ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව තහනම් කිරීම සාධාරණ ද?

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකට ද, පුද්ගලයකුට ජනාධිපති ධුරයට තේරී පත් වීමට ලැබෙන අවස්ථා ගණන දෙකකට ද සීමා කිරීම යහපත් ක්‍රියාමාර්ග වේ. එය දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණයක් ලෙස සැලකිය හැකි ය.

එමගින්, එක පැත්තකින් මහින්ද රාජපක්ෂ නැවත බලයට පැමිණීමට තිත තබා තිබේ. රටේ ආසන්න අනාගතය වෙනුවෙන් එය ද අත්‍යවශ්‍ය ය. 

එසේම, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වැනි සත්‍ය වශයෙන් ඇමරිකන් පුරවැසියන් වන ද්විත්ව පුරවැසියන්ට ද පාර්ලිමේන්තු මැතිවරණවලට තරග කිරීමේ අවස්ථාව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අහෝසි කර තිබේ. 91 වගන්තිය අනුව ද්විත්ව පුරවැසියෝ පාර්ලිමේන්තුවට පත් වීමට සුදුස්සෝ නො වෙති.

ඩලස් අලහප්පෙරුම, ප්‍රසන්න රණතුංග වැනි තවත් පුද්ගලයන් ද විදේශ රටවල නිත්‍ය පදිංචිකරුවන් වන අතර ඔවුන් පුරවැසිභාවය ලබාගෙන තිබේ නම් ඔවුන්ට ද ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය තරග කිරීමට නො ලැබෙන්නට ඉඩ තිබේ. 

විස්මයට හේතු වන කරුණ වන්නේ මෙම සංශෝධනවලට කිසිදු විරෝධයක් එල්ල නො වීමයි. මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වයේ එල්ලී ගොඩ යාමට උත්සාහ කරන රාජපක්ෂ පවුලේ බත්බැලයන් පවා මේ ගැන කිසිවක් කතා නො කළ හ. 

එහෙත්, මෙම ද්විත්ව පුරවැසි නීතිය ගෙනාවේ පුද්ගලයන් ඉලක්ක කරගෙන ය යන චෝදනාව ද එල්ල වේ. පුද්ගලයන් ඉලක්ක කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් නො වේ. මෙය මහින්ද රාජපක්ෂ සිය බලය රැක ගැනීම සඳහා ගෙන ආ 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ද අදාළ ය. 

එහෙත්, කිසිවෙක් මේ ගැන නිසි අවධානයක් යොමු කළ බවක් නො පෙනේ. 

මෙතැන ගැටලු කීපයක් තිබේ. ජාතිය වෙනස් කිරීම විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තියෙන් තහවුරු කරන ලද මිනිස් අයිතිවාසිකමකි. මිනිස් සංචලනය භෞතිකව පහසු කර තිබෙන නූතන ලෝකයේ ද්විත්ව පුරවැසිභාවය වර්ධනය වෙමින් තිබෙන ලක්ෂණයකි. ද්විත්ව පුරවැසියකු වීම නීති විරෝධී නො වන නිසා, ද්විත්ව පුරවැසියකු වීම හේතුවෙන් කෙනෙකු දණ්ඩනයකට ලක් වීම සාධාරණ නැත. 

එසේම, ද්විත්ව පුරවැසියකු වීම නිසා කිසියම් පුද්ගලයකු එක් පුරවැසිභාවයක් සම්බන්ධයෙන් වගකීම් සහගත නො වන තත්වයක් ද නූතන ලෝකයේ තිබිය නො හැකි ය. 

බැසිල්, ගෝඨාභය වැනි පුද්ගලයන් හේතුවෙන් සියලු ද්විත්ව පුරවැසියන් දෙවන මට්ටමේ පුරවැසියන් පිරිසක් බවට පත් කිරීම සාධාරණ ද යන්න පිළිබඳ විමසා බැලිය යුතු ය. 

මේ පිළිබඳ ඔබේ අදහස් දක්වන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මෙහි වරදක් (ද්විත්ව පුරවැසියෙකු වෙන) මට නම් නොපෙනේ.

    රටවල් කිහිපයක පුරවැසියෙකු වී ජීවත්වීම කෙසේ වෙතත්, ඉන් එක් රටක නීති සම්පාදකයෙකු වීම (පාර්ලිමේන්තුව මණ්ත්‍රී වැනි තනතුරු දැරීම) නිසා conflict of interest එකක් (බැඳියා පිළිගැටුමක්) ඇතිවෙන බව මගේ අදහසයි.

    වෙනත් රටක පුරුවැසියෙකුට ඕස්ටේ‍ර්ලියානු පාර්ලිමේන්තුවට නම් තේරී පත්විය නොහැක.

    බැසිල්, ඩලස්, ගෝටාභය වැනි අය ඇමරිකන් එ.ජ යේ පුරවැසියන් ද, ග්‍රීන්කාඩ් හිමියන් ද?

    ReplyDelete
    Replies
    1. ethakota dwithwa purawasiyanta maha banku adipathi wenna puluwanada

      Delete
    2. ද්විත්ව පුරවැසියන් ගැන පැරා නිතර කියන බයිලා වලට එරෙහි වුවත් මේ නීතියේ නම් හරයාත්මක වරදක් මටත් නොපෙනේ. මෙතැන ඇත්තේ conflict of interests කියා සාමාන්‍යයෙන් හැඳින්වෙන තත්ත්වයකි. ජනාධිපතිවරණයට ඉල්ලීමට රටේ පුරවැසියෙක් විය යුතුය කියන නීතියට වඩා මෙහි හරයාත්මක වෙනසක් නැත.

      සිංගප්පූරු පුරවැසියෙක් මහා බැංකු අධිපති වීම මීට වඩා බරපතල ප්‍රශ්නයකි. රාජිත ද කොහේදෝ අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා පුරවැසියෙකු යයි කියා කැට තියා කියනු රූපවාහිනී විවාදයක දුටුවෙමි. සිංගප්පූරුව ද්විත්ව පුරවැසි භාවය පිලි ගන්නේ නැත. මහේන්ද්‍රන් මහා බැංකු දුරය බාර ගැනීමට පෙර සිංගප්පූරු පුරවැසි භාවය නැති කර ගත්තා ද? ටොය්යන් තබා බය්යන් වත් මේ ප්‍රශ්නය සීරියස්ලි මතු කරනු මා දැක නැත.

      Delete
    3. මට මතක ඇති කාලයක ලොකු කමෙන්ට් උවදුරකින් ළඟකදී මේ බ්ලොගය අපහසුතාවයකට පත් වූයේ නැත.

      පැරා කමෙන්ට් මොඩරේට් කර ඇත්තේ මොකද?

      Delete
    4. න්‍යායිකව ඒක ඇත්ත වෙන්න පුලුවන්..
      නමුත් ලංකාව වගේ රටක පාර්ලිමේතුවේ 225න් 4-5 දෙනෙක් ද්විත්ව පුරවැසියන් වීම නිසා එහෙම ලොකු ප්‍රශ්නයක් ඇතිවිය හැකිද?
      අපි බටහිර රටවල් සමග න්‍යාශ්ටික අර්බුධ, ආර්ථික අර්බුධ වගේ දේවල් හදාගන්න හැකියාවක් ඇති රටක් නෙමේ..

      අඩුම තරමේ ස්‍රී ලාංකිකයින් බහුතරය ද්විත්ව පුරවැසි භාවය ලබන තෝරාගත් රටවල් කිහිපයක, උදා. ඇමරිකාව, කැනඩාව, යුරෝපා සංගමයේ රටවල්, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල ද්විත්ව පුරවැසි ලාභීන්ට යම් කොන්දේසිවලට යටත්ව හෝ ලංකාවේ දේශපාලනය කරන්න ඉඩ දියයුතුයි...
      එහෙම නොකිරීම ලංකාවට පාඩුවක්..

      Delete
    5. යම් රටක නීති /ප්‍රතිපත්ති සම්පාදකයකුට හෝ ක්‍රියාවටනගන කෙනෙකුට ඔහු /ඇය වෙනත් රටක පුරවැසියකු වීම නිසා මුල් රටේ පුරවැසියකුට නොලැබිය හැකි විශේෂ රැකවරනයක් හෝ ආර්ථික සමාජයීය ප්‍රතිලාබ සැලසෙනවා නම් එය අසාධාරණයකි.

      Delete
  2. Duel Citizenship holders are can go aboard any moment like Basil Rajapaksa. Therefore, this is fair law.

    ReplyDelete
  3. ද්විත්ව පුරවැසිකම ගැන මා ලියූ ලිපිය මෙන්න.
    http://rasikalogy.blogspot.com/2015/02/killing-goose-laying-golden-eggs.html

    ReplyDelete
  4. Nipuna WanninayakeApril 30, 2015 at 7:46 AM

    ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමීන්තුවට ඇතුල්වීමට ඉඩ නොදීම අසාධාරනයි...
    බැසිල්, ගෝටා කාලකන්නි වුනාට පිටරටවල ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන එහේ දේපල අරගෙන ඉන්නා ලංකාවට ආදරේ කරන උගත්. බුද්ධිමත් මිනිස්සු ඔනාතරම් ඉන්නවා....
    ඒ අයට දේශපාලනයට එනවානම් පුරවැසිභාවය අත් හැරලා එන කීම අසාධාරනයි..

    අනිත් අතට යුද්ධය නිසා රට හැරගිය, බටහිර රටවල පදිංචිවී එහි පුරවැසිභාවය අරගෙන ඉන්න දමිල ජනතාව ඉන්නවා.. මේ අය ලංකාවේ දේශපාලන ක්‍රියාවලියට දායක කරගනීමට ඇති ඉඩ මෙතනින් ඇහිරෙනවා..
    (උන් ඔක්කොම ඩයස්පෝරා කොටිය කීම මෝඩ කථාවක්)

    ReplyDelete
  5. බැසිල් ආපසු ආවෙත්, ගෝඨා නොයා මෙහිම රැදිල ඉන්නෙත් එයාලට ඇමරිකාවේ පුරවැසිභාවය තියෙන නිසා, යම් විදිහකට එයාල වසන්වෙන්න ගියොත් ඒක ඇමරිකාව මහ ලොකුවට වර්ණනා කරන ප්‍රතිපත්තිවලට අවුලක් නිසා කුදලල ආපසු එවාවි කියන අවදානමක් එයාලට තියනවා. හැබැයි ඒක සාපේක්ෂයි, පවතින රජය ඇමරිකාව එක්ක ආරෝවක් හදාගත්තොතින්, කබරගොයි තලගොයි වෙනවා.

    ReplyDelete
  6. මට නම් ඕකට වඩා තියෙන ප්‍රශ්ණය තමයි. මන්ත්‍රිවරු පක්ෂය මාරු කලාට මන්ත්‍රි ධූරය අහෝසී නොවීම. ඒක මිනිස් අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංගනය කිරීමක්..

    ReplyDelete
    Replies
    1. මන්ත්‍රී ධූර අහෝසී නොවීම අයිති විසිවන සංශෝදනේට නෙවෙයි ද? මැතිවරන ක්‍රමය ගැන කතා වෙන්නේ ඒකෙන් නේ?

      Delete
  7. එතකොට චන්ද්‍රිකා රට හිටියේ පුරවැසි භාවය ලබාගෙනද
    ඒ ගෑණිට ඒ හිටපු රටේ පුරවැසි භාවය තියෙනවනම් මේ නීතිය කමක් නැහැ
    එහෙම නැත්නම් මේ නීතිය අවුල්

    ReplyDelete
    Replies
    1. නීති වල පදනම සාධාරනත්වය, සමානතාවය වගේ මූලික අයිතිවාසිකම්, වෙනත් කෙනෙකුට අපහාස කරන එක (උපහාසය නොවේ) වැරදි බව තේරුම්ගන්න බැරි කෙනෙකුට මොනම නීතියක්වත් තේරුම්කර ගන්න අපහසු බව අරුමයක් නෙවෙයි.
      ඉගෙනගන්න, රැකියාවකට, වෛද්‍ය ප්‍රතිකාර සඳහා, ජීවිත ආරක්ෂාවට රට යාම සහ වෙනත් රටක නිත්‍ය පුරවැසි භාවය ලබා ගැනීම වෙනස් දේවල් නේද?

      Delete
  8. ද්විත්ව පුරවැසියන් පාර්ලිමෙතුවට පත් වුහොත් වෙන වින්නැහිය මොකද්ද? ඔවුන් අනෙක් රටේ ඒජන්තයෙකු ලෙස කටයුතු කිරීම හා/හෝ මෙරටින් නීති විරෝධිව රැස්කරගත් ධනය අනෙක් රටේදී භාවිත කිරීමට අවස්ථාව ලැබීම හා/හෝ නීති විරෝධී ක්‍රියාවන් කර ලංකාවෙන් පැනගොස් කරදරයක් නැතුව සිටීම. මේ සියල්ලම නැවත ලිය හැකි ක්‍රමවත් නීති රාමුවක් හා වැඩ පිළිවෙලක් සදිමෙන්.

    ReplyDelete
  9. 19න් බැසිල්ට ඩලස්ට කෙළවෙන්නේ නැත. ඔවුන් දෙදෙනාම ග්‍රීන් කාඩ් හෝල්ඩර්ස්ලාය. කෙළවෙන්නේ ගෝඨාට සහ නාමල්ට. නාමල්ට 2021 ජනාධිපතිවරණයට එන්න වයස මදිය. ගෝඨා ඩුවල් සිටිසන් නිසා පාර්ලිමේන්තුවට ඉල්ලන්න බැරිය. මොනවා උනත් පුද්ගලයන් ඉලක්ක කර රටේ ව්‍යවස්ථා සංශෝධනය කිරීම යහපාලනය නම් නොවේ.

    ReplyDelete
  10. මේ තහනම ෆුල් ෆේස් හෙල්මට් තහනම වගේමයි

    ReplyDelete
  11. ව්‍යවස්ථා සංශෝධන පුද්ගලයන් අරභයා සිදුනොකර ඇති බව ඇත්ත නමුත් බලයට පත්වන සියලු දෙනා කරන්නේ ඒ වන විට සිටින පුද්ගලයන්ට වාසා අවාසි වන අන්දමින් ඒවා සකස් කරගැනීමයි. ඉතිහාසය දෙස හොදින් බැලුවොත් ඒක පෙනේවි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා