ශ්‍රීලංකන් ඉහගෙන කන්

හිටපු ජනාධිපති ආර්යාවගේ සහෝදරයා වන නිශාන්ත වික්‍රමසිංහ හා එහි ප්‍රධාන විධායක නිලධාරි ලෙස පත් කරන ලද තවත් දේශපාලන ඇම්බැට්ටයකු වන කපිල චන්ද්‍රසේන ශ්‍රීලංකන් ගුවන් සේවයේ නැටූ නාඩගම් ගැන වැලිඅමුණ කමිටුව විසින් සකසන ලද විමර්ශන වාර්තාව පදනම් කර ගත් සවිස්තර ලිපියක් අද දින සිළුමිණ පුවත්පතේ පළ වී තිබේ. මෙතැනින් එම ලිපිය කියවන්නට පුළුවන.

නාමල් රාජපක්ෂගේ කාර්ය මණ්ඩලයට බව කියමින් බඳවා ගත් බව කියැවෙන ගුවන් සේවිකාව පිළිබඳ මෙම ලිපියේ මෙසේ දැක්වේ.

ගුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉල්ලීම මත මුදා හැරීම.

* හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ගේ ඉල්ලීම මත ගුවන් සේවිකාවක් ජනාධිපති ලේකම් කාර්යාලය‍ට මුදාහැර ඇත්තේ මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ රාජකාරින් සඳහාය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සම්පූර්ණ වැටුප හා ඵලදායිතා දීමනාවෙන් කොටසක් ගෙවා ඇත. ඒ දෙකේ ම එකතුව මසකට රුපියල් 70,500 කි. මෙය ගෙවා ඇ‍ත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මසකට දුන් රුපියල් 87,500 ක දීමනාවටම අමතරව ය.

පියවර කිහිපයක් ඔස්සේ මේ සිදුවීම විස්තර කර ඇත.

1. 2010 ජනවාරි 01 දින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ගේ ලිඛිත දැනුම්දීමකට අනුව එම සේවිකාව ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති සම්බන්ධීකරණයකට තෝරාගත් බව සඳහන් ව ඇත. වැටුප ද සඳහන් කර ඇත.

2. 2010 ජූනි 23 ඇයව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41.1 දරණ ව්‍යවස්ථාව ප්‍රකාර ජනාධිපති ලේකම් විසින් ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාගේ කාර්යාලයේ හිටපු ව්‍යාපෘති සම්බන්ධීකරණ කාර්යයකට ඇය යොමු කරගෙන ඇත.

3. එදින ම ඇය ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් මුදා හැර ඇති අතර එම ලිපියේ සඳහන් වන්නේ ඇයට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැටුප සහ අනෙක් දීමනා ගෙවන බවයි.

* සභාපතිවරයාගෙන් ඒ පිළිබඳ විමසීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ එම සේවිකාව මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ කටයුතු සඳහා ‍මුදාහැර ඇති බවත්, ඇගේ උසස් වීම් අවිධිමත් ලෙස සිදු කළ බව පිළිගන්නා බවත් ය.

ඇයට ජනාධිපති ලේකම් කාර්යාලයේ මසකට රුපියල් 22,680 ක ඉන්ධන දීමනාවක් හා රුපියල් 3000 ක ගමන් දීමනාවක් ද ගෙවා ඇත.

* එම සේවිකාව විමර්ශන කමිටුවට පවසා ඇත්තේ නමුත් තමා කිසිදු ව්‍යාපෘතියකට සම්බන්ධ කර නොගත් බව ය.

ඇය 2014 මාර්තු 27 දින ගුවන් කාර්ය මණ්ඩල සුපරීක්ෂක තනතුරකට ද උසස් කර ඇත.

මේ පිළිබඳ රාජපක්ෂ කඳවුරේ පැහැදිලි කිරීම මෙතනින් කියවන්නට පුළුවන.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා අයියේ........................

    මුංට විකාරද අපිට අවුල්ද කියලා හිතෙනවා... ලක්ෂ තුන හමාරක පමණ සුලු දීමනාවක් මාසිකව දුන්නා ලු... යකෝ ලක්ෂ තුන හමාරක් ඒක මිනිහෙක්ට දීම සුළු මුදලක්ද??? ලංකාවේ ඉහළම ප්‍රතිඵල අරන් විශ්වවිද්‍යාලයට ගිය උපාධිධාරියෙක්ට අවුරුද්දට ම ලැබෙන්නෙත් ලක්ෂ තුන හමාරක් විතර තමයි... යකෝ ලංකාවේ නන්නත්තාර වෙලා කේම්බ්‍රිජ් නෙමෙයි රැජිණගේ රෙද්ද අස්සෙන් ගෙනාවත් ඔච්චර වටිනවාද බොල????

    අනික මුංට මෙහෙම පඩි දෙන්න ජනතාවගේ සල්ලි භාවිතා කරේ නැත්තං කොහෙන්ද මුංට පුද්ගලික සල්ලි.... අැයි සීයාගේ පොල් අක්කර සීයයි... තේ අක්කර සීයයි..... සිංගප්පූරුවේ කොම්පැණියි තියෙනවා යෑ බොල...... අප්පා මහජන මුදලින් ජීවත් වුණා... බාප්පා අැමතිකමක් අරන් මහජන මුදලින් රන් වුණා... අනික් බාප්පා ලේකම්කමකින් මහජන මුදලින් ජීවත් වුණා... ලොකුතාත්තත් පාර්ලිමේන්තුවේ මහජන මුදලින් රන්වුණා... සීයත් මහජන මුදලින් යැපුණා... අනේ යකෝ මුං මේ පුද්ගලික මුදල් කියන්නේ හොරකං කරපුවා වෙන්ටෑ.... උන් නොදන්නවා වුණාට ඔය පුද්ගලික කියන සල්ලිත් මහජනතාවගේ මුදල් ම තමා... ඒක තේරුම් ගන්න මේ හරක්ට ඔලුව නැහැ.... අඩුම ගානේ අර ෆොරින් ඩිග්රි නංගිවත් කියලා දුන්නැද්ද දන්නෑ.............. අනේ මගේ කට...

    ReplyDelete
    Replies
    1. // ලංකාවේ ඉහළම ප්‍රතිඵල අරන් විශ්වවිද්‍යාලයට ගිය උපාධිධාරියෙක්ට අවුරුද්දට ම ලැබෙන්නෙත් ලක්ෂ තුන හමාරක් විතර තමයි... //

      දන්න තරම තමා.....

      සියලු උපාදි දාරීන් කලා උපාදිය හැදෑරූ අය නොවේ....

      Delete
    2. මහාචාර්ය මාතර සුනිල්.
      ලංකාවේ විශේෂඤ ශල්‍ය වෛද්‍ය වරයෙකුගේ මුලික වැටුප රුපියල් 42 000 කි. සියලු දීමනා සමග ලක්ෂයකට වැඩි නොවේ. ඒ අවරුදු 6ක් වෛද්‍ය විද්‍යාලයේත් ඉන්පසු තවත් වසර 8ක් පශ්චාත් උපාදි පුහුණුව හා ජාත්‍යන්තර විබාග සමත්වීමෙනි. මා මහින්දට කැමති උනත් මේ අම්බරුවට කෙලවීම ගැන ඉතා සතුටුය. කනගාටුව නම් මූත් බැසිලුත් හිරේ නොයාමයි.

      Delete
  2. මහින්ද නෙට් එකේ කියනව ගු.සේ හිටියෙ ජනාධිපති ලේකම් කාර්‍යයලෙ සේවයට කියල. පත්තරේ නාමලා කියනව ඇය හිටියෙ මගේ පුද්ගලික කාර්‍යමණ්ඩලය යටතෙය කියල! යකෝ මුන් දෙගොල්ලන්ට කතාවෙලා බොරුවක් කියන්න දන්නෙ නැති හැටි.

    ReplyDelete
    Replies
    1. ඇමෙන්ඩ්‍රා ඩීකවූ ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාව කටාර් රාජ්‍යයේදී හදිසි අනතුරකින් මිය ගිය පුවත අපි කවුරුත් දන්න්නව. එම අවස්තාවෙ එම වාහනය පැදවු රියදුරු මහතාට එරෙහිව මරන දන්ඩනය ක්‍රියා කිරීමට යැයි ඉල්ලමින් එම ගුවන් සේවිකවගෙ ඥාතීන් පිරිසක් දැන් දොහා වෙත පැමින ඇත. මොවුන් විසින් ලෙයට ලෙය ඉල්ලා ලිපියක් දෝහා බලධාරින් හට ලබාදී ඇති අතර. යසන්ත සිරිමල්වත්ත නම් මෙම රියදුරු මහතාගෙ ගුවන් ගමන් බලපත්‍රයද තහනම් කර ඇති නිසා ඔහුට රටින් පිටවීමට නොහැකිය. මොහු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා වන චමින්ද සිරිමල්වත්ත මහතාගේ වැඩිමහල් සොයුරාද වෙයි. මෙය තවත් රිසානා මෙන් ඝාතනයක් වීමට ඇත්තෙ තව ටික දිනකි.

      Delete
  3. මේ ගීතය විශේෂයෙන්ම ලබාදෙන්නෙ අසන්නන්ගේ ඉල්ලීම් තුලින් "ලොස් මැදමුලනස්" ගැයූ ගීයක් ඉල්ලා සිටි ම.සො.පි, සා රස ඇතුළු බයි නඩය වෙනුවෙනුයි...

    සෝභමාන ගුවන් සේවිකා..
    ගමණ බිමන ලැම්බෝගිනියේ..
    නාම සමඟ කරන දූතිකා,
    රට වටේම යයි නිරන්තරේ..

    පියුම වාගෙ මූණයි..
    මූණට සිය දාහයි,
    ලක්ස ගනන් කාලා...
    රවුම් ගසාලා....

    විස්කි බ්‍රැන්ඩි බීලා...
    ඇඟට තුරුළු වීලා...
    සැපට සැපක් දීලා...
    තුටින් වෙලීලා...

    සාරිය ගලවාලා...
    ඉඟසුඟ සොළවාලා...
    නාමල පුබුදාලා...
    අනංග ලීලා..

    තනුව - http://www.youtube.com/watch?v=ipbGjJCrFfQ

    ReplyDelete
    Replies
    1. //සා රස ඇතුළු බයි නඩය //

      රාජකීය විදයාලයේ අද්යාපනය හැදාරූ මට බය්යෙක් කියලා කියන්නේ අබීත මද්ය මහා විද්යාලෙන් ඩිප්ලොමා ලබාගත් හාදයෙක්...

      සොරි ම තමා...

      Delete
  4. රාජපක්ෂ රෙජීමය තුල ඉතා සුළු වැටුපකට දේශපාළණ වැඩ නොව වෙනත් වැඩ වගයක් කල ශ්‍රී ලාංකික, බෞද්ධ හෙල කාන්තාවකට විරුද්ධව ළිපි පල කිරීම තරයේ හෙලා දකිමු...

    ReplyDelete
  5. Bank of Ceylon Travels handles most of the government travel arrangements. There are many licensed travel agents in Sri Lanka who are capable of handling any type of bookings. Also these travel agents will quote competitive prices where government could save considerable cost.

    ReplyDelete
  6. ඇමෙන්ඩ්‍රා ඩීකවූ ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාව කටාර් රාජ්‍යයේදී හදිසි අනතුරකින් මිය ගිය පුවත අපි කවුරුත් දන්න්නව. එම අවස්තාවෙ එම වාහනය පැදවු රියදුරු මහතාට එරෙහිව මරන දන්ඩනය ක්‍රියා කිරීමට යැයි ඉල්ලමින් එම ගුවන් සේවිකවගෙ ඥාතීන් පිරිසක් දැන් දොහා වෙත පැමින ඇත. මොවුන් විසින් ලෙයට ලෙය ඉල්ලා ලිපියක් දෝහා බලධාරින් හට ලබාදී ඇති අතර. යසන්ත සිරිමල්වත්ත නම් මෙම රියදුරු මහතාගෙ ගුවන් ගමන් බලපත්‍රයද තහනම් කර ඇති නිසා ඔහුට රටින් පිටවීමට නොහැකිය. මොහු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා වන චමින්ද සිරිමල්වත්ත මහතාගේ වැඩිමහල් සොයුරාද වෙයි. මෙය තවත් රිසානා මෙන් ඝාතනයක් වීමට ඇත්තෙ තව ටික දිනකි.

    ReplyDelete
  7. Pera, could you please mention or provide the link for original news paper source of Namal's interview ?

    ReplyDelete
    Replies
    1. Actually the image was one widely spread in social media and I have no idea about the original source.

      Delete
    2. පුරවැසි මාධ්‍ය කලාවේ දැවැන්තයා විදියට එහෙම කරන එක හොඳද? බැරිවෙලා හරි මේක මොංගල්ගේ ගල් කොල්ලෙක් හදපු බොරු ඉන්ටවිව් එකක් නම් ඔබ තුමාගේ සරම ටිකක් ඕනවට වඩා ඉස්සෙයි නේද?

      Delete
    3. පැරා,

      මමත් මේ මුලාශ්‍රය අහන්නමයි හිටියේ." I have no idea about the original source." කියන එක චම්පික රණවක හෝ තිස්ස අත්තනායක වැනි දේශපාලකයන්ට හුරු වචනයක් මිස ඔබ වැනි ගුරුවරයෙකුට අයත් වචනයක් නොවේ. මදක් නැවතී සිතන්න. ඔබත් දරුවන් ඇති පියෙක් නේද? ඔබ විසින් මේ තරුණියගේ චරිතය ඝාතනය කර ඇති ආකාරය නැවත කියවා බලන්න. ඔබගේ ලිපියේ නිරවද්‍යතාවය ඔබට ඔප්පු කරනා පුලුවන්ද? යම් දිනෙක ඔබේ දරුවෙකුට මෙහෙම පදයක් හදා තිබුනොත් එය අතේ පලවෙන බොරුවක් නම් ඔබ මොකක්ද කරන්නේ?
      පැරා අඩු තරමේ තමන්ට ඔප්පු කරන්න බැරි දෙයක් ලියන්න හා කියන්න හදන එකා ගුරුවරයෙක් නම් නොවේ.

      සමරසේකර

      Delete
  8. මනුස්සයෙක්ට ජීවත් වීමට රුපියල් 2500ක් වැනි සාමාන්‍ය වැටුපක් අවශ්‍යව තිබියදී රුපියල් ලක්ෂ තුනහමාරක් වැනි සුළු වැටුපක් ගෙවා එම තරුණියට කරල තියෙන අසාධාරණය තරයේ හෙළා දකිමු. මුංව කොටියම කාපිය !

    ReplyDelete
  9. ලජ්ජා බය නැති ස්ත්‍රී නිමිත්තට නොහැක්කක් නොමැත යන්න කදිමට පසක් කර දෙන උදාහරණයකි මෙය.

    ReplyDelete
  10. Para maha ponnayek appa

    ReplyDelete
  11. ලංකාවෙ ශ්‍රමය සූරගෙන කනවා.....ලක්ෂ තුනහමාරක් වැනි සුලු වැටුපක් ගෙවලා තරුනියක්ව වැඩට යොදවනව කියන්නෙ මොන තරම් අපරාධයක්ද

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා