ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව තහනම් කිරීම සාධාරණ ද?

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකට ද, පුද්ගලයකුට ජනාධිපති ධුරයට තේරී පත් වීමට ලැබෙන අවස්ථා ගණන දෙකකට ද සීමා කිරීම යහපත් ක්‍රියාමාර්ග වේ. එය දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණයක් ලෙස සැලකිය හැකි ය. එමගින්, එක පැත්තකින් මහින්ද රාජපක්ෂ නැවත බලයට පැමිණීමට තිත තබා තිබේ. රටේ ආසන්න අනාගතය වෙනුවෙන් එය ද අත්‍යවශ්‍ය ය. එසේම, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ වැනි සත්‍ය වශයෙන් ඇමරිකන් පුරවැසියන් වන ද්විත්ව පුරවැසියන්ට ද පාර්ලිමේන්තු මැතිවරණවලට තරග කිරීමේ අවස්ථාව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අහෝසි කර තිබේ. 91 වගන්තිය අනුව ද්විත්ව පුරවැසියෝ පාර්ලිමේන්තුවට පත් වීමට සුදුස්සෝ නො වෙති. ඩලස් අලහප්පෙරුම, ප්‍රසන්න රණතුංග වැනි තවත් පුද්ගලයන් ද විදේශ රටවල නිත්‍ය පදිංචිකරුවන් වන අතර ඔවුන් පුරවැසිභාවය ලබාගෙන තිබේ නම් ඔවුන්ට ද ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය තරග කිරීමට නො ලැබෙන්නට ඉඩ තිබේ. විස්මයට හේතු වන කරුණ වන්නේ මෙම සංශෝධනවලට කිසිදු විරෝධයක් එල්ල නො වීමයි. මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වයේ එල්ලී ගොඩ යාමට උත්සාහ කරන රාජපක්ෂ පවුලේ බත්බැලයන් පවා මේ ගැන ...