Posts

Showing posts with the label බන්දුල ගුණවර්ධන

ශ්‍රීලනිපය සුද්ද කිරීම බන්දුලගෙන්,‍ රෝහිතගෙන් ඇරඹේ

Image
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් පස්දෙනෙකු මධ්‍යම කාරක සභාවෙන් නෙරපා හැර තිබේ. පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන ලිපි මගින් බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන, ටී.බී. ඒකනායක, එස්.එම්. චන්ද්‍රසේන, සාලින්ද දිසානායක යන මන්ත්‍රින්ට ටිකට් ඇදී තිබේ. මධ්‍යම කාරක සභා තීරණවලට පටහැනිව කටයුතු කිරීම මෙසේ ඉවත් කිරීමට හේතු ලෙස දක්වා තිබේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඇතැම් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ශ්‍රීලනිපයේ ඇතැමුන් විසින් සලකනු ලබන්නේ ඔහුගේ දුබලකම් ලෙසයි. පක්ෂය තුළ හිඳිමින්, පක්ෂ නායකයා ජනවරමක් සහිත ජනාධිපති ධුරයෙන් එළවා දැමීමට කුමන්ත්‍රණ කරන පිරිසක් ශ්‍රීලනිපයේ සිටිති. කෙසේ වෙතත්, ඉදිරි සති කීපය තුළ තමන් සිටින්නේ මෛත්‍රී සමග ද මහින්ද සමග ද යන්න තීරණය කරන්නට ශ්‍රී ලංකාකාරයන්ට සිදු වනු ඇත. ඔවුන්ට ඊළඟ මහ මැතිවරණයේදී ශ්‍රීලනිප ටිකට් එක ලැබෙනවා ද නැද්ද යන්න ද ඒ සමග ම තීරණය වනු ඇත. බොහෝ විට, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්මත කර ගැනීමෙන් පසු, මේ පිරිසට බන්ධනාගාර රෝහලේ නතර වෙනවා ද, බන්ධනාගාර කුටියක නතර වෙනවා ද යන්න ද තීරණය කර ගන්නට සිදු වනු ඇත. ඔවුන්ගේ නා...

ඒක ලිංගික පාසල් වසා බහු ලිංගික පාසල් පිහිටුවීම

Image
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ලංකාවේ බාලක, බාලිකා පාසල් ක්‍රමය වෙනස් කරන්නට අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන යෝජනා කර තිබේ.  බන්දුල ඇමති වුණත් මේ නම් කර තිබෙන්නේ ඉතා ප්‍රගතිශීලී යෝජනාවකි. මෙය ක්‍රියාත්මක කිරීම දුෂ්කර නැත. 2015 වසරේ සිට 1 ශ්‍රේණියටත්, 6 ශ්‍රේණියටත් විරුද්ධ ලිංගික සිසුන් බඳවා ගැනීම ප්‍රමාණවත් ය. ඒ සමගම බාලිකා පාසල් ලෙස නම් කර ඇති පාසල්වල නම් වෙනස් කරන්නට සිදු වනු ඇත. විශාඛා විද්‍යාලය,  දේවි විද්‍යාලය ආදී වශයෙනි. එය එතරම් දුෂ්කර නැත.  මෙතැනදී තවත් රසවත් කරුණක් කෙරෙහි අවධානය යොමු වේ. බාලිකා පාසල් තිබුණත්, පිරිමි ළමයින් පමණක් ඉන්නා කිසිදු පාසලක නමේ බාලක පාසල කියා නැති බව ඔබ දුටුවා ද? මේ බාලක, බාලිකා පාසල් ක්‍රමය ගැලපෙන්නේ ඉස්ලාම් අන්තවාදී ඇෆ්ගනිස්ථානය, පකිස්තානය, ඉරානය වැනි පසුගාමී රටවලට ය. ලංකාව දැන්වත් මේ යටත් විජිතවාදී වික්ටෝරියානු උරුමයෙන් මිදිය යුතුය. ළමයින් ස්ත්‍රී පුරුෂ  වශයෙන් වෙන් කර එකිනෙකාගෙන් ඈත් කර තබන මෙම පසුගාමී ක්‍රමය වෙනුවට ස්වාභාවික පරිසරයක නිදහසේ ඉගෙන ගන්නට අවස්ථාව ලබා දීම සමාජමය වශයෙන් ඉතා ප්‍රගතිශීලී පියවරකි. මේ සමග ම මේ ක...

ජනප්‍රිය පාසල් තරගයට හේතුව කුමක් ද? / Why is popular school competition?

Image
ලබන වසරේ පළමුවැනි ශ්‍රේණියට ඇතුළත්වීම සඳහා එකම ළමයකුගෙන් හෝ ඉල්ලුම්පත් නොලැබූ පාසල් ගණන 124ක් බව ද ඉල්ලුම්පත් දහයට අඩුවෙන් ලැබුණ පාසල් 1522 තිබෙන බව ද අධ්‍යාපන  ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අනාවරණය කරයි. රටේ සමස්ත පාසල් සංඛ්‍යාවෙන් සියයට 25ක පමණ තත්වය මෙසේ වෙද්දී ජනපි‍්‍රය පාසල් අතළොස්සක් සඳහා මරාගෙන මැරනෙ ඉල්ලුමක් තිබේ.  මේ ජනප්‍රිය පාසල් තරගයට හේතුව කුමක් ද?  ඇමති දෙමව්පියන්ට බනියි. දෙමව්පියෝ වනාහි වත්මන් සමාජය දුවන රැල්ලට යන පිරිසක් මිස උඩු ගං බලා පිහිනිය හැකි උත්තර මිනිස්සු නො වෙති. තමන්ගේ දරුවන්ට ‍තමන්ට අත් පත් කර ගත හැකි හොඳ ම අධ්‍යාපනය ලබා දීම ඔවුන්ගේ අරමුණයි.  එහෙත්, අවසානයේදී සිදු වී ඇත්තේ ගුරුවරියට එහා මෙහා යන්නට හෝ අපහසු තරමට ළමයින් තදබද වූ පංති කාමරයකට සිය දරුවා ගාල්කරන්නට මව්පියන්ට සිදු වීමයි. එතැනින් එහාට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳ කතා කිරීම පලක් නැත.  ළමයින් සංඛ්‍යාව අඩු පාසලකට ඇතුළත් කිරීම අසරණකමක් ලෙස දෙමව්පියෝ තේරුම් ගනිති. අඩු ළමයින් සංඛ්‍යාවක් සිටින පංතිවල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නැංවීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව...

සතර සංග්‍රහ වස්තු හා ඇමති බන්දුලගේ දානමය පිංකම | Minister Bandula's alms giving and Sirasa

Image
(2011 මාර්තු 20,   W3Lanka )   සිරස  අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධනගේ මානව හිමිකම් බිඳ ඇත. සිය මවට සෙත් පතා දානමය පිංකමක් පැවැත්වීමට තමන්ට අයිතියක් ඇති බව හේ පවසයි. එහෙයින් තමන්ට අපහාස කිරීම ගැන සිරසට එරෙහිව නඩු දමන බව ද ඇමතිවරයා පවසයි.  මෙම මතභේදාත්මක දානමය පිංකම පැවැත්වී තිබෙන්නේ හෝමාගම මහින්ද රාජපක්ෂ ජාතික පාසලේ ය. මේ වනාහි රටේ ම අධ්‍යාපනය භාර ඇමති බන්දුල විසින් සිය ඡන්ද  පදනම වන හෝමාගම ප්‍රදේශයේ මහජන මුදලින් ඉදි කරන ලද පාසලකි. එහෙම කියා එය එතුමන්ගේ පෞද්ගලික බූදලයක් වන්නේ නැත.    මේ දානය පැවැත්වෙන්නේ පළාත් පාලන ඡන්දයට කලින් දවසේ ය. ඒ වන විට ඡන්දය වෙනුවෙන් පාසල්වලට නිවාඩු ලබා දී තිබුණ මුත්, සිසුන් හා ගුරුවරුන් මෙම දානය වෙනුවෙන් පාසලට කැඳවා තිබිණි. එපමණක් නොව, ඒ බදාදා දිනය මහජන දිනයක් බව හෝ නො සලකා අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීහු ද දානයට වැඩම කර සිටිය හ. ඒ මහජන මුදලින් ධාවනය වන නිල රථවලිනි.  දානයට වියදම ඇමතිගේ අතින් බව වාර්තා වේ. සිරස ඇසූ ප්‍රශ්නයක් වන්නේ නිලධාරීන් පැමිණි වාහනවල වියදම් කාගේ ද යන්නයි. එසේ ම, දුර බැහැර සිට ඉසුරුපායට එන ජනතාව...

හයවන ශ්‍රේණියේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම නරක ද? | Is sex education bad for Grade Six?

Image
චීනයේ පළමු ශ්‍රේණියේ ළමුන්ගේ ලිංගික අධ්‍යාපන පෙළ පොතකින් පිටුවක් ( 2010 ඔක්තෝබර් 25,  W3Lanka )  කොළඹ ජාත්‍යන්තර පාසලේ (Colombo International School) හයවෙනි ශ්‍රේණියේ විෂය නිර්දේශයට ලිංගික අධ්‍යාපනය එකතු කිරීම ගැන ළමා ආරක්ෂක අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අද දිනමිණ පුවත්පත වාර්තා කරයි. බාලවයස්කාර දරුවන් නොමඟ යවන ආකාරයේ ලිංගික අධ්‍යාපනයක් ලබාදෙන ජාත්‍යන්තර පාසල්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන පැවසූ බව ද එම වාර්තාවේ සඳහන් වේ. අධ්‍යාපන ඇමතිවරයා ලිංගික අධ්‍යාපනය යන්නෙන් අදහස් කරන්නේ ළමයින්ට නුසුදුසු කිසියම් වලත්ත දෙයක් බව පෙනේ. එහෙත්, ලිංගික 'අධ්‍යාපනය' නම් එහෙම දෙයක් නො වේ. වලත්ත දේ වන්නේ ඈත අතීතයේ සිට ම ළමා අපචාරකාර වැඩිහිටියන්ගෙන් ළමයින් ඉගෙන ගත් පාඩම් ය. ඒවා ලිංගික අධ්‍යාපනය නො වේ. අයෝග්‍ය ලිංගික අත්දැකීම් ය. හයවන ශ්‍රේණියේ සිටින නව යොවුන් වියට එළඹීමට ආසන්න දරුවකු සිය සිරුරේ සිදු වන්නට ඉඩ ඇති වෙනස්කම් පිළිබඳ විධිමත් අන්දමින් ඉගෙනීම අත්‍යවශ්‍ය ලිංගික අධ්‍යාපනයකි. විශේෂයෙන් ම, මල්වර වීමට ආසන්න ගැහැනු ළමුන් හට ඒ පිළිබඳවත්, ලිංග...

බන්දුලගේ සෙනසුරාදා අධ්‍යාපන සංකල්පය

Image
(2010 ජුලි 17,  W3Lanka )   අපේ අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමතිකම භාර ගත් දා සිට අධික ලෙස නෑමට බර ය.  පසුගිය දිනෙක අධ්‍යාපන ඇමතිතුමා මාර නිර්මානාත්මක සංකල්පයකැයි සිතාගෙන (දැනටත් ගණිත විෂයට පවතින) ලකුණු 25 සහ 34 අතර ලකුණු සඳහා සාමාර්ථයක් හඳුන්වා දෙන බවට ලොකු ප්‍රචාරයක් ගෙන ගියේ ය. ආණ්ඩුවේ කිලිනොච්චි කැබිනට් රැස්වීමෙහි සිදු වූ වැදගත් ම දෙය වූයේ ජනාධිපතිතුමා ‍මේ මාර සංකල්පයට නෝන්ඩිය දැමීමයි. ළමයින්ගේ බුද්ධි මට්ටම වැඩි දියුණු කිරීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා බන්දුල ඇමතිතුමාට උපදෙස් දුන්නේ මේ වගේ මෝඩ යෝජනා ආයෙ නම් ගේන්න එපා යි නො කියා කියමිනි.  දැන් අධ්‍යාපන ඇමතිතුමාට තවත් නිර්මානාත්මක අදහසක් පහළ වී තිබේ. ඒ වනාහි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුනට සෙනසුරාදා ද පාසල් පැවැත්වීමයි.   ටියුෂන් මුදලාලිලා ව්‍යාපාරික වශයෙන් සාර්ථක වන්නේ අධ්‍යාපන මනෝ විද්‍යාවක්, නිශ්චිත අධ්‍යාපන ක්‍රම විද්‍යාවක් අදාළ නො වන නීච අධ්‍යාපන වෙළඳපොලක් තුළ ය. ළමයින් හාර පන්දාහකට දේශනයක් පවත්වන සන්නස්ගල සාර්ථක ව්‍යාපාරිකයකු මිස හොඳ ගුරුවරයකු නොවේ. මක් නිසා ද යත්, ළමයින...

ලංකාවෙන් ඉංග්‍රීසි ගුරුවරුන් ආනයනය කරන්නට යන දකුණු කොරියාවට අබ සරණයි

Image
(2010 මැයි 25,  W3Lanka )   ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරුන් 2000කට කොරියාවේ පාසල්වල දෙවසරක් උගන්වා මුදල් උපයා ගැනීමේ අවස්ථාව ලබා දෙන බවට දැවැන්ත ප්‍රචාරයක් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන රජයේ මාධ්‍ය සමග එක්ව ගෙන යයි.  හිටපු සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා ද පසුගිය කාලයේ ලංකාවේ හෙදියන් දහස් ගණනකට විදේශ රටවල රැකියා අවස්ථාව ලබා දෙන බවට දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියේ ය. එහෙත්, පෞද්ගලික ක්‍රමවලින් විදේශ රැකියා සොයා ගත් අය හැර සෞඛ්‍ය අමාත්‍යංශය හරහා හෙද රැකියා ලබා ගත් කිසිවෙකු පිළිබඳ අපි නොදනිමු. රට රස්සා හීනයෙන් පිබිදුණු හෙදියන්ට ඉංග්‍රීසි පාඨමාලා පවත්වා මුදල් ගරා ගැනීමේ ජාවාරමක් ද සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් දියත් විය.  කොරියාවේ ඉංග්‍රීසි ගුරු රැකියා ලබා ගැනීම සඳහා හෙට අනිද්දා ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරු කොරියානු භාෂා පංති බඩගාමින් අතේ තිබෙන තුට්ටු දෙකට තට්ටු කර ගනු නිසැක ය.  අනෙක් පැත්තෙන් කොරියාවට ඉංග්‍රීසි ගුරුවරුන් අපනයනය කරන්නට සිටින ලංකාවේ දියුණු ම පළාත වන බස්නාහිර පළාතේ මතුගම අධ්‍යාපන කලාපයේ පමණක් ඉංග්‍රීසි ගුරු හිඟය 50කට අධික ය. ගුරු හිඟය නිසා එක ගුරුවරයා ...

පාලන මිළ බල්ලට! හාල් මිළ ගුවනට! ඔක්කොම කඩකාරයන් හිරේට!

Image
(2009 දෙසැම්බර් 22 - W3Lanka ) මේ දිනවල වෙළඳපොළේ සහල් මිළ ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ. රජය විසින් සම්බා සහල් සඳහා කිලෝවක් රු.70ක සහ කැකුළු සහල් සඳහා කිලෝවක් රු.60ක උපරිම සිල්ලර මිළක් නියම කර තිබෙනමුත් එම මිළට සහල් කිලෝවක් සොයා ගැනීම වෙළඳ හා පාරිභෝගික ඇමති බන්දුල ගුණවර්ධන සොයා ගැනීම තරම් ම දුෂ්කර වී තිබේ. වැඩි මිළට සහල් විකුණන වෙළඳුන් අත්අඩංගුවට ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති රූමි මර්ෂුක්‌ අද දිවයිනට පවසා තිබේ. ඒ අනුව, ලංකාවේ සියලු කඩ හිමියන් ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගැනීමට නියමිත ය. රූමි මර්ෂුක්‌ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයකු බැවින් ඔහු දැනටමත් උතුරා යමින් තිබෙන බන්ධනාගාරවල මෙම පිරිස් සිරගත කරන ආකාරය පිළිබඳ නිර්මානශීලී ලෙස කටයුතු කරනු ඇත. ලංකාවේ සියලු කඩ බන්ධනාගාර බවට පත් කිරීමෙන් මෙම ප්‍රශ්නය විසඳා ගත හැකි බව අපේ පුංචි මොළයට නිකමට හිතේ.

ලක් සතොස පෞද්ගලික අංශය සමග තරගකාරී රාජ්‍ය වෙළඳසල් ජලයක් ලෙස ඉදිරියට

Image
(2009 දෙසැම්බර් 05 - W3Lanka ) පෞද්ගලික අංශය සමග තරගකාරී අලෙවි ජාලයක් පවත්වාගෙන යාමේ හැකියාව පිළිබඳ රජයට අයත් ලක් සතොස හා කෝප් සිටි වැනි සමුපකාර අලෙවි සල් නිදසුනක් ලෙස දැක්විය හැකි ය.  ඇමති බන්දුල ගුණවර්ධන එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයකු සමයේ එම කැබ්නට් මණ්ඩලය විසින් පෞද්ගලික අංශයට විකුණා දැමීමට සැලසුම් කරන ලද සතොස වත්මන් ජනාධිපත මහින්ද රාජපක්ෂ යටතේ ඇමති බන්දුල විසින් ම යළි පණ ගන්වන ලදී.  දිවයින පුරා ස්ථාපිත කැර ඇති ලක් සතොස ශාඛා 132 න් ඉකුත් මාසයේ දී පමණක් රුපියල් ලක්ෂ 7650ක (මිලියන 765) පිරිවැටුමක් හිමි වී තිබේ. මේ වසර අවසන් වන විට එම ලාභය බිලියනයක් දක්වා වර්ධනය වන බව වෙළෙඳ අලෙවි සංවර්ධන, සමුපකාර හා පාරිභෝගික සේවා ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.. දෙසැම්බර් 31 වැනිදා වන විට ලක් සතොස ශාඛා ජාලය 150ක් දක්වා වර්ධනය කිරීමේ සැළසුමක් තිබෙන බවද ඇමැතිවරයා කීවේය.

අම්ම, මුත්ත කාලෙ නො දැක්ක ලොකු ළූනු පෝලිම

Image
(2009 දෙසැම්බර් 05 - W3Lanka ) ලොකු ළූනු කිලෝව රුපියල් 85කට සතොස වෙළෙඳ සල් වලින් මිලදී ගැනිමට පාරිභෝගිකයින්ට ඊයේ සිට (04) අවස්ථාව තිබෙන බව වෙළෙඳ අලෙවි සංවර්ධන, සමුපකාර හා පාරිභෝගික සේවා ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි.  එහෙත්, පසුගිය දිනවල ලොකු ළූනු ගන්නට රජයේ අලෙවි සල් වෙත ගිය පාර්භෝගිකයන්ට දිගු පෝලිම්වල රැඳෙන්නට හා ප්‍රමිතියෙන් බාල ලොකු ළූනු මිළ දී ගන්නටත්, ඇතැම් විට හිස් අතින් ආපසු එන්නටත් සිදු විය.  ඇතැම් කළමනාකාරවරු මෙම ලොකු ළූනු කුඩා තොග වශයෙන් පෞද්ගලික වෙළඳුන්ට විකිණූ බව ද වාර්තා වේ. ඔවුහු එම ළූනු වැඩි මිළට විකුණා ඇත.  ස්වභාවික විපත් හේතුවෙන් ඉන්දියාවේ ළූනු හා අල නිෂ්පාදනයට හානි පැමිණ ඇති බවත් මේ නිසා ළූනු ආනයනය කිරීමේ කටයුතු අවම වී තිබෙන බව බන්දුල ගුණවර්ධන ඇමතිවරයා පෙන්වා දෙයි. 

ගෑස් සිලින්ඩරයකින් රු. 400ක බද්දක්; මෙන්න මුං අපේ බඩට ගහන හැටි

(2009 සැප්තැම්බර් 02 - W3Lanka) ගෑස් සිලින්ඩරයකින් රු. 400ක බද්දක් අය කරන බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන වෙළෙඳ අමාත්‍යාංශයේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ඊයේ පැවසුවේ බදු තීරණය කරන්නේ කාටවත් ඕනෑ විදියට නොව කැබිනට්‌ මණ්‌ඩලයට (ඕනෑ විදියට) බව ද එක් කරමිනි. රජයේ සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, රජයේ සංවර්ධන වැඩ සිදුකරන්නේ බදු මුදලින් නිසා බදු අඩු කරන්නට නොහැකි බව ද වෙළෙඳ ඇමැතිවරයා පැවැසීය. එසේම ඇමතිවරුන්ට පමණක් නොව නෝනලාට හා බල්ලන්ට පවා සුඛෝපභෝගී වාහන, ඒවාට ඉන්ධන, ගෙවල් කුලී, විදෙස් චාරිකා ඇතුළු වරප්‍රසාද, වෙනත් සම්තිං හා ආතල් සපයන්නේ ද දිළින්දන්ගෙන් මහ දවල් මංකොල්ල කන මේ බදු මුදල්වලින් බව කියන්නට උවමනා නැත. ආනයනය කරන සීනි කිලෝවකට රුපියල් 16ක්‌ද, බී ළූනු කිලෝවකට රුපියල් 25 ක්‌ ද, මිරිස්‌ කිලෝවකට රුපියල් 40 ක්‌ද, සහල් කිලෝවකට රුපියල් 25 ක්‌ ද වශයෙන් රජය බදු අයකරන බව ද ඇමැතිවරයා පැවැසීය. බඩගිනි නම්, කෑම රස නැති නම්, ගාන ...