රිචී බෙනෝ හා නින්දිත පන්දුව

ලොව මවිත කළ පන්දුව (චැනල් 9 - ඕස්ට්‍රේලියා) 
ප්‍රකට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක හා විස්තර විචාරක රිචී බෙනෝ අපෙන් සමු ගත්තේ ය.

රිචී බෙනෝ ගැන කතා කරන විට ඔහුගේ නම ඉතිහාසයේ සටහන් වන එක් වැදගත් සිද්ධියක් ඇත.

ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර 1981 පෙබරවාරි 01දා මෙල්බෝන් පිටියේදී පැවැත්වුණු සීමිත ඕවර ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවෙන් තරගය සම කිරීම සඳහා නවසීලන්ත පිතිකරු වූ බ්‍රයන් මැකෙෂ්නි ලකුණු හයක් රැස් කළ යුතු විය.

මේ අවස්ථාවේ නායක ග්‍රේග් චැපල් පන්දු යවන්නා වූ තම සොයුරු ට්‍රෙවර් චැපල්ට කීවේ අත යටින් පන්දුව යවන ලෙසයි. නවසීලන්ත පිතිකරුවාට එම පන්දුවට හයේ පහරක් එල්ල කිරීමේ හැකියාව නො තිබිණි.

එය නීති විරෝධී ක්‍රියාවක් නො වුණත්, හොඳ ක්‍රීඩාශීලිත්වයක් නො වී ය. එ් පිළිබඳ රිචී බෙනෝ සිය පිළිකුල පළ කළේ මෙසේ ය:

 "one of the worst things I have ever seen done on a cricket field". (එය මා ක්‍රිකට් පිටියකදී දුටු නරක ම සිදුවීමක්.)
"Everyone around Australia will have their own ideas on that. I don't expect anyone to agree with me." (ඕස්ට්‍රේලියාවේ කාටත් මේ ගැන තමන්ගේ අදහසක් ඇති. මම නම් කවුරුවත් මට එකඟ විය යුතු යයි බලාපොරොත්තු වන්නේ නැහැ.)
"I think it was a disgraceful performance from a captain that got his sums wrong today, and I think it should never be permitted to happen again." (මා හිතන්නේ එය නායකයකුට නො ගැලපෙන අවමන් සහගත ක්‍රියාවක්. ඔහුට අද ගණන් වැරදුණා. මා හිතන්නේ එය නැවත සිදු විය යුතු නැහැ.)



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. රිචී ගැන මතකය මම ක්‍රිකට් බලන්න ගත්ත මුල් කාලය දක්වාම දිව යනවා. කොහොමත් ඔහුත් ඕස්ට්‍රේලියානු පිළ වෙනුවෙන් පැහැදිලි පක්ෂග්‍රාහී විස්තර විචාරය දුන් තවත් ඕස්ට්‍රේලියානු විස්තර විචාරකයෙක්.
    කොටින්ම ටෝනි ග්‍රේග් විසින් ශ්‍රීලංකා ක්‍රිකට් පිළ වර්ණනා කිරීම නිසා විස්තර විචාරයේදී පවා රිචී ඇතුලු අනෙක් ඕස්ට්‍රේලියානු විස්තර විචාරකයින්ගේ කොන් වීමට සහ උපහාසයට ලක් වූ අවස්ථා මට තවම මතකයි.
    කොහොමත් කාලයක් තිස්සේ ක්‍රිකට් ක්‍රීඩාවට අදාලව රැකියාව කරපු මේ මනුස්සයා මිය ගියාම ක්‍රීඩාවට ඇළුම් කරන මිනිසුන් එය ගැන විශේෂ සඳහනක් කිරීම වගේම ඔහු ගැන ගුණ වර්ණනා කිරීම සාමාන්‍යයි.

    මොනවා වුනත් රිචී බෙනෝ කියන නම ඇහැව්වම මට දැනෙන්නේ එතරම් ප්‍රසන්න අදහසක් නෙමේ. ඔහු මිය ගියා කියල ඒක වෙනස් වෙන්නෙ නෑ. සොරි

    ReplyDelete
  2. පැරා ලොක්කා හැමදාම කතා කරන දේශපාලනය නවත්තල ..වෙන දෙයක් කතා කරපු එක ගැන සතුටු වෙනවා...හැබැයි එක පාරටම මෙහෙම වෙනස් වෙන්නෙ මොකද දන්නේ නෑ....කාගෙන්වත් තර්ජණයක් වත් ආවද දන්නෙ නැ....

    ReplyDelete
  3. මෙන්න බොලේ පැරා ක්‍රිකට් ගැන ලියලා!
    (ආ, වැරදුණා!)

    ReplyDelete
  4. රිචී බෙනෝ බටහිර කුමන්ත්‍රණකරුවෙක්. පොර ඒ දිනවල වැඩ කලේ බීබීසී චැනල් ෆෝ.

    කොහොමටත් මිනිහා ප්‍රංශ ජාතිකයෙක්.

    බ්‍රෂ්ඨයෙක් ද මන්දා?

    ReplyDelete
  5. සමූහ චර්යාවන් අධ්‍යයනයේදී භාවිතා වන එක් සංකල්පයක් වන්නේ ‘කණ්ඩායම්ගත සිතීම‘ (Groupthink) යන්නයි. තමන් කිසියම් ජනකණ්ඩායමකට අයත් අයෙකු ලෙස වටහාගත් පසු, එම කණ්ඩායමෙන් කොන්වෙතැයි ඇති වන බිය නිසා ඇතැම් දේ නොපවසා සිටීම සහ නොකර සිටීම කණ්ඩායම්ගත සිතීමේ ප්‍රධාන අංගයක්.
    දේශප්‍රේමය තුලත් සැලකිය යුතු ප්‍රමාණයකට ඉහත සිතීම පවතින අතර, මේ නිසා ඇතැම් අවස්ථාවල පුද්ගලයන් දේශප්‍රේමයත් තමන්ගෙ හෘද සාක්ෂයත් අතර ගැටුම්වලට මුහුණදීමත් දැකිය හැකියි. රිචී බෙනෝ පිලිබද මේ සිදුවීමත් එවන් එක් අවස්ථාවක්.
    - නිශාන්ත කුලරත්න

    ReplyDelete
  6. ඒ කාලේ අපේ රටේ ටී වී නෑ.. රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට ආපු රජ පැටව් නිසා. ක්‍රිකට් මැච් වල වීඩීයෝ ගෙවල් වල ගිහින් බලන්නපින් කරලා තිබුනා. මම ක්‍රිකට් බලනවට වඩා ප්‍රිය කළේ රිචීගේ කොමන්ට්‍රීස් වලට. ඒක ලගන්නා සුළු බව කියන්න වච්න නෑ. අන්තීමෙදි යාලුවන්ට මාව වනයක් උනා. මොකෝ බ්ලු එකක්වත් බලන්නේ නැතිව රිචීගේ විස්තර ප්‍රචාරය අහන්න මැච් බලන නිසා. කොහොම හරි ඉස්කෝලේ එක්සිබිසොන් එකක් ආවා. මම අපේ උන්ට කිව්වා. මොකුත් හදන්න ඕන නෑ. අපි මුගේ ටැලිවිසොන් එකයි, වීඩියෝ ටිකයි ගෙනිහින් පෙන්නමු කියලා. අන්තීමට වැඩිම ක්‍රවුඩ් එක හිටියේ අපේ පන්තිය ගාව. ඊට පස්සෙ ටී වී එක හෝල් එකට ගන්න උනා. අපරාදේ කියන්නේ රිචි වගේම එකෙක් අපිටත් ඉන්නවා. ඒ ප්‍රෙමසර ඈපාසිංහ. ඉස්සර කවදාවත් මග හරින්නේ නැති වැඩ සටහනක් තමයි ඉරිදා රෑ ගියපු "බ්‍රිස්ටල් ක්‍රීඩා විසිතුරු"

    මම හිතන්නේ අපේ ක්‍රිකට් ජනප්‍රිය කලේ ක්‍රීඩකයෝ නෙමෙයි. ප්‍රෙමසර හා පාලිත පෙරේරා කියන දැවන්ත ක්‍රීඩා මාධ්‍යවේදීන් දෙදෙනා..

    ReplyDelete
  7. නියම ඍජු අදහස් දැක්වීමක්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා