එක්සත් ජාතීන්ගේ ලේකම් ජනරාල් පදවියට තරග කළ ජයන්ත ධනපාලට අස් වෙන්නැයි මහින්ද බලපෑම් කළාලු

කොරියාවේ කියැංනෑම් (Keangnam Enterprises, Ltd.) නම් සමාගමේ නැසී ගිය ප්‍රධානි සුන් වෝන්ජුන්ගේ (Sung Woan-jong) ඉල්ලීම පරිදි ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ ලේකම් ජනරාල් තනතුරට පත් වන්නට තරග කළ ප්‍රවීණ ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රිකයකු වන ජයන්ත ධනපාලට තරගයෙන් ඉල්ලා අස් වන්නට බලපෑම් කර ඇති බව වාර්තා වේ. 

ලංකාවේ මිනිහෙකුට එවැනි තනතුරකට පත් වන්නට උදව් කරනවා වෙනුවට කොරියාවේ සමාගම් ප්‍රධානියකුගේ උවමනාව පරිදි ලංකාවේ දේශප්‍රේමී ජනාධිපතිවරයා කොරියානුවකු වූ බෑන් කී මූන්ට එක්සත් ජාතීන්ගේ ලේකම් ජනරාල් තනතුරට පත් වීමට උදව් කිරීම බරපතල ගැටලුවකි. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් ජනරාල් තනතුර සඳහා මෙම නිලවරණය පැවතියේ 2006දී ය. මහින්ද රාජපක්ෂගේ අන්තේවාසිකයකු වන විමල් වීරවංශ පසු කලෙක බෑන් කී මූන්ට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට එරෙහිව උපවාසයක් ද කළේ ය. 

කියැංනෑම් සමාගම ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කොන්ත්‍රාත්වල යෙදුණු කොරියානු සමාගමකි. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමග තමන්ගේ සමීප සම්බන්ධයක් තිබුණු බව සුන් පවසා තිබේ. 

සුපුරුදු ලෙස මේවා මඩ යයි නො කියන්න. මෙය පළ වුණේ කොරියානු පුවත්පතක ය. එහේ මිනිසුන්ට මහින්ද රාජපක්ෂට මඩ ගහන්නට උවමනාවක් නැත. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේක බටහිර නෙවෙයි නැගෙනහිර කුමන්ත්‍රනයක්

    ReplyDelete
  2. මේ පාර නෙමෙයි ඊට කලින්පාර ක්‍රිකට් ලෝක කුසලානය තිබුන වෙලේ ෆයිනල් ආවේ ලංකාව සහ ඉන්දියාවනේ. මේකේ අන්තිම මැච් එක තිබුනේ ඉන්දියාවේ. මරාත් ගියා ඕක බලන්න.

    පොර එහෙ ගිහිල්ලා ඒ මැච් එක යන වෙලෙත් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට තර්ජනය කරලා තිබුනා මැච් එක පරදින්න කියලා. ඔය මැච් එකේ ලංකාව මුලින් හොදට සෙල්ලම් කළා. ඊට පස්සේ තරගය අතරතුරේ ලැබෙන පොඩි පොඩි විවේකයන් අතරදිත් මරා අපේ ක්‍රීඩකයන්ට තර්ජනය කළා මේක දිනන්න එපා, දින්නොත් ලංකාවට ආවම බලාගමු කියල. මෙතනදීත් එක්කෝ මරා මේ වගේ දෙයක් කලේ ඉන්දියනු ප්‍රභාලයන්ගේ, බුකි කරුවන්ගේ උවමනාවට.

    ReplyDelete
  3. ඒතනදි මහින්ද මහත්තයගෙ පැත්තෙන් මහින්ද මහත්තයා හරි. මොකෝ ධනපාල උන්නැහේ සභාපති උනා නම්, ජාත්‍යන්තරයේ කතා බහට ලක් වන්නේත් ගෞරවයට පාත්‍ර වන්නෙත් උන්නැහේ. ඒක මහින්ද මහත්තයට හරි නෑ. ඒවා මැනේජ්මන්ට් ටැක් ටික්ස්. දැන් ඉන්න උන්නැහේ නොදන්නෙත් ඒවා. ඒකනේ රටෙන් භාගයක් තවමත් මහින්ද මහත්තයා ජනාධිපතිය කියලා හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. Ekenma ++++ mama me beluwa kastiyama liyanawa hoogala.. Mokakda wasanthayaklu. Iyene danne upashanthage blog eken. Kastiyatama jaya sibha pathanawa..

      Delete
  4. කෝ මේ හැම එකටම බුරාගෙන පනින මහින්දගේ පුත්තු

    ReplyDelete
    Replies
    1. සාගල උදේට වසිකිලියේදී රනිල්ගේ වෙන්න පුත්තු තටමල එලියට අරිනවලු... කලාමදිරියෝ උඹත් එයින් එකෙක් ද ??

      පැරා මේක දායිද දන්නේ නැහැ හිකිස් ...

      Delete
    2. මහසෝන් නලීන් සිල්ව වගේ වෙලා

      Delete
  5. මේ කතාව අර්ධ සත්‍යයක්.

    ධනපාල ඉවත් වුණේ මහින්දගේ උවමනාවට හා බැං කි මුන්ට අවස්ථාව ලබා දීමට තමයි. ඒ පිණිස ඔහුට (හා ලංකාවට) යම් දොළ පිදේනියක් ලැබුණා. ලංකාවට රැකියා අවස්ථා දහස් ගණනක් හා ප්‍රධාන පෙළේ පරිගණක ව්‍යාපෘතියක් හිමිවුණේ මේ නිසයි. මහින්දට පෞද්ගලිකව කවරක් ලැබුණාද මා දන්නේ නැහැ.

    හැබැයි අනෙක් අතට ජයන්ත ධනපාල තරගයේ හිටියාය කියලා දිනන්නේත් නැති බව සහතිකයි. මේවා තීරණය වන්නේ එක් එක් රටවලට ඡන්ද මිළයට ගැනීමට ඇති හැකියාව මතයි. ධනවත් රටක් වූ කොරියාවට අපට වඩා ඒ හැකියාව තිබුණා.

    ඒ අතින් මහින්ද කළේ ගලා යන වතුරින් දිය දෝතක් ගන්නවා වගේ වැඩක්. ඒකෙ වරදක් මා දකින්නේ නැහැ. නමුත් අර වීරවංශ රිළවා නටාපු උපවාස නාඩගම නම් හිරිකිතයි.

    ReplyDelete
    Replies
    1. // මේවා තීරණය වන්නේ එක් එක් රටවලට ඡන්ද මිළයට ගැනීමට ඇති හැකියාව මතයි. //
      Is Ghana (Kofi Annan's country) a rich country in Africa?

      Delete
    2. No Kofi Annan supported the Bombing of Bosnia, what US wanted. The UN Secretory general post is 'usually' allocated to each continent. That was Africa's turn and then it was Asia's turn. Although, Chandrika reluctantly supported Jayantha D., she even could not get the support of India. So Jaanyantha D was the least preferred candidate to be UN Sec. Gen.

      Delete
  6. මම නිකං අහලා තියෙන කතාවල හැටියට ජයන්ත ධනපාල දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වුණත් කොටි සංවිධානයට යම් අවනතවීමක් පෙන්නුම් කළ කතා එහෙමත් ආරංචි වෙලා තියෙනවා.

    ReplyDelete
  7. මහින්ද එහෙම දෙයක් කෙරුවා වෙන්න පුළුවන්.මහින්ද ජයන්ත ධනපාලට ඉල්ලා අස්වෙන්න කිව්වේ කොරියාවෙන් කුට්ටියක් එහෙම අරගෙන වෙන්නත් බැරි නැහැ.

    ReplyDelete
    Replies
    1. අපිටත් ආසයි ඔය කුට්ටි හංගල තියෙන තැන් වල විස්තර දැන ගන්න. උඹලගේ පොයි ආණ්ඩුවක් නේ තියෙන්නේ .. හොයල අපිටත් කියහල්ලකෝ.... පොන්න කමට කුට්ටි කථා දදා ඉන්නේ නැතුව.

      Delete
    2. මහින්ද විතරක් නෙවෙයි ඕනෑම හොරෙක් හොරකම් කරපුවා හොයන්න ලේසි නැහැ. එක්කෝ වියදම් කරනවා. නැත්නම් හංගනවා. මහින්ද කියන්නේ හොරුන්ගෙත් සීසන්ඩ් හොරෙක්. එයා හංගපු සල්ලි හොයා ගන්න ටිකක් කල් යාවි.

      Delete
    3. ඉවසන්න, ඒවා ජන්ද ස්ටෙජ් වලදී හොට් හොට් නිවුස් හැටියට ගෙන්න තියාන ඉන්නේ ...

      Delete
    4. @ මහසෝන් උඹලා මෙහේ කියනවා කුට්ටි හංගල තියෙන තැන් වල විස්තර හොයාන් කියලා.එව්වා හොයන්න යනකොට පොඩි වුන් වගේ අඬනවා කලගුණ සලකන්නේ නැහැ කියලා.අන්න මහින්දව අල්ලස් එකට එක්ක එන්න එපා පව්ලු කිය කියා බයියෝ වැලපෙනවා හිටං.ඉතින් කොහොමැයි හොයන්නේ ඔව්වා:D

      Delete
    5. ඕනෑම දේශපාලන පක්ෂයක් තමන්ගෙ විරුද්ධවාදියාගෙ මිස්ටේක්ස් වලින් ප්‍රයෝජන ගන්නවා. රනිලුත් එහෙම බලාපොරොත්තු වෙනවා නම් වැරද්දක් නැහැ. හැබැයි මහින්ද ලොක්ක්කට නම් අමුඩෙත් නැතුව තමයි යන්න වෙන්නෙ දූෂණ සීන් කෝන්ස් එක එක එළියට එනකොට...

      Delete
    6. @Manoj Fernando
      දේශපාලන අනාථයෝ කියල උඹලම කියන උන්ට බය වෙන්නේ මොකටද බං. උන්ට ඕන මගුලක් කර ගන්න දීපල්ලා. උඹල නිතිය යුක්තිය ක්‍රියාත්මක කරහල්ලකෝ පොයි වෙන්නේ නැතිව.... නටන්න බැරි කමට පොලව ඇදයි ගහන්නේ නැතුව.දුෂිතයෙක් නං දඬුවම් කරනවට අපිත් එකඟයි.

      හැබැයි රාජිත දත් ගලෝල නැව් ගත්ත හැටිත් හොයමුකෝ හිටං

      Delete
    7. පොඩි හොරුන්ට කලින් ලොකු හොරු ගැන හොයමුකෝ හිටං...

      රාජිත කියන්නෙ ගූ බෙට්ටක් නම් මහින්දලා ගෝථාභයලා කියන්නෙ ගූ ලොරිනෙ...

      Delete
    8. @Manoj Fernando
      අඩු ගානේ උඹහේ දන්නවද මහින්දට අල්ලස් එකට එන්න කියල තියෙන්නේ මොකද කියල. ? අනේ මන්ද උඹහේ නං රියල් මාන්දමික ටොයියෙක්.

      පොයියන්ගේ කුට්ටි ගැනීම ගැන හතර හිනා විහිළු. බලා හිනැහෙන්නට ...

      බිලියන ගන්නේ ගහපු හොරු අල්ලනවා කියල මේ වගේ ප්‍රාථමික ගොං ජෝක් දාල රවට්ටන්න පුළුවන් ඉතිං ලංකාවේ ටොයි පොයි බබ්බුන් විතරයි

      Delete
    9. @මසොපි,
      මොකෑ මම නොදන්නේ එන්න කියලා තියෙන්නේ තිස්සට දීලා තියෙන ඇමතිකම ගැන ප්‍රශ්න කරන්නලු නේ.
      මම නම් හැබැයි කියන්නේ ඔය වගේ සිඟිති වැඩ ගැන නෙමේ ප්‍රශ්න කරන්න ඕනේ හිටං අර රතුපස්වල කොල්ලෝ මරවපුවා,කටුනායක රොෂේන් චානකලා මරවපුවා,අලුත්ගම සිද්දිය ගැන හිටං ප්‍රශ්න කරන්න ඕනේ.

      රාජිත දත් ගලෝල නැව් ගත්ත හැටිත් හොයන්න ඕනේ තමයි හිටං.හැබැයි ඉතින් මහින්දගාව ඉන්න ඔය කොට නැව් ගත්තු හැටි හොයන්න අමතක වෙච්චි එකනේ වැඩේ හිටං.

      Delete
    10. මහින්ද හොර කරලා නැත්නම්, අනේ සුදු කොකෙ වගේ සුදුයි නම් ඇයි මසොපිලාට චූ යන්නෙ මහින්දගෙන් ප්‍රශ්න කරනවා කියන කොට?

      Delete
  8. මහින්ද ඉන්නකං පැරාට ලිපි ලියන්න මාතෘකා වල අඩුවක් නැහැ.. මුකුත්ම නැත්නං "ලු" යන්නක් හරි හොයා ගන්න පුළුවන්. බඩ ගොස්තර වාදයට .. ජයවේවා :)

    ReplyDelete
    Replies
    1. පැරා ඉන්නකං මහසොහොන් පිල්ලියta comment ලියන්න මාතෘකා වල අඩුවක් නැහැ "ලු"

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා