Posts

Showing posts with the label ඉන්දියාව

ජාතික ගීය ගැන ජාත්‍යන්තර අත්දැකීම්

Image
ජාතික ගීය දෙමළ බසින් ගැයීම අත්හිටුවීමට මහින්ද රාජපක්ෂ රජය ගෙන තිබූ තීරණය වෙනස් කර නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ. මෙයට පක්ෂ මෙන් ම විපක්ෂ කොටස් ද සිටිති. සාමාන්‍යයෙන් ජාතික ගීයක් යනු ඉතිහාසය, සම්ප්‍රදායන් හා ජන අරගල වර්ණනා කරන, රටේ රජය විසින් හෝ මහජන සම්ප්‍රදාය විසින් හෝ නිල ජාතික ගීය ලෙස පිළි ගනු ලබන දේශාභිමානී සංගීත හා පද සංයෝජනයකි. ඒ සඳහා නීතිමය පසුබිමක් ඇත. ලොවබොහොමයක් ජාතික ගී ගමන් තාලවලින් හෝ ගීතිකා තාලවලින් යුක්ත ය. ලතින් ඇමරිකානු රටවල ජාතික ගී වැඩියෙන් ඔපරා ස්වරූපී වන අතර රටවල් කීපයක ජාතික ගී සරළ, විනෝදාත්මක ස්වරූපයකින් යුක්ත ය. ඒවා සාමාන්‍යයෙන් රචනා කර තිබෙන්නේ ඒ රටේ සුලබ ම භාෂාවෙනි. එහෙත්, විශේෂයෙන් ම බහු සංස්කෘතික රටවල කැපී පෙනෙන වෙනස්කම් තිබේ. මාලදිවයිනේ ජාතික ගීය නිර්මානය කළේ ලංකාවේ ප්‍රවීණ සංගීතඥයකු වන ඩබ්ලිව්.ඩී. අමරදේවයන් විසිනි. එහිදී ඔහු පදනම් කර ගත්තේ auld lang syne නම් සුප්‍රකට ස්කොට් නව අවුරුදු ගීයයි.( අප ඒ ගීය සිංහලට නැගූ හැටි මෙතැනින් බලන්න ) ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගැන මහගම සේකරයන් පළ කර ඇති අදහසකට අනුව එය වනාහි ආනන්ද සමරකෝන්ගේ නිර්මානාත...

මෝඩි මෝඩ ගැහැනියකට අන්දවා ගැනීමට හැකි වේවිද?

Image
සිංහලෙන් මෝඩි කියන්නේ මෝඩ ගැහැනියටයි.  නරේන්ද්‍ර මෝඩි ඉන්දියාවේ අගමැති ධුරයට පත් වූ පසු ලංකාවේ ආණ්ඩුව විසින් නිකුත් කරන ලද නිවේදන හා ආණ්ඩුවේ ඇම්බැට්ටයන් විසින් කරන ලද විග්‍රහ විමසා බැලීමේදී පෙනෙන දෙයක් වන්නේ ලංකාවෙ නරේන්ද්‍ර මෝඩිව මෝඩ ගැහැනියකට අන්දවා ගන්නට උත්සාහ කරන බවයි.  ලංකාවේ වැනි ශක්තිමත් ආණ්ඩුවක් ඉන්දියාවේත් බිහි වීම ගැන සතුටු වන බව කියමින් රාජපක්ෂ රෙජිම මන්මෝහන් සිං ප්‍රමුඛ කොංග්‍රස් ආණ්ඩුවට දුර්වල එකක් ලෙස හඳුන්වමින් කොකා පෙන්නුවේ ය. කොංග්‍රස් ආණ්ඩුව නම් ඇත්තට ම ලංකාවේ ආණ්ඩුව විසින් එක්තරා දුරකට මෝඩ ගැහැනියකට අන්දවාගෙන සිටියේය.  එම ඇන්දවීම තුළ, චීනය සමග කදේ ද‍ාගෙන ඉන්දියාවට කොකා පෙන්වමින් සිටීමේ අවස්ථාව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ලැබිණි. ඉන්දියාවට හිසරදයක් වූ ලංකාවේ ජාතීන් අතර ගැටුම සම්බන්ධයෙන් අද දෙන්නම්, හෙට දෙන්නම් යයි කියමින් විසඳුමක් ලෙස එළු වෘෂණ කෝෂ දෙකක් පෙන්වා ඉන්දියාව ඒ පසුපස නරියකු ලෙස බඩගෑවීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට හැකි විය.  අවට රටවල් විෂයෙහි කොංග්‍රස් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමී නැඹුරුව රාජපක්ෂ ආණ්ඩුව අපහරණය කළේ ය. දැන් ඒ ආණ්ඩුව අ...

අබ්දූල් කලාම් අපට කියා දුන් පාඩම / Lesson taught to Lanka by Abdul Kalam

Image
මේ දිනවල ලංකාවේ චාරිකාවක නියැලී සිටින හිටපු ඉන්දීය ජනාධිපති අබ්දූල් කලාම් The Island පුවත්පතට වැදගත් ප්‍රකාශයක් කර තිබේ. පුවත්පත පහත සඳහන් ප්‍රශ්නය අසයි. Question: What will be your advice to Sri Lanka’s majority Sinhalese and minority Tamils and Muslims to live together without ethnic tensions? Kalam: My nation, India, with its population of multi-culture, multi-religion, multi-language has a very important tool of living together for more than 60 years. That is: democracy, democracy and democracy. Democracy gives equal rights to every citizen to prosper and live peacefully. Since Sri Lanka and India are close friends, let the people of our two countries enjoy together the fruits of democracy. වාර්ගික ආතතියකින් තොරව එකට ජීවත් වීම පිණිස ශ්‍රී ලාංකික බහුතර සිංහලයන්ටත්, සුළුතර දෙමළ මුස්ලිම් ජනතාවන්ටත් දෙන අවවාදය කුමක්දැයි ඇසූ කල ඔහු පවසන්නේ බහු වාර්ගික, බහු ආගමික, බහු භාෂාමය  ජනගහණයක් ජීවත් වන ජාතියක් වන ඉන්දියාවේ සාමූහික ජීවනය සඳහා වැදගත් වූ උපකරණ වන්නේ ප්‍රජාතන්ත්‍රවා...

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට වඩා ඉදිරියට යන බව ජනාධිපති ඉන්දීය විදේශ ඇමතිට කීවේ ඇත්තටම ද?

'ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාර්ථක සාකච්ඡාවක නිරතවූ බව සඳහන් කළ ක්‍රිෂ්ණා මහතා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට වඩා ඉදිරියට ගිය සංශෝධනයක් වෙනුවෙන් අදහස් පළ කළ බවද කීවේය,' යි දිනමිණ පුවත්පත ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඉන්දීය විදේශ ඇමති එස්. එම්. ක්‍රිෂ්ණා අතර සාකච්ඡාවලින් පසු ඉන්දීය විදේශ ඇමතිවරයා පළ කළ අදහස් වාර්තා කළේ ය. ජනවාර්ගික ගැටලුව සඳහා විසඳුමක්‌ ලබාදීමට 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට සූදානම් යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමන් වෙත පැවසූ බව මෙරට නිල සංචාරයක නිරතවන ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්‌. එම්. ක්‍රිෂ්ණා මහතා මාධ්‍ය හමුවකදී ඊයේ පැවසූ බව දිවයින පුවත්පත ද වාර්තා කළේ ය. වාර්තා අනුව පෙනෙන පරිදි 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙවත් පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්නට ජනාධිපතිවරයා එකඟ වී ඇති බව පෙනේ. එසේ නම් පසුගිය දිනවල දෙමළ ජාතික සන්ධානය රජය සමග සාකච්ඡාවලදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ලැබිය යුතු ඉඩම් හා පොලිස් බලතල ඉල්ලුවා යයි ආණ්ඩුව කළ කලබැගෑනියට හා දෙන්නේ ම නැතැයි කළ ශපථ කිරීම්වල...

නමට ඉදිරියෙන් විශේෂණ පදයක් ඇති එක ම රට කුමක් ද?

Image
( 2010 දෙසැම්බර් 16,  W3Lanka ) නමට ඉදිරියෙන් විශේෂණ පදයක් ඇති එක ම රට - ග්‍රේට් බ්‍රිට්න් හෙවත් මහා බ්‍රිතාන්‍යය ගැන ඉන්දියවෙන් එහි සංක්‍රමණය වුවකු සිතන අන්දම: අපූරු විහිළු කතාවක්. ඒත්, හිනාව යටින් ගලන ගැඹුරු අරුතක්.   Bookmark, remember easily and come again   www.w3lanka.com

W3Lankaත් ඉන්දියාවට දෙනවාද? | Is W3Lanka also giving way to India?

Image
සාම්පූර් අනාථයන්ගේ වත්මන් ජීවිතය (2010 ජුනි 01,  W3Lanka )   නව සමසමාජ පක්ෂයේ නිල පුවත්පත වන හරය පසුගිය කලාපයේ ප්‍රධාන සිරස්තලය වූයේ 'මහින්ද ඉන්දියාවට දෙයි' යන්නයි. ඉන්දියාව අපව කන්න ඉන්න යකෙක්ද? යන මැයෙන් අප පළ කළ ලිපිය කියැවූ අපේ මිතුරකු අපෙන් ඇසුවේ අපත් ඉන්දියාවට දෙන්න යනවාද කියා ය. මෙහිදී අපට අවශ්‍ය වූයේ වමේ ගතානුගතිකත්වයට අභියෝග කිරීමටයි. සමාජ ප්‍රගමනය සඳහා කරන අරගලයේදී පැතලි සටන් පාඨවලට වඩා වැදගත් වන්නේ යථාර්ථවාදී දැක්මකි.  ගතානුගතික සටන් පාඨවලින් ඔබ්බට චලනය වීමට නොහැකි නම් වමට ද ඉදිරි ගමනක් නැත. අපගේ අදහස් දැක්වීමෙන් ඒ පිළිබඳ සංවාදයක් ඇති වීම පිළිබඳව සතුටු වෙමු. එහෙයින් හොරට නිදා සිටින වාමාංශික පණ්ඩිතයන් ද සංවාදයට කුමන අයුරකින් හෝ සම්බන්ධ වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ඉන්දියාව පිළිබඳ බොහෝ වාමාංශිකයන්ට ඇති ඍන අදහස් සමග ගැටී ඉන්දියාව අපුල්ලා සුදු කිරීමට අපට උවමනාවක් ද හැකියාවක් ද නැත. ඇත්ත! රාමචන්ද්‍ර කියන හැටියට ම සාම්පූර්හි අනාථයන් කදවුරුවල සිටියදී ඔවුනගේ භූමිය ඉන්දීය සමාගම් විසින් පවරා ගැනීම ගැන කතාකිරීම "සංරක්ෂණවාදයක්" නෙමෙයි. ඉන්දියාවේ ව්‍යාප්ත...

ඉන්දියාව අපව කන්න ඉන්න යකෙක්ද? | Is India aiming to eat Sri Lanka?

Image
(2010 මැයි 31,  W3Lanka )   ජුනි 03 සිට 05 දක්වා ඉන්දීය ජාත්‍යන්තර සිනමා ආයතනයේ IIFA සිනමා උළෙල ලංකාවේ පැවැත්වේ. මෙය ඉන්දියාව විසින් පශ්චාත් යුද කාලීන ලංකාවේ සාමාන්‍ය තත්වය ඇති වීම ලෝකයට ප්‍රදර්ශනය කිරීම සඳහා ලබා දුන් තෑග්ගක් ලෙස සැලකීම වරදක් නැත. ලංකාවේ ආර්ථිකයට චීනය කරන මැදිහත්වීම පිළිබඳ ඉන්දියාව ඉන්නේ පරීක්ෂාවෙනි. එහෙයින්, ලංකාවේ රාජ්‍ය නායකයන් සිය බලාධිකාරය තුළ රඳවා ගැනීම පිණිස ඉන්දියාව සියුම් ලෙස කටයුතු කළේ ය. ලංකාවේ බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ලලිත් වීරතුංග වැනි දේශපාලන නායකයන් මෙම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රීඩාව තුළ සියුම් ලෙස කටයුතු කළ අතර මේ වන විට ලංකාවේ හා ඉන්දියාවේ රාජ්‍ය නායකයන් කටයුතු කරන්නේ එකිනෙකාගේ අවශ්‍යතා පිළිබඳ මනා අවබෝධයකින් යුතුවයි. නිදසුනක් ලෙස, ඉන්දියාවට ලංකාවේ දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවශ්‍යව තිබෙන්නේ 1987 ඉන්දු ලංකා ගිවිසුම අනුව ගෙන එන ලද පළාත් සභා ක්‍රමය පූර්ණ අන්දමින් ක්‍රියාත්මක කිරීමටයි. එහෙත් ලංකාවේ පාලකයන් දෙමළ ජනතාව සමග බලය බෙදා ගැනීමට අකැමැති සිංහල ස්වෝත්තමවාදීන් පිරිසක් බව ඉන්දියාව දනියි. එහෙත්, ඔවුන්ට ඕනෑ හැටියට නටන්නට දුන්නොත්...

මහ මැතිවරණයෙන් පසු බලය බෙදන්න ඉන්දියාව සමග අවබෝධයක්

Image
(2010 ජනවාරි 31 - W3Lanka )   මහ මැතිවරණයෙන් පසු ලංකාවේ පුළුල් බලය බෙදීමක් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඉන්දියාව අතර අවබෝධයක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.  ඉන්දියාව මහින්ද රාජපක්ෂ පාලනයේ දේශපාලන චලනයන්ට පූර්ණ අනුග්‍රහය දක්වන්නේ මෙම අවබෝධය මත පදනම්ව බව ද දැන ගන්නට ඇත. පසුගිය ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ජය ගත් වහා ම ඉන්දීය අගමැති හා ජනාධිපති ඔහුට සුබ පැතූ හ.  දෙමළ ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති පිළි නො ගැනීම හා ඔහුට ඡ්නදය නො දීම කෙරෙහි ද, දැනට දෙමළ ඩයස්පෝරාවේ පැවැත්වෙමින් තිබෙන ඊලාම් ජනමත විචාරණ කෙරෙහි ද ඉන්දීය රජයේ අවධානය යොමු වී තිබේ. ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම ඉන්දීය මධ්‍යම රජයට තමිල්නාඩුව සමග කටයුතු කිරීමේදී වැදගත් ය.  මේ අතර ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය යාපනයේ උප කාර්යාලයක් ආරම්භ කිරීමට ද සූදානම් කර තිබේ. මෙවැනි උප කාර්යාලයක් දැනට ඇත්තේ මහනුවර පමණි. 

ඉන්දියාවත් ලංකාවත් අතර විදුලි රැහැන් පද්ධතිය 2013 වන විට ඇද අවසන්

Image
(2009 දෙසැම්බර් 29 - W3Lanka ) ඉන්දියාවත්, ලංකාවත් අතර විදුලි බලය ගනුදෙනු කිරීම සදහා විදුලි රැහැන් පද්ධතියක් ඉදි කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයත් ඉන්දියාවේ ප්‍රමුඛතම සමුප්‍රේෂණ සමාගම වන Powergrid Corporation of India Ltd අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත ය. එම ගිවිසුම අනුව 2010 පෙබරවාරි-මාර්තු මාසවලදී ඉදි කිරීම් ආරම්භ වන මෙම ව්‍යාපෘතිය 2013 වන විට අවසන් වීමට අපේක්ෂිත ය. මෙගවොට් 500ක ධාරිතාවක් සහිත මෙම රැහැන් පද්ධතිය මදුරෛ සිට අනුරාධපුර දක්වා කිලෝමීටර 285කින් යුක්ත ය. එයින් කිලෝමීටර් 50ක් ගමන් කරන්නේ මුහුද යටිනි. මෙවැනි මුහුද යටින් දිවෙන විදුලි රැහැන් පද්ධතියක් දැනට ඇත්තේ බ්‍රිතාන්‍යය හා ප්‍රංශය අතර පමණි. මෙම ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් ඉන්දීය සමාගම විසින් කර තිබේ. ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රු. කෝටි 2,300ක් වැය වෙතැයි ගණන් බලා තිබේ. ඉන්දියාවේ දුරබැහැර ප්‍රදේශ බොහොමයක තවමත් විදුලි බලය නොමැති වුව ද එරට 12%ක විදුලි බල අතිරික්තයක් තිබේ. දැනට වසරකට මෙගා වොට් 109,000ක් නිෂ්පාදනය කරන ඉන්දියාව 2012 වන විට එය තවත් මෙගා වොට් 62,000කින් ඉහළ නැංවීමට අපේක්ෂා කරයි. ලංක...

‍ලංකාවේ හමුදා කුමන්ත්‍රණයක් නිසා ඉන්දීය හමුදා සීරුවෙන් තැබූ බවට සරත් ෆොන්සේකාගේ ප්‍රකාශය බොරු - ඉන්දියාව

Image
(2009 නොවැම්බර් 16 - W3Lanka ) හමුදා කුමන්ත්‍රණයක් සිදු වන බව පවසා හමුදා සීරුවෙන් තබන්නැයි ලංකාව ඔක්තෝබර් 15දා ඉන්දියාවෙන් ඉල්ලා සිටි බවට හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් ඉල්ලා අස් වීමේ ලියුමෙහි කර ඇති සඳහන ඉන්දියාව එක හෙළා ප්‍රතික්ෂේප කර ඇත.  "We should be a little wary of making too much of these kinds of speculations," මෙවැනි අනුමානවලදී ඉන්දියාව තරමක් පරෙස්සම් සහගත බව ඉන්දියාවේ රාජ්‍ය හා විදේශ කටයුතු ඇමති ශෂී තරූර් මාධ්‍යවලට පැවසී ය.  ෆොන්සේකාගේ කතාවට පදනමක් නැති බව කියන හේ ඉන්දියාව එසේ හමුදා සීරුවෙන් නො තැබූ බව ජනතාවට පවසයි. 

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි ඉන්දීය පීඩනය වැඩි වෙයි

Image
(2009 නොවැම්බර් 15 - W3Lanka ) ජාතීන්ගේ ප්‍රශ්නය නිමිත්ත කරගෙන ලංකාවේ මහින්ද රාජපක්ෂ පාලනයට කරන බලපෑම වැඩි කිරීමට ඉන්දියාව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.  මෙම ක්‍රියාවලිය සිදු වෙමින් තිබෙන්නේ ලංකාවේ රජය හමුදා කුමන්ත්‍රණයක් සිදු වීමට ඉඩ ඇති බව කියා ඔක්තෝබර් මාසයේදී ඉන්දීය හමුදා සහාය ඉල්ලා ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් ඉල්ලා අස් වීමේ ලිපියෙහි ජනරාල් සරත් ෆොන්සේකා සඳහන් කර තිබියදී වීම සුවිශේෂ වේ. අද ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වන ඉන්දීය මුදල් ඇමති ප්‍රනාබ් මුඛර්ජි දේශපාලන විසඳුමක අවශ්‍යතාව හා අවතැන් වූවන් යළි පදිංචි කිරීම කඩිනම් හා විධිමත් කිරීමේ අවශ්‍යතාව  අවධාරණය කිරීමට නියමිත බව තානාපති ආරංච් මාර්ග පවසයි.  මහින්ද රාජපක්ෂ රජය මේ වන විට ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් දීම සිය න්‍යාය පත්‍රයෙන් මුළුමනින් ම ඉවත් කර තිබෙන අතර උතුරු පළාත් සභාව පිහිටුවීම පවා මහ මැතිවරණ හා ජනාධිපතිවරණ උණුසුමත් සමග යටපත් වී තිබේ.  ලංකාව සර්ව පාක්ෂික නියෝජිත කමිටුව හරහා ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන බව තොරොම්බල් කරමින් සිටි සමයේ ඉන්දියාවේ විදේශ ඇමති පදවිය හෙබවූයේ ප්‍රන...

ලංකාවේ නාවික හමුදාව සමග චීනුන් ඇතැයි කතාවකට ඉන්දීය අවධානය

Image
(2009 නොවැම්බර් 03 - W3Lanka ) ලංකාවේ නාවික හමුදාවත් සමග චීන ජාතිකයන් සිටින බවට දකුණු ඉන්දියාවේ රාමනාදපුරම් ධීවරයන් කර ඇති ප්‍රකාශත් සමග ඉන්දීය මාධ්‍ය අවධානය ඒ කෙරෙහි යොමු වී තිබේ.  ලංකාවේ නාවික හමුදාව ගැඹුරු මුහුදේදී තමනට පහර දුන් බව පවසන මෙම ධීවරයෝ එහිදී ලංකාවේ නාවික හමුදාව සමග එම නිල ඇඳුමෙන් සැරසුණු චීන හැඩරුව ඇති අය සිටින බව ද පවසා තිබේ.  මෙම ප්‍රකාශ තහවුරු වී නැතිමුත් ජනමාධ්‍ය විසින් මෙම තත්වය ඉන්දීය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව පෙන්වා දී තිබේ. චීනයත් ඉන්දියාවත් අතර කලාපීය ආධිපත්‍යය වෙනුවෙන් බල අරගලයක් ඇත. 1962දී දේශසීමා ප‍්‍රශ්නයක් මත චීනය ඉන්දියාව සමග යුද වැදුණේය.  ඉන්දීය උපායික විශේෂඥයන් වර්තමානයේදී පෙන්වා දෙන්නේ අනාගත ගැටුම්වල සැබෑ රණබිම වන්නේ ඉන්දීය උප මහාද්වීපය වටා ඇති මුහුද බවයි.  ලෝකයේ සමුද්‍ර වෙළඳාමෙන් අඩක් පමණ සිදු වන්නේ ඉන්දීය සාගරය හරහායි. එයට මුහුණ ලා පිහිටි රටවල් ලෝකයේ තෙල් සම්පත්වලින් 60%කට වඩා සහ ගෑස් සංචිතවලින් තුනෙන් දෙකකට උරුම කියති. විශේෂයෙන්ම අප‍්‍රිකාවෙන් සිය රටට අවශ්‍ය දැවැන්ත තෙල් සහ ස්වාභාවික සම්පත් සැපයුම තහවුරු කරගැ...

ඉන්දියාව මාඕවාදීන් වැනසීමට ලංකාවේ වැනි ප‍්‍රහාරයකට සැරසේ

Image
(2009 ඔක්තෝබර්  21 - W3Lanka ) ඉන්දීය රජය එරට මාඕවාදී කැරැලිකරුවන්ට එරෙහිව දැවැන්ත ප‍්‍රහාරයක් සූදානම් කරමින් සිටින අතර, රතු කොරිඩෝව නමින් ප‍්‍රකට මාඕවාදී ආධිපත්‍යය සහිත නැගෙනහිර ඉන්දියාවේ හෙළිදරව් නො කළ වනාන්තරයක සිට  ඕපන් නම් සතිපතා සඟරාවට ප‍්‍රකාශයක් කරන මුපල්ලා ලක්ෂ්මන් රාඕ හෙවත් ගණපති නම් මාඕවාදී නායකයා පවසන්නේ රජයේ හමුදා මුලදී යම් ජයග‍්‍රහණ අත්පත් කර ගත හැකි මුත් ඒවා දිගට නො පවතින බවයි. ප‍්‍රචණ්ඩත්වයේ කුණාටුවක් මුදා හරින බව ද ඔහු පවසයි. චතිස්ගාර්, ජාර්කාන්ද්, බිහාර් හා බටහිර බෙංගාලයේ කොටස් ඇතුළත් මෙම රතු කොරිඩෝව දකුණින් ඔරිස්සා, මහාරාෂට‍්‍ර හා ආන්ද්‍රා ප‍්‍රදේශ් වෙත ද දිවෙයි. නොවැම්බරයේදී පොලිස් හා හමුදා බල සේනා දස දහස් ගණනක් සමග දියත් කිරීමට සැලසුම් කර තිබෙන මෙම ප‍්‍රහාරවලට එරෙහිව ජනතාව තම පක්ෂයේ නායකත්වයෙන් නැඟී සිටින බව ගණපති පවසයි. පනස් නව හැවිරිදි ගණපති හිටපු පාසල් ගුරුවරයෙකි. 1967දී ගැමි ගොවි නැඟිටීමක් ලෙස ආරම්භ වූ මා ඕවාදී කැරැල්ලේ අරමුණු ගැමි ගොවි හා ගෝත‍්‍රික ජනයාගේ හිමිකම් දිනා ගැනීම බව කැරැලි නායකත්වය පෙන්වා දෙයි. මා ඕවාදී කැරැල්ල හා සම්බන්ධ ප‍්‍රචණ්ඩ ...

ඉන්දියාවේ චීන භීතිකාව: මුහුදේ සහ ගොඩබිම ‘රතු අනතුර‘

Image
ඉෂාන් තරූර් සැප්තැම්බර් 20දා ටයිම් සඟරාවට ලියන ලද ලිපියක ඡායානුවාදයකි. ඉන්දියාවත් චීනයත් අතර දිගු කාලයක් තිස්සේ තිබෙන භූමි සීමා ගැටළු පිළිබඳ පවත්වන ලද තවත් සාකච්ඡා වටයක් පසුගිය ග‍්‍රීෂ්ම ඍතුවේදී අසාර්ථකව අවසන් විය. එම සාකච්ඡා අරම්භ වද්දී ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ හිමාල අඩවියේ දේශ සීමාවල දරුණු ගැටුම් ඇති වන බවයි. එහෙත් දෙපාර්ශ්වයේම බලධාරීහු මෙය ප‍්‍රතික්ෂේප කළහ. ඉන්දීය මාධ්‍යයන්හි ඇතැම් බලවේග දිනපතාම වාගේ පෙන්වා දෙන්නේ චීනය ඉන්දියාවේ නැඟීම මෙල්ල කිරීමට කුමන්ත‍්‍රණ කරන බවයි. මෙම කරුණ ඔප්පු කිරීම සඳහා ඔවුන් ඉවහල් කර ගත්තේ චීන රාජ්‍ය මාධ්‍ය විසින් මෑතදී පළ කරන ලද උඩඟු කතුවැකි කීපයකි. පසුගිය සතියේ ප‍්‍රධාන ඉන්දීය ජනමාධ්‍ය චීනයේ අතික‍්‍රමණයන් හැඳින්වීම සඳහා පාවිච්චි කළේ ‘රතු උවදුර‘ හා ‘මකරාගේ ප‍්‍රවේශය’ වැනි යෙදුම්ය. 1962දී දේශසීමා ප‍්‍රශ්නයක් මත චීනය ඉන්දියාව සමග යුද වැදුණේය. එහෙත්, චීනය අද වන විට ඉන්දියාවේ විශාලතම වෙළඳ සහකරුවායි. එහෙත් දෙරට අතර කර්කශ අතීතය තවමත් හොල්මන් කරයි. බි‍්‍රතාන්‍ය යටත්විජිතවාදීන් විසින් සලකුණු කරනු ලැබූ දේශ සීමාව නොපිළිගන්නා චීනය  ඊසානදිග ඉන්දියාවේ සමස්ත අර...