කුරුණෑගලදී රැස්වීම මහින්ද - එජාප සැලැස්මේ ජයමාවතයි

අද දින කුරුණෑගලදී පැවති ශ්‍රීලනිප බලමණ්ඩල රැස්වීම අතිශය ප්‍රචණ්ඩ ස්වරූපයක් ගෙන ඇති බව වාර්තා වේ. පොල් තෙල් පහන දැල්වීමට හිටපු ශ්‍රීලනිප නායිකා හා ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ආරාධනා කරන විට සභාවේ සිටි පළාත් පාලන මන්ත්‍රීන්ගේ නායකත්වයෙන් ඇයට හූ තබන ලදී.

ඇය පිටව යද්දීත්, අැය වට කරගත් ශ්‍රීලනිප පාක්ෂිකයෝ පිරිසක් හූ කී හ. මෙම හූ කීම සංවිධානය කර තිබුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් බව වාර්තා වේ.

ඔහු සමග තරගකාරී මහ ඇමති දයාසිරි ජයසේකර රැස්වීම අමතමින් ජයග්‍රහණය සඳහා මහින්ද අවශ්‍ය බව අවධාරණය කළේ ය.

මහින්ද නැවත බලයට පත් කිරීමේ රැළි මාලාවේ මීළඟ රැළිය කුරුණෑගලදී පැවැත්වීමට නියමිත අතර එය ශ්‍රීලනිපය කඩා බිඳ දැමීමේ එජාප - මහින්ද සැලැස්මේ තීරණාත්මක අදියරක් බවට පත් කර ගන්නට බලාපොරොත්තු වන බව දැන ගන්නට තිබේ.

මේ වෙනුවෙන් මහින්ද හා ඔහුගේ දූෂිත ගෝලබාලයන්ට එරෙහිව ඇති දූෂණ, අපරාධ චෝදනාවලින් මුක්තිය ලබා දීමට සූදානම් බවක් එජාප නායකත්වය විසින් පෙන්වන ලදී. එහෙත්, මේ වන විට මහින්ද බලවේගයේ නැගී ඒම හා ප්‍රචණ්ඩත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂය ද මහින්දට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක සිටින බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග පවසයි.

කුරුණෑගල රැස්වීමේදී මතු වූ තත්වය හමුවේ ශ්‍රීලනිප නායකත්වය නුදුරේදී ම මහින්දට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ ඇති බව ද, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයාට එරෙහිව ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා උපකාර කිරීමට කොටි සංවිධානයෙන් මුදල් ලබා ගැනීමේ චෝදනාව යළි විමර්ශනය කිරීමට ඉඩ ඇති බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. යහපාලන පොයියන්ට වහකදුරු වූ අස්ගිරි පාර්ෂවයේ මහ නායක හාමුදුරුවන් වහන්සේ අපවත් වෙලා නෙව...
    අස්ගිරිය විතරක් නෙවෙයි මල්වත්ත ගැනත් මටනං සෑහෙන්න විවේචන තියෙනවා... මල්වතු පාර්ෂවයට මමත් කාලයක් සම්බන්ධ වෙලා හිටිය හින්දා අස්ගිරි පාර්ෂවයටත් වඩා ඒ ගැන ලියන්න කියන්න කතා එමට තියෙනවා උනත් බුදු දහම කියන්නේ අස්ගිරියයි මල්වත්තයි නොවන බව දන්න හින්දා ඒවා ලියලා පලක් නැහැ.
    කොහොම උනත් අස්ගිරි නායක හාමුදුරුවෝ ගැන වචනයක් කියන්නම ඕන... ඒ තමා දැන් ඔය පළු යන්න උන්වහන්සේට වැරදි ආඩපාලි කියන බුකියේ ඉන්න යහපාලන පොයියන්ගෙන් ඉතාම ලාබාල නඩේ නොදන්න කාරණාවක් වෙච්ච අස්ගිරි නායක හාමුදුරුවෝ කියන්නේ පට්ට යූඇන්පී පාක්ෂික හාමුදුරු නමක්ය කියන එක. දැනට වසර දහයකට දොලහකට කලින්අතීතය දන්න අයනං දන්නවා අස්ගිරි හාමුදුරුවෝ ඇවිල්ලා මොන තරං යූඇන්පී අරටුවක්ද කියලා... ඒ කාලේ මල්වතු පාර්ෂවය ශ්‍රීලංකා නිදහස් පක්ෂයටත්.. අස්ගිරි පාර්ෂවය යූඇන්පියටත් සින්නක්කර ලියලා දීලා තිබුනේ..
    දැන් ඔය මෑතකදී ඉදලා ජහපාලන නඩේ වීර හිමිනමක් වෙච්ච මල්වත්තේ මහනායක උන්නාන්සේ ඇවිල්ලා දැනට අවුරුදු දහයකට එහා පැත්තේ බැලුවොත් පට්ට සිරිලංකා කාරයා... තරුණ කාලේ ශ්‍රීලංකා එකට බැහැලා වැඩ කරපු කෙනෙක්... ටිකක් හොයා බැළුවොත් ඒවා දැන ගතෑකි. හැබැයි සිරිමාවෝ මැතිණියට පණ ඇරලා.. ඒ පුරුද්ද හින්දම උන්නාන්සේ චන්ද්‍රිකාට අනුරට එහෙමත් ලෙංගතු වෙලා හිටියා.. පස්සෙන් පහු චන්ද්‍රිකාව කැපිලා මහින්ද උඩට ආවට පස්සේ ටිකක් හිත අමනාපෙන් හිටියා.. මහින්දත් ඉතිං ඒවට ලුනු ටිකක් ඉහපු හින්දා උන්නාන්සේ මහින්දගෙන් අහකට ගෙහුං කෙලින්ම යූඇන්පියට කත් අදින්නත් අමාරු හින්දා ෆොන්සේකා හරහා මෛත්‍රී හරහා මහින්ද විරෝධී පාරක ගමන් කරමින් ඉන්නවා.. ඒ කිව්වේ මල්වත්තේ නායක හිමියන්ගේ කතාව කෙටියෙන්...
    අස්ගිරි හාමුදුරුවන්ගේ වත ඔයිට පොඩ්ඩයි වෙනස් වෙන්නේ.. උන්නාන්සේ පාරම්පරික යූඇන්පී පාක්ෂිකව ඉදලා ඇයි අවසානය වෙද්දි යූඇන්පීය අතෑරලා මහින්ද පැත්තට නැවෙන්නේ...
    ඔය දෙදහස් පහේ ජනාධිපතිවරණයේදී අපේ අර සුප්‍රසිද්ද ව්‍යාපාරික ගොයියා වෙච්ච කොතලාවල උන්නැහේ ලොකු ගේමක් දුන්නා මහින්ද පරද්දවන්න. ඒ කාලේ වෙද්දි පෙන්තකොස්ත සභාවේ ප්‍රධාන දායකයා වෙමින් සෙසු කතෝලිකයින්ටත් පහර ගසනා ගමන් ලංකාව තුල බුදු දහම නැති බංගස්ථාන කරන්න බොහෝම සූක්ෂම ගේමක් ගෙනිච්ච දුෂ්ඨ පුද්ගලයෙක් තමා ඔය ගොයියා.. අද තටු කැපිලා පැත්ත දාලා ඉන්න කොටනං නිකං සිල්වත් උපාසක වගේ හැසිරුනාට.. සල්ලි වලින් මත් වෙලා ලංකාවේ ආණ්ඩුවත් මට්ටු කරන්න තරං ඔළුව උදුම්මගෙන් හිටියේ. ආන්න ඒ ගොයියා දෙදහස් පහේ ඡන්දේ වෙලාවේ ලංකාවේ සියළුම පත්තරවල සම්පූර්ණ පත්තර පිටුවක් බදු අරං දැන්වීම් පෙලක් දැම්මා.. ඒවා සකස් වෙලා තිබුනේ ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයින්.. ආගමික නායකයින් වගේ අය විසින් නිකුත් කරන ලද මාධ්‍ය දැන්වීමක් වැනි දෙයක් පිටුව පුරා විශාල ලෙසින් පල කිරීම.. ඒ මාධ්‍ය දැන්වීම් වලින් කෙලින්ම නොකියා වටේ යවලා කියන්නේ එකම පණිවිඩයයි.. ඒ තමා “මහින්දට දෙන්න එපා.. රනිල්ට දෙන්න“ කියන එක... ඇයි එහෙම මහින්දට දෙන්න එපා කියන්නේ කියන එකට ඒ ඒ පුද්ගලයා අයත් කොට්ඨාශයට මහින්දගෙන් කරදර වෙන්න පුළුවන් ඒත් රනිල් එහෙම නැහැ කියලයි හේතු දැක්වූවේ...

    ReplyDelete
    Replies
    1. ඔය අස්ගිරි මල්වතු කෝටිගානක් දේපල ඔක්කොම ආණ්ඩුවට පවරගන්න ඕන.

      Delete
  2. අනේ අපේ අස්ගිරි හාමුදුරුවන්ගේ නමිනුත් මෙහෙම ප්‍රකාශයක් සියළුම පත්තරවල පිටුවක් පුරා කොතලාවලගේ අනුග්‍රහයෙන් පල උනා... ඔන්න ඔතන තමා අස්ගිරි හාමුදුරුවන්ගේ වෙනස් වීමේ මුල ඇරඹුනේ... කතෝලික පූජකවරු ලවා මහින්ද එපා.. මහින්ද බෞද්ධයින්ට විතරයි හොද කියලා කියවද්දී.. අස්ගිරි හාමුදුරුවෝ විතරක් බෞද්ධයින්ටත් මහින්දට දෙන්න එපා කියලා කියන්න ගත්තම වැඩේ අවුල් ගියා... කොහොම හරි වැඩේ අවුලක් කියලා තේරුන අස්ගිරි හාමුදුරුවෝ පස්සේ ඒ ලියවිල්ල වැරදි සහගත එකක් කියලා ප්‍රසිද්ධියේ සමාවත් ඉල්ලුවා.. කොතලාවල විසින් තමාව රවටලා වෙනත් ප්‍රකාශයක් අරං ඒය වෙනස් කරලා දැම්මාය කියලා.. කොහොමින් හරි මහින්ද දිනුවා... හැබැයි මහින්ද දිනුවට පස්සේ අර වගේ ප්‍රකාශයක් කලා කියලා අස්ගිරි හාමුදුරුවෝ එක්ක උරණ නොවී සතුරාව මිතුරුකමින් දිනාගන්නා තැනට ගියා... කවදාවත් සිරිලංකාඑකට හොදක් නොකිව්ව අස්ගිරි නායක හාමුදුරුවන්ව වඩ වඩාත් ලංකරගත්තා.. අර සීන් එක අමතක කරලා උන්නාන්සෙට උවමනා දේවල් සපයලා දානයෙන් දිනා ගත්තා.. ( ඔය සීන් එකත් මල්වත්තේ උන්නාන්සේට ඇහට ඇසිඩ් ගැහුවා වගේ උනා... උන් වහන්සේ බලාපොරොත්තු උනේ වෙන දෙයක්.. ඒත් මහින්ද කලේ වෙන දෙයක්...) අනිත් පැත්තෙන් අස්ගිරි හාමුදුරුවන්ට ඒ වෙද්දි රනිල්ව එපා වෙමින් හිටියේ... දෙදහස් පහේ මහින්දට ජය පිරිත කියන්න සුගතදාසෙට හාමුදුරුවරු පන්දහක් වැඩම කරද්දි රනිල්ගේ වේදිකාවල හිටියේ සාමනේර හිමිවරු නමක් දෙනමක් සහ බංගලි හාමුදුරුවරු කිහිපදෙනක්.. රනිල්ගේ රැස්වීම් වලට වඩින්න කිව්වම පන්සල්වල නායක හාමුදුරුවරු ඔය ඉන්න ගෝලයෝ දෙතුන් නමක් දීලා උන්නාන්සෙලා නොයා හිටින තත්වේ හිටියේ.. එහෙම කාලෙක අස්ගිරි හාමුදුරුවන්ට රනිල් එපා වෙන එක අහන්න දෙයක් නෙවෙයිනේ..
    කොහොමත් රනිල්ගේ එජාප නායක යුගය කියන්නේ ඩීඑස් සේනානායක යුගයේ හිටං හිටපු පට්ට යූඇන්පී කාරයොත් මහින්දගේ ආධාර කාරයෝ කරවපු යුගයක්.. පන්සල්වලටත් මේ තත්වය වෙනස් විදියකට බලපෑවේ නැහැ... ඔය කොළඹ හුණුපිටියේ ගංගාරාමේ ගලබොඩ ඥාණීස්සර පොඩි හාමුදුරුවෝ වගේ යූඇන්පී ගල් පිලිමත් මහින්දට හේත්තු වෙද්දි අස්ගිරියේ සිද්ධ උන දේ ලොකු පුදුමයක් නෙවෙයි.. ඒ තරමටම රනිල් හා රනිල්ගේ ගෝල නඩය විසින් සිංහලයාව.. බෞද්ධයාව තුට්ටු දෙකට දැමීම ඒ අය තේරුම් අරං හිටියේ... ඉතිං අවසානයේදී රනිල්ගේ වැරදි හින්දත්.. මහින්දගේ පරණ වැරදි අමතක කිරීමේ ගතිය හින්දාත් අස්ගිරි හාමුදුරුවෝ මහින්දට හිතවත් උනා... තවත් යූඇන්පී බල අරටුවක් මුදුන් මුලත් පිටින් ගලවලා ගියා... හැබැයි ඒ අස්ගිරි හාමුදුරුවන්ගේ වරදක් හින්දා නෙවෙයි.. තනිකරම රනිල්ගේ වරද හින්දා වෙච්ච දෙයක්... ඔය අතරේ තව හැට හුටහමාරක් අතුරු කතා පරි කතා තියෙනවා.. ඒත් ප්‍රධානම ලයින් එක ඕක තමා...
    කොහොම උනත් දැන් උන්නාන්සේ අපවත් වෙලා...
    මම මේ ටික කිව්වේ වෙන මගුලක් හින්දා නෙවෙයි.. මං දැන් කිහිප පොලකම දැක්කා උන්නාන්සේගේ පැටිකිරිය නොදන්න යහපාලන පොයි දරුවෝ ටික උන්නාන්සේ අපවත් වෙච්ච වෙලාවේ හිටලත් උන්නාන්සේ පට්ට සිරිලංකාකාරයෙක් හරි.. පට්ට මහින්ද වාදියෙක් හරි කියලා හිතං අපවත් වෙච්ච හාමුදුරුවන්ටත් නෙලනවා හිටු කියලා... ඒත් උන්නාන්සේ එහෙම මහින්ද වාදියෙක්වත් සිරිලංකා හිතවාදියෙක්වත් නෙවෙයි.. උන්නාන්සෙත් බොලාලගේම පාක්ෂික මහනායක හිමිනමක්ම තමා... කලින් හිටපු හොදම යූඇන්පී හිතවත් හිමිනමක් බවත්.. රනිල්ගේ වරදින් පොයියන්ට අහිමි වූ හිමිනමක් බවත් දැන කියාගෙන.. දැන්වත් ඔය කරන අවලාද නවත්තලා නිකං පවු පුරෝ ගන්නේ නැතිව... උන්නාන්සෙට නිවන් සුව පතහල්ලා...
    උන්නාන්සේ කොයි පැත්තේ කොහොම කෙනෙක් උනත් ඔන්න අපිනං උන්නාන්සෙට අජර අමර නිවන් සුවය හිමි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
    මෙව්වා කියන්න උනේ අපවත් වෙච්ච හිමිනමකට හරි දියයුතු ගෞරවය ලබා දෙන්න දේශපාලන අදහස් හින්දා නොහැකි වෙලා ඉන්න පොයි මල්ලිලගේ දැන ගැනීමට විතරයි... අනිත් අය නොසලකා හරිත්වා...
    සියම් නිකායේ අස්ගිරි පාර්ෂවයේ ගරු මහනායක... උඩුගම බුද්ධරක්ඛිත හිමිපාණන්ට නිවන් සුවයම සාක්ෂාත් වෙත්වා..!

    ReplyDelete
  3. උං තුන්ගොල්ල ම, එනම්, යුඇම්පීකාරයින්, මරාවාදීන් සහ අවශේෂ සිරිලංකාකාරයින්, එක වල්ලේ පොල් බව බහුතරයක් ජහමනයා විසින් අවබෝධ කරගෙන තම ඡන්දය පාවිච්චි කළායින් පසුව පමණක් ලංකාවට සුගතිය උදාවෙනු ඇත!

    ReplyDelete
  4. //මහින්ද බලවේගයේ නැගී ඒම හා ප්‍රචණ්ඩත්වය//

    ශික් පැරා මල්ලි, ඔය හූ කියපු එකට "ප්‍රචණ්ඩත්වය" කියල කියනවනම් පැරා ගේ රනිල් ගොයියල ඒ කාලේ දුන්න සැප වලට කියන්නේ මොකක්ද?

    -ප.ගෝ.

    ReplyDelete
  5. පාර්ලිමේන්තුවේ කොඩුකාරයෝ 50 - 60 ක පැන්ෂන් එකට සොරි හෙඳේ.

    ReplyDelete
  6. පැරාලාගෙ අත් පොලසන් මැද කොටින්ට රටෙන් කෑල්ලක් දෙන්න වලි කාපු නූතන දොන කතිරිනාට, ජනාධිපතිදූරය අවසානයෙ එන්ගලන්තෙ මාලිගයක් මිලට ගත්තු චෞරිට හූ තියන්න යහපාලන ජොන්ස්ටන්ගෙ කට්ටිය මොකටද? කුරුනෑගල කියන්නෙ දෙශප්‍රෙමී ලාන්කිකයො ඔනටවත් වඩා ඉන්න පැත්තක්.

    ReplyDelete
    Replies
    1. // කුරුනෑගල කියන්නෙ දෙශප්‍රෙමී ලාන්කිකයො ඔනටවත් වඩා ඉන්න පැත්තක්.//

      සුවර් ද ?

      මම දන්න කුරුනෑගල -

      කුරුනෑගල කියන්නෙ වියලි කලාපයට බර TV බලා , කටවුට් වලට හිරි වැටී , වාචාලයන්ට රැවටී , අතින් කාලා හරක් බලා පුක නැතිකර ගැනීමට උනන්දුවක් දක්වන, යාන්තමට තුන් වේල සප්පායම් කරගන්නා ,ගැමි ඡන්දදායකයින් ඔ්නටවත් වඩා ඉන්න පැත්තක්.‍
      ජීවනොපායක් ලෙස විශාලපිරිසක් අරක්ෂක අංශ වල රැකියා කරයි.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා