Posts

Showing posts with the label වරාය නගර

රැාජපක්ෂ ආණ්ඩුව නිර්මානය කළ ව‍රාය නගර අවුලෙන් ගොඩ එන්නට මුල සිට සිතා බැලිය යුතු ය

Image
කොළඹ වරාය නගරය පිළිබඳ ලියැවී තිබෙන මේ සමග සම්බන්ධ කර තිබෙන වාර්තාව හා අපට ලැබී තිබෙන තොරතුරුත් අනුව වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙන්නේ පුද්ගලයන් කීපදෙනෙකුගේ උවමනාවට ය. රටට, ජනතාවට, පරිසරයට පමණක් නොව ස්වෛරීත්වයට බලපාන කාරණා රැසක් ද සැලකිල්ලට ගෙන නැත.  වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මතු වන මූලික ගැටලුවක් වන්නේ නිසි පාරිසරික ඇගැයුම් වාර්තාවක් ලබාගෙන නැති වීමයි.  මෙම ව්‍යාපෘතිය සම්බන්ධ පාරිසරික ඇගැයීමක් සපයන එක ම නිල ලේඛනය ලෙස සැලකෙන මොරටුව විශ්වවිද්‍යාලය විසින් සපයා තිබෙන වාර්තාවෙන් පවා විශ්ලේෂණය කර තිබෙන්නේ කොළඹ නගරය ආසන්නයේ මුහුදේ ගොඩකිරීමක් සිදු වුවහොත් එහි ප්‍රතිඵල පමණක් බව වාර්තා වේ. වරාය නගරයක් ඉදි කිරීමේදී ඇති වන පාරිසරික බලපෑම පිළිබඳ එහිදී ඇගැයීමක් කර නැත.  ගිවිසගෙන තිබෙන ආකාරයට මෙම නගරයේ ඉඩම් චීනයට භාර දුන්නා නම් ඇති වන නීතිමය ගැටලු පිළිබඳ අධ්‍යයනය කර නැත. අපේ රටේ ඉඩම් වෙනත් රටකට සින්නක්කර අයිතිය සහිතව ලියා දීම රටේ ස්වෛරීත්වය පාවා දීමකි. රාජපක්ෂ අනුගාමිකයන්ගේ වචනවලින් කියනවා නම් 'මව්බිම පිටදේසක්කාරයන්ට පාවා දීමකි'. එ‍සේම, මෙම අලුත් නගරය පාලනය වන්...