ජාතික ගීය ගැන ජාත්‍යන්තර අත්දැකීම්

ජාතික ගීය දෙමළ බසින් ගැයීම අත්හිටුවීමට මහින්ද රාජපක්ෂ රජය ගෙන තිබූ තීරණය වෙනස් කර නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ. මෙයට පක්ෂ මෙන් ම විපක්ෂ කොටස් ද සිටිති.

සාමාන්‍යයෙන් ජාතික ගීයක් යනු ඉතිහාසය, සම්ප්‍රදායන් හා ජන අරගල වර්ණනා කරන, රටේ රජය විසින් හෝ මහජන සම්ප්‍රදාය විසින් හෝ නිල ජාතික ගීය ලෙස පිළි ගනු ලබන දේශාභිමානී සංගීත හා පද සංයෝජනයකි. ඒ සඳහා නීතිමය පසුබිමක් ඇත.

ලොවබොහොමයක් ජාතික ගී ගමන් තාලවලින් හෝ ගීතිකා තාලවලින් යුක්ත ය. ලතින් ඇමරිකානු රටවල ජාතික ගී වැඩියෙන් ඔපරා ස්වරූපී වන අතර රටවල් කීපයක ජාතික ගී සරළ, විනෝදාත්මක ස්වරූපයකින් යුක්ත ය. ඒවා සාමාන්‍යයෙන් රචනා කර තිබෙන්නේ ඒ රටේ සුලබ ම භාෂාවෙනි. එහෙත්, විශේෂයෙන් ම බහු සංස්කෘතික රටවල කැපී පෙනෙන වෙනස්කම් තිබේ.

මාලදිවයිනේ ජාතික ගීය නිර්මානය කළේ ලංකාවේ ප්‍රවීණ සංගීතඥයකු වන ඩබ්ලිව්.ඩී. අමරදේවයන් විසිනි. එහිදී ඔහු පදනම් කර ගත්තේ auld lang syne නම් සුප්‍රකට ස්කොට් නව අවුරුදු ගීයයි.(අප ඒ ගීය සිංහලට නැගූ හැටි මෙතැනින් බලන්න)

ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගැන මහගම සේකරයන් පළ කර ඇති අදහසකට අනුව එය වනාහි ආනන්ද සමරකෝන්ගේ නිර්මානාත්මක දිවියේ පරිහානි අවධියේදී නිර්මානය කරන ලද ඒකමිතියකින් තොර සංකල්පනාවකි. එහි මුලදී ලංකා මාතාව ආමන්ත්‍රණය කරමින් ගැයුණ ද පසුව එය වෙනස් වේ.

මෙම පද මාලාවේ සංස්කෘත වචන රැසක් භාවිතා වේ.

1951 නොවැම්බර් 22දා, ශ්‍රීමත් එඩ්වින් විජේරත්න විසින් සභාපතිත්වය දරන ලද කමිටුවක් විසින් කිවියර හා සංගීතවේදී ආනන්ද සමරකෝන් විසින් පබඳින ලද ‘නමෝ නමෝ මාතා’ ගීය නිල වශයෙන් ජාතික ගීය ලෙස පිළි ගත්තේ ය. විද්‍යාර්ථියකු වූ පන්ඩිත එම්. නල්ලතම්බි විසින් මෙම ගීය දෙමළ බසට පරිවර්තනය කරන ලදී.
මුල් ගීයේ මුල් පද වූ ‘නමෝ නමෝ මාතා, අප ශ්‍රී ලංකා’ යන වදන් සම්බන්ධයෙන් 1950 දශකයේදී මතභේදයක් ඇති වූ අතර 1961දී ගීය වත්මන් ‘ශ්‍රී ලංකා මාතා, අප ශ්‍රී ලංකා’ ලෙස සුළු වශයෙන් සංශෝධනය කරන ලදී. ඒ සඳහා ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන්ගේ අනුමැතිය ලබා ගත්තේ නැත. ඒ පිළිබඳ ආනන්ද සමරකෝන් සංතාපයට පත් වූ බවද වාර්තා වේ.

මෙම ගීයේ බුද්ධිමය දේපල හිමිකම ආනන්ද සමරකෝන් විසින් මුද්‍රණාල හිමියකුට ණයට හිලව් ලෙස විකුණා තිබිණි. එහෙයින් එය ජාතික ගීය ලෙස තෝරා ගන්නා විට ආනන්ද සමරකෝන්ට එහි හිමිකමක් නො තිබිණි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ හත්වන වගන්තියෙන් ‘ශ්‍රී ලංකා මාතා’ ගීයට ව්‍යවස්ථාමය පිළිගැනීම ලබා දෙන ලදී. ඒ අනුව ජාතික ගීය ලෙස සැලකෙන්නේ සිංහල පදමාලාව පමණක් වුව ද දෙමළ ජාතික ගීය භාවිතා කිරීම දිගට ම තිබිණි. 1956දී සිංහල පමණක් එකම රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනීමෙන් පසුව පවා ජාතික ගීයේ දෙමළ ස්වරූපය භාවිතාවේ තිබුණු බව සඳහන් කිරීම වටී. හැටගණන්වලදී ඩඩ්ලි සේනානායක අගමැතිවරයා යාපනයේ සංචාරය කළ අවස්ථාවේදී ජාතික ගීයේ සිංහල මෙන් ම දෙමළ ස්වරූපය ද ගායනා කරන ලදී. අලුතින් ඉදි කරන ලද ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ යාපනය මණ්ඩපය විවෘත කිරීම පිණිස අගමැතිනි සිරිමා බණ්ඩාරනායක 1974දී යාපනයට පැමිණි අවස්ථාවේදී ද භාෂා දෙකෙන් ම ජාතික ගීය ගැයිණි.

දෙමළ බසින් ජාතික ගීය ගැයීම පිළිබඳ කතා කරන විට ලංකාව වැනි බහු සංස්කෘතික රටවල් සිය ජාතික ගීය සකසාගෙන ඇති ආකාරය විමසා බැලීම වටියි. ඉන්දියාව භාෂා සිය ගණනක් කතා කරන ජනයා ජීවත් වන රටකි. එහි නිල භාෂා සංඛ්‍යාව පමණක් 22කි.

ඉන්දියාව


‘ජන ගන මන’ නම් ගීය ඉන්දියාවේ ජාතික ගීයයි. සාධු භාෂා ලෙස හැඳින්වුණු විශාල වශයෙන් සංස්කෘතකරණය කරන ලද තත්සම බෙංගාලි බසින් ලියන ලද එය නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ලැබූ රබීන්ද්‍රනාත් ‍තාගෝර් ශූරීන් විසින් නිර්මානය කරන ලද බ්‍රහ්ම බැති ගීයක මුල් පද පහයි. ගීය සම්පූර්ණයෙන් ම රචනා කර තිබෙන්නේ ක්‍රියාපද ලෙස ද භාවිතා කළ හැකි නාමපදවලිනි. මෙම නාම පද වැඩි හරියක් ඉන්දියාවේ ප්‍රධාන භාෂා හැම එකකම පාහේ භාවිතා වන හෙයින් එය පහසුවෙන් තේරුම් ගත හැකි ය. 1911 දෙසැම්බර් 27දා පවත්වන ලද ඉන්දීය ජාතික කොංග්‍රසයේ කල්කටා සැසියේදී එය පළමු වරට ගායනා කරන ලදී. 1950 ජනවාරි 24දා ඉන්දීය ව්‍යවස්ථාදායක සභාව විසින් එය නිල වශයෙන් ජාතික ගීය ලෙස උපුටා ගන්නා ලදී. 2011 දෙසැම්බර් 27 දිනට ජන ගන මන ගීයට සියවසක් සපිරිණි.

මෙම අර්ධ සංස්කෘත පදමාලාව ගායනයේදී ඉන්දියාවේ විවිධ භාෂාවන් අනුව උච්චාරණය වෙනස් වේ. එයට හේතුව වන්නේ බොහෝ ඉන්දු භාෂාවල ව්‍යංජන සමග සහජයෙන් ම යන ස්වරයක් තිබේ ය යන පිළිගැනීමයි. එහෙත් ඒ ස්වරය භාෂාවෙන් භාෂාවට වෙනස් වේ.

කැනඩාව



කැනඩාවේ ජාතික ගීය වන ‘ඕ කැනඩා’ මුලින් ම පිළි ගත්තේ ලුතිනන් ගවනර් ක්විබෙක් තියඩෝර් රොබිටේල් විසින් 1880 ශාන්ත ජෝන් බැප්ටිස්ට් දිනයෙහිදී ය. කැලික්සා ලැවලී සංගීතය සංයෝජනය කරන ලද අතර පද මාලාව ප්‍රංශ කැනේඩියානු කවියකු හා විනිසුරුවරයකු වූ ශ්‍රීමත් ඇඩොල්ෆ් බැසිල් රවුදියර් විසින් රචනා කරන ලද දේශාභිමානී කවියකි. මුල් පද මාලාව ප්‍රංශ භාෂාවෙන් වූ අතර 1906දී ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලදී.

රොබට් ස්ටැන්ලි වෙයර් විසින් 1908දී තවත් ඉංග්‍රීසි පිටපතක් රචනා කරන ලදී. නිල හා වඩාත් ම ජනප්‍රිය ස්වරූපය බවට පත් වුණේ එයයි. එය මුල් ප්‍රංශ ගීයේ සාහිත්‍ය පරිවර්තනයක් නො වේ. කැනඩාවේ ප්‍රධාන භාෂා වන ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂාවලින් නිර්මානය කරන ලද ජාතික ගී 1980 සිට ම භාවිතාවේ තිබේ. ඉංග්‍රීසි හා ප්‍රංශ ද්විභාෂා ස්වරූපයක් ද සුලබව භාවිතා කෙරේ.

දකුණු අප්‍රිකාව


මෙතෝදිස්ත පාසල් ගුරුවරයකු වූ එනොක් සොන්ටොන්ගා විසින් 1897දී දකුණු අප්‍රිකානු ජාතික ගීය වූ Nkosi Sikelel' iAfrika නිර්මානය කළේ ය. මුලදී දේවස්ථාන ගීතිකාවක් වූ එය පසු කාලීනව වර්ණභේදවාදී ආණ්ඩුවට එරෙහි දේශපාලන විරෝධාකල්ප ගීයක් විය.

1936 සිට 1957 දක්වා සමයේදී එක්සත් රාජධානියේ ජාතික ගීය වන God Save the King/Queen ගීතයත්, සී.ජේ. ලැන්ගන්හොවන් විසින් 1918දී ලියන ලද, ගරු මාටිනස් ලවුරෙන්සි ඩි විලියර්ස් විසින් 1921දී සංගීතවත් කරන ලද Die Stem van Suid-Afrika ගීතයත් යන දෙක ම ජාතික ගී ලෙස භාවිතා කරන ලදී. 1957 සිට 1995 දක්වා Die Stem van Suid-Afrika ගීය එකම ජාතික ගීය ලෙස සලකන ලදී.

1994සිට ගීත දෙක ම දකුණු අප්‍රිකාවේ ජාතික ගී ලෙස සැලකේ. නෙල්සන් මැන්ඩෙලාගේ ආණ්ඩුවේ සමාරම්භක අවස්ථාවේදී මේ ගී දෙක ම ගායනා කරන ලදී. ඒ දෙක එකතු කර 1997 සිට අලුත් ජාතික ගීයක් නිර්මානය කරන ලදී. වත්මන් ජාතික ගීය වන එහි ඉංග්‍රීසි පද මාලාව සකසා ගනු ලැබුවේ The Call of South Africa නම් වන මුල් ගීයේ ඉංග්‍රීසි පදමාලාවේ මුල් කොට‍සේ අවසන් පද හතරෙනි. පශ්චාත් වර්ණභේදවාදි දකුණු අප්‍රිකාවේ බලාපොරොත්තු නිරූපණය වන පරිදි එය වෙනස් කර තිබේ.
1997 සිට දකුණු අප්‍රිකානු ජාතික ගීය අලුත් ඉංග්‍රීසි පද Nkosi Sikelel' iAfrika (God Bless Africa) හා Die Stem van Suid-Afrika (The Call of South Africa) ඒකාබද්ධ කර සකසාගෙන තිබේ.

නවසීලන්තය


"God Defend New Zealand" හා "God Save the Queen" යන ගී දෙක ම නවසීලන්තයේ ජාතික ගී ලෙස සැලකේ. "God Defend New Zealand" ගීතය වඩා සුලබව භාවිතා වන මුත් ගී දෙකට ම සම තත්වයක් තිබේ. "God Defend New Zealand" ගියේ පද ඉංග්‍රීසි හා මයෝරි භාෂාවලින් තිබේ. එහි ගී ඛන්ඩ පහක් ඇත. ඒ හැමෙකක් ම ඉංග්‍රීසි හා මයෝරි භාෂාවලින් තිබේ. මයෝරි පද ඉංග්‍රීසි පදවල ඍජු පරිවර්තනයක් නො වේ. 1878දී නිර්මානය කරන ලද මයෝරි පදමාලාව 1979දී නැවත ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලද්දේ හිටපු මයෝරි භාෂා කොමසාරිස් මහාචාර්ය තිමති එස්. කාරේටු විසිනි.

මුල් රචකයා වූ බ්‍රැකන් 1949 ජනවාරි 01දා මිය ගොස් පනස් වසරකට පසුව "God Defend New Zealand" ගීයේ බුද්ධිමය දේපල අයිතිය අහෝසි විය. රජය විසින් එහි බුද්ධිමය දේපල හිමිකම මිළ දී‍ ගෙන තිබිණි. කාරේටු විසින් කරන ලද පසු පරිවර්තනය වෙනුවෙන් නවසීලන්ත රජයට 2079 වසර දක්වා බුද්ධිමය දේපල අයිතිය තිබේ.
1990 දශකය දක්වා ම වැඩිපුර ගායනා කරනු ලැබුවේ ඉංග්‍රීසි පදමාලාවේ මුල් ගී ඛන්ඩය පමණි. 1999දී එංගලන්තයට එරෙහි රග්බි ලෝක කුසලාන තරගයේදී මයෝරි පදමාලාව මුල් වරට ගායනා කරන ලද අතර, මහජන සංවාදයකින් පසු ඉංග්‍රීසි හා මයෝරි බසින් මුල් ඛන්ඩය එකකට පසුව අනෙක වශයෙන් ගායනා කරනු ලැබේ. ‍දෙවන හා පස්වන ඉංග්‍රීසි ගී ඛන්ඩ ද ගායනා කරනු ලැබේ. එහෙත්, තෙවන හා සිව්වන ගී ඛන්ඩ ගායනා කරනු ලබන්නේ කලාතුරකිනි.

ස්විට්සර්ලන්තය


The Swiss Psalm (ජර්මන්: Schweizerpsalm, ප්‍රංශ: Cantique suisse, ඉතාලි: Salmo svizzero, රෝමන්: Psalm svizzer) යනු ස්විට්සර්ලන්තයේ ජාතික ගීයයි. 1841දී ඇල්බෙරිච් ස්විසිග් (1808 – 1854) විසින් රචනා කරන ලද එය එතැන් සිට දේශාභිමානී උත්සවවලදී සුලබව ගායනා කරන ලදී. එහෙත් ෆෙඩරල් කවුන්සිලය එය ජාතික ගීය ලෙස පිළිගැනීම කීපවිටක් ම ප්‍රතික්ෂේප කළේ ය. එයට හේතුව වූයේ ජනතාව ජාතික ගීය ගැන දක්වන අදහස දැන ගැනීමට කවුන්සිලයට අවශ්‍ය වීමයි.

1961 සිට 1981 දක්වා ජොහාන් රුඩොල්ෆ් වයිස් (1743 – 1818) විසින් නිර්මානය කරන ලද Rufst Du, mein Vaterland ("When You Call, My Country", ප්‍රංශ: Ô monts indépendants; ඉතාලි: Ci chiami o patria, රෝමන්: E clomas, tger paeis) ගීය ඇතැම් ප්‍රදේශවල ජාතික ගීය ලෙස පිළි ගැනිණි. එහි තනුව සුප්‍රකට God Save the Queen අනුව සකසා තිබේ. 1981 අප්‍රේල් 01දා සිට Swiss Psalm දකුණු අප්‍රිකාවේ ජාතික ගීය ලෙස පිළිගන්නා ලදී. මුල් ජර්මානු ගීය ස්විට්සර්ලන්තයේ සෙසු ජාතික භාෂා තුනට ද පරිවර්තනය කරන ලදී. පොදු උත්සව අවස්ථාවලදී තමන්ගේ අභිමතය පරිදි ජාතික ගීය ගැයීමට ෆෙඩරල් රජය ජනතාවට අවසර දී තිබේ.

ජනරළ 2015 - 04 - 05

(මේ හා සම්බන්ධ අධ්‍යයනයේ තොරතුරු අප වෙත ලබා දුන් වන් ටෙක්ස්ට් ඉනිෂියේටිව් ආයතනයට අපේ ස්තුතිය)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මුල් ජර්මානු ගීය ස්විට්සර්ලන්තයේ සෙසු ජාතික භාෂා තුනට ද පරිවර්තනය කරන ලදී. පොදු උත්සව අවස්ථාවලදී තමන්ගේ අභිමතය පරිදි ජාතික ගීය ගැයීමට ****ෆෙඩරල්***** රජය ජනතාවට අවසර දී තිබේ.

    රනිල් රට ගෙනියන්න හදන දිශාව පැහැදිලියි නේ !!!

    හයියෝ ආයි ලේ ගංගා ගලන්න හදන්නේ. පරා වගේ NGO කාරයන්ට බඩ ගොස්තරේ හොයන්න පුළුවන් එතකොට නේ !!!

    ReplyDelete
    Replies
    1. ඕයි අවුරැදු 2500 තිස්සේ මේ සින්හල රටේ හැමදාම උනේ ලේ හලා ගන්න එක විතරයි.. තමුසේ පනිනේ නැතුව ඉන්නවා

      Delete
    2. ඇමරිකාව, ස්විට්සර්ලන්තය වැනි රටවල ෆෙඩරල් ආණ්ඩුව කියන්නේ මධ්‍යම රජයට බව අවබෝධ කරගන්න.

      මේ රටවල ෆෙඩරල් ක්‍රමය කියන්නේ ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් හා කුඩා ප්‍රාදේශීය පාලනයන් රැසක එකතුවක්.

      වචනවලට බිය වෙන්න එපා. අධ්‍යයනය කරලා බලන්න. මුග්ධකම පතුරුවන්න එපා.

      Delete
    3. පැරකුම් සර් කියනවා නං මම ඉන්නං. මට පැරකුම් සර් ඉර හඳ වගේ විශ්වාසයි.

      ඒක නෙමේ , ඔන්න පැරකුම් සර් කියපු නිසා මම යහ පාලන ආණ්ඩුවට කතිරේ ගැහුවා. වී ටිකට සහතික මිලක් දෙනවා කිව්වා නේ. අනේ අද ගියාම සම්බා කිලෝව 25 ට ගන්නේ. මට බැරිද පැරකුම් සර්ගේ දිහාට වී ලොරිය බාල සහතික මිල පැරකුම් සර් ගෙන් අරං යන්න. ?

      Delete
    4. මම නම් එහෙම දෙයක් පොරොන්දු වී නැත. කෙසේ වෙතත් වී ලොරිය අරගෙන එන්න.

      Delete
    5. @AnonymousApril 3, 2015 at 7:17 AM

      පලයන් සක්කිලි බල්ලෝ යන්න. මේ අවරුදු 30 තිස්සේ මිනිස්සු මැරිලා මැරිලා යන්තන් ඉවර වුනා. තොපි එනව රට කඩලා තවත් මිනිස්සු මරන්න ඉඩ හදන්න.

      Delete
    6. මෝඩයෝ, ෆෙඩරල් කියන එකේ තේරුම දැනගනින්. උබල හිතන්නේ උබලගේ ප්‍රාදේශීය සබාවේ සභාපතිලා ඉන්නේ උබලගේ නෝනලා දුවලා 100 දුෂණය කරලා පාටි දාන්න, සුද්දෝ මරල උන්ගේ සුද්දියෝ දුෂණය කරන්න, ඩමී හදාගෙන මංකොල්ල කන්න, ගුරුවරුන්ට ගහන්න චන්දෙ කාලෙට උබලට අරක්කු පොවන්න විතරයි කියලනේ ? ෆෙඩරල් කියන්නේ ප්‍රාදේශීය පාලනයට එදිනදා පාලන කටයුතු සංවර්ධන කටයුතු කරගෙන යන්න ඉඩ දීල ප්‍රතිපත්තිමය ජාතික තලයේ තීන්දු තීරණ ගන්න මධ්‍යම ආණ්ඩුව කටයුතු කරන රජයකට. ඔය පහලින් තියෙන්නේ ෆෙඩරල් කියන එකට ඔක්ස්ෆෝර්ඩ් ශබ්ධ කෝෂයේ දීපු අර්ථ දැක්වීම...

      Oxford Advanced Learner’s Dictionary, 8th edition

      fed • eral
      BrE / fedərəl /
      NAmE / fedərəl /
      adjective

       word origin
       example bank
      1 having a system of government in which the individual states of a country have control over their own affairs, but are controlled by a central government for national decisions, etc
      a federal republic
      2 (within a federal system , for example the US and Canada) connected with national government rather than the local government of an individual state
      a federal law
      state and federal income taxes
      fed • er • al • ly / BrE ; NAmE / adverb
      federally funded health care



      © Oxford University Press, 2010

      Delete
    7. @AnonymousApril 3, 2015 at 8:22 AM

      සක්කිලියෝ, ඔක්ස්ෆෝර්ඩ් හරි ත්‍රිපිටකයේ හරි බය්බලයේ හරි කුරානයේ හරි තිබ්බත් ලංකාවට ඔය පාලනය ගැලපෙන්නේ නැත්නම් එකෙන් වැඩක් නැහැ.

      ඔය රෙකොර්ඩ් තියන්න බදු ගහපු සුද්දියෝ දුෂණය කරපු උන් දැන් හිරෙන බන්. අපි බලමු උඹලගේ යහපාලන ආණ්ඩුවේ බිලියන ගණන් ගහපු පිටදේශක්කර දෙමලුන්න්ට වෙන දේ? තාම වාර්තාව නැත්තේ මොකෝ?

      Delete
    8. කරුණාකර ශිෂ්ට භාෂාවෙන් කතා කරන්න ඉගෙන ගන්න. ඇනොනිමස්කමට මුවා වී ඔබගේ සැඟවුණු වනචාරීකම් ප්‍රදර්ශනය නො කරන්න.

      Delete
    9. ෆෙඩරල් ක්‍රමය මුලින්ම සොයාගෙන ඇත්තේ රාවනා රජුය. ෆෙඩරල් ක්‍රමය හොදින්ම ගැලපෙන්නේද ලංකාවටය. කවුද කියන්නේ ෆෙඩරල් ක්‍රමය ගැලපෙන්නෙනෑ කියලා? අර නාථ කපුවයි ඌ වටේ ඉන්න කසිකබල් ජාති වාදියෝ නේ.

      Delete
    10. @AnonymousApril 3, 2015 at 8:42 AM ෆෙඩරල් කියන එක නොදන්නා ඇනෝ කොහොමද ඒක නොගැලපෙනවයි කියන්නේ ? නොගලපෙනවද බලන්නකලින් ඒ කියන්නේ මොකක්ද කියල තේරුම් ගනින්. ඉස්සරවෙලා ඔය තියෙන තේරුම පැරාට කියල පරිවර්තනේ කරගනින්. උබත් අර පනික්කිය වගේ ඉංග්‍රීසි නොදන්නා නිසා බය්යෝ කියන ඒව විතරක් තේරෙන නිසා ඒවා පිළිගෙන බය්යෝ පස්සේ යන එකෙක් නේද ? උබ ඔය කියපු දෙන්නම හිරේ ගිහින් නැහැ. බය්යෝ ද උබට කිවේ උන් ඉන්නේ හිරේ කියල ?

      Delete
    11. ඔය 'ෆෙඩරල් එනවා' 'ෆෙඩරල් එනවා' 'රට බෙදෙනවා' කියන්නෙ ළමයි බය කරන්න 'ඔන්න බබෝ බිල්ලෝ එනවා' කියනවා වගේ කතාවක්. ඕක අහපු ගමන් ළමයි අම්බානට බය වෙනවා. ඒත් එන බිල්ලෙක් නෑ.

      Delete
    12. ආයේ ආයේ නොම ඉවසං
      එක රට අප හට හරි අරහං

      රටකට ඕනේ අපමණ අගයක්
      ටොයියට ඕනේ පෙඩරල් රජයක්

      Delete
    13. මං හරි. කියපු ගමන්ම එක පිම්පියෙකුට රිදිලා තියෙන්නෙ...

      Delete
    14. අපෝ නෑ මචං.. Im totally FOR a federal govenment based on ethnicity.
      යුද්ධයක් නැතුව පාලුයි බං ... :)

      Delete
    15. මෙතන කියා ඇත්තේ ෆෙඩරල් රජයක් අවශ්‍ය බවක් නොවේ. දෙමල භාෂාවෙන් ජාතික ගීය ගයනා කිරීමට ඉඩ දීම හොද බවයි. පිල්ලි නමැති වෛශ්‍යවගේ පුතනුවනි, නුබ වැනි අය ගැන තමයි අර සුනිල් ආරියරත්නයන් ලියල තියෙන්නේ "ගිනි ගන්නා රටක කෙලින මී හරකුන් වැනි පුතුන්" කියල!!!! එක රටක් යනු සාමකාමී වටපිටාවක් ඇතිවිටදීත් බලහත්කාරයෙන් අවි බලයෙන් පවත්වාගෙන යන බිමක් නොවේ. එක රටක් යනු එක හිතින් එක බිමක් දියුණු කිරීමට, එක බිමක් ආරක්ෂා කිරීමට, එක බිමක ජීවත් වෙන සියලුදෙනා තම මිනිසුන් බව පසක් කරගන්නා මිනිසුන් වෙසෙන භූමියක් බව වත් තෝ නොදන්නෙහිය. උතුරේ ඉන්නා එකාට දකුණේ ගසක් කපාදමන විට, දකුණේ වනාතර විනාශ කරනවිට දකුණේ යමක් සිදුවන විට මෙන්ම උතුරේ යමක් වන විටත් දකුණේ එකාට තමුන්ගේ තැනක යමක් වන බව හිතට දැනෙන මේක අපේ බව දැනෙන දවසක් ඇතිකරීම වෙනුවට අවිබලය ගැන උදම් අනන තොපි වැනි එවුන් ගැලපෙන්නේ එලවා දැමුණු රජක තුමාගේ අශුචි වලට වගකීමට පමණි.

      Delete
    16. @AnonymousApril 3, 2015 at 5:27 PM
      බලය වෙනුවෙන් ඕනෑම තුච්ච දෙයක් කිරීමට , කීමට කැමති තොප වැනි අධමයන් ද්‍රවිඩ ජාතිවාදයේ පෙළඹ වීම මත පදනම් ව ජාතික ගිය භාෂා දෙකකින් ගැයීම සද් භාවයකින් කලේ යයි සිතීම ප්‍රතික්ෂේප කරමි. ලම්බෝගිනි , රන් අසුන් සහ හෙලිකොට්ටර් පෙන්නු දිනයට තොප පෙන්වන මේ කරුණු වලද සත්‍ය තාවයක් ඇතැයි පිලි ගනිමි. එම ක්‍රියාවටද සුජාත භාවයක් ඇතැයි පිලි ගනිමි. එතෙක් ගොස් කරගෙන ආ පරිදි පරිදි පොන්න හාමුගේ අසුචි භක්ෂණය කරන්න. පැරාටත් පොඩ්ඩක් එවන්න :)

      Delete
    17. ලංකාවේ උන්ට (අපිට) පෙඩරල් කියන එක තේරෙන්නේ නැති එක සාධාරණය, ලංකාවේ අතීතයේ තිබුනේ එක එක රටවල්ය, උඩ රට, පහත රට, මලය රට, රජ රට, වගේ ඒවාට වෙන වෙනම රජ්ජුරුවෝලා ද සිටියෝය, මේක හැමදාම බෙදිලා වෙන්වෙලා තිබ්බ රටක්ය, ඔය කලාතුරකින් කීපසැරයක් බලවත් රජවරු දුබල රජවරු මරා දමා ඒවා අල්ල ගත්තෝය, බොහොම ටික කාලයක් අල්ල ගත්ත ඒවා පාලනය කලෝය. එහෙම උනහම ඒ කාලේ ලියන උන්නාන්සෙලා පොත් පිරෙන්න හුරේ දැම්මොය, පරදින කොට ඔය රාජ්ජුරුවන්ගේ අනුග්‍රහය ලබන ඇත්තො ලියන්නේ කොහොමද කියා අමුතුවෙන් ලියන්න නුවමනාය. ඒ කාලේ මෙ බ්ලොග්කටු වගේ පුරවැසිමාධ්‍ය තිබ්බානම් කතන්දරය වෙනස්ය. ඔය මඟුල තේරුම් ගැනීමට නොහැකි දුටුගැමුණු, පරාක්‍රමබාහු වගේ නම් ඇහෙන කොට චූන් වෙන උන් හිතාන ඉන්නේ හිටපු හැම රජාම දුටුගැමුණු වගේ කියාය, නැත හිටපු හැට හුට හමාරක් රජවරු ඔය පුංචි පුංචි කෑලි (රටවල්) පාලනය කරපු උන්ය, දුටු ගැමුණුලාත් ජීවිතකාලයේ වැඩි කාලයක් ඔය පුංචි පුංචි පලාත් පාලනය කරල ජීවිතකාලයක් නැහිල තමයි අනෙත් රජ්ජුරුවලාගේ ඒවා අල්ලගත්තේ, ඊට පස්සේ ටික කාලයක් පාලනය කරලා නැහිලා ගියා. ඉතිහාසයෙන් වැඩි කාලයක් මේ රට අරාජික දේශයකි, මේක එක රටක් විදිහට වැඩිම කලක් පාලනය කර ඇත්තේ සුද්දෝ සහ ඉට පස්සේ ආපු කළු සුද්දෝය.

      Delete
    18. "මේක එක රටක් විදිහට වැඩිම කලක් පාලනය කර ඇත්තේ සුද්දෝ සහ ඉට පස්සේ ආපු කළු සුද්දෝය."

      සුද්දෝ නැත්නම් තවමත් මේ රටේ බහුතරය ප්‍රවේණි දාසයෝ.

      අපේ මිනිස්සුගේ ජාන වල ප්‍රවේණි දාසයෝ වෙන්න්න තියෙන කැමැත්ත මහින්දට පුක දෙන්නන තියෙන උනන්න්දුවෙන්ම පේනවා

      Delete
  2. මෙච්චර හෑලි ලියන්නේ මොකටද ? ඕක දෙමළෙන් ගායනා කරන්න ඉඩ දීලා උඹලාගේ වැඩක් බලා ගනිල්ලා!

    ReplyDelete
  3. මචෝ උඹට මතකද එදා රොක් අජියා ජාතික ගීය ලීඩ් එකේ ඇතිල්ලුවා..

    දේශප්පෙරේමින් හිටියා නම් හෙම පපු පැලිලා මැරෙණවා....

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් උඹයි උඹගේ පොන්න හාමුයි දෙන්නම ලංකාවේ පවට ඉපදිච්ච් එව්වොනේ!

      Delete
  4. Nipuna WanninayakeApril 3, 2015 at 11:05 AM

    මමනම් ජාතික ගීය දෙමලෙන් කියනකොට රෙද්ද රීගන්න හදන හිංගලබෞජ්ජයින්ගෙන් අහන්නෙ මෙච්චරයි..

    අපේ රටේම පුරවසියන් කොටසක්(ශ්‍රී ලාංකික දමිලයින්), අපේ රටේ රාජ්‍ය භාෂාවකින් (දමිල ), ශ්‍රී ලංකාව ගැන ලියවුනු ජාතික ගීයක් ගායනා කරද්දී ඒ රටේම ජාතික ගීය වෙනත් රාජ්‍ය භාෂාවකින්(සිංහල ) කියන තවත් පුරවැසියන් කොටසකට (ශ්‍රී ලාංකික සිංහලයින්ට ) නැතිවෙන්නේ මොකක්ද කියන එක?

    ජාතිවාදී මරිමෝඩ කථා ඇරෙන්න හරි උත්තරයක් තාම හම්බවෙලා නෑ..

    ReplyDelete
    Replies
    1. දෙමලෙන් ජාතික ගීය ගැයුනම රට ෆෙඩරල් වෙනවා. ඊට පස්සේ සිංහලයන්ට පමණක් අයිති මේ රට බටහිරයන් විසින් අල්ල ගන්නවා. ඊට පස්සේ බය්යන්ගේ ලොකුම බය ඇත්ත වෙනවා. එනම් පර දෙමල විසින් සිංහල බය්යන්ව පැහැරගෙන සොලී රටට ගෙනියනවා කරවල වාඩිවල වැඩ ගන්න.

      Delete
    2. යකෝ උඹට තේරෙන්නෙ නෑ. හැම සිංහලබෞද්ධයාගේම පුකේ පොඩි ගැජට් එකක් හයි කරලා තියෙනවා. ජාතික ගීය දෙමළෙන් කියන වාරයක් වාරයක් පාසා ඒකෙන් මිරිස් කුඩු ග්‍රෑම් විස්ස ගානෙ ඉහළට තල්ලු කෙරෙනවා. ඒ වේදනාවට බයේ තමයි උන් ජාතික ගීය දෙමළෙන් ගායනා කරනවාට විරුද්ධ. ඒක හරිම සාධාරණ හේතුවක්.

      Delete
  5. බාසා වලින් මනුශ්යයා ගේ මනස විකුර්ති කලේ බයිබලයේ ලොක්කා වන දෙවියන් වහන්සේය.... පර දෙවියන් වහන්සේ ට බංගවේවා නොකියන්නේ බයටද?

    Genesis 11

    The Tower of Babel

    11 Now the whole world had one language and a common speech. 2 As people moved eastward,[a] they found a plain in Shinar[b] and settled there.

    3 They said to each other, “Come, let’s make bricks and bake them thoroughly.” They used brick instead of stone, and tar for mortar. 4 Then they said, “Come, let us build ourselves a city, with a tower that reaches to the heavens, so that we may make a name for ourselves; otherwise we will be scattered over the face of the whole earth.”

    5 But the Lord came down to see the city and the tower the people were building. 6 The Lord said, “If as one people speaking the same language they have begun to do this, then nothing they plan to do will be impossible for them. 7 Come, let us go down and confuse their language so they will not understand each other.”

    8 So the Lord scattered them from there over all the earth, and they stopped building the city. 9 That is why it was called Babel[c]—because there the Lord confused the language of the whole world. From there the Lord scattered them over the face of the whole earth.

    ReplyDelete
    Replies
    1. //පර දෙවියන් වහන්සේ ට බංගවේවා නොකියන්නේ බයටද?//

      පැරා දෙවියන් වහන්සේ ට බංගවේවා නොකියන්නේ බයටද?ලෙස වෙනස් විය යුතුය

      Delete
    2. එහෙම කියනවට මට ගෙවන්නේ නෑ නේ බං
      - පැරා

      Delete
  6. ජාතික ගීයේ කේස් එක වනාහී ජාතිවාදීන් නිරුවත් වෙන තවත් එක තැනකි.

    ReplyDelete
    Replies
    1. රසික සිංහල බෞද්ධ ජාතියට ආදරය නැති පිටදේශක්කාරයා, සිංහල බෞද්ධයෝ ජාත්‍යාලය නැමති අඟනා සළු පැලඳ සිටීන වග නුඹට නොපෙනේද? එම සළු කෙතරම් අලංකාරදැයි පෙනෙන්නේ ජාතියට ආදරය ඇති පින් කළ ජාතියේ පුතුන්ටම පමණි.

      Delete
  7. දුකටපත් ටොයියෙක්April 3, 2015 at 10:10 PM

    නදීෂා හේමමාලී දේශපාලනයෙන් සමුගනී !

    පැරාට අප්සැට් නැද්ද අෆ්ෆා, මට නං පුල් අප්සැට් ඕං...
    ටොයියනේ උඹලටත් හිතක් පපුවක් නැද්ද...
    අයියෝ සුදා ඔයා.....ඉහි.....ඉහි....

    ReplyDelete
  8. නොදැන සිටි දේ දැනගන්න හැකියාවක් ලැබුන ලිපියක්. අපේ වර්තමාන ජාතික ගීයෙ ගණ පිහිටීමේ ‍දෝෂ ගනනාවක් තියෙනවා කියලා අරිසෙන් අහුබුදු ශූරීන් ජීවිතුන් අතර සිටියදී කිව්ව බවක් මට මතකයි. මේ ගීතය ගායනා කරන හැම වෙලාවකම වස් කවියක් කිව්වා වගේ කියලත් කියලා තිබුනා.

    ReplyDelete
    Replies
    1. 60 ගණන් වල තිබුන ආණ්ඩුවක් (සිරිමාගේ හෝ ඩඩ්ලිගේ එකක්) මහ දරැණු ගංවතුරක් ආවෙත් ජාතික ගීයේ ඔය කීව ගණ පිහිට්ටපු එකේ වැරැද්ද හින්ද කියල ලොකු වාදයක් ගියාලු, චෝදනාව ආනන්ද සමරකොන්ටලු, සින්දුවේ සල්ලි (අණ්ඩුවෙන් දුන්න හොනොරේරියුම්) මුදලාලිටයි, චෝදනා මටයි කියල මිනිහ පෙති බීලා මළාලු. අහුබුද්ද තමයි කේස් එක ලීඩ් කරල තීන්නේ, මිනිහගේ එකක් දාගන්න.

      Delete
  9. යාපනයේ නගරාධිපති වූ දොරේඅප්පා ඝාතනය කරන ලද්දේ 1976දී පමණ කාලයේදීය. ඒ කාලයේ ලංකාවේ යුද්ධයක් තිබුනේ නැත. පිරිබාහරන්ලා පොඩි පහේ කැරළි ගැසූහ. ඊට පෙරදීත් තමන්ට අයිතිවාසිකම් අහිමි වන බව කියමින් දෙමළ දේශපාලකයෝ යම් යම් අරගල කළෝය. ගිවිසුම් ගැසුවෝය. ඩඩ්ලිගෙ බඩේ මසල වඩේ තිබෙන බව සමහරු කීහ. චෙල්වනායකම් විසින් බණ්ඩාරනායක සමග ගැසූ ගිවිසුම හෝ ඩඩ්ලි සමග ගැසූ ගිවිසුම ක්‍රියාත්මක කරන්නට ඉඩ නොලැබුනේය. ඒත් යුද්ධයක් තිබුනේ නැත. 1977දී විපක්ෂ නායක කම ලැබුනේ විපක්ෂයේ වැඩිම ආසන ගණන දිනූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුනේ නායකයා වූ ඒ අමිර්තලිංගම්ටය. 77 ඡන්දය අවසන් වූ වහාම පවත්වන ලද පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නතර වූයේ දෙමළ සිංහල කෝලාහලයක් බවට පත් වෙමිනි. මේ කාලයේ ආණ්ඩුව පැත්තෙන් තිබුනු මර්ධනය තද බල වූයේ 5/6ක පාර්ලිමේන්තු බලයක් තිබුනු නිසා විය හැකිය. ඒ පීඩනය නිසා හෝ වෙනත් හේතුවක් නිසා දෙමළ විමුක්ති කණ්ඩායම් දොළහක් හෝ දහතුනක් ඇති විය. ප්‍රබලයන් වූයේ ඊ පී ආර් එල් එෆ්, ප්ලොට්, ටෙලෝ සහ ඇල් ටී ටී ඊ යන කණ්ඩායම් ය. එල් ටී ටී ඊ එක විසින් අනිත් සියළු සංවිධාන නට්ටම් කරනු ලැබීය. ජාතික විමුක්ති අරගලයකට වඩා නීති විරෝධී මැර කල්ලියක් ලෙස උන් වැඩකරන්නට පටන් ගත්හ. ජාවාරම් කරුවන් පිරිසක් ලෙසත් බලහත්කාරයෙන් වැඩ කළ මැර පිරිසක් ලෙසත් එල් ටීටී ඊ එක වර්ධනය වුනේය. ගරිල්ලා ක්‍රමයට රජයට හා ජනතාවට පහර දුන්හ. හමුදාවට පහර දුන්හ. 83දී හමුදා සෙබළු 13ක් මරා දුම්රියට පටවා කොළඹට එවීමත් සමගම කළු ජූලිය ඇරඹිණි. මෙයින් දෙමළ විමුක්ති ව්‍යාපාරයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබිනි. 1987 අප්‍රේල් 23දා පිටකොටුව බස් නැවතුමේ බෝම්බයක් පුපුරවා සිවිල් ජනතාව ඝාතනය කරන ලදී. මෙසේ ත්‍රස්තවාදී ක්‍රියා කරමින්ද ආණ්ඩු සමග සාකච්ඡා කරමින්ද තවත් නොයෙක් දේ කරමින්ද එල් ටී ටී ඊ එක වර්ධනය විය. මුලදී යාපනය අල්ලා ගත් ඔවුහු පසුව යාපනයේ පරාජය වී කිළිනොච්චිය මුලතිව් පළාත් වල වර්ධනය වූහ. තවත් කොටසක් විසින් නැගෙනහිර අල්ලා ගනු ලැබිනි. සීමිත පළාත් කීපයකට කොටු වීම නිසා තවදුරටත් ගරිල්ලා සටන් හා ත්‍රස්තවාදය පමණක් කරගෙන යාමට අසීරු විය. හමුදා ප්‍රහාර වලදී ප්‍රතිප්‍රහාර දෙන්නට ඔවුන්ට සිදු විය. යුද්ධය නමින් හඳුන්වන ලද්දේ එසේ ඇති වූ සටන් ය. ඉන් පෙර තිබුනේ හමුදාව විසින් එල් ටී ටී ඊ එක තැන් තැන් වල ගසන ලද කැරළි මර්ධනය කිරීමයි. එහෙත් ගරිල්ලා සටනකදී ඕනෑම නීත්‍යානුකූල හමුදාවකට ජයක් අත් කර ගැනීම අපහසු ය. 2001දී රනිල් වික්‍රමසිංහ ගිවිසුමක් ගැසුවේය. එවිට ජන ඝාතනය අවම වනු ඇතැයි ඔහු කල්පනා කරන්නට ඇත. ඇත්ත වශයෙන්ම මුලින් මුලින් සාමකාමී තත්වයක් ඇති විනි. පසුව ඇල් ටී ටී ඊ කාරයන් විසින්ම ගිවිසුම උල්ලංඝනය කරන ලදී. සුනාමියෙන් පසුව එල් ටී ටී ඊ කාරයෝ කැළෑව තුළ කඳවුරු බැඳගත්හ. ඉන් පසු මාවිල් ආරු සොරොව්ව වසා දමන ලදී. ගොවි ජනතාව අසරණ වූහ. මෙහි ප්‍රතිපලයක් ලෙස යුද්ධය ඇවිළිණී. ත්‍රස්තවාදී ස්වරූපය හා ගරිල්ලා සටන් ක්‍රම වෙනුවට මුහුණට මුහුණ කෙරෙන සිවිල් යුද්ධයක් ඇති වූයේ එළෙසය. මෙය සංක්ෂිප්ත ඉතිහාසයයි. ජාතික ගීය දෙමළෙන් ගැයීමෙන් යුද්ධය ඇති වූ බව සිතන්නෝ මෝඩයෝය. දෙමළා යටපත් කර තබාගැනීමෙන් ජාතික සමගිය ඇති වන්නේ නැත. කරපටියෙන් ගැට ගසා හුරතල් කරන බල්ලා නපුරුය. සුළු අතපසු වීමකදී හාම්පුතා හපා කයි. නිදැල්ලේ යන බල්ලා හාම්පුතා හපා නොකයි. ඌ හිතන්නේ හාම්පුතා යාළුවකු ලෙසටය. හාම්පුතා බල්ලා තමන්ගේ කියා නොසිතයි. ඌට උගේම වූ ජීවිතයක් ඇත. ඌ සිය යාළුවාගේ ගේ දොර ආරක්ෂා කරයි. යාළුවා ඌට කන්න බොන්න දෙයි. සාමකාමීව කාලය ගෙවී යයි.

    ReplyDelete
    Replies
    1. වොලී සපරමාදුApril 4, 2015 at 11:51 AM

      මම ඔබ සමග බොහො දුරට ඒකග වෙමි. නමුත් දෙමලා බල්ලාට සමාන කිරිම සුදුසු නොවෙ.

      Delete
    2. "..ජාතික ගීය දෙමළෙන් ගැයීමෙන් යුද්ධය ඇති වූ බව සිතන්නෝ මෝඩයෝය..."

      ජාතික ගීය දෙමළෙන් ගැයීමෙන් බෙදුම්වාදය නැතිවේයැයි සිතන්නෝ ලොකුම මෝඩයෝය.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා