Posts

Showing posts with the label නරේන්ද්‍ර මෝඩි

නරේන්ද්‍ර මෝඩි හඳුනා ගන්න උත්සාහ කරමු

Image
ළමා කල කර ගත් විවාහයක බිරිඳගෙන් වෙන්ව තනිකඩයකු ලෙස ජීවත් වන මෝඩි සිය 64වන උපන් දිනය දා මව සමග ඉන්දීය මහ මැතිවරණය නිමා විය. හින්දු මහ ජාතිවාදී භාරතීය ජනතා පක්ෂය අති විශාල ජයග්‍රහණයක් ලැබී ය. මතභේදයට තුඩු දුන් නමක් ඇති හින්දු ජාතිවාදියකු වන නරේන්ද්‍ර ‍මෝඩි අගමැති ධුරයේ දිවුරුම් දීමට නියමිත ය.  1980දී පිහිටුවන ලද භාරතීය ජනතා පක්ෂය සැලකෙන්නේ රාශ්ට්‍රීය ස්වයම්සේවක් සංඝයේ (RSS) හෙවත් ජාතික දේශප්‍රේමී ස්වේච්ඡා සංවිධානය නම් ව්‍යාපාරයේ දේශපාලන අංශය ලෙසයි. 1925දී පිහිටුවන ලද RSS යනු අන්තවාදී දක්ෂිණාංශික හින්දු ජාතිකවාදී සංවිධානයකි. එය මුල සිට ම මුස්ලිම් හා ක්‍රිස්තියානි විරෝධී සංවිධානයක් විය. ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වීමේ ඉතිහාසයක් ඇති RSS සංවිධානය කීප වරක් ම තහනමට ලක් වූවකි. මහත්මා ගාන්ධි ඝාතනය කළ නතුරාම් ගොඩ්සේ ද කලින් RSS සාමාජිකයෙකි.  භාරතීය ජනතා පක්ෂයේ මුල් ඇත්තේ 1951දී පිහිටුවන ලද සංවිධානයක් වන භාරතීය ජන සංඝයේ ය. 1977 මැතිවරණයේදී ඉන්දිරා ගාන්ධි පැරදවීම අරමුණු කර ගත් තවත් පක්ෂ කීපයක් සමග එක්ව ජනතා පක්ෂය පිහිටුවීමට භාරතීය ජන සංඝය මුල් වූයේ ය. 1977දී ඉන්දිරා ගාන...

මෝඩි මෝඩ ගැහැනියකට අන්දවා ගැනීමට හැකි වේවිද?

Image
සිංහලෙන් මෝඩි කියන්නේ මෝඩ ගැහැනියටයි.  නරේන්ද්‍ර මෝඩි ඉන්දියාවේ අගමැති ධුරයට පත් වූ පසු ලංකාවේ ආණ්ඩුව විසින් නිකුත් කරන ලද නිවේදන හා ආණ්ඩුවේ ඇම්බැට්ටයන් විසින් කරන ලද විග්‍රහ විමසා බැලීමේදී පෙනෙන දෙයක් වන්නේ ලංකාවෙ නරේන්ද්‍ර මෝඩිව මෝඩ ගැහැනියකට අන්දවා ගන්නට උත්සාහ කරන බවයි.  ලංකාවේ වැනි ශක්තිමත් ආණ්ඩුවක් ඉන්දියාවේත් බිහි වීම ගැන සතුටු වන බව කියමින් රාජපක්ෂ රෙජිම මන්මෝහන් සිං ප්‍රමුඛ කොංග්‍රස් ආණ්ඩුවට දුර්වල එකක් ලෙස හඳුන්වමින් කොකා පෙන්නුවේ ය. කොංග්‍රස් ආණ්ඩුව නම් ඇත්තට ම ලංකාවේ ආණ්ඩුව විසින් එක්තරා දුරකට මෝඩ ගැහැනියකට අන්දවාගෙන සිටියේය.  එම ඇන්දවීම තුළ, චීනය සමග කදේ ද‍ාගෙන ඉන්දියාවට කොකා පෙන්වමින් සිටීමේ අවස්ථාව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ලැබිණි. ඉන්දියාවට හිසරදයක් වූ ලංකාවේ ජාතීන් අතර ගැටුම සම්බන්ධයෙන් අද දෙන්නම්, හෙට දෙන්නම් යයි කියමින් විසඳුමක් ලෙස එළු වෘෂණ කෝෂ දෙකක් පෙන්වා ඉන්දියාව ඒ පසුපස නරියකු ලෙස බඩගෑවීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට හැකි විය.  අවට රටවල් විෂයෙහි කොංග්‍රස් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමී නැඹුරුව රාජපක්ෂ ආණ්ඩුව අපහරණය කළේ ය. දැන් ඒ ආණ්ඩුව අ...