සෝමවංශ කොරහත් බිඳගෙන ම යයි

වම දකුණ මාරු වීම
මඳ කලකට ඉහතදී ජවිපෙ නායකත්වය අනුර කුමාර දිසානායකට භාර දී ඉවත් ව ගිය ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ ජවිපෙන් ඉවත් වී නව දේශපාලන පක්ෂයක් බව නිවේදනය කළේ ය.

සෝමවංශ අමරසිංහ1971 කැරැල්ලට පෙර සිට ම ජවිපෙ සාමාජිකයකු ලෙස සිටියේ ය. 1989 කැරැල්ලෙන් දිවි ගලවා ගත් එක ම ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයා වන සෝමවංශ අමරසිංහ එතෙර සිට මෙතෙර ඉතිරි වී සිටි බලවේග තුලනය කරමින් ජවිපෙ නායකත්වය ලබා ගත්තේ ය.

2001දී යළි ලංකාවට පැමිණි ඔහු ජවිපෙ ජාතිකවාදී දේශපාලනය වෙත නැඹුරු කිරීමෙහි ලා විශාල බලපෑමක් කළේ ය.

සෝමවංශ අමරසිංහ ගේ ඉවත් වීම හා නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීම පිටුපස ජවිපෙ තව දුරටත් දුබල කිරීමේ කොන්ත්‍රාත්තුවක් තිබිය හැකි ය. ඉදිරි මැතිවරණයේදී ජවිපෙ ශක්තිමත් වීම වැළැක්වීම එහි අරමුණක් ලෙස සැලකිය හැකි ය.

ඉදිරි දින කීපයේදී සෝමවංශ අමරසිංහ විසින් කරනු ලබන ප්‍රකාශ සමග ඔහු කුමන බලවේග සමග පෙළ ගැසේ ද යන්න විනිශ්චය කර ගත හැකි වනු ඇත. ඔහු සාමාන්‍යයෙන් දරන පසුගාමී දේශපාලන මතවාද සමග සලකා බැලූ කල ඔහු බොහෝ දුරට විමල් වීරවංශ සමග එක්ව මහින්ද රාජපක්ෂ සමග පෙළගැසීමට ඉඩ තිබෙන බව අනුමාන කළ හැකි ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මොකද පාර ටිකක් ගැස්සිලා ගිහිල්ල වගේ. වැදගත් දේ ඔහුගෙන් සහ අලුත් පක්ෂයෙන් ලංකාවට වෙන සේවය. එක අනාගතේ තීරණය කරවී. මිනිස්සු කැපවෙන්න ඕන පක්ෂය වෙනුවෙන් නෙවි මහජනතාව වෙනුවෙන්.

    ReplyDelete
  2. ඕකා ගියා කියලා ජේවීපී එකට පාඩුවක් වෙන්නෙවත්, වෙනත් පක්ෂයකට වාසියක් වෙන්නෙවත් නෑ. මූ නිකම් ස්පෙයා වීල් එකක් විතරයි.

    ReplyDelete
  3. පිස්සන් කොටුවේ සිටි වයසක ම ආදිවාසියා අද එහි තාප්පයෙන් පැන මාජ්ජ සාකච්චාවක් පවත්වා සමාජවාදයට අදිවේගයෙන් ගමන්කිරීමේ අරමුනින් අලුත් පිස්සන් කොටුවක් නිර්මානය කරන්නට අදිශ්ටාන දුන්නේය.

    එම අලුත් පිස්සන් කොටුව උන්නැහේ වගේම ද හැලුනු, ඇස් හොඳින් නොපෙනෙන කන් නෑසෙන උදවියට පමනක් උරුම බව සෝමවන්ස පිස්සා පවසයි....

    සින්හල බොග් අවකාසේ වෙන්ඩ පොශ් ලෙස රඟපානා තුට්ටු දෙකේ ජෙප්පන් හට ඔවුන් ගේ කිරි කෑ මුත්තා තාප්පයෙන් පැන යෑම ගන සර ස තුමා ගේ බලවත් මෙවුවා එක!

    ReplyDelete
    Replies
    1. පිස්සන්කොටුවේ ආදිවාසියා තවත් පිස්සො ටිකක් හවුල්කරගෙන පන්සල් ගානේ කෑරකෙන බව ආරන්චීයි.
      පිස්සා පන්සල් ඵනවා කියනකොට පන්සලේ දායකයන්ගේ ඈග හිරිවෑටෙනවාලු.
      අයි යකෝ නිදන් ටික !

      පිස්සු ආදිවාසී අප්පච්චිගේ _රි කෑ සරසයා ඈතුලු පිස්සෝ, අප්පච්චි ඵලවන්ඩ ඵකෙන්ම ගේමට බෑහෑපු ජෙප්පන්ගේ හිටපු ඵකම ඈණේ ගෑලවීම, චිත්ත්ප්‍රීතියක් කරගේන පුල් ආතල් ඵකක් ගන්න බව ආරoචී.

      Delete
    2. හූ ඇන් පී එකට චන්දෙ දුන්නාම සැබෑවටම ගන්කබරයෙකු වන තමන් පොශ් වෙනවා කියා සිතා සිටින ඇනෝ ට බොහොම ඉස්තූත්යි...

      Delete
    3. යූඈන්පී ශ්‍රී ලකා කියා අපිටනම් කිසි වෙනසක් නෑත.ඵකවල්ලේ පොල්.
      දූශිත මරා තාම ඵලියේ ඉන්නේ යූඈන්පී ගොබ්බයන්ට පින්සිද්දවෙන්නය.
      ඵ් නිසා තොපිලගේ පොනිල් බාප්පාට මල් තියා වෑදපන් සරස පුතේ.

      Delete
    4. මගේ පාසැලේ කීර්තිමත් ආදි ශිශ්යයෙකු වන රනිල් තුමා ට අපහාස කරන එක නවත්තන්න ඇනෝ

      Delete
    5. අප්පට හුඩු උබත් ඵකෙද බන්?
      අයි ඕකේ වෑඩිහරියක් පොන්සියොම ඉන්නේ?
      බලපන් පොනිල්..ඵතකොට මරාගේ ගල්, කොල්ලා උබ......තව කී දෙනෙක්ද බන්?

      Delete
  4. 56 ජාතිවාදි දේශපාලනයේ පියවරු හා පුතුන් 2015 දි එකට අවසන් ගමන් යයි.
    ඊනියා දේශප්‍රේමී ගෝත්‍රිකයෝ විනාශවේවා !

    සාමකාමී ශ්‍රිලංකිකයන්ට යහපත් අනාගතයක් උදාවේවා.!

    ReplyDelete
    Replies
    1. හැක් හැක් ඩොලර් වලට කහින සින්හල විරොධී දෙශපාලන අවජාතකයො 2009දී නන්දිකඩාල් කලපුවෙන් දශක ගානක පසු බෑමකට ලක්විය. ඩොලර් පොම්ප කර, බොරු දාහක් ගොතා 2015දී තාවකාලික ජයඝ්‍රනයක් ලැබුවද ඉතිහාසයෙ නැවත නැවත උන ආකාරයට මව්බිය ජයගනු ඇත. නන්දිකඩාල් පරාජයෙන් පසු ඔලුව ඉස්සීමට සින්හල විරොධී දෙශපාලන අවජාතක කල්ලි කන්ඩායම් වලට කෙසෙවත් පහසු නැත.

      Delete
    2. කලපු වලින් අමුනු වලින් විසදන ප්‍රශ්න හැදුවේ 56 දී කලිසමට උඩින් සරම ඇඳපු බයියෝම තමයි.
      මේ කාලකන්නියෝ ..රටේ සම්පත් කෝටිගානනක් හොරකම් කලේ සිෂෙල්ස්,ඩුබායි,යුක්රේන්,ලක්සම්බර්ග්, සුවාසිලන්තය,සෙන්කිට්ස්,සිංගප්පුරුව,ග්‍රිසිය සහ ස්විස්ටර්ලන්තයේ සුජාත සිංහල ජාතියක් නගා සිටුවීමට විය යුතුය.
      හැක් හැක් පුක්...

      සාමකාමී ශ්‍රිලංකිකයන්ට යහපත් අනාගතයක් උදාවේවා.!

      Delete
    3. කලපු වලින් විසදෙන ප්‍රශ්න හැදුවෙ වෙන කවුරුත් නෙවෙ බ්‍රිතාන්ය පාලනය.

      කොටසක් ඉන්නවා බටහිරයන්ගෙ ඒජන්තයො. මුන් ටික ලන්කාවෙ තියෙන ප්‍රශ්න ඔක්කොම ටික සින්හල මිනිස්සු පිට පටවන එක තාර්කිකයි. මොකද සුද්දො ඒ පන්තිය හදලා ගියෙම නිදහස ලබන රටවල් ලප් තැනම ලොප් කරවන්න. කරුමෙ කියන්නෙ ෆෙස්බුක් පොඩ්ඩක් අතපත ගාලා, ගමෙ ඉදන් කොලබ ඇවිත් වෙන්ඩ පොශ් ටොයියො සහ පොයියො කොටසක් ඉන්නවා මුන් ටික කරන්නෙ තමන්ට නැති සමාජ තත්වය හදාගන්න තමන්ට බැරි ඉන්ග්‍රීසිය වහගන්න බටහිරයො දෙසන ඕන මුලාවක් ඉහ මුදුනින් පිලිගන්නවා. මුන් කොච්චර මොඩද ගොන්ද කියනවනම් මුන් හිතන් ඉන්නෙ ස්විට්සලන්තයෙ, මරුසියෙ හො ග්‍රීසියෙ තිබිලා දැනටම සල්ලි හොයාගෙන ඉවරයි කියලා. බුකියෙ ගොන් කොමෙන්ට් දාන්නෙ තමන් ඒ සල්ලි දැක්කා වගෙ.

      මෙ ගොබ්බො දෙශපාලන අවජාතකයොන්ට අනූව පොන්නම්බලම්ගෙ 50-50 ඉල්ලීමෙ සිට ප්‍රබාකරන්ගෙ බොම්බ දක්වා සියලු වැරදි සින්හලයොන්ගෙ. දැන් ඉස්සරහට කියුවහම දෙමලට උන අසාධාරනෙ විසදන්න වෙනම ස්ව්යන් පාලනයක් ඔනෙ කියලා මුන් ටික ගලෙ රීපු ගස් බල්ලො ටික වගෙ උඩ බලාගෙන කල්පනා කරයි මෙ මොකද උනෙ කියලා.

      Delete
    4. 11:23 Ano;
      "ඩොලර් පොම්ප කර," ඔය ඩොලර් වලින් වෙන්න ඇති රට පුරා cut-outs ගැහුවේ. විදේශ කුමන්ත්‍රණය නිසා වෙන්න ඇති අවුරුදු දෙකකට කලින් චන්දෙ තිබ්බේ. Idiot!

      Delete
    5. බැසිල්,ඩලස්,ගෝඨා ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබාගත්තේ ඇයි කියලා දැන් තමයි තේරුනේ.
      ඔවුන් නිරතව ඇත්තේ US වල මහජාතිය බවට ශ්‍රේෂ්ඨ සිංහල ජාතිය පත් කිරිමේ mission එකක විය යුතුයි.

      හැක් හැක් පුක්...


      සාමකාමී ශ්‍රිලංකිකයන්ට යහපත් අනාගතයක් උදාවේවා.!

      Delete
  5. සහෝදරයා ගැන නැවත මා අටුවා ටීකා ලිවීම අවැසි නොවේ. සිරි අයියා යනු ජවිපෙ නැවත පිබිදීමේ දැවැන්ත හස්තයයි. ජවිපෙ පැවැත්මේ බර කොටසක දායකයා ඔහුයි. සිරි අයියා සැමදා තාරුණ්‍යයේ සිටින විප්ලවීය සගයෙකි. සුන්දර මිනිසෙකි. ඔහු දිවි ඇතිතෙක් ජවිපෙ සිටියත්, ඔහු ජවිපෙන් ඉවත් වී වෙනම පක්ෂයක නායකත්වය දැරුවත් ඔහු ගැන ඉහත විග්‍රහය වෙනස් නොවේ.

    ලැබුනේ හොදට සූප්පු කළ හැකි මස් කට්ටක් යැයි සිහින දකින හිවලුන් කීප දෙනෙක් සෝමවංශ සහෝදරයාගේ ප්‍රකාශයෙන් උදාන වාක්‍ය ප්‍රකාශ කරන අයුරුත්, සහෝදරයාව විමල්ට සමාන කරන අයුරුත් සිනහවෙන් බලා සිටියෙමි. සමහරු නිමිති බලමින් සිටිති. තවත් කෙනෙක් අනාගත වාක්‍යය, උදම් ගී කියමින් සිටිති. ජවිපෙ අද දවස අවසානයේවත් සෝමවංශ සහෝදරයාව 'ද්‍රෝහියෙක්' කරනා අයුරු ගැන නොකා නොබී සිහින දකිති. ඔවුන්ගේ පරමාදර්ශය විමල් මිස වෙනකෙකු නොවේ. නමුත් අප පැහැදිලිව කිවයුතු දෙයක් ඇත.

    සෝමවංශ සහෝදරයා පක්ෂයෙන් ඉවත් වීම පක්ෂය කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. ඔහුව පක්ෂයේ රදවා ගැනීමට පක්ෂය තවමත් උත්සහ කරනවා. - දේශපාලන මණ්ඩල සභික විජිත හේරත්
    ජවිපෙ ද්‍රෝහියා යැයි කියන්න ද්‍රෝහියන්ට මිසක් වීරයන්ට නොවේ. වීරයන්ට ද්‍රෝහියා කියන ජවිපයක මා නම් ජවිපෙ වෙනුවෙන් හඩනගන්නේත් නැත. එවැවින් විමල්ව ද්‍රෝහියා කිරීම ගැනවත් සිරි අයියාව රදවා ගැනීමට ජවිපෙ උත්සහ ගැනීම ගැනවත් ජෝකර්ලා කළබල විය යුතු නොවේ.
    සෝමවංශ සහෝදරයාගේ ප්‍රකාශය තුළ අපිට ගම්‍ය වන ප්‍රධාන කාරණය වන්නේ පශ්චාත් යුධ වාතාවරණය තුළ ජවිපෙන් ගිලිහී ගිය ජාතිකත්ව ප්‍රතිරූපය ගැන සෝමවංශ සහෝදරයා වද වන බවකි. ජවිපෙ සහ ජාහෙඋ පවතින වතාවරණයතුළ යුද්දය දක්වා රාජපක්ෂ ආණ්ඩුව තල්ලු කළ බව නොදන්නා කෙනෙකු නැත. මහින්දවාදීන් අද දේවත්වයේ තබා සලකන විමල් වීරවංශ පවා යුධ ජය කන වැකුනු විගස ජනාධිපතිවරයාට, සෝමවංශ සහෝදරයා අමතා යුධ ජය ගැන පුවත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටීම පසුපස කතාව මහින්දවාදීන්ට අද අමතකදැයි නොදනිමි.

    නමුත් යුධ ජයෙන් අනතුරුව ජවිපෙ ගමන් ගත් ඒ මාර්ගය මට අනුව නම් ඉතාම නිවැරදිය. නමුත් ඒ මාර්ගයේ ජාතිකත්ව සංකල්පයට තරමක් දුරින් තීබූ බව අපි පිළිගතයුතු සත්‍යයකි. මේ හේතුවෙන් යම් පිරිසක් පක්ෂයෙන් වෙන් වීමත්, තවත් පිරිසක් පක්ෂය සමග තිබූ සමීප සම්බන්ධයෙන් තරමක් දුරස් වීමක් සිදු නොවූවා යැයි කිසිවෙකුට තර්ක කළ නොහැක. සෝමවංශ සහෝදරයාගේ මේ පිටකරන්නේ ඔවුන් වෙනුවෙන් නැගෙන පීඩනය යැයි මම පෞද්ගලිකව විශ්වාස කරමි.

    සෝමවංස සහෝදරයා පවසන අයුරින්ම මැතිවරණ දේශපාලනය තුළ ශ්‍රී ලාංකික බහුතරයේ හදවත්තුළ හැංගී පවතින ජාතිකත්ව හැගීම් සමග ගමනක් යාම ජවිපෙට වාසි සහගතය. නමුත් එය අනාගතවාදී, පෙරටුගාමී පක්ෂයකට කොතරම් ගැලපෙන්නේද යන්න ගැටළුවකි.

    ජවීපෙ මෙම ප්‍රසිද්ධ ලාංකීය ඉල්ලිම සහ පක්ෂයේ වර්තමාන දිශාව කෙලෙස කළමනාකරණය කර ගනීද යන්න මත, ඉදිරි දින කීපය තුළ දේශපාලන පුවත් ගොඩනැගෙනු ඇත යන්න මගේ විශ්වාසයයි. කෙසේ වුවත් ජවිපෙ ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ බලාපොරොත්තු තැබිය හැකි එකම විකල්පයයි. සර්ව සම්පූර්ණ නොවූවද ජවිපෙ මත ශ්‍රි ලංකාවේ අනාගතය ගැන බරපතල තීරණ රැසක් ගැනීමේ වගකීම පැවරී ඇත.

    ReplyDelete
    Replies
    1. මංජුල උඹේ හැසිරීම දිහා ගොඩක් කල් බලන් ඉදලා මේක ලියන්නේ.

      එක්කෝ උඹ පට්ට අවංකයි..! [ඒ අවංක කම නිසා අර කිඹුලා කට ඇරියම ඇස් වැහෙනවා වගේ උඹට වෙන දේ නොපෙනී යනවා]
      නැතිනම් උඹ පට්ට මෝඩයි..!

      ඉහ නිකට පැහුණු දොහොක කල්පනා කරලා බලහන් ඔය දෙකින් කොයිකද හරියටම ගැලපෙන්නේ කියලා. :)

      Delete
    2. මම මෙය දකින්නෙ ජ වි පෙ විසල් බහුජන පක්ශ්යක් කිරීමෙ පලමු පියවර ලෙසයි.

      Delete
    3. මහාතිත්ථApril 17, 2015 at 1:42 PM

      මංජුල -

      මාලන් අනුමත කරමින් කියන්නට ඇත්තේ මේ කිසිම වැදගැම්මකට නැති පක්ෂ දේශපාලනයක් නිසා ඔබේ කාලය නිකරුනේ වැය කිරීමෙන් වැළකෙන ලෙසයි . ඔබ ස්වාධීන දේශපාලන මතයක් දැරීමට ඇති අවස්ථාව අහිමි කරගනිමින් ජවිපෙ වැනි ආගමික සංවිධානයක ස්වරූපය ගන්නා පක්ෂයක ක්ෂාමාලාපකයෙක් වීම ඉතාම කණගාටුදායකයි - නැවතත් ඔබේ ස්ථාවරය ගැන කල්පනා කරන්න කියා ඉල්ලා සිටිනවා

      Delete
    4. //කෙසේ වුවත් ජවිපෙ ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ බලාපොරොත්තු තැබිය හැකි එකම විකල්පයයි//

      දැන් තියන JVP ද, මම හිතන්නේ අනුර ලොක්ක ඒකේ මළගම කරා, එම්බාම් කරේ රවී, funeral director නම් තම ෂුවර් නෑ.

      ප.ගෝ.

      Delete
    5. මාලන් දේශපාලනයෙන් විශ්‍රාම ගියේ නැද්ද? :-)

      Delete
    6. නිදන් හොරා මරාට කඩේයන දේසපාලන අනාතයන්ට ජවිපෙ සමග ඈත්තේ පට්ට තරහකි.
      අනුරගේ හඩ, ජවිපෙ සවිදාන ශක්තිය මරා ගෙදර යවන්නට අනූපමේය කාර්යයක් කල නිසාය.
      රටේ ජනතාව හූරන්කමින්, ජාතිවාදී මෑජික් පෙන්නමින් රජසෑපවිදි හිගන හෑත්තට දෑන් කෙලවී තිබේ.
      අනුර ඈතුලු ජවිපෙ මුන්ට නයාට අදුකොල සේ පෙනෙන්නේ ඵ් නිසාය.
      ආත්මයක් නෑති මේ තිරිසනුන්ට අපි අනුකම්පා කරමු.
      තරුණයින් වශයෙන් ඉදිරියටත් අපේ සහය ජවිපෙට ලබාදෙමු.
      හොරබොරු නෑති ලoකාවේ ඵකම පක්ශය ජවිපෙ.

      Delete
    7. මහාතිත්ත, මරාට කඩේයන හිගන්නන් වන උබලාට අපි අනුකම්පාකරමු.
      ජාතිය ආගම විකුනන්කෑ හිගන මරා ගේ හිගන පෑටව්.

      Delete
    8. මහාතිත්ථ April 18, 2015 at 11:28 PM

      මම මරාට කඩේ යන්නෙක් නොව ස්වාධීන දේශපාලන මතයක් දරන්නෙක්මි - මංජුල වැනි හැකියාවන් සහිත අයෙක් දේශපාලන පක්ෂයක් ක්ෂාමාලාපකයෙක් විම අනුමත කළ නොහැකි නිසා ඉහත කරුණු දැක්වීමි - ඔබතුමා ගේ වාග් ව්‍යාහාරයෙන්ම අදාළ දේශපාලන පක්ෂයට ගැලපෙන අයෙක් බව පෙනේ - ඔබ වැනි පුද්ගලයන් අදාළ දේශපාලන පක්ෂයට කඩේ ගියාම ඇති මංජුල වැනි වටිනාකමක් සහිත අය ඒ මර උගුලට හසු නොකර

      Delete
    9. @ මහාතිත්ත

      උබේ දේසපාලන ස්වාදීනකම උබේ කතාවෙන්ම අපිට තේරෙනවා.
      හොරුන්ට කඩේයන ඵකාත් නරුම හොරෙක්ම තමයි.උබ ගෑන කියියන්න තියෙන්නේ ඵච්චරයි.

      මන්ජුල වෑනි ඔලුවක් ඈත්තෙකුව ඈන්දීමට ජවීපෙට බෑරිය.
      ජව්පෙට පක්ශ වූවාය කියා මරාට කඩේයන උබලාට මෙන් සල්ලි මිටි රස්සාවල් අරක්කු ලෑබෙන්නේ නෑතිය.
      ඵ් නිසා ඌ කතාකරන්නේ බොක්කෙන් කියලා අපිට කට ඈරලා කියන්න පුලුවන්.
      උබලා,සරසලා වගේ නරුමවාදීන් මරාටද හිතහොද මිනිසුන් ජවිපෙටද වශයෙන් බෙදීමගෑන ඵක අතකත සතුටුය.

      අනික උබට මරාට කඩේයන්න ඈති අයිතිය මට ජෙප්පන්ට කඩේයන්න(උඹ කියන විදියට ) තිබියයුතුය.
      මොකද සුදුවෑන් යවා මිනිස්සු ඉස්සූ රටේ සල්ලි හොරා කෑ පන්සල් කඩා නිදන් හෑරූ තක්කඩි මරාට කඩේ යනවාට වඩා උගත්කම ඈති රටේ සල්ලි සතපහක්වත් හොරකම් නොකල ජෙප්පන්ට කඩේයනඵක මට මාර සතුටක්ය.......හරිද.

      Delete
  6. සුබ අලුත් අවුරුද්දක් වේවා පැරා,

    වාමන්ශිකයන් මෝක්ෂය සොයාගැනීමට යන්නේ දක්ෂිනන්සිකයන් ලගටයි!

    ඉතා පිළිකුල් සහිත අවස්ථාවාදීන් ගෙන් සහ ආදරණිය මෝඩයන් ගෙන් ලොව වාමාන්සික දේසපාලනය සමන්විත වේ.

    බොහෝ පිරිස අදික විස්වාසයක් ජනතා විමුක්ති පෙරමුණ කෙරේ ඇත්තේ ඔවුන් හොරකම් නොකරන බව ආදර්ශයෙන් පෙන්වීමට කිසිදු වැටුපක් නොගනී, මෙය ම "ඉතා පිළිකුල් සහිත අවස්ථාවාදීන්" ගේ මුලික ලක්ෂණයකි.

    ඔවුන් දන්නවා මෙය සිදුකරන්නේ බලය ලබාගන්න තුරු පමණක් බව නමුත් තම පක්ෂයේ සහ මහජනතාව අතර සිටින "ආදරණිය මෝඩයන්" රැවටීමට ඔවුන් මෙසේ ක්‍රියාකරයි. ටිකක් හිතන්න සෝමවංස අමරසිංහගේ මස්සිනා (බී සිරිසේන කුරේ ) එවක බිෂණය පතුරවූ එඅක්සත් ජාතික පක්ෂයේ බල කණුවක්, මොහු සිදුකලේ අසරණ කොල්ලෝ කෙල්ලෝ (ආදරණිය මෝඩයන්) ටයර් වල පිළිස්සෙන විට රට පැනීමයි (රට කිව්වහම ඔහු පැනගියේ රතු චීනය ට හෝ උතුරු කොරියාවට නොව බොහෝවිට ඔබ සැම පතුරු ගසන බටහිර දනවාදී රටකටයි )

    දැන් මම කියන්නම් නිදහස් වෙළදාමට (ඔබේ වචනයෙන් කියනවනම් දනපති වාදයට කැමති ඇයි ? කියල )

    රටක් දියුණු කිරීමට ප්‍රාග්දනය උවමනා කරනවා මෙය ලබා ගැනීමට කල ගැකි ක්‍රම 2 ඇත්තේ
    01. රජය සපයා දීම
    02. පුද්ගලික අංශයෙන් ප්‍රාග්දනය ලබාදීම

    01. රජය සපයා දීම යනු පුද්ගලයන්ට බදුගසා රැස්කරගත් දනය සාමුහිකව පවත්වන වියාපාර පවත් වමින් ජනතාවට සේවය ලබාදීමයි.
    මෙහිදී පෘතග්ජන ලෝකයේ රජයේ වියාපාරයේ පුද්ගලයන් කරන්නේ අනුන්ගේ සම්පත් ප්‍රයෝජන ගෙන සිදුකරන සේවයට වැටුපක් ලබා ගැනීමයි.
    මෙහිදී පලදායිතාව බොහෝදුරට අඩුවන්නේ "තමාගේ වියාපාරයක් " යන හැගීම නැතිනිසත් කොපමණ වැඩකලත් අතිරේක අදායමක් නොලබන නිසාත්ය.
    "තමන්ගේ මුදල් මෙන්නොව අනුන්ගේ මුදල් වියදම් කිරීමේදී පවත්වන පරිස්සම ඉතා අවමයි "

    මෙහිදී දිගුකලකදී මුළුරටම දිලිදු වීමට පටන්නන්නේ "අනුන්ගේ වියාපාරයක් දියුණු කිරීමට නව සොයාගැනීම් කිරීමට කිසිදු පෙලබවීමක් නැති නිසා"

    ලෝකයේ ඔබ දකින සියලුම සමාජවාදී ක්‍රම බිදවැටීම සහ ඉතුරු කීපය හිගමනට වැටීම නිරායාසයෙන් සිදුවීමයි.

    නමුත් අද චීනය දියුණු වන්නේ කෙසේදැයි ඔබ අසනු ඇති ,පිළිතුර සරලයි චීනය ක්‍රියාවෙන් සමාජවාදී නොවන අතර දැඩි නීති මගින් තම ජනයා පාලනය කිරීම ඔවුන්ගේ මුලික ලක්ෂණයයි.

    නිදහස අතින් බහුතර චීන ජාතිකයන් වහලුන් සමුහයක් බව විවුර්ත මනසට වැටහෙයි.


    02. පුද්ගලික අංශයෙන් ප්‍රාග්දනය ලබාදීම

    මෙහිදී වාමන්ශිකයන් පවසන මුලික චෝදනාවක් නම් දනපතියන් ඔවුන්ව සූරාකන බවයි.
    පුද්ගලයකු ප්‍රාග්දනය යොදන්නේ තම කොටස වැඩිකර ගැනීමටයි (සමාජවාදීන් කියන එම සුරකන දනය දනපතියන් තව වැඩිකර ගැනීමට කරන්නේ
    නැවත ආයෝජනය කිරීමයි ) මෙම ආයෝජනය මගින් තව දිළින්දන්ට රැකියා ලැබේ, තරුණයන් ට රැකියා අවස්තා ලැබිමෙන් වෙන්නේ කුමක්ද ?
    ඔවුන් ගේ ජිවිතයට අරමුණක් ඉලක්කයක් ලැබීමත් තම සේවය වැඩිදියුණු කරගැනීමට පෙළබිම මගින් වැඩි වැටුප් ඇති රැකියාවකට යාමට ඔවුන්ට දිගුකලයකදී හැකිවෙයි.

    සම්පත් වල සීමිත බව නිසා අපට ඇතිවන අපහසු තාවය විසදීමට ඇති හොදම මෙවලම පුරවැසියන් කරන නිදහස් වෙලදමයි, අනාගතයේ තම ශ්‍රමයේ පලදායිතාව ඉහල නංවා ගත්විට ඉහල ජිවන මට්ටමකට ලගාවීමට හැකිවනු ඇති.

    මේ සත්‍ය නොකියා සමාජවාදීන් කියන්න උත්සහ ගන්නේ නිකන් සිට අනුන්ගේ දනය තමා අතර සමව බෙදා හැරීම වැනි අරුතක්


    ReplyDelete
    Replies
    1. Palayan pisso yanna. Gon kathaa......

      Delete
  7. කූවේණීApril 17, 2015 at 1:43 AM

    රටේ පවතින සැබෑ දේශපාලන තත්වය මැනවින් අවබෝධ කරගත් අපේකම හදුනන ශ්‍රිලාංකිකයෙක් සහ ඔහුගේ හිතවතුන්,19 හා 20 සංශෝධන ඔවුන්ට දැනෙන අයුරු ප්‍රකාශමාන කරන සැටි බලන්න.
    19 හා 20 සංශෝධන පිළිබද විපක්ෂයේ මන්ත්‍රින් 60-70ක දැවැන්ත කැපවීම හා හැසීරීමද මේ තුලින් අපට අවබෝධ කරගත කලහැක..

    -----
    11000119 801494643271391 1768343116 n - YouTube
    https://www.youtube.com/watch?v=ZncVr2lyi6A
    ------

    ReplyDelete
  8. මූ අවලංගු කාසියක්
    WHO CARES

    ReplyDelete
  9. සෝමවංශ පක්ෂෙන් ගිහින්ලු. ඉතිං? ලාල් කාන්තයත් මේත් එක්කම තල්ලු කරගත්තා නං ලෙඩා මලත් බඩ සුද්දයි.

    ReplyDelete
  10. ඊයේ ජවිපෙන් බිඳී ගිය සෝමවංශ සහෝදරයා කලකට පෙර ජවිපෙන් බිඳී ගිය අජිත් පැරකුම් ජයසිංහයන් (වත්මන් පුරවැසි මාධ්‍යකරණයේ පෙරගමන්කරු) සමග එකතුවී සමාජවාදය ජීවන විලාසයක් ලෙස ප්‍රවර්ධනය කරන්නට නොනවතින අරගලයක නිරතවනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු!

    රාජ් මොකද මේ ගැන කියන්නේ?

    ReplyDelete
  11. සිරී අයියගෙ බෙදී යාම ගැන ජවිපෙ කාඩරයට පස්සෙ වැඩියෙන්ම තිගැස්සිලා ඉන්නෙ කාන්ඩ දෙකක්. එකක් රනිල්ගෙ අනුගාමිකයන් අනික රනිල් ලවා බෙදුම්වාදීන්ට අවශ්ය ජයඝ්‍රහන ලබා දීමට වෙහෙසෙන රාජ්ය විරොධී කල්ලි. මෙ කල්ලි දෙකටම පහුකාලයෙ අවශ්ය ජීව වායුව සැපයූවෙ තම පක්ශය අන්ශක 180 කරකවා අමුතුම විප්ලවවාදී මගක අරන් ගියපු අනුර. සිරී අයියගෙ මෙ බෙදීමත් එක්ක අනුරට තව දුරටත් එජාපෙට සහ සින්හල විරොධී බලවෙග වලට ප්‍රාණ වායුව සැපයීමෙ භූමිකාව දිගටම කරන් යන්න වෙන්නෙ නෑ.

    ෆෙස්බුක් සිගිති දෙශපාලන සිගිත්තො හිතන විදියට මෙක නිකන්ම නිකන් සිරී අයියා පමනක් පක්ශයෙන් යෑමක් නෙවෙ. කාලෙක ඉදන් පක්ශය තුල තිබුන අර්බුදයක්. පක්ශය තුල මෑතකදී උන ලොකුම කඩාගෙන යෑම මෙය වනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඔහේගෙ කතාව හරියට ජවිපෙම ප්ලෑන ් එකකට සිරි අයිය එලියට අාව වගේනෙ. යකෝ සිරි අයිය ඇවිල්ල එලියට. ඕං පක්ෂයකුත් හදනවලු. ඇස් පොඩි කරල බලපං

      Delete
    2. විමල් වීරවoශ පනික්කියාගේ හිගනපෑටවුන්ට දින දෙකතුනකට ස්ව්‍ය වින්දනයේ යෙදෙන්නට යම් මාතෘකාවක් ලෑබී තිබේ.
      නිවාස අමාත්‍යශයට වී ජනතාවගේ මුදල් හොරා කෑ ජානිපෙ විහිලු නඩය තව මාස දෙකතුනකින් මරාත් ඵක්කම දේසපාලනයෙන් ඈතුගෑවීයාමට නියමිතය.
      විමලාගේ ලoකා සී නිවුස් ඵක බලාගේන නාත දෙය්යොත් ඵක්ක කයියක් ගහගෙන ලෙමන් පෆ් ඵකක කක මරා ඵක්ක ගත්ත අතල් සිහි කරකර ඉදපල්ලා හොර හෑත්ත.
      ලoකාවේ දේසපාලනයේ මින් මත්තට උබලාට ඉඩක් නෑත.මරාගේ වෑසිකිලි වලට බෑහෑපල්ලා සට්ටෑබියෝ.

      Delete
  12. පැරා, සොමවශ මහින්දගෙන් රුපියල් බිලියනයක් ගත්තා කියලා දැම්මම කතාවක් හැදුවොත් මොකද? මිනිස්සුන්ට ලැම්බොගිනි 29 කාලයත් එක්ක අමතක උනා වගෙ මෙ බොරුවත් අමතක වෙන්න පුලුවන්. අනික රනිල්ට, අනුරට සප් එකක් දෙන්නෙ නැත්නම් ඔයාගෙන් ඇති වැඩෙ මොකක්ද.

    ReplyDelete
  13. අනුර-රනිල් ඩීල් නිසා යන්න හිටියෙ ලාල් කාන්ත සහ බිමල්. සෑම දෙනා පුදුමයට පත් කරමින් එලියට බැස්සෙ සොමවන්ශ. ලාල් කාන්ත සහ බිමල් සොමවන්ශ පිලට එකතු උනොත් ඒකෙ කිසි පුදුමයක් නෑ.

    ReplyDelete
  14. සෝමවන්ස ඉදිරියේ දී මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් සන්විදානයක් අටවගෙන ඒකෙ ප්‍රදානියා වුනත් පුදුම නොවන්න,මොකද දැන් එයාට මහන්සි නොවී ගානක් හම්ම්බ කරගන්න තියෙන හොදම වැඩේ ඒකයි.හිටපු ත්‍රස්තවාදීන් සමහරකට මනවහිමිකම් හොද ආදායම් මාර්ගයක්.71-88,89 කියා වෙනසක් නෑ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා