සනත් ගුණතිලකගේ මහණ වීමේ රංගනය
ලංකාවේ සංඝ සාසනයට ගිය කල අවබෝධ කර ගත හැකි මහණ වීමක් ගැන වාර්තා විය. ඒ සනත් ගුණතිලකගේ මහණ වීමයි. ඔහු මහණ වන්නේ සතියකට ය. ඒ තමන් රඟ පෑමට ඉන්නා භික්ෂු චරිතයකට පුහුණු වීමක් ලෙස බව ඔහු කියයි. ඔහුගේ තට්ටය බාන හැටි, සිවුරු පොරවන හැටි ආදියට පුළුල් මාධ්‍ය ආවරණයක් ලැබිණි. මේ වනාහි ප්‍රචාරක වැඩසටහනකි. මහණ දම් පුරන්නට ඕනෑ නම් ඔච්චර මාධ්‍ය ප්‍රචාරයක් ඕනෑ නැත. මේ චිත්‍රපටය කුමක්දැයි දැන් කවුරුත් අසති. කෙතරම් සාර්ථක මාධ්‍ය ප්‍රචාරයක් ද? මේ මහණ වීමේ රංගනය වෙනුවෙන් සනත් ගුණතිලක කීයක් ගත්තා ද හාමුදුරුවන්ට කීයක් ගෙව්වා ද යන කරුණුත් කියනවා නම් හොඳ ය. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න Read in English blog.parakum.com