රැාජපක්ෂ ආණ්ඩුව නිර්මානය කළ ව‍රාය නගර අවුලෙන් ගොඩ එන්නට මුල සිට සිතා බැලිය යුතු ය

කොළඹ වරාය නගරය පිළිබඳ ලියැවී තිබෙන මේ සමග සම්බන්ධ කර තිබෙන වාර්තාව හා අපට ලැබී තිබෙන තොරතුරුත් අනුව වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙන්නේ පුද්ගලයන් කීපදෙනෙකුගේ උවමනාවට ය. රටට, ජනතාවට, පරිසරයට පමණක් නොව ස්වෛරීත්වයට බලපාන කාරණා රැසක් ද සැලකිල්ලට ගෙන නැත. 

වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මතු වන මූලික ගැටලුවක් වන්නේ නිසි පාරිසරික ඇගැයුම් වාර්තාවක් ලබාගෙන නැති වීමයි. 

මෙම ව්‍යාපෘතිය සම්බන්ධ පාරිසරික ඇගැයීමක් සපයන එක ම නිල ලේඛනය ලෙස සැලකෙන මොරටුව විශ්වවිද්‍යාලය විසින් සපයා තිබෙන වාර්තාවෙන් පවා විශ්ලේෂණය කර තිබෙන්නේ කොළඹ නගරය ආසන්නයේ මුහුදේ ගොඩකිරීමක් සිදු වුවහොත් එහි ප්‍රතිඵල පමණක් බව වාර්තා වේ. වරාය නගරයක් ඉදි කිරීමේදී ඇති වන පාරිසරික බලපෑම පිළිබඳ එහිදී ඇගැයීමක් කර නැත. 

ගිවිසගෙන තිබෙන ආකාරයට මෙම නගරයේ ඉඩම් චීනයට භාර දුන්නා නම් ඇති වන නීතිමය ගැටලු පිළිබඳ අධ්‍යයනය කර නැත. අපේ රටේ ඉඩම් වෙනත් රටකට සින්නක්කර අයිතිය සහිතව ලියා දීම රටේ ස්වෛරීත්වය පාවා දීමකි. රාජපක්ෂ අනුගාමිකයන්ගේ වචනවලින් කියනවා නම් 'මව්බිම පිටදේසක්කාරයන්ට පාවා දීමකි'.

එ‍සේම, මෙම අලුත් නගරය පාලනය වන්නේ කොළඹ මහ නගර සභාවෙන් ද, නැතිනම් අන් කුමකින් ද යන්න පවා ගැටලු ය. එතැනට බලශක්තිය හා ජලය සපයා ගන්නේ කෙසේ ද? මෙම කරුණු පිළිබඳ නිල ලේඛන නොමැති බව මෙම ලේඛකයා පවසයි. 

මෙවැනි ගැටලු පිළිබඳ නිශ්චිත තීරණයකින් තොරව වරාය නගරය ඉදි කිරීම නැවත ආරම්භ කළ නො හැකි තත්වයක් මතු වී තිබේ. එසේ කරන්නට ඉඩ දිය යුතු ද නැත. 

මෙය චීනයත් සමග රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත් වේ නම් එයට වගකිව යුත්තේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. එම තත්වය වළක්වා ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ යුතු ය. 

මේ අතර විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ෆ්‍රයිඩේ ෆෝරම් නම් විද්වත් සංසදය විසින් ද පෝට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආණ්ඩුව හා අදාළ චීන සමාගම අතර එළැඹ තිබෙන ගිවිසුම් හා එයට පසුබිම් වූ ඇගයීම්, නියාමන නිගමන ආදී ලේඛන මහජනතාවට පරීක්ෂා කළ හැකි පරිදි හෙළිදරව් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි. 

කෙසේ වෙතත්, මෙම ඉඩම් ගොඩකිරීම ගැන නැවත මුල සිට ම සිතා බැලිය යුතුව තිබේ.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පොර්ට් සිටියේ තියෙන ප්‍රධාන අවුල් දෙකක් තියෙනවා. එකක් තමයි මේකේ කොටසක් චීන රජයට සින්නක්කර හිමිවීම. ඒ කියන්නේ චීනයට හිමිවන ඉඩමේ ඒ අයට පුළුවන් ඕනි දෙයක් කරන්න. මේකට ඉන්දියාව කොහොමත්ම කැමති වෙන්නේ නෑ, ඉන්දියාව තරහ කරගත්තම වෙනේ දේ අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. ඒ වගේම මේකේ ප්‍රමාණය ඔය කියනවට වඩා අක්කර කිහිපයක්ම විශාලයි කියලයි කියන්නේ. අන්න ඒ අතිරේක භුමි ප්‍රමාණයට හිමිකම් කියන්නේ කවුද කියලත් ප්‍රශ්නයක් තියෙනවා. කොමිස් කාක්කන් වෙන්නත් පුළුවන්.

    මේකේ තියෙන දෙවැනි ප්‍රශ්නේ තමයි පාරිසරික බලපෑම. මේ ඉදිකිරිම නිසා ඒ අවට මුහුදේ රැලේ වේගය,ඉහල නැගීම වැඩි වෙන්න පුළුවන් කියලයි කියන්නේ.

    අන්න ඒ කාරනා දෙක ගැන අවධානය යොමු කරලා, ඒ අඩුපාඩු හදාගෙන මේක කලාට කමක් නෑ. චීනයට හෝ වෙන කිසිම රටකට මේකේ ඉඩම් සින්නක්කර ලබා නොදිය යුතුය. අවශ්‍ය නම් දීර්ඝ කාලයක් මේ ඉඩම් බදු දුන්නට කමක් නෑ. ඒකට ඉන්දියාවට මොකුත් කියන්නත් බැහැ.

    හැබැයි පොර්ට් සිටියේ ඇති දුර්වලතා ගැන ලියන මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන සියලු දෙනාම මේ චීන සමාගම විසින් මුදල් ගෙවා භාගෙන ඉවරයි. සමහර මාධ්‍යවේදීන්ට විදේශ සංචාර පවා දීලා. අනික පොර්ට් සිටියේ හොද කියන දැන්වීම් සියලුම පත්තර වල දමන්නත් මේ චීන සමාගම් ක්‍රියාකරමින් සිටින්නේ. ඒ දැන්වීම් නිසා ලැබෙන මුදල් නිසාත් මාධ්‍යය ආයතන මේකේ නුගුණ ගැන කතා කරන්නේ නෑ.

    අද දිවයින පත්තරේත් පොර්ට් සිටියේ ගුණ ගයමින් ලිපියක් ගිහිල්ලා තියෙන්නේ. කුට්ටියක් හම්බ වෙනවා නං ඕනිම දෙයක් කරන,ලියන ජඩමාධ්‍යකරුවන්නේ ලංකාවේ ඉන්නේ. මේ ගැන පැරා දන්නේ නැද්ද?

    පොර්ට් සිටිය නිසා ලංකාවට මුහුණ දෙන්න වෙන්න විදේශ බලපෑම ගැන වචනයක් වත් නොකියා, එකේ ගුණ විතරක් ගයමින් දිවයින ජඩමාධ්‍යයේ පලව ඇති ලිපිය

    ReplyDelete
    Replies
    1. තුෂාරී කළුබෝවිල දන්නේ නැත්නම් එයාගේ අම්මගෙන් හරි අහල දැනගන්න ඕන හම්බන්තොට වරාය මත්තල ගුවන් තොටුපොල වගේ "මහින්ද චින්තන" ව්‍යාපෘතිවල රැකියා වලට මොකද වුනේ කියල.

      Delete
    2. මාර සැට් එකක්වනේ තුෂාරී ඉන්ටර්වීව් කරල තියෙන්නේ පෝට් සිටිය වගේ එකක් ගැන ආටිකල් එකක් කරන්න.. අහෝ! ලංකාවේ ජනමාධ්‍යය.. හැක්..

      Delete
  2. මුංටත් ගානක් කැපෙනවා නම් මුං අනුමත කරයි!
    http://rasikalogy.blogspot.com/2015/01/que-sera-sera.html

    ReplyDelete
  3. රටේ හැම තැනම පුට් සිටි හැදෙන එකේ ලංකාවටම එකක් පෝරට් සිටි හැදුනාම මොකෝ ?
    අනෙක් කාරණේ අපේ රටේ මිනිස්සුන්ට ඔය මොන මඟුලෙන්වත් වැඩක් නැති එකයි.

    ReplyDelete
  4. //බලශක්තිය හා ජලය සපයා ගන්නේ කෙසේ ද? මෙම කරුණු පිළිබඳ නිල ලේඛන නොමැති බව මෙම ලේඛකයා පවසයි// එහෙමනම් අම්මට සිරි වර්ගයේ සිටි එකක්ම තමයි, විදුලිය නම් ජෙනරේට් කරනවා කියමුකෝ, වතුර?

    ReplyDelete
  5. පැරා සහ @ AnonymousApril 19, 2015 at 6:23 PM ට,

    ආයෙත් මේ ගොන් බිජ්ජෝ නොදන්න පෝට් සිටි එකක් ගැන කතා කරනවා
    උඹට ලැජ්ජ නැද්ද පැරා, කලිනුත් වලිගෙ පුකේ ගහගෙන යන්න ගියා
    ඔය පරිසර වේදීන් කියල කියන උන් ඕව ගැන ලොකු ලොකු කතා කියන්නේ උන්ට මේ වැඩේ කරන්න කොන්ත්‍රාත් එක ලැබුනේ නැති නිසා
    මොරටුවෙන් ඒ වැඩේ කරපු එක ගැන උන්ට අවුල්
    උන් ඒක කලානම් ලොකු ගානක් කපා ගන්න තිබ්බ චාන්ස් එක ඒකෙන් නැති වුනා
    මොරටුව රජයේ විශ්ව විද්‍යාලයක් නිසා එහෙම ලොකුවට ගණන් කපන්න බැහැ, ලැබෙන ගානත් කැම්පස් එකට ලැබිලා එයින් කොටසයි අදාළ නිරීක්ෂකයින්ට ලැබෙන්නේ

    [[[මේකේ තියෙන දෙවැනි ප්‍රශ්නේ තමයි පාරිසරික බලපෑම. මේ ඉදිකිරිම නිසා ඒ අවට මුහුදේ රැලේ වේගය,ඉහල නැගීම වැඩි වෙන්න පුළුවන් කියලයි කියන්නේ]]]
    දන්න පුකක් කියන්න මෙයා

    [[[අන්න ඒ කාරනා දෙක ගැන අවධානය යොමු කරලා, ඒ අඩුපාඩු හදාගෙන මේක කලාට කමක් නෑ. චීනයට හෝ වෙන කිසිම රටකට මේකේ ඉඩම් සින්නක්කර ලබා නොදිය යුතුය. අවශ්‍ය නම් දීර්ඝ කාලයක් මේ ඉඩම් බදු දුන්නට කමක් නෑ. ඒකට ඉන්දියාවට මොකුත් කියන්නත් බැහැ.]]]

    එතකොට දැන් ඇමරිකන් හඬ ට එහෙම දීල තියෙන ඉඩම් නිසා ඉන්දියාව අවුල්වෙලා නැද්ද, රටේ ස්වෛරී මෙව්වා එකට ඒකෙන් මොකද වෙලා තියෙන්නේ

    උන්ට ඉඩම් කෑල්ලක්වත් ලැබෙන්නේ නැත්නම් උන් ඇවිත් මේන් කියල ගොඩ කරයි පෝට් සිටි එක.
    සම්පුර්ණයෙන්ම උන්ගේ සල්ලි වලින් හදන්නත් ඕනේ, ඉඩම් දෙන්නත් බැහැ, දෙන්න ඕනේ බදු විදිහටලු.
    උඹල වගේ හරක් ජාතියක්, තව ටික දවසකින් තොපි කියන්න බැරි නැහැනේ කඩ වලින් උඹලට සල්ලි ගන්නේ නැතුව නිකන් බඩු දෙන්න ඕනේ කියලා. එහෙම දීලා ඊට පස්සේ සල්ලි උවමනාවක් ආවොත් සලිත් ඉල්ලයි කඩෙන්
    ඔය විදිහේ මැටි ඉල්ලීම් ඉල්ලන්න අනිවාර්යයෙන්ම උඹ ජෙප්පෙක් වෙන්න ඇති
    ආ,,,,,,, අමතක වුනා, පැරා කියන්නෙත් ගොන් ජෙප්පෙක්ගේ මළකුණක් නෙ

    ReplyDelete
    Replies
    1. //එතකොට දැන් ඇමරිකන් හඬ ට එහෙම දීල තියෙන ඉඩම් නිසා//
      …මොනවද ඒ දීලා තියෙන ඉඩම්? කොහෙද තියෙන්නේ?

      Delete
    2. IranaWila; https://www.google.lk/maps/@7.507662,79.8095668,2177m/data=!3m1!1e3?hl=en

      Delete
    3. ඇමරිකන් හඬ විතරක් නෙමෙයි තව තියෙනවා
      ප්‍රීමා එකට දීපු ඉඩම්, IOC එකට දීල තියෙන තෙල් ටැංකි සංකීර්ණය
      ඒවා හොඳයි.
      දුන්නේ ඉන්දියන් කාරයින්ටයි, ඇමරිකන් කාරයින්ටයිනේ
      ඊට අමතරව කොළඹ තියෙන එම්බසි වලට දීල තියෙන සියලුම ඉඩම් දීල තියෙන්නෙත් ඒ වගේම ස්ථිර පදනමකින්

      උඹල බත් කන හරක්. කාගේ හරි ලනුවක් කාල ලංකාවට මෙතෙක් ආපු හොඳම ප්‍රොජෙක්ට් එකට කෙලවන්න කතා කරනවා සත පහක දෙයක් දන්නේ නැතුව
      උඹලගේ තියෙන්නේ කුහක කම, වෙන මුකුත් නෙමේ

      Delete
  6. හු හු, මෙන්න මෙයත් මොඩරේෂන් දාල. පව් අප්පා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා