සනත් ගුණතිලකගේ මහණ වීමේ රංගනය

ලංකාවේ සංඝ සාසනයට ගිය කල අවබෝධ කර ගත හැකි මහණ වීමක් ගැන වාර්තා විය. 

ඒ සනත් ගුණතිලකගේ මහණ වීමයි. ඔහු මහණ වන්නේ සතියකට ය. ඒ තමන් රඟ පෑමට ඉන්නා භික්ෂු චරිතයකට පුහුණු වීමක් ලෙස බව ඔහු කියයි.

ඔහුගේ තට්ටය බාන හැටි, සිවුරු පොරවන හැටි ආදියට පුළුල් මාධ්‍ය ආවරණයක් ලැබිණි.  

මේ වනාහි ප්‍රචාරක වැඩසටහනකි. මහණ දම් පුරන්නට ඕනෑ නම් ඔච්චර මාධ්‍ය ප්‍රචාරයක් ඕනෑ නැත. 

මේ චිත්‍රපටය කුමක්දැයි දැන් කවුරුත් අසති. කෙතරම් සාර්ථක මාධ්‍ය ප්‍රචාරයක් ද?

මේ මහණ වීමේ රංගනය වෙනුවෙන් සනත් ගුණතිලක කීයක් ගත්තා ද හාමුදුරුවන්ට කීයක් ගෙව්වා ද යන කරුණුත් කියනවා නම් හොඳ ය.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. කීයක් ගත්තාම අපිට මොකද බං?

    ReplyDelete
    Replies
    1. ආගම කියන්නෙ කොහොමත් මාකට් එකක්නෙ. කවුද මෝඩයෙක් සනත්ට දනගහල වඳිනවත් දැක්ක.

      Delete
  2. Meeka ranganayak misa Aagamata nindaa kirimak nowei.mita kalin monatharam hamuduruwange charitha ragapaala thiyanawada nikan boruwata minissunwa nomaga noyawa edahan ban...?

    ReplyDelete
  3. මීට කලින් ඔය වගේ උප්පරවැට්ටියක් දැම්මා උත්පලවන්නා චිත්‍රපටිය සඳහා.

    මේ ගැන හෙන්රි වර්ණකුලසූරිය නම් සිනමා විචාරකයා - ප්‍රචාරයට නතුවූ විචාර නමින් පොතක් පවා ලියා තියෙනවා!

    ReplyDelete
  4. මාත් රච වෙනුවනේ තායිලන්තයේ දී මහණ වුණු කෙනෙක්.

    හැබැයි බාබර් කෙනෙක් කොණ්ඩේ කැපුවේ කොටට. සිවුර ඇඳගත්තේ මංතුමාම තමයි!

    මෙන්න විස්තරය:
    http://kathandara.blogspot.com/2010/03/blog-post_09.html




    ReplyDelete
    Replies
    1. කකා සමලිංගික සේවනෙට පුරුදු උනේ මහන වෙලා ඉන්නකොටද කකා?

      Delete
    2. MEYA MAHANA UNE KES PITIN, HISA GANNA UNE NEHE>

      Delete
  5. ධර්මරත්නAugust 26, 2013 at 6:51 PM

    චන්ද්‍රිකා එක්ක සැට් වෙලා ඉන්න කාලේ සනතුත් එක තාලයක ගලගොඩාත්තේ කෙනෙක් තමයි.

    ReplyDelete
  6. මේ කියලා තියෙන්නේ පැරා ගැන නේද?

    "සමහර වාමාංශික කොටස්ද රාජපක්ෂ මාෆියාවේ හැඩ තල හඳුනා ගැනීමට නොහැකිව වල්පල් දොඩනු දැකිය හැකිය. අයෙක් ෆොන්ටේරා සමාගම බහුජාතික සමාගමක් බැවින් උන්ට මොනවා උනත් අපිට පාන් දැයි අසති. තවත් සමහරු කිරිපිටි අවුල මතින් දේශීය කිරි ගොවියා සමෘද්ධිමත් වන බවට හීන දකිති. මේ කණ්ඩායම් වලට රාජපක්ෂ මාෆියාව රාජ්‍ය මෙන්ම පුද්ගලික ව්‍යාපාර ගිල ගන්නා බූවල්ලකු ලෙස වැඩී ඇති ආකාරය නොපෙනේ. රාජපක්ෂලාට කප්පම් නොදී තවදුරටත් මේ රටේ කිසිවකුට ව්‍යාපාර කළ නොහැකි බව නොපෙනේ. වල් පල් හරහා රාජපක්ෂ මාෆියාවේ සැර බාල කරන්න හදන මේ වාමාංශිකයන්ට කිව යුතුව ඇත්තේ රාජපක්ෂලා හෙට දින ගෙන්වීමට නියමිත තුට්ටු දෙකේ චීන කිරිපිටි ගිලින්න දැන් සිටම සුදානමින් සිටින ලෙසයි."

    සම්පුර්ණ ලිපිය https://www.facebook.com/lankaenews ඒකෙන බලන්න පුළුවන්.

    හෙට අනිද්දාට රාජපක්ෂ මාෆියාව ගෙන්වන චීන කිරිපිටි ගිලින්න බලාගෙන ඉඳපල්ලා..! ෆොන්ටෙරා එළැවීම සහ රට මුගාබේකරණය වීම-------

    (ලංකා ඊ නිව්ස් -2013.අගෝ.26, ප.ව.7.00-විසල්ගේ සටහන-)

    ReplyDelete
  7. Why these people using these child monks for this :-(
    https://www.facebook.com/photo.php?fbid=10152155930619202&set=a.422388694201.213035.797249201&type=1&theater

    ReplyDelete
  8. හැමදෙයක්ම වගේ ශාසනෙත් වාණිජකරණයට ලක් වෙලා.
    ඊයේ පෙරේද හර්ෂ ද සිල්වා කරට අත දාගෙන ඉඳිද්දීත් හාමුදුරුවෝ නිකන් හිටපු සිද්දියේ උනුසුම ගියා විතරයි.තවත් එකක්!

    මම දුලාගේ අඩවියේ™ දුලා

    ReplyDelete
  9. තාවකාලික පැවිද්දෙහි වරදක් නොදකිමි.එහෙත් එය මාකටින් උපක්‍රමයක් වශයෙන් පාවිච්චි කිරීම අගමානුකුල බව කෙසේ වෙතත් කෙතරම් සදාචාරාත්මකද?මේ රටේ බුධ්ධාගම් අයිතිකරුවන් ලෙස කෑ මොර දෙන ඇත්තෝ මේ ගැන කියන්නේ මොනවාද?

    ReplyDelete
  10. බාල ප්‍රචාරක උපක්‍රමයක් !

    ReplyDelete
  11. සිදුහත් කුමාරය මහණ වෙන්න ගියෙ යසෝදරාවටත් හොරෙන් මහ රෑක, මුං හෙන ප්‍රචාරයක් දීල මහනවෙන්නෙත් සතියකට, ඒකත් පෙර හුරුවකට, රඟපාන චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක දැන්වීමක්.

    බුද්දාගං මාකටිං
    සබ්බේ ලබං

    ReplyDelete
  12. ඉස්සර ජනක රත්නායක චිත්‍රකතා අඳිනකොට, ඒ ඒ තෑන්වලට ගිහිල්ල දිග උස මැනල තමයි ඇන්දෙ. නුවර වැවරවුම අඳින්න මනිනකොට පොලිසියෙනුත් අල්ලල තියනව කියල දැක්ක. ඒ වගොම ජනක රතානායකගෙ චිත්‍රකතා හරිම තාත්විකයි.
    සනත් ගුණතිලක විරාගය කරන්න ඉස්සර මාස ගණනක් නොකා නොබී ඉඳල අරවින්දට ගැලපෙන වීදිහට කෙට්ටු උනා. ඇත්තටම ඒ චරිතයේ හිටියෙ මාටින් වික්‍රමසිංහගෙ අරවින්ද මයි. මම දකින්නෙ ඒක චරිතය වෙනුවෙන් කැපවීමක් විධිහට.
    ඉතින් හාමුදුරු චරිතයක් කරනව නම් ඒ චරිතයට ඇතුල් වෙලා සතියක් හමාරක් ඒ අත්දැකීම් ගන්න එකේ වැරුද්ද මොකක්ද ? මම නම් හිතන්නේ මේක තොපේ තියන කුහකකම කියල. ලියන්න මොකවත් නැති නම් මොනවහරි මඩක් හරි ගහනවා.
    සනත් ගුණතිලක කියන දේශපාලන අංකුරයට මමත් කමෙති නැහැ. ඒත් රංගනශිල්පියෙක් වශයෙන්, ප්‍රේක්ෂකය වෙනුවෙන් කරන කැපවීම නම් අගය කළ යුතුයි.
    ආගම කියන එක ගලගොඩඅත්තේලාට ගිහින් තියන මේකාලේ, නිවන් කෙසේ වෙතත් හොඳ චිත්‍රපටියක්වත් හැදුනොත් මදිද ?

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත
      මමනම් කසාද බඳින්න කලිනුත් ඒ සඳහා අවශ්ය අත්දැකීම් ලබාගත්තා

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. පැරකුම් මහතා,

    ඔබ මේ සැරේ හොඳ ලිපියක් ලියල තියෙනවා.ඔබට ස්තුතියි. ඔබේ අදහස් සියල්ල මා අනුමත කරනවා පමණක් නොව ඔබේ විවේචනය නිවැරදියි. තාවකාලික පැවිද්ද අපේ රටට ආගන්තුක දෙයක් උනත් මැත කාලයේ එසේ පැවිද්ද ලබා මහණදම් වඩන ගිහි අය අපේ රටේ සුළු වශයෙන් ඉන්නවා.ඒ අය එහෙම කරන්නෙ ගරු නම්බ ලැබීමට හෝ වෙනයම් ලාභය ප්‍රයෝජනයක් ලැබීමට නොවෙයි. එත් මේ කාලකන්නි මිනිහා චිත්‍රපටියක රඟපෑමට පෙරහුරුවක් ලැබීමට තාවකාලිකව මහනවූ බව ලජ්ජා නැතිවම ප්‍රසිද්ධියේ කියනවා. බුධාගම හෝ මහණකම තියෙන්නෙ කාටවත් විකුණා කන්න නම් නෙමෙයි.

    ReplyDelete
  15. මෙන්න වසර දෙකකට පෙර සිදුවීමක්:

    තට්ට බෑමේ මහා පූජෝත්සවය
    http://www.w3lanka.com/2011/05/blog-post_07.html

    !

    ReplyDelete
  16. මේ චිත්‍රපටය කුමක්දැයි දැන් කවුරුත් අසති. කෙතරම් සාර්ථක මාධ්‍ය ප්‍රචාරයක් ද?//මාකටින් පාර හොදට වැඩ කරලා තමයි.හැබැයි මේ මාකටින් එකෙන් සංඝ සමාජයට වුන හානිය ගැනත් දැන් කතා වෙනවා නේද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා