා අග්නිදිග ආසියාවේය. එම කලාපයේ පමණක් ජීවත් වන මුස්ලිම් ජනයාගේ සංඛ්‍යාව බිලියනයකටත් වඩා වැඩිය. ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනය සිටින රටවන්නේ ඉන්දුනීසියාවය. එහි වෙසෙන මුස්ලිම් ජනගහනයේ ප‍්‍රමාණය මිලියන 204කි. ඊළඟට වැඩිම මුස්ලිම් ජනගහනයක් ජීවත්වන්නේ අපේ අසල්වැසි රටක් වන පාකිස්තානයේය. එය ගණනින් මිලියන 178කි. ඊළඟ ලොකුම මුස්ලිම් ජනගහනයක් ජීවත්වන රට වන්නේ අපේ ළඟම අසල්වැසියා වන ඉන්දියාවේය. එය ගණනින් මිලියන 177කි. ඊළඟට වැඩිම මුස්ලිම් ජනගහනයක් ජීවත්වන්නේ අපේ තවත් ළඟ අසල්වැසි රටක් ලෙස සැලකිය හැකි බංගලිදේශයේය. එහි ජීවත් වන ගණන මිලියන 148කි.

      අපට (සිංහලයන්ට) වඩා ප‍්‍රමාණයෙන් තරමක් ලොකු වුවද මුස්ලිම් ලෝක ප‍්‍රජාවගේ ප‍්‍රමාණය සමග සසඳා බලන විට දෙමළ ලෝක ප‍්‍රජාවගේ ප‍්‍රමාණය හුඟාක් පුංචිය. එසේ තිබියදීත් දෙමළ ප‍්‍රජාව සමග අවුලක් ඇති කරගැනීමෙන් අපට සිදුවූ හානිය හා ගෙවන්නට සිදුවූ වන්දිය දැවැන්තය. අප එම අත්දැකීමෙන් නිසි පාඩම් ඉගෙන නොගෙන ලෝක මට්ටමෙන් දෙමළ ප‍්‍රජාව මෙන් විසි ගුණයකට වඩා විශාල මුස්ලිම් ප‍්‍රජාව සමගද අවුලක් ඇතිකර ගන්නට යන්නේ නම් අපට ඒ වෙනුවෙන් ගෙවන්නට සිදුවන වන්දිය වඩා දැවැන්ත වනු නොවැළැක්විය හැකිය. විනාශයක් ඇති කිරීම පහසුය. ඒ සඳහා අවශ්‍ය වන්නේ ප‍්‍රඥාව නොව ආවේගයන්ය.

      Delete
    2. ප.ලි - ඉහත ලිපිය සැහෙන තරමේ දිගකින් යුක්ත වුවත්, එහි මතුකරන අදහස් වලඇති වැදගත් මක නිසා මෙතන බෙදා හදා ගැනීමට කල්පනා කෙළෙමි.

      ............

      එසේම මෙය නම් මිට කලින් පැරකුම් දැමු ලිපියට අදාල වේ. එනම් පැරකුම් සහෝදරයා සමලිංගික සේවනය අනුමත කරන බව පෙනේ.
      මට දැනගැනීමට අවශ්‍ය පැරකුම් සහෝදරයාගේ දරුවා සමලිංගිකයෙක් ලෙස හැසිරුණුහොත් ඒ අවස්ථාවලදීත් පරකුම්ට මෙලෙස කටයුතු කල හැකිද?

      ඔබගේ දියණිය කවදා හෝ ඇයගේ සමලිංගික සහකාරිය සමග ජිවත් වීමට පටන් ගතහොත් ඔවුන්ව අනුමත කිරීමට ඔබට හැකිද?

      Delete
    3. වැඩිහිටියකුගේ ලිංගික අයිතිවාසිකම් ස්වාධීන ය. අනුල්ලංඝනීය ය. එහිදී අදාළ වන්නේ සහකරුගේ හෝ සහකාරියගේ හෝ අනුමැතිය පමණි.

      Delete
    4. ඇනෝනිමස්,
      වික්ටර් අයිවන්ගෙ තර්කය හරි. මස් වලට නොවිකුණා හරක් හදන්න බැහැ ප්‍රායෝගිකව ලංකාවෙ. ඔය කියන ලිපියේ සබැඳියක් මම දැම්ම සිංහල රාවය සංවිධානයට "අපේ අය" කියල හඳුන්වන බ්ලොග් අඩවියක. එයාලට හරියට කේන්ති ගියා ඒකට. සංඛ්‍යාලේඛණ සහිතව දක්වල තියන කරුණු බොරු කියල ඔප්පු කරගන්න බැරි ඒ නොදරුවො ඔහේ ප්‍රලාප කියවනව.

      Delete
    5. ඔය ඇනෝ ඔය සමලිංගික දරුවෙකු ගැන ඔය හයිපෝතිටිකල් ප්‍රශ්නයම මගෙනුත් අද අසා තිබුණා.

      මා කිව්වේ ඔහු හෝ ඇය අසන්නේ වැරදි ප්‍රශ්නය කියායි.

      අපට අපෙන් පරිබාහිරව ප්‍රශ්නයක් දෙස බලන්න බැරි හැටි!

      Delete
    6. ""ඔබගේ දියණිය කවදා හෝ ඇයගේ සමලිංගික සහකාරිය සමග ජිවත් වීමට පටන් ගතහොත් ඔවුන්ව අනුමත කිරීමට ඔබට හැකිද?""

      මටනම් හැකියි.

      Delete
    7. මාලන් ලෝල්ලෝ,

      කවුද මිනිහෝ උබෙන් ඇහුවේ? නිකං පුක නොදී පල.

      Delete
    8. PUKA KIWWOTH KATHANDARA KARAYA KOI LOKE INDALA HARI DUWAGENA ENAWA. MINIHATA PUKA HARI CHOON.

      Delete
  3. පැරා
    පිල්ලේ නෝනත් ඇවිල්ල ඉන්න වෙලාවෙ ඔය වීඩියෝව දාල තියෙන්නෙ කුමන්ත්‍රණයකට වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. MEKA KUMANTHRANAYAK NONEI NE, "SATHTHIYAYE SATAHANA BUDDHIYE VIMASUMATA"

      Delete
  4. නොදකින් පවුකාර හැත්ත..!

    ඔන්න නයා මෙන්න පොල්ල මම දස සිල් කියලා කිව්වේ අපේ ගමේ සොපියා ආච්චි.

    මමනම් මරන්නේ නෑ, මම ඔය පවු වැඩ වලට කිසි සම්බන්ධයකුත් නැ, ඒත් කටට රසට හොන්ද මිරිසට හදපු බීෆ් කරි එකක් හරි, චිකන් ඩෙවල් එකක් හරි එක්ක බත් පිඟනක් ගිල දාන්නනම් මට පුළුවන්.

    ReplyDelete
  5. අජිත් පැරකුම් ජයසිංහ නං කොලු සීන් වලට පුරුදු උනේ කෑම්ප් එකේ හිටපු කාලේ.
    එතකොට කකා? අර පස්තාච්චි අදින කාලේද? තට්ටයෝ කොහොමත් කොලුසීන් වලට බරයි. සාදුලත් එහෙමනි.

    ReplyDelete
  6. වැරදි කරුවන්ගේ පවා අයිතිවාසිකම් සුරැකීම යහපත් සමාජයක ලක්ෂණයකි. නමුත් මට නොතේරෙන්නේ, ශිරාණි බණ්ඩාරනායක හෝ ෆොන්ටෙරා සමාගමේ සේවකයන් දෙස, පැරා ඒ ආකාරයෙන් නොබලන්නේ මන්දැයි කියාය.

    ReplyDelete
  7. ශිරානි බංඩාරනායක ගැන අපි පැහැදිලිව ම කියා තිබෙනවා ඇයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බව. එසේම ඇයට එරෙහි ‍දෝෂාභියෝග ක්‍රියාමාර්ගය ගැන අපි විරෝධය පළ කර තිබෙනවා.

    හැබැයි, ආණ්ඩුවේ ලොකු හොරුන්ට එදිරිව ‍පොඩි හෙරක් ඉදිරියට ගෙන එන්න උවමනාවක් අපට තිබුණේ නැහැ.

    ෆොන්ටෙරා සමාගමේ සේවකයන්ට ගහපු හෙණයක් නැහැ. ෆොන්ටෙරා ලංකාව දාලා යන්නේ නැති බව කලින් ම කිව්වා මතක ද? හෙට අනිද්දා ඉඳලා බලන්න ආපහු ප්‍රචාරය පටන් ගන්න හැටි ඒගොල්ලන්ගේ කිරිවල දස මහ රෝගවලට බෙහෙතුත් තියනවා කියමින්.

    ReplyDelete
    Replies
    1. හොරුන්ට එරෙහිව හෙර සංකල්පයනම් වැඩක් නෑ තමා

      Delete
  8. අනේ ඒ සිද්දිය වුනේ අජිත් පැරකුම් වගේ බඩගෝස්තර වාදියෙක්ට නම් මම හරී ආසයි..

    හැබැයි දැන් නැහැ කිය කිය අජියා කරන්නෙත් ඒකමයි.. පුරුද්දනේ..

    ReplyDelete
    Replies
    1. මොන සිද්ධිය ද මෙයා?

      Delete
    2. හරකුන්ගේ පුක ඉබීම අජියාගේ රස්සාව නොවෑ. ඒකට තමා තලා ගෙහුං තීන්නෙ..

      Delete
    3. මේ වගේ කොමෙන්ට් දාන සෙට් තමා අර වටවෙලා බලාගෙන ඉන්නේ. මේ අය ලිපි කියවන නෙමේ බලන අය.
      ඉන්දික

      Delete
    4. //////////
      Anonymous August 30, 2013 at 2:04 PM
      මේ වගේ කොමෙන්ට් දාන සෙට් තමා අර වටවෙලා බලාගෙන ඉන්නේ. මේ අය ලිපි කියවන නෙමේ බලන අය.
      ඉන්දික
      /////////

      ඉන්දික ඔබලා ලිපි කියනව එවුන්වත්, බලන එවුන්වත් නොවේ..
      නැත්තං, ඇනෝ අන්තිමට ඉන්දික වෙන්නෙ කොහොමද?

      ෂුවර් ඔයා නම්,
      බත් ගොට්ටෙක්..
      බත් බැලයෙක්..
      නැත්තං රුපියලට දෙකට කොමෙන්ට් දාන කෙනෙක්,
      ඒත් නැතිංන අජියාට කඩේ යන අජියාගෙ සමලිංගික සහකාරයෙක්.

      හි හි...

      Delete
    5. මට උඹ වගේ එවුන් හෙන අප්පිරියයි, බං.
      ඉන්දික

      Delete
  9. Dhuppath aya thamai me vage paw vada karanne. Mama nam dhuppath ayata keeyatavath kamathi naha. Harakunta mavage deval karapu kattiyata hoda daduvamak denna one.Egollanta vitharak namai..mulu pavulatama denna ona.Duppath ayava lankave thiyanna vatinna naha.

    ReplyDelete
  10. නිර්මාංශ ව්‍යාපාරයෙන් රෝගී මන්ද පෝෂණය රජ කරන සමාජයක් බිහිවන අතර එහි ප්‍රථිඵලයක් ලෙස අන්‍ය ජාතික හෝ ආගමික ආක්‍රමණයන් ඇත්තටම සිදුවීමටද ඉඩ ඇත.මස් මාළු නොකෑම නිසා රෝගී වී ළමයි හා වැඩිහිටියෝ මට හමු වී ඇත.ඇඟට පණ නෑ කියා බේත් ගන්නට යන ඕනෑම කෙනෙකුගෙන් දොස්තරලා අසන්නේ මස් මාළු කන්නෙ නෑ නේද කියාය.

    ReplyDelete
    Replies
    1. නොදන්නකමටයි අහන්නේ, ශාක භක්ෂක සතුන් බොහොමයක් ශක්තිවන්තයින් නේද?

      Delete
    2. ශක්තිවන්ත වුණාට මෝඩයි නේ? ලොකු මීහරක්ව පොඩි කොටි මරාගෙන කන්නෙ.

      Delete
    3. ශාක භක්ෂක සතුන් ශක්තිවන්තයන් වී ඇත්තේ ජාන වල බලපෑමෙනි.අලියා හා කුළුමීමා උදාහරණ වේ.එහෙත් ශරීරය පවත්වාගෙන යාමට සත්ව ප්‍රෝටීන් අවශ්‍ය වේ.මම නම් දැන් chickenerian කෙනෙක්මි.මේ ඉංග්‍රීසි වචනය මගේය.එහෙත් සතුන් මැරීමට එම වෘත්තිකයන්ට ඇති අයිතිය වෙනුවෙන් මම පෙනී සිටිමි.ඒ අන්‍ය මත ඉවසීමේ පදනමිනි.කැලේ කොටියාට ඇති සතුන් මරා ගැනීමේ අයිතිය අන්‍යාගමිකයාටද තිබිය යුතුය.

      Delete
  11. අද සිද්ධ වෙන නීතිය රකින කඩන බොහෝමයක් තැන් වල කිවා වගේම වැරදිකරුත් , සුචරිතවාදියාත් දෙදෙනාම වැරදි බව නම් පේනවා..

    ReplyDelete
  12. @ඔවුන් දෙස පිළිකුළෙන් බැලීම ‍අරුත් සුන් දෙයකි. ඔවුන් මස් සපයන්නේ ඒවා කන මිනිසුන් සිටින නිසා ය. අවසානයේදී එය ද රැකියාවකි.

    "මස්" යන්නට "හෙරොයින්" ආදේශ කොට වාක්‍යය කියවා බලන්න.

    ReplyDelete
    Replies
    1. වචන ආදේශ කිරීමේදී බුද්ධියත් පාවිච්චි කළ යුතුයි.

      මස් කියන්නේ ආහාරයක්. හෙරොයින් කියන්නේ අන්තරායකර ඖෂධයක්.

      Delete
    2. අවසානයට (නීතියට, සදාචාරයට, ධර්මයට විරුද්ධ වුනත්) අරකත් රැකියාවක්.මේකත් රැකියාවක්.

      Delete
    3. රැකියාවක් කියන්නේ මිනිසුන් ජීවත් වීම සඳහා කරන සමාජය විසින් තමන්ට අවශ්‍ය යයි සලකනු ලබන ක්‍රියාවක්. සාමාන්‍යයෙන් සමාජ විරෝධී ක්‍රියා රැකියා ලෙස සැලකෙන්නේ නැහැ.

      මෙහිදී මේ සමාජ විරෝධීභාවය මිනිසුන් සිතන මතන ආකාරයට සාපේක්ෂයි. ගණිකා වෘත්තිය ඇතැමෙක් සමාජ විරෝධී ක්‍රියාවක් ලෙස සැලකුවත්, ඒ පිළිබඳ වෙනස් සිතීමකුත් සමාජයේ තිබෙනවා. ඒත්, කුලියට මිනී මැරීම වැනි දේ සමාජ විරෝධී ය කියා පොදුවේ කවුරුත් පිළි ගන්නවා.

      අන්තරායකර ඖෂධ විකිණීම මම නම් සලකන්නේ සමාජ විරෝධී ක්‍රියාවක් ලෙසයි. ඔබ එය රැකියාවක් ලෙස සලකනවා නම් මට ප්‍රශ්නයක් නැහැ. එය ඔබේ නිදහස.

      Delete
    4. මා එය රැකියාවක් ලෙස සලකන බවක් මා කීවේ නෑ.
      නමුත් ඔබේ ලිපිය අනුව යමින්, ත්‍රිරෝද රථයක ගවයන් ගෙන ගොස් මරා අලෙවි කරන්නා “මේක මගේ රස්සාව“ යයි කියන පරිදි
      හෙරොයින් ජාවාරම්කරු ද “මේක මගේ රස්සාව“ යයි කියන්නට ඉඩ නැත්ද?
      මස් වෙළෙන්දා මස් මරන්නේ ඔහුට පාරිභෝගිකයන් සිටින නිසා.(මේ ලිපයේ ඔබමයි කියන්නේ).හෙරොයින් ජාවාරම්කරුටත් (වංචාවෙන් හදාගත් විය හැකි)ඔහුගේ පාරිභෝගික පිරිසක් සිටිනවා.

      Delete
    5. Ow Ithin umbata pukada..... Heroin gahana eka umbata puka ridenawada...... Uma gahannethuwa hitapanko...........Api gahanawa.....

      Delete
    6. පැරාත් ජයශ්‍රීත් අතරට මම මැදිවෙනවා.මම පැරා සිතන විදියට කැමතියි.ගණිකා වෘත්තියේ යෙදෙන අයට ඒකෙන් අනෙක් අයට කරදරයක් නැත්නම් ඉඩ තිබිය යුතුයි.සමලිංගිකයන්ට හා ස්ත්‍රීවාදීන්ටත් එසේයි.හැබැයි තම මතය බලෙන් හා ව්‍යාපෘති ලෙස පැටවීම නම් අනුමත කරන්න බෑ.නිතරම අනෙකාගේ මතයට ගරු කරන්න ඉගෙන ගන්න ඕන.මම මත්පැන් කට හරියෙ නොතබන කෙනෙක්.හැබැයි අනෙක් අයට බොන්න් තිබෙන අයිතියට මම ගරු කරනවා.අරක්කු සිගරට් බොන්නෙ මෝඩයො කියල මම කියන්නෙ නෑ.ඇත්තෙන්ම ඒකෙ ආතල් එකක් තිබෙනවා.මට ඒ ආතල් එක අනවශ්‍ය නිසයි මම ඒක නොකරන්නේ.අසල්වැසි මුස්ලිවරයාට හරක් මරන්න ඇති අයිතියට ගරු කරන තාක්,හින්දුවාට දේවාලෙ එළුවො කපන්න තිබෙන යිතිය පිළිනොගන්නතාක්,අල්ලපු වැටේ කතෝලිකයාට ඌරෙක් මරන්න තිබෙන අයිතිය පිළි ගන්න තාක් මට හොද බෞද්ධයෙක් වෙන්න බෑ.

      මේ කිසිම කෙනෙක් කුඩු වලට විරුද්ධ නෑ.පුදුම වැඩේ කියන්නෙ මේ ලගදි මුස්ලිම් කට්ටියක් කුඩු ගෙනාව ඒක ගැනවත් කතාවක් නෑ.රටේ ලොකුම ප්‍රශ්නෙ හරක් මැරීමද ?

      ඔළුවෙ ඉන්න හරක් බිම නොතබන තාක් කාටවත් නියම බෞද්ධයෙක් වෙන්න බෑ.අල්ලපු වැටේ චුන්දගෙ ඌරො මැරීම බුදුන් වහන්සේ නැවැත්තුවේ නෑ.

      ගව ඝාතන විරෝධය සඳහා මුළු ජීවිතයම කැප කරන අයගේ ඊලඟ භවයේ ගවයෙක් වෙලයි උපදින්නේ.මොකද ගාව් සඥාව නිසා.මම ඒ කිව්වේ බුදු දහමට අනුවයි.

      Delete
  13. වික්ටර් අයිවන්ගේ කතාව ගැමි දිවිය ගැන නොදත් නාගරික ඉන්ටර්නෙට් දරුවන්ටනම් මහා සත්‍යයකි. ඔවුන් දන්නා ඉලව්වක් නැත. ලංකාවේ කිරි කර්මාන්තය දියුණු වීමට පිටරටින් ලක්ෂ ගණන් ගෙවා හරක් ලබා ගත යුතු නැත. රටේ ඕනෑවටත් වඩා හරක් සිටිති. උන් නිවැරදි ආකාරයෙන් කිරි නිෂ්පාදනයට යොදා නොගැනීමයි මෙතැන ඇති වරද. අනික දේශීය හරකෙක්ගෙන් කිරි ලබාගැනීමේ හැකියාව වසර හයකින් නවතින්නේ නැත. අපේ ගෙදර වැස්සිය වසරක් පාසා පැටවුන් බිහිකර වසර 15ක් තිස්සේ තවමත් කිරි ලබාදෙයි. අප සිතිය යුත්තේ පිටරට ක්‍රමයට නොව දේශීය ක්‍රමයටයි. හරක් ගැන නොදත් හරකුන් කිරි ගැන කියන කතා අසන විට අන්දරේගේ විහිළු සිහිවෙයි.

    ReplyDelete
    Replies
    1. Pattayi, sathyayi..

      Delete
    2. Ane gon wasso..... Thope gedara wessita kiyapan ekige pataw ratatama denda kiyala. Booru katha kiyaa epa. Ambewela gihin balapan kiri bisuness eka kiyanne kochchara amaru adu production ekak thiyana wedakda kiyala.... Moda BODU BALA SENA katha kiyannethuwa..........

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා