ගෝටා 'භයෙන්' අත්මිදීමේ විමල්, චම්පික මෙහෙයුම

සංවර්ධනයේ නාමයෙන් සිදු වන කොමිස් ජාවාරම් හැරුණකොට, මේ වන විට ලංකාවේ රාජ්‍ය පාලනයක් තිබේද යන්න සැක සහිත ය.

ඊයේ සිදු වූ දුම්රිය සිද්ධිය ලංකාවේ මේ වන විට පවතින තත්වය සංකේතාත්මකව පැහැදිලි කරයි. දුම්රිය අනතුරුවලට හේතුව දෙපාර්තමේන්තුවේ ගැටලු බව කියමින් දුම්රිය රියදුරෝ අකුර‍ට වැඩ ය.  අකුරට වැඩ කරන විට දුම්රිය පමා වේ. එවිට මගීහු කිපී රියදුරන්ට පහර දෙති. දුම්රිය සේවකයෝ එකතුව මරදානේදී තමන්ට ගැසූ මගීන් අල්ලා සම්බෝල කොටති. එසේ කොට පොලීසියටත් භාර දෙති. පොලිසිය ගහපු මගියා අත්අඩංගුවට ගන්නේ දුම්රිය රියදුරන් ඔහුට පහර දී අල්ලා දීමෙන් පසු ය. පහර දුන් රියදුරන් අත්අඩංගුවට ගෙන නැත.

ඉස්සර ලංගම බස්වල රියදුරා ඉදිරියෙන් 'දහස් ගණනක් ජීවිත ඔබේ දෑතේ' යයි ලියා තිබිණි. දැන් දුම්රියේ ඒ දෑත් මගීන්ට පහර දෙති. මගීහු ඒ දෑත්වලට පහර දෙති.

රටේ සුක්කානම දරන දෑත් කරන්නේ කුමක් ද? ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගමට තිබෙන ප්‍රධාන කාර්යය වන්නේ තමන්ට හොඳ ලිංගික ශක්තියක් ඇති බව හා තමන් හොඳින් කන බොන මිනිසකු බවත්, තමන්ගේ පුතාත් එහෙම පොරක් බවත් කිය කියා ඇවිදීමයි.

එතැනින් එහා නායකත්වය ද ඊට දෙවෙනි නැත.

‍සම සෞඛ්‍ය, හෙද, වින්නඹු වැනි වෘත්තීය ක්ෂේත්‍රවල තිබෙන ආරාවුල් හේතුවෙන් ලංකාවේ දුප්පතුන්ට මැරෙන්න වැටෙන්නට තිබෙන රෝහල ද අවුල් ජාලයක් වී තිබේ. එය අධ්‍යාපන ක්ෂේත්‍රයට ද පැතිරී ඇත. පොලිසිය ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ මැඩලීමට අධිකරණ සහයෝගය පතයි. එහෙත්, දැන් දැන් අධිකරණයට ද යුක්තිය ගැන හැඟීමක් ඇති වෙමින් තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ මැඬලීමට වාරණ නියෝග ඉල්ලා අධිකරණයට නො එන්නැයි පොලිසියට දැනුම් දුන්නේ එහෙයිනි.

ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය හා සෞඛ්‍ය අධ්‍යාපනය පාලනය කරන්නේ ලෝක සෞඛ්‍ය මොකක් ද එකක උප සභාපති වන මෛත්‍රීපාල සිරිසේන ඇමති හෝ උසස් අධ්‍යාපන ඇමති වන එස්. බී. දිසානායක නො වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නම් ප්‍රතිගාමී වෘත්තීය සමිති මාෆියාවයි. ‍මෙම බලධාරීන් ගැටලු විසඳීම සඳහා කිසිදු මැදිහත්වීමක් කරන්නේ නැත.

මේ අතර, රටේ අපරාධ ඉහවහා ගොස් ඇත. පොලිසිය කරන්නේ සැකකරුවන් ආයුධ පෙන්නන්නට එක්කගෙන යාමයි. දැන්, දැන් අපරාධකරුවෝ ද පොලිසිය ආයුධ පෙන්නන්නට එක්කගෙන යන තත්වයක් රටේ නිර්මානය වී තිබේ. අපරාධයක් සිදු වී නම් බොහෝ විට ඒ පසුපස හිටපු රණවිරුවෙක් ද සිටියි.

රජය රටේ දකුණු කෙළවරේ යුද ජයග්‍රහණය සමරන අතර, හමුදාව උතුරේ මිලිටරි පාලනය පවත්වාගෙන යාම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් සමග ගැටෙයි.

රටට බැහැරින් ආණ්ඩුවට එල්ල වන යුද අපරාධ චෝදනා තීව්‍ර වී ඇත. සුදු කොඩි සිද්ධියට සම්බන්ධ දුරකථන ඇමතුම්, එස්.එම්.එස්. ආදී සාක්කි සහිත සවිස්තර වාර්තාවක් පසුගියදා එළිදුටුවේ ය. එහි ආණ්ඩුවේ ලොකු ලොක්කන් රැසකගේ ම නම් සඳහන් වී තිබේ. යුද අපරාධ චෝදනා පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා පසුබිම සැකසෙමින් තිබියදී ඇතැම් හමුදා, දේශපාලන හා මාධ්‍ය වීරයන් විසින් ඩයස්පෝරා ඩොලර් මිටි වෙනුවෙන් යුද අපරාධ සාක්ෂි ඡායාරූප දෙමළ ඩයස්පෝරාවට විකුණමින් තිබේ.

මෙම පසුබිම තුළ, ආණ්ඩුවේ අත බුරුල් වෙමින් භීෂණය ලිහිල් වෙමින් තිබේ. ආණ්ඩුවේ සන්ධාන පක්ෂ දෙකක් වන ජාතික නිදහස් පෙරමුණ හා ජාතික හෙළ උරුමය විසින් මුල පුරා තිබෙන බියෙන් අත්මිදීමේ ක්‍රියාමාර්ගය දේශපාලනික වශයෙන් ඉතා වැදගත් ය.

ආණ්ඩුව විමල්ටත්, චම්පිකටත් ගේම ‍දෙන ආකාරය දෙස තව ඇමති රොත්තක් ම පරීක්ෂාවෙන් බලා සිටිති. ආණ්ඩුවේ අාරක්ෂාව තිබෙන්නේ ඇමති මණ්ඩලය තුළ වරප්‍රසාද, වරදාන, අල්ලස්, සොරකම හා භීෂණය නඩත්තු කරන තරමට ය. විමලුත්, චම්පිකත් ආත්මාරක්ෂාව පිණිස එකිනෙකාගේ දෑත් අල්ලාගෙන කැරැලි ගසා තිබෙන්නේ ආණ්ඩුවේ අභ්‍යන්තර භීෂණයට එරෙහිවයි. තවත් සරළව කිව්වොත් ගෝටා 'භයට' එරෙහිවයි. සෙසු කාරණා වැදගත් නැත. මේ පියවර නො ගත්තොත්, මෙම උන්නතිකාමී දේශපාලනඥයන්ටත් යන එන මගක් නැති වනු ඇත. ශිව සේනාවෙන් පටන් ගත් හින්දු ජාතිකවාදී ගමන භාරතීය ජනතා පක්ෂය දැවැන්ත මැතිවරණ ජයක් ලබන තැන දක්වා ඉදිරියට යද්දී, චම්පික රණවක මේ අන්දමින් බියෙන් සිටියොත් සිංහල ජාතිවාදී දේශපාලනය ඥානසාර වී යනු ඇත.

මත්ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධව රජය පියවර ගැනීමට අපොහොසත්ව ඇතැයි පවසමින් එක්‌සත් ජාතික පක්‍ෂය විසින් ගෙන ආ විශ්වාස භංග යෝජනාවට අදාළ විවාදයට එක්‌වෙමින් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ කේන්ද්‍රස්‌ථානය බවට එක්‌සත් ජාතික පක්‍ෂය නගන චෝදනාව රටට කරන අවමානයක්‌ බවයි. එතකොට ඒ වැඩේ තිබෙන කැතකම ගැන නිකම් ම කියැවේ. රටේ අගමැති දක්වා ම ලොකු ලොක්කෝ කුඩු ජාවාරම්වලට ඈඳී තිබේ.

ආණ්ඩුව කැසිනෝ ගෙන එන්නට යන්නේ එවන් පසුබිමක් තුළ ය. එහෙත්, රටට ගෙන එන්නට ගිය ඒ ඍජු විදේශ ආ‍යෝජනයත් ඇණ හිටින පසුබිමක ආර්ථික වශයෙන් ද ආණ්ඩුව නන්නත්තාර වෙමින් සිටියි.

ඉන්දියාවේ පත් වූ අලුත් අගමැති නරේන්ද්‍ර මෝඩි කුමක් කරනු ඇද්දැයි ආණ්ඩුව පමණක් නොව මුළු ලෝකයම බලා සිටියි. 

ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයකු පිළිබඳ කතා දිගහැරෙමින් තිබෙන්නේ මේ සංදර්භය තුළ ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. මොනව වුනත් යුද්දෙ දින්න..මහින්ද මහත්තයා වගේ ප්‍රතාපවත් පෙනුනමක් තියෙන පෞරුෂත්වයක් තියෙන මහත්මයෙක් පේනතෙක් මානෙක පොදු අපේක්ෂකයෙක් බවට පත් වෙන්ෙන නැහැ.. කවුරු මොනවා හිතුවත් එදා රනිල්ට තිබුන චන්දත් අද නැහැ. අද මැතිවරණයක් තිව්වත් මහන්ද මහත්තයා දිනිනවා. දේශපාලනය කියන්නෙ තියරි නෙමෙයි. දූෂණවලට එරෙහි කෑ ගැසීමටම නෙමෙයි.. හොදම උදාහරණය ඉන්දිය මහමැතිවරණය.මෝඩිගේ එකම සටන් පාඨය වුනේ ආන්ඩුවේ දූෂණය නෙමෙයි. මෝඩි පැති ගානකින් විසිරුනු මහජනතාව තමුන්ගේ මල්ලට එකතු කර ගත්තා. ඒත් අද විපක්ෂයේ එකම සද්දෙ ආන්ඩුවේ දූෂණ්‍ය සහ භීෂනය විතරයි..

    ReplyDelete
    Replies
    1. රටේ නායකයා මහින්ද රාජපක්ෂ මහතා මහා බෞද්ධයෙක් වගේම පිංවතෙක්

      Delete
    2. අපේ රට හොඳ රටක් කරන්න එකම දෙයයි කරන්න තියෙන්නෙ.මහින්දයව එලවල දාල,හොඳ කෙනෙක් පත් කර ගන්න එකයි.මොකද පාතාලයො හොරු ගනිකාවො මිනීමරුවො ,සේරම ඉන්නෙ මිනිහගෙ සාක්කුවෙනෙ.මිනිහව එලෙව්ව කියන්නෙ,උන්ට යන එන මං නැති වෙන්ව කියන එකයි.ඒක ඔය ඉහලින් කොමෙන්ට් කරල තියෙන නිඝන්ටයො දෙන්නත් දන්නව.

      Delete
  2. ගිනිමද්දහනේ තාර පාර අයිනේ කරවෙන ගූ බෙට්ටක් වගේ, මෙම බ්ලොග් එක කොමෙන්ට්ස්,හිට්ස් නැතිව වෙලෙන්නේ ඇයි?

    මේකේ කොමෙන්ට් දාදා හිටපු දෙන්නා තුන්දෙනාත් අපේ උගත් බුද්ධිමත්,රට රාජ්ජ වල ඇවිදලා අත්දැකීම් තියෙන මැසිමදුරුවෙක් වෙන කකාගේ බ්ලොග් එකට ගිය හින්දා නේද?

    ReplyDelete
    Replies
    1. කකා යනු කුමක් ද?

      Delete
    2. KAKA YANU JOKA GALAWAGENA CHOO, PADA, JEE, THAWARAGENA PUKA PENNAGENA, INNA
      KUMBHANDAYEK

      Delete
  3. ලංගම බස් රථවල තිබුණේ මෙහෙම:

    "ප්‍රවේශමෙන් බස් රිය පදවන්න. ජීවිත රැසක් ඔබ දෑතේ"

    ReplyDelete
  4. මෙන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නම් ප්‍රතිගාමී වෘත්තීය සමිති මාෆියාවේ තවත් වික්‍රමයක්:

    හදවත් ලෙඩාට දොස්තර පයින් ගහලා

    .

    ReplyDelete
  5. This is well worth a read
    JO

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා