මෝඩි මෝඩ ගැහැනියකට අන්දවා ගැනීමට හැකි වේවිද?

සිංහලෙන් මෝඩි කියන්නේ මෝඩ ගැහැනියටයි. 

නරේන්ද්‍ර මෝඩි ඉන්දියාවේ අගමැති ධුරයට පත් වූ පසු ලංකාවේ ආණ්ඩුව විසින් නිකුත් කරන ලද නිවේදන හා ආණ්ඩුවේ ඇම්බැට්ටයන් විසින් කරන ලද විග්‍රහ විමසා බැලීමේදී පෙනෙන දෙයක් වන්නේ ලංකාවෙ නරේන්ද්‍ර මෝඩිව මෝඩ ගැහැනියකට අන්දවා ගන්නට උත්සාහ කරන බවයි. 

ලංකාවේ වැනි ශක්තිමත් ආණ්ඩුවක් ඉන්දියාවේත් බිහි වීම ගැන සතුටු වන බව කියමින් රාජපක්ෂ රෙජිම මන්මෝහන් සිං ප්‍රමුඛ කොංග්‍රස් ආණ්ඩුවට දුර්වල එකක් ලෙස හඳුන්වමින් කොකා පෙන්නුවේ ය. කොංග්‍රස් ආණ්ඩුව නම් ඇත්තට ම ලංකාවේ ආණ්ඩුව විසින් එක්තරා දුරකට මෝඩ ගැහැනියකට අන්දවාගෙන සිටියේය. 

එම ඇන්දවීම තුළ, චීනය සමග කදේ ද‍ාගෙන ඉන්දියාවට කොකා පෙන්වමින් සිටීමේ අවස්ථාව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ලැබිණි. ඉන්දියාවට හිසරදයක් වූ ලංකාවේ ජාතීන් අතර ගැටුම සම්බන්ධයෙන් අද දෙන්නම්, හෙට දෙන්නම් යයි කියමින් විසඳුමක් ලෙස එළු වෘෂණ කෝෂ දෙකක් පෙන්වා ඉන්දියාව ඒ පසුපස නරියකු ලෙස බඩගෑවීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට හැකි විය. 

අවට රටවල් විෂයෙහි කොංග්‍රස් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමී නැඹුරුව රාජපක්ෂ ආණ්ඩුව අපහරණය කළේ ය. දැන් ඒ ආණ්ඩුව අන්ත පරාජයට පත් වී තිබෙන්නේ ලංකාව විෂයෙහි වූ එම ප්‍රවේශයත් සමග ම බව අප මතක තබා ගත යුතු ය.

නරේන්ද්‍ර මෝඩිට සුබ පතන රාජපක්ෂ ඇත්තෙන් ම කියන්නේ තමන් වැනි ම වූ ජාතිවාදී ඒකාධිපතියකු ඉන්දියාවේ බලයට පත් වීම ගැන තමන් සතුටු වන බව ය. 

මේ ගැන ලෝවැඩසඟරාවේ සඳහන් වන්නේ 'ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ - සැපතක් යයි කකුළුව දිය කෙළියේ' කියා ය.

ලංකාවේ සිංහල ජාතිවාදී, චීන ගැති, ඒකාධිපති පාලනයකට ඉන්දියාවේ ඒකාධිපති හින්දු ජාතිවාදී පාලනයක් සමග ඇති කර ගත හැකි අවබෝධය කුමක්ද යන්න ගැන විමසිලිමත් විය යුුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. මෝඩි නෙවෙයි.... මෝදි, මෝදි.

    නිවැරදි උච්චාරණය ඉගෙන ගන්න.

    ReplyDelete
  2. පැරා,
    මෝඩි හා මහින්ද සම්බන්ධය කෙසේ සිදුවේද යන්න ගැන ලියන්න ඉක්මන් වෙන්න හදන්නේ ලින් මැඩියෝ.ලිඳ ඇතුලෙ ඉන්න මැඩියට ලින් කටින් පෙනෙන ආකාශයේ සීමාව ඉතා සුළුයි.

    මහින්දට වගේම මොඩිටත් ශක්තිමත් චීන සම්බන්ධකම් තිබෙනවා.2011 වසරේ පමණක් ඔහු 4 වතාවකට වඩා චීනයේ සංචාරය කරලා තියෙනවා. ඉන්දියාවේ ආර්ථික බලය තියෙන්නෙ මුස්ලිම් අය අතරයි.ඒ උනත් දේශපාලන තීරණ ගැනීමට හින්දුන්ට බලය තිබෙන බව මේකෙන් පෙන්නලා තියෙනවා .මේ තත්වය පසුගිය ජනාධිපති වරණ දෙකේදීම අපේ රටත් පෙන්නලා තියෙනවා.
    මා දකින විධියට බලා සිටින්න ඕනෑ ඒක දෙයක් ගැන විතරයි. ඒ හින්දු බ්‍රාහ්මණ පන්තියේ නිලධාරීන් ලංකාවට එරෙහිව ගෙනයන විරෝධාත්මක ආකල්පයට තිතක් තියන්න මෝඩි උත්සාහ කරයිද යන්න ගැන විතරයි.

    ReplyDelete
    Replies
    1. නලින් මහතා,
      ඔබත් ඉන්දියාවට ගොස් ඇතැයි සිතමි. එසේ ගොස් ඇත්නම් ඉන්දියාවේ ක්‍රියාත්මක වන නිලධාරි වාදය මෙන්ම කුල ක්‍රමය මෙන්ම සාමාන්‍ය මිනිසුන් සිතන ආකාරය ගැන ඔබද යම් තරමකින් දනිතියි සිතමි. ඉන්දියාවේ සාමාන්‍ය මිනිසුන් සිතන්නේ සිය රටේ විශාලත්වය නිසාම ඔවුන්ට ඒ ආසන්නයේ තිබෙන ශ්‍රී ලංකාවට නිශේධාත්මකව බලපෑම් කල හැකි බවය.ඔවුන් ඉන්දියාවේ සිතියම අඳින විට ඒ ලඟින්ම කුඩා අඹ ගෙඩියක් මෙන් ශ්‍රී ලංකාවද අඳිති. එසේ අඳින ඒක වැරදි බවත් අප රට කුඩා උවත් එය ඉන්දියාවේ කොටසක් නොවන බව ඔවුන්ට ඔප්පු කිරීම මට ඉතා අපහසු කටයුත්තක් විය.
      නිදහසින් පසු ඉන්දියාවේ පරිපාලන බලය හිමිකරගෙන ඉන්නේ කුමන ප්‍රාන්තයක වාසය කලත් හින්දු දහම අදහන බ්‍රාහ්මණ වන්ශිකයෝය.ඔවුන් ඕනෑම දේශීය හෝ විදේශීය ජන හමුවකදී තම බ්‍රාහ්මණ වන්ශිකත්වය හුවා දක්වති. අඩු තරමේ පුන නුල හෝ පෙන්වති.
      හින්දුන් බුදු දහමට විරුද්ධය.ඔවුන් බුදුන් වහන්සේ විෂ්ණු දෙවියන්ගේ 10 වන අවතාරය ලෙස සලකා ඇත්තේ බුදු දහමට ආදරයෙන් නොවේ. ඔවුන් බුදු දහම දිය කර හරින්නට කරයුතු කරනවා මෙන්ම බුදු දහම පැතිර ඇති ලංකාවද තම යටතට ගැනීමට නිරන්තරයෙන් කටයුතු කරති. මේ නිලධාරි පන්තියේ ලංකාවට එරෙහි ආකල්පය 1947 පමණ සිට වැඩි එන්නකි. saptha සහ saftha ගිවිසුම් අනුව ඉන්දියාව විසින් අපේ රටේ ආර්ථිකය අඝාදයට පත්කර ඇති අන්දම වෙනම ලිපියකින් කිවිය යුතු දෙයකි.
      ඉන්දියාව සහ ලංකාව අතර ඇතිවූ සාධාරණ එකම ගිවිසුම නේරු- කොතලාවල ගිවිසුම පමණි.1947 පුරවැසි පනත අනුව ලංකාවේ පුරවැසි කම අහිමිවූ සියලුම් ඉන්දියානුවන් ආපසු කැඳවා ගැනීමට ඉන් ඉද ලැබුනා.එහෙත් ඉන්දියන් නිලධාරින් එය ක්‍රියාත්මක කලේ නැහැ. සිරිමා ශාස්ත්‍රී ගිවිසුමත් එය ක්‍රියාත්මකවූ අමන ආකාරයත් ඔබ දන්නවා ඇතිනෙ.

      Delete
  3. ඕකේ තව අතල් එකක් ගන්නවා බුකියෙ ජාතිවාදියො උන් හිතන්නේ මෝඩි මරක්කලයෝ එක්ක ගේම නිසා සිංහල ජාතිවාදියොන්ට උදවු කරාවිය කියල. උන් හිතන්නේ මෝඩි හින්දු ජාතිවාදියෙක් නෙවෙයි සිංහල බෞද්ධයෙක්ය කියල.

    ReplyDelete
  4. රටට කෙළවීම සැපක් සේ සිතන්නවුන්ට අලුත් මාතෘකාවක්....

    ReplyDelete
    Replies
    1. නලීන් +++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  5. ඉන්දියවේ මොන ආණ්ඩු ආවත් අපේ රටේ ප්‍රශ්න අපේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය විදිහට විසඳගන්නවා ඇර වෙන කරන්න දෙයක් නෑ නේ.

    ReplyDelete
  6. ඔන්න මමත් බ්ලොග් එකක් පටන්ගෙන තියෙන්නේ. ඒ ප්පැත්තෙත් ගොඩ වෙලා යන්නකො කට්ටිය. http://pakispettiya.blogspot.com/

    ReplyDelete
  7. Bombay looking KolkataMay 18, 2014 at 10:38 PM

    මෝධී යනු අති සාර්ථක මාධ්‍ය සරඔ සංදර්ශනයක කූඨ ප්‍රාප්තියයි.

    ReplyDelete
    Replies
    1. මෝධී යනු අති සාර්ථක මාධ්‍ය සරඔ සංදර්ශනයක කූඨ ප්‍රාප්තියයි.

      Delete
  8. පැරා.. ඔය කොයි ආන්ඩුවවත් අපිට ආදරේ නෑ පැරා පේන විදියට.. අර ලොකු අයියයි චූටි නංගියි තියරිය තමා ඕනෑ.. හිතන තරං යකා කලු නොවෙන්න පුලුවන්.. පොඩ්ඩක් ගඟ පේන හරිය එනකං ඉමු. අමුඩෙ ගහන්න !!!

    ReplyDelete
  9. පැරා ඉන්දීය මැතිවරණය සහ ඉන් අපේරටට ඇතිවිය හැකි අද බලපෑම් ගැන පුවත් පත් වල තියෙන චම්පික රණවක මහතාගේ ලිපිය කියෙව්වාද? චම්පිකගේ විග්‍රහයත් ඔබේ විග්‍රහයත් සසඳා බලන්න. තුලානාත්මක විග්‍රහයක් ඉදිරිපත් කිරීමේදී චම්පික යෝධයෙක් නම් ඔබ කුරුමිට්ටෙකි. ඔබට ගොඩක් ඉගෙන ගැනීමට තිබේ.එහෙත් ගුරුවරු නොකරන්නේද ඉගෙන ගැනීමයි. ඔවුන් තම මද දැනුම බලෙන් අන්‍යන්ගේ ඇඟේ ගැසීමට රුසියෝය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා