ශ්‍රීලනිපය සුද්ද කිරීම බන්දුලගෙන්,‍ රෝහිතගෙන් ඇරඹේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් පස්දෙනෙකු මධ්‍යම කාරක සභාවෙන් නෙරපා හැර තිබේ.

පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන ලිපි මගින් බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන, ටී.බී. ඒකනායක, එස්.එම්. චන්ද්‍රසේන, සාලින්ද දිසානායක යන මන්ත්‍රින්ට ටිකට් ඇදී තිබේ. මධ්‍යම කාරක සභා තීරණවලට පටහැනිව කටයුතු කිරීම මෙසේ ඉවත් කිරීමට හේතු ලෙස දක්වා තිබේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඇතැම් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ශ්‍රීලනිපයේ ඇතැමුන් විසින් සලකනු ලබන්නේ ඔහුගේ දුබලකම් ලෙසයි. පක්ෂය තුළ හිඳිමින්, පක්ෂ නායකයා ජනවරමක් සහිත ජනාධිපති ධුරයෙන් එළවා දැමීමට කුමන්ත්‍රණ කරන පිරිසක් ශ්‍රීලනිපයේ සිටිති.

කෙසේ වෙතත්, ඉදිරි සති කීපය තුළ තමන් සිටින්නේ මෛත්‍රී සමග ද මහින්ද සමග ද යන්න තීරණය කරන්නට ශ්‍රී ලංකාකාරයන්ට සිදු වනු ඇත. ඔවුන්ට ඊළඟ මහ මැතිවරණයේදී ශ්‍රීලනිප ටිකට් එක ලැබෙනවා ද නැද්ද යන්න ද ඒ සමග ම තීරණය වනු ඇත.

බොහෝ විට, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්මත කර ගැනීමෙන් පසු, මේ පිරිසට බන්ධනාගාර රෝහලේ නතර වෙනවා ද, බන්ධනාගාර කුටියක නතර වෙනවා ද යන්න ද තීරණය කර ගන්නට සිදු වනු ඇත.

ඔවුන්ගේ නායකයා වන මහින්දගේ උඩ පැනිල්ල ද එක නඩුවක් ෆයිල් වූ විට අවසන් වනු ඇත.

එතෙක් උදේ හවා ගායනා කරනු පිණිස ලෝ වැඩ සඟරාවේ මේ කවිය  මහින්දගේ ඇම්බැට්ටයන්ට ලබා දෙන්න.

ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ
සැපයක් යයි කකුළුව දිය කෙළියේ
එපවත් තොප සිතතොත් නොහැකිලියේ
සැපයක් නම් නැත කම් රස කෙලියේ


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මෛත්‍රීට නොපෙනුන
    අපිට පෙනුන
    ඇත්ත..

    සාධූ සාධූ...
    හොඳ වැඩේ ඕකුන්ට..

    ReplyDelete
    Replies
    1. අපොයි ඔච්චරද ඉන්නේ

      Delete
  2. දැන්වත් කරපු ඒක ලොකු දෙයක්... ඔ්ක කරන්න පරක්කු වැඩියි....

    ReplyDelete
  3. ලංකාවේ වෙන දේශපාලන පෙරලි දිහා උඩින් පල්ලෙන් එබිකම් කරලා මේ වගේ නිගමන වලට එන්න බෑ. මෛත්‍රීපාල මහත්තයගේ ජයග්‍රහනය හා එතුමාට ලැබුන ජනවරම අනුව එතුමා මේ වනවිට කරන්නේ චන්දේ දීපු මිනිස්සු බලාපොරොත්තු වෙච්ච දේවල් වලින් කොයි ප්‍රමාණයක්ද බලාපොරොත්තු නොවුන දේවල් වලින් කොයි ප්‍රමාණයක්ද කියලා ප්‍රශ්නෙකුත් තියෙනවා. මහින්ද මහත්තයගේ පාලනේ දූෂිත බව හෝ වෙන කිසිම දෙයක් අල්ලගෙන මෛත්‍රීපාල මහත්තයයි රනිලුයි කරගෙන යන හැම දෙයක්ම හරි කියන්නත් බෑ. මේ රටේ දේශපාලනය දිහා මතුපිටින් බලල ඒ තුල සියළු ජනතා සිතුම් පැතුම් තියෙනවකියල කියන්න තරම් මන්දබුද්ධික වෙන්න ඕන නෑ. අනෙක මෛත්‍රීපාල හා රනිල් ගේ ආණ්ඩුව තරම් වේගයෙන් අප්‍රසාධය කරා ගිය රජයක් ඉතිහාසයේ නෑ. කාට පිළිගන්න බැරි උනත් මෛත්‍රීගේ දේශපාලන ප්‍රතිරූපයට වඩා කොටි ත්‍රස්තවාදය පරදවා තීරනාත්මක අභියෝගයක් ජයගෙන රට ස්ථාවර කළ මහින්දගේ දේශපාලන ප්‍රතිරූපය කීපගුණයකින් ශක්තිමත්. මෛත්‍රීපාල මහත්තයගෙයි රනිල් චන්ද්‍රිකා රාජිත කණ්ඩායමෙයි ක්‍රියාකලාපය තුල වෙන්නේ මහින්දගේ ප්‍රතිරූපය තවත් ශක්තිමත් වෙන එක විතරයි. මහින්ද වෙනුවෙන් පෙනීහිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට දඬුවම් කරල මහින්දට රිද්දන්න බෑ. අද බිම් මට්ටමේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සේරම ඉල්ලන්නේ මහින්ද මහත්තයගේ නායකත්වය. මෛත්‍රීගේ අල්ලස් ඇමතිකම් අරන් ඒව ගත්තු අයට ගම් වලට යන්න බැරි ඒකයි. මේ රටේ මිනිස්සුන්ගේ අරමුනු අපේක්ෂා චන්ද වලින් හැම අතින්ම තීරනය කරන්න බෑ. විරුද්ධවාදීන් බන්ධනාගාරයේ කොහේ රඳවන්න හිතාන හිටියත් ඒ අරමුනින් කරන ව්‍යවස්ථා සංශෝධන සම්මත වෙනවමයි කියන්නේ මොන පදනමකින්ද? එදා ප්‍රභාකරන්ටයි එල් ටී ටී ඊ කාරයන්ටයි විරුද්ධව ෆයිල් ඇදල උන්ව හිරකරගන්න කතා නොකරපු මිනිස්සු දැන් මහින්දගේ ෆයිල් ඇදින හැටි කතාකරන්නේ මහින්ද රටේ ජාතික අනන්‍යතාවය නියෝජනය කරමින් රටට හතුරු බලවේග තීරනාත්මකව පරද්දපු එකත් ඇලජික් නිසාද? මහින්දගේ ෆයිල් අදිනවනම් අදින්න ඕන තරම් අවස්ථාව රනිල් මෛත්‍රී රජයට තියෙනව. ඒත් ඒව කරල මහින්දව හිරකරල දේශපාලනෙන් අයින් කරන්න හිතනවනම් ඒක කවදත් හීනයක් විතරයි. අපි වංචාව දූෂණේ හරි කිවුවේ නැතත් අපි කෙලින් කියන්නේ රටේ ජාතික දේහයම වනසන එවුන්ගේ වංචා නොකිරීමෙන් වැඩකුත් නෑ කියන එක. අපේ රටට අවශ්‍ය වංචාවෙන් දූෂණයෙන් තොර වගේම රටේ ජාතික අනන්‍යතාවයට හතුරුකම් නොකරන නායකත්වයක් හා පාලනයක්. ඒක මෛත්‍රී රනිල් ආණ්ඩුවේ නෑ. මේ ටික කාලෙට යහ පාලනය තුල සිදුවෙච්ච අක්‍රමිකතා ගැන වෙනමම කතා කරන්නත් වෙයි. මහින්දගේ ෆයිල් ඇදල දඬුවම් කරන්න යන කතා නිකම් මොන්ටිසෝරි පොඩි එවුන්ගේ කතා වගේ විහිළු විතරයි. යහ පාලනය කියල බොරුවක් මවල රටේ ජාතික අනන්‍යතාවයටම හතුරු බලවේග එක්ක ගනුදෙනු කරමින් තමන් මහලොකු කෙරුමො කියල හිතාන ඉන්න හැබෑවට මතවාදී ලෙස කිසිම බලයක් නැති පිරිසට ජාතික අභියෝග ජයගනිමින් ඉස්සරහට ගිය ජාතික දේහයටම හිතැති නායකයෙකුගේ ප්‍රභල ප්‍රතිරූපය අභිබවා ඉදිරියට එන්න තියා හිතන්නවත් බෑ. මේ බොරු වීරයන්ට අන්තිමට වෙන්නේ දවසින් දවස අප්‍රසාධයට පත් වෙලා නරක ප්‍රතිරූපයක් වේගයෙන් ගොඩනගාගෙන පලා යන්න විතරයි.

    ReplyDelete
    Replies
    1. අජිත් කුමාර! මේ තරම් වැල්වටාරම් නොලියා" මං මහින්දට කැමතියි" කීවා නම් කියවන අපට පහසුවක්.

      Delete
    2. වැඩි විස්තර කිවුවේ ලිපියටත් එක්ක පිළිතුරක් හැටියටයි. මහින්දට කැමති මම විතරක් නෙවෙයි. අන්තර්ජාලය භාවිතා නොකරන අයත් ඇතුළුව මෙතන ඉන්න කවුරුත් හිතනවට වඩා වැඩි පිරිසක් කැමතියි.

      Delete
    3. These people need some one like Hitler to govern them. Its the mentality that developed during this period. That's why they need a person like Mahinda or Gota. Their backbone has gone.

      Delete
    4. @Anonymous
      People like you are the real backbone less people. That is why people like you elected a backbone less one like Mithripala Sirisena as the president. President Mithripala sirisena has no strong enough backbone to hold even executive powers. That is why he is going to leave executive powers. Today we need a real leader with a strong backbone like Mahinda Rajapaksha.

      Delete
  4. වැලේ වැල් නැතුව හිටපු ටොයියන්ට ටොපියක් ලැබී තිබේ (ඇවුරුදු තෑගි ).
    ලබන්නා වූ නව වසරේ පැරා ඇතුළු යහපාළන ටොයියන්ගේ පරම සුන්දර සිහින සැබෑවේවා !!

    ReplyDelete
  5. //පක්ෂය තුළ හිඳිමින්, පක්ෂ නායකයා ජනවරමක් සහිත ජනාධිපති ධුරයෙන් එළවා දැමීමට කුමන්ත්‍රණ කරන පිරිසක් ශ්‍රීලනිපයේ සිටිති.

    මේක අන්ද කයිප්පු කියමනක්නෙ? ජනාධිපතිව එළවන්න පුළුවන් එකම ක්‍රමය දෝෂාභියෝගයක් ගේන එක විතරයි. ඒකට අනිවාර්යයෙන් එ.ජා.ප. සහය ඕන. නැත්නම් අර කලින් සිටි 2/3 එකට ඉන්න ඕන. දැන් පැරා කියන්නේ,

    1. කලින් සිටි 2/3 තවමත් එක පක්ෂයක් ලෙස මහින්ද ව්ඣෙනුවෙන් වැඩකරන බවද?
    නැත්නම්,
    2. එ.ජා.ප.ය මහින්ද සමග එක්වී, දෝෂාභ්යෝගයක් ගෙනැවිත් සිරිසේන ගෙදර යවන බවද?

    කොහොමද හිතන්නේ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා