සුන්දර ඉංගිරිිසි: සර්ලා, මිස්ලා, මැඩම්ලා හා තවත් අය
බ්‍රිතාන්‍යයේ 'ද ටෙලිග්‍රාෆ්' පුවත්පතේ අධ්‍යාපනික සංස්කාරක ග්‍රේම් පැටන් වාර්තා කළ ආකාරයට එරට පාසල්වල ගුරුවරුන් 'සර්' හා 'මිස්' කියා ආමන්ත්‍රණය කිරීම වෙනුවට නමෙන් ආමන්ත්‍රණය කිරීම ස්ථාපිත කළ යුතු බවට අධ්‍යානඥයන් යෝජනා කර තිබෙනවා.
ලංකාවේත් පාසල්වලටත් ගුරුවරුන්ට 'සර්', 'මිස්' කියා ආමන්ත්‍රණය කිරීමේ සම්ප්‍රදාය පැමිණියේ යටත්විජිත සමයේ එංගලන්තයෙන්.
ගුරුවරුන් සර් කියා ඇමතීමේ අතීතය 16වන සියවස දක්වා විහිදෙනවා. පහළ පංතිවලින් ආ ගුරුවරුන්, විශාල වශයෙන් ඉහළ පංතිවල සිසුන්ගෙන් සමන්විත වූ පංතිවල ඉගැන්වීමේදී සිය ආධිපත්‍යය තහවුරු කර ගන්නට මෙම යෙදුම පාවිච්චි කළ බව Times Educational Supplementහි සඳහන් වෙනවා.
මිස් කියන යෙදුම භාවිතාවට ආවේ වික්ටෝරියානු යුගයේදීයි. විවාපත් කාන්තාවන් රැකියාවලින් ඉවත්ව නිවසේ රැඳීම දිරිගැන්වූ ඒ කාලයේ පාසල්වල ඉගැන්වූයේ අවිවාහක ගුරුවරියන් පමණයි. ඒ නිසා ඒ අයට මිස් කියා ආමන්ත්‍රණය කළා. 20වන සියවසේ පමණ සිට නැවතත් විවාහක ගුරුවරියන් වෘත්තියට පිවිසියත්, විවාහක-අවිවාහකබව නො තකා සියලු ගුරුවරියන් මිස් කියා ආමන්ත්‍රණය කිරීම දිගටම පැවතියා.
ගුරුවරුන්ට සර් කියා ආමන්ත්‍රණය කිරීම තුළ තිබෙන තරම් ම ගෞරවයක් ගුරුවරියන්ට මිස් කියා ආමන්ත්‍රණය කිරීම තුළ නැහැ. ඒ නිසා විදුහල්පතිනියන් වැනි අයට මැඩම් කියා ආමන්ත්‍රණය කරන සම්ප්‍රදායක් තිබෙනවා.
ලංකාවේ හෙදියන්ට ආමන්ත්‍රණය කරන්නේත් මිස් කියලායි. සිසු හෙදියන්ට හෝ අලුත් හෙදියන්ට පොඩි මිස් කියා යොදන ව්‍යවහාරයක් ද තිබෙනවා. ඇතැම් විට ඉහළ නිලධාරීන්ට ලොකු සර් කියා ආමන්ත්‍රණය කරන ව්‍යවහාරයකුත් ලංකාවේ තිබෙනවා.
වතු ආශ්‍රිතව ලොකු සර්ට පෙරිය දොරේ කියනවා. පොඩි සර් සින්න දොරේ. ඒ සර්ලා තමන් ආමන්ත්‍රණය කර ගන්නේ පී.ඩී. (පෙරිය දොරේ), එස්.ඩී. (සින්න දොරේ) කියලායි.
එංගලන්තයේ නම්, නමට මුලින් සර් යන ගෞරවාර්ථ නාමය යොදන්නේ නයිට්වරුන් වෙනුවෙනුයි. හරියට සර් ජෝන් කොතලාවල වගේ. ලංකාවේ ගුරුවරුන්ගේ නම අගිනුත් සර් කියා යෙදෙනවා. මේ ලියන මට පාසලේ ළමයි අජිත් සර් ය කියනවා.
ගුරුවරියන්ට ටීචර් කියන සම්ප්‍රදායක් ද තිබෙනවා. මේ වචනය ටීච(ර්) කියලා වගේ ම හල් රයන්න ශබ්ද කරමින් ටීචර් කියලාත් කියනවා. ජනප්‍රිය ළමා ගීයක 'එයාට අපි ටීචර් කියලයි අමතන්නේ' යි යෙදෙනවා.
දැන් මේ මිස්, සර් යෙදුම් වෙනුවට මිස්ට හෝ මස් යනුවෙන් මුලින් යොදා නමින් ම ගුරුවරුන්, ගුරුවරියන් ආමන්ත්‍රණය කළ යුතු බවට එංගලන්තයේ යෝජනා වී තිබෙනවා. මේ 'මස්' යන යෙදුම ලංකාවේ අයට ආගන්තුකයි. මෙය ශබ්ද කරන්නේත් හරක් මස්, කුකුළු මස් ශබ්ද කරන ආකාරයට නොවෙයි. මෙහි තිබෙන මයන්න ශබ්ද කරන්නේ ගම කියනකොට මයන්න ශබ්ද කරන ආකාරයට. හල් සයන්නේ ශබ්දය ඉසෙඩ් අකුරේ ශබ්දයයි. මස් කියන ගෞරවාර්ථය විවාහක-අවිවාහක භේදයකින් තොරව භාවිතා කරන්නට පුළුවන්. හැබැයි, සිංහල භාෂාවේ මෙම වචනයට පරිවර්තනයක් නැහැ. මිස්ට මෙනෙවිය හා මිසිස්ට මහත්මිය කීවාට මස්ට කියන්නේ මොකක්ද කියන එක ප්‍රශ්නයක්.
වෛද්‍යවරුන්ට ඩොක්ටර් කියා ආමන්ත්‍රණය කිරීමේ සම්ප්‍රදායක් ලොව පුරා ම තිබෙනවා. මෙසේ වෘත්තියේ නම ගෞරවාර්ථයක් ලෙස යෙදෙන රැකියා අඩුයි. හමුදාවේ නම් නිලධාරි තනතුරු නම ඉදිරියෙන් ගෞරව නාම ලෙස යෙදෙනවා. ඒත්, සුළු නිලධාරීන්ගේ සාජන් මේජර් වැනි තනතුරු නාමයන් නම් එසේ යොදා ගන්නේ නැහැ.ඉංග්‍රීසියෙන් කැප්ටන්ට සිංහලෙන් කියන්නේ කපිතාන්. ලෙෆ්ටිනන්ට් සිංහලයේදී ලුතිනන් වුණා. ජෙනරල් ජනරාල් වුණා.
පොලිසිය ආශ්‍රිතව එස්සයි මහත්තයා, ඕවයිසී මහත්තයා වැනි යෙදුම් තිබෙනවා. කර්මාන්තශාලාවල පෝමන්ලා ඉන්නවා. පෝමන් කියන්නේ Foremanටයි. ඔපිසර, සුපවයිසර්, ඕර්සියල් හෝ ඕවර්සියර්, සුපිරින්ටැන්ඩන්, සිකුරිටි, පීඑච්චයි, රේන්ජර්, බීට්ටු, සරප්, පියුන්, කුරියර්, කොන්දොස්තර, වෑල්ඩිං බාස්, සැන්ටිපෝට්, බක්කරේ, බාබර්, ඩැයිවර්, පියුන්, මැසෙන්ජර්, ඇටැන්ඩන්, ඔපිසර, කැෂුවල්, කොන්ත‍්‍රාත්කරුවා, කුලීකරුවා, ගාඩ්, ඉංජිනේරුවා, පික්පොකට්කාරයා ආදී ඉංග්‍රීසි හා වෙනත් භාෂාවලින් පැමිණි වචන රැසක් සිංහල භාෂාවේ තිබෙනවා.
මෙහි සරප් කියන තනතුරු නාමය ලංකාවට පැමිණ තිබෙන්නේ ෂ්රොෆ් නම් ඉංග්‍රීසි වචනයෙන් වුණාට එහි සරප් යන පරිවර්තනය සකසාගෙන තිබෙන්නේ ගුජරාටි භාෂාවෙන් ය කියා අනුමාන කරන්නට පුළුවන්.
ඉස්සර සැන්ටිපෝට් කිව්වේ දැන් පීඑච්චයි මහත්තයාටයි. සැන්ටිපෝට් වුණේ
Sanitary Ward Inspector බව මගේ පංතියකට පැමිණි වයස අවුරුදු 60ත් ඉක්මවූ වැඩිහිටි සිසුවෙක් පෙන්වා දුන්නා.
කාර්යාල කාර්ය සහායක කියන සිංහල තනතුරු නාමය කේ.කේ.එස්. කියලා ඉංගිරිසියට ගිය එකත් හරි අපූරුයි.
කුලී කියන වචනය සිංහලට වගේ ම ඉංග්‍රීසියට coolie ලෙසින් ඇතුළු වී තිබෙන්නේ දෙමළ භාෂාවෙන්.
ඉස්සර කාලේ මිනිරන් පතල්වල ලෝඩර නම් තනතුරක් තිබූ බව ජනකවිවල කියැවෙනවා.
බඹරේ කරකවා අත්දෙක වෙව්ලනවා
නිතර ඇවිත් ලෝඩර දත්මිටි කනවා
වතුර ඇදල අත්වල කරගැට එනවා
මිතුරේ පතල් වැඩගැන බඩදගලනවා
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

අපේ රටේ ඉන්නේ ඔක්කොම ලොක්කෝ නිසා බොස් කියමු කියල මම යෝජනා කරනවා
ReplyDeleteපැරා ඉංග්‍රීසි අජීර්ණයට එමින් තිබේ. අරෙහෙ මෝඩි අගමැති වෙලා. මෙහෙ පෙළපාලි ගිය කොල්ලෝ අතුරුදහන් වෙනවා, මොකද පැරා වෙසක් නිවාඩුද ?
ReplyDeleteපැරා
ReplyDeleteඕස්ට්‍රේලියාවෙ නම් ලමයි ගුරුවරයට නමින් අමතන්නෙ.මිස්ටර් තොම්සන්,මිසිස් මේනාර්ඩ් වගේ. මේක ප්‍රින්සිපල්ට පවා යෙදෙනවා.
'බක්කරේ' කියන වචනය ආවේ ඕලන්ද භාෂාවේ Bakker කියන වචනයෙන්. ඒක ඉංග්‍රීසියේ baker කියන එක ම යි.
ReplyDeleteසිංහලෙන් 'බයිසිකල් වින්කලේ' කියන්නේ බයිසිකල් අලුත්වැඩියා කරන තැනට නේද? ඕලන්ද භාෂාවෙන් වින්කල් (winkel) කියන්නේ නම් 'කඩය' (වෙළඳ සල) කියන එකට. බලාගෙන ගියාම 'කඩේ' කියන එකත් දෙමළ වචනයක්. මම මේ කල්පනා කළේ අපි 'පාලම' කියන දෙමළ වචනය භාවිතා කරන්නේ මොකද කියලා, 'සේතුව' කියලා ලස්සන සංස්කෘත වචනයක් තියෙද්දී. ඉන්දියාවේ නම් 'සේතුව' කියන වචනය හුඟක් භාවිතා කරනවා.
ReplyDeleteපාලම කියන වචනෙ කැත වෙන්නෙත් සේතුව කියන වචනෙ ලස්සන වෙන්නෙත් කොහොමද?
Deleteඅම්මා කියන වචනෙත් කැත වචනයක්ද?
ඇතැම් රටක මැඩම් කියා අමතන්නේ ගණිකාවට කියා මා අසා තිබෙනවා. ඒ පිලිබදව පැරකුම් සහෝදරයා අසා නැද්ද?
ReplyDeleteඅනික තව කරුණක් මම එකතු කරන්න කැමතියි. ලංකාවේ කතුන් බොහෝ කැමති අනික් අය එයාලට මැඩම් කියා කතාකරනවට.
රජයේ ආයතන වල,පෞද්ගලික ආයතන වල,පාසැල් වල සිටිනා නිලධාරිනියන්ට මැඩම් කියා ආමන්ත්‍රණය කිරීමෙන් එම ස්ථාන වලින් කරගන්න තියෙන වැඩ කටයුතු ඉක්මනින් කරගන්න පුළුවන්.
අනික මම තව උපදෙසක් දෙන්න කැමතියි. ඒ තමයි කාන්ත නිලධාරිනියන් සහ පිරිමි නිලධාරිනියන් සිටිනා අයතනකයට යම්කිසි අවශ්‍යතාවයක් සදහා ගියොත් පිරිමි නිලධාරීන් ලගට යන්න ඕනි. ඒ අය කාන්තාවන් වගේ වැඩි ලියකිවිලි ඉල්ලා ඉල්ලා කරදරවෙන්නේ නෑ. ශේප් න්‍යායයෙන් වැඩේ කරගත්ත හැකි.
විශේෂයෙන්ම එයාර්ට් පොර්ට් වලට, රජයේ කන්තෝරුවල,බැංකු වල එහෙම.
ඒක නෙමේ පැරා, ඉන්දියාවේ ජන්දය ගැන අනාවැකි කිව්ව හැමෝම වගේ කිව්වේ මෝඩි වැඩි ආසන සංඛ්‍යාවක් ගත්තත්, සුළුතර රජයක් පිහිටුවයි කියලා. ඒත් එහෙම උනේ නෑ. ශක්තිමත් රජයක් පිහිටිවේ.
පැරා මොකෝ හිතන්නේ?
හමුදා නිළ වලට කියන නම් වැරදි විදිහට යෙදීම ආරම්භ වුණේ මාධ්‍ය මගින්. ආදී කාලයේ ඉඳලම ඒ වැරැද්ද සිදුවුනා. Director General වැනි යෙදුමක් පවා අධ්‍යක්‍ෂ 'ජනරාල්' වුණා. නමුත් හමුදාවේ ලිපි කටයුතු වලදී නිවැරදි යෙදුමයි පාවිච්චි කරන්නේ. ජෙනරල්, කපිතන්, ලුතිතන් ('ත'යන්න) වශයෙන්.
ReplyDeleteලයිතන් කියන්නෙ කවුද?
Deleteලයිතන් ඉංග්‍රීසි නෙවෙයි ලන්දේසි වචනයක්. ලුතිතන් නිළය
Deleteළමයි හරි කියමුකෝ...... ගුරුවරුන් ගුරුවරියන් ඔවුනොවුන් අමතන්නේත් සර් මිස් කියල. මේ මට වෙච්ච ඇබැද්දියක්
ReplyDeletehttp://raj1st.blogspot.com/2014/04/blog-post.html
මගේ පංතියකට පැමිණි වයස අවුරුදු 60ත් ඉක්මවූ වැඩිහිටි සිසුවෙක් පෙන්වා දුන්නා. */
ReplyDeleteපැරා ටියුෂන් කරන බව අද ලිපියේ කියවෙනවා.
පැරා මාතලන්ගේ අදහස පිළි අරන්ද?
Deleteහැම එකාම හදන්නේ පැරාව නැති කරන්න. අපි විතරයි පැරාට ආදරේ. පැරා එක සැරයක් බ්ලොග් ලිවිල්ල නවත්තන්නම ගියපු වෙලෙත් පැරාට හිටියේ අපි විතරයි. පැරාට ඒ බව මතක නිසානේ අපි වෙනුවෙන් පෝස්ට් හිටන් දාන්නේ.
Deleteඇයි අපි !!!
Deleteඅපිත් ඇවිත් අපිටත් නොතේරෙන මක්කහරි බහුබූතයක් දොඩෝල යන්නේ අපේ පැරාට සප් එකක් විදියට .. අපි එහෙමයි !!!
ඕ.යේස් !!!!!!
//පැරා ටියුෂන් කරන බව අද ලිපියේ කියවෙනවා.//
Deleteඒ ටියුෂන් පංතිය වැඩිහිටියන් සඳහා විය යුතුයි.
බොහෝ විට ඒක ඉංගිරිසි පංතියක් වියහැකියි.
ට්‍රැ, අදනං හෙම්බිරිස්සාව හැදේයිද මන්ද ඔහෙට. සමාජවාදී පැරා කොහොමෙයි ඉංග්‍රීස් උගන්නන්නෙ? එයා කරන්නෙ පන්ති පහෙන් එකක් වෙච්චි "ඉන්දියානු ව්‍යාප්තවාදය" කියන එක බව ඔහේ නොදන්න හැටි!
Deleteමට මතක් උනේ.... ඔයා මිස්ද, මිස්ද මිසිස්ද, මට ආසයි එය දැනගන්න.. ඔයා මිස්ද, මිස්ද මිසීස්ද, අනේ ඔයා මගේ මිසිස් වෙනවද කියන සින්දුව.
ReplyDeleteදවසක් මම රීගල් එක ගාව ඉන්න කොට පොරක් ඇවිත් මගෙන් ඇහුවා..
සෑර්... චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත කොහෙද තියෙන්නේ කියලා.
මට පුදුම ආඩම්බරයක් ඒ වෙලාවේ ඇති උනේ අප්පා.. සමහර විට ටයි එකක් හේ දාලා උන්න නිසා වෙන්න ඇති.
සෑර්ගෙන් චිත්තම්පලම ඒ. ගාඩිනර් මාවත තියන තැන නෙවෙයි අහල තියෙන්නෙ
Delete"සර් චිත්තම්පලම ඒ ගාඩිනර් මාවත" තියන තැන.
ට්‍රැ, මේ කකාගෙ බ්ලොග් එකේ කමෙන්ට් කල ට්‍රැෆික් ඇනෝගෙ ප්‍රොෆයිල් එක හැක් කරලද, නැත්තන් කොපියක්වත්ද?
Deleteමේ ඒ ට්‍රෆික් ඇනෝ ම තමයි. පොඩ්ඩක් පොෂ් වෙලා දැන් ට්‍රැ.
Deleteඅද නම් ටිකක් ටියුබ් ලයිට් වගේ.
Kaka, චිකන් කිව්වට මම බැලුව සතා මොකාද කියල! නිකන් සෝයමීට් රහක්නෙ ආවෙ, ඒකයි.
Delete'මාස්ටර් සර්' සිංදුව අදටත් ගැලපෙන්නෙ අපේ රටේ 'සර් මැඩම්' මානසිකත්වය නිසා. ඉන්දියාව අපිට එහා. වෙන රටවල 'සර් මැඩම්' කියන්නෙ තමන්ගෙ ගණුදෙනු කාරයන් අමතන්ට.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඉන්දියාවෙ උන් බල්ලන්ට පූසන්ටත් සර් කියනවද මන්දා?
Delete//කාර්යාල කාර්ය සහායක කියන සිංහල තනතුරු නාමය කේ.කේ.එස්. කියලා ඉංගිරිසියට ගිය එකත් හරි අපූරුයි.//
ReplyDeleteඇයි පැරා ජනතා විමුක්ති පෙරමුණ JVP වෙච්චි එක ඊට වඩා මාරනෙ.