ජනාධිපතිවරයාගේ ජීවිතයට බරපතල තර්ජනයක්

නාමල් රාජපක්ෂ අදාළ රැස්වීමේදී  
අඟුණුකොළපැලැස්ස පුරහලේදී පසුගිය සෙනසුරාදා පැවති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහභාගි වූ ශ්‍රීලනිප රැස්වීමේදී බරපතල හිටපු ජනාධිපතිගේ පුත්‍ර නාමල් රාජපක්ෂ මන්ත්‍රීගේ ආරක්ෂකයකු වන හමුදා කෝප්‍රල්වරයකු ගිනි අවියක්ද සඟවාගෙන ජනාධිපතිවරයා අසලට පැමිණීම අතිශය බරපතල සිද්ධියකි.

බලයෙන් ගිලිහී දූෂණ චෝදනාවලට ලක් වී සිටින රාජපක්ෂ පවුල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග ඉන්නේ බද්ධ වෛරයකින් බව කවුරුත් දනිති. එවැනි පසුබිමක මෙවැනි සිද්ධියක් සිදු වීම බරපතල සැකයට තුඩු දෙන්නකි. මෙය කිසියම් පෙරහුරුවක් වන්නට පුළුවන.

මෙම නිලධාරියා පසුව හඳුනාගෙන ඉවත් කර තිබේ. ජනාධිපති ආරක්ෂක අංශය විසින් කළ යුතුව තිබුණේ ඔහු ඉවත් කිරීම පමණක් නො වේ. ඔහු අත්අඩංගුවට ගෙන මේ පසුපස කිසියම් කුමන්ත්‍රණයක් තිබිණි ද යන්න විමර්ශනය කළ යුතුව තිබිණි.

ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය මෙම පුද්ගලයාට ගිනි අවියක් සඟවාගෙන ජනාධිපතිවරයා ළඟට එන්නට දීම ද, පසුව ඔහු අසු වූ විට පවා ඔහු අත්අඩංගුවට නො ගැනීම ද සම්බන්ධයෙන් ජනාධිපති ආරක්ෂක අංශය ද සැකයට භාජනය වේ.

ජනාධිපතිවරයාගේ ජීවිතයට තදබල අනතුරක් ඇති බවත්, ආරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතු බවත් අපි මීට පෙර ද පැවසුවෙමු.

ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියා වනුයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයේද සේවය කළ අයෙකි. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. lankaenews පච ඔච්චර සීරියස් අරගෙන විහිලුවක් වෙන්නෙ එපා

    ReplyDelete
  2. බබෙක්ගෙන් ඇහුවත් කියයි රාජපක්ශලාගෙ ප්‍රතිවාදීන් වෙන්නෙ බටහිර කුක්කො දෙන්න ලෙස වැඩ කරන රනිල්, චන්ද්‍රිකා ඩබල කියලා. මයිත්‍රී කියන්නෙ උන් දෙන්නට සර්, මැඩක් කියාගෙන ඉන්න අව්යාජ මිනිහෙක් කියලා. ඔච්චර වැඩ කාරයොනම් රාජපක්ශලා ඉස්සර වෙලා රනිල්ව මරලා මයිත්‍රීව තනි කරනවා. මයිත්‍රී මරල රනිල් ජනාධිපති කරන්න උන්ට පිස්සුද? අනික අතට මයිත්‍රී කූරියා ගැහුවොත් අවුරුදු 6කට ඉබෙම ජනාධිපති වෙන්නෙ රනිල්. තමන්ගෙ සැන්ටැබි මාද්ය යොදාගෙන රාජපක්ශලාට චොදනා කරන ගමන් රනිල් මයිත්‍රීව මරන්නනම් පුලුවන්.

    ReplyDelete
    Replies
    1. අනේ ගොනෝ... රාජපක්ෂලව පැරදුනේ රනිල්වත්, චන්ද්‍රිකාවත් නිසා නෙමේ.. මෛත්‍රී එලියට ආපු නිසා.. රාජපක්ෂලට මල ඒකයි...

      Delete
    2. එහෙමම හිතන්නත් එපා. යාලු හොරුටික හිරගෙවල් ලැඟීමෙන් බේරා ගැනීමත් උන්ට වැදගත්.

      Delete
  3. Para, If someone bumps off Sirisena, Hon Ranil (yes, a Royalist) will be the next President.

    ReplyDelete
    Replies
    1. ලැම්බොගිනි, රත්තරන් අශ්වයො ගැන කියපු උන්ට මෙවා මොනාද?

      Delete
  4. This is bullshit. I Don't think MR group is that much stupid & immatured. My3's death would make Ranil to be the executive president. That will make everything worsen for MR & the clan. My3 is too weak & flexible & too good for his enemies. I think it's another false propaganda from Mangala group to keep the rapidly losing peoples trust.

    ReplyDelete
  5. //ජනාධිපති ආරක්ෂක අංශය විසින් කළ යුතුව තිබුණේ ඔහු ඉවත් කිරීම පමණක් නො වේ. ඔහු අත්අඩංගුවට ගෙන මේ පසුපස කිසියම් කුමන්ත්‍රණයක් තිබිණි ද යන්න විමර්ශනය කළ යුතුව තිබිණි. // නැවත නැවතත් අවධාරණය කරන්නෙමි. වැරදුනොත් කිසිම පක්ෂයකටවත් කිසිම කෙනෙකුටවත් රටටවත් හොඳක් සිද්ද වෙන්නෙ නෑ. ඒ එක්කම ජනාධිපති ආරක්ෂක අංශය වහාම ප්‍රතිසංවිධානය කළයුතුයි. බණ්ඩාරනායක සිද්ධිය හෙම නැවත ඇති වෙන්න ඉඩ තියන්න එපා

    ReplyDelete
  6. ඔහේ හිතන් ඉන්නෙ රටේ මහා මාද්යවේදියෙක් කියල.ඒකනෙ "මහමග මරාදමන්න නියතිත්ව සිටි"වගෙ පොර ටෝක් දෙන්නෙ,තමුසෙට වැටෙන කොමෙන්ට් බාගෙකට වැඩිය තමුසෙගෙ අදහස් වලට විරුද්දව දාන එව්ව.තවකොටසක් එන්නෙ තමුසෙ කුලියට මරක්කල්ලු ගැනලියන්නෙ මොනවද බලන්න.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා