ආනුෂාංගික පහසුකම්වලට මඩගැසීම

ගිය සතියේ අප සාකච්ඡා කළ, සිංහල දේශපාලන ශබ්දකෝෂයේ පවතින ඉංග්‍රීසි වචන අතරින් මග හැරුණු වැදගත්ම වචනයක් තමයි පාර්ලිමේන්තුව. එය කෙළින්ම ඉංග්‍රීසි parliament නම් වදනින් හදා ගත්ත සිංහල වචනයක්. එහි මුල් උච්චරණය පාලමන්ට් වුණත් ලාංකික ඉංග්‍රීසි උච්චාරණ විධිය අනුව එය පාලිමන්ට්. සිංහල වචනය පාර්ලිමේන්තුව. ඉන්දියාවේ නම් මේ වෙනුවෙන් ලෝක් සභා කියා වචනයක් තිබෙනවා.

පසුගිය දිනවල නිතර භවිතා වුණ අපභ්‍රංස වචනයක් තමයි ආනුෂාංගික පහසුකම් කියන එක. මෙය ප්‍රචලිත වුණේ කැසිනෝ සම්බන්ධ පනතත් එක්ක. අදාළ හෝටල් ව්‍යාපෘති සමග ආනුෂාංගික පහසුකම් කියා වචනයක් යෙදී තිබුණා. එහි තේරුම 'ඒ සමග යන' කියන එකයි. එයට සුදුසු පරිවර්තනයක් ලෙස මා හඳුනා ගත්තේ incidental කියන වචනයයි. ඒත‍්, අපේ පාඨකයෙක් පෙන්වා දුන්නා, පනතේ සිංහල පිටපතට අනුව අනුශාංගික පහසුකම් කියන්නේ associated facilities කියන එක බව. 

හුඟක් සිංහල පාරිභාෂික වචනවලට වඩා ඒවාට මුල් වුණ ඉංග්‍රීසි වචන තේරුම් ගන්න පහසුයි. මේ ප්‍රශ්නය ඇති වන්නේ වචන සම්පාදකයන් ව්‍යවහාරික භාෂාවට වඩා ආචීර්ණ කල්පික පාලි, සංස්කෘත වැනි භාෂාවන්ට වහල් වීම.

වචන හැදීම ගැන කතා කරනකොට සිහිපත් වෙන කෙනෙක් ඊලියන් ද සිල්වා. බ්ලොග් අවකාශයේ සුන්දර අඩවියක් වන කතන්දර බ්ලොගයේ ඊලියන් ද සිල්වා විසින් හදන ලද අදත් ව්‍යවහාර වෙන වචන ලැයිස්තුවක් පළ කරලා තිබුණා. ඊලියන් ද සිල්වා මැවිසුරුවෙක්. මැවිසුරු කියන්නේ ඉංජිනේරුවාට ඔහු හැදූ වචනය. ඒත්, එය නම් භාවිතයට ආවේ නැහැ. ඒත් ඉංග්‍රීසි වචන වෙනුවෙන් හදපු මේ සිංහල වචන නම් පංකාදුයි.

ගිලන්රිය (ambulance)
උපකරණය (apparatus)
ඇගැයීම (assesment)
පරමාණුව (atom)
මුඩුබිම (barren land)
සීනුව (bell)
අයපත (bill)
සිදුර (bore)
බුබුළ (bulb)
යල්පිනු (obsolete)
තෙල් පෙරනය (oil filter)
ඇණැවුම (order)
එළිමහන (outdoor)
තොරණ (Pandol)
පුවරුව (Panel)
සාදය (Party)
කණුව (Pole)
බලය (Power)
මුක්කුව (Prop)
වැසිකබාය (Raincoart)
ලදුපත (Receipt)
පිරිපහදුව(Refinery)
පිරිපැහැදුම (Refine)
තෙල් පිරිපහදුව (Oil refinery)
ගැමි (Rural)
කියත (Saw)
සේවාව (Service)
නිහඬ (Silent)
සවිය (Strength)
කුළු ගෙඩිය (Sledge hammer)
වානේ (Steel)
පටිය (Tape)
අකුණ (Thunder)
අවිය (Tool)
දඬුඅඬුව (Vice)
දියාරු (Watery)
රැළි (Wave)
තෙතමනය (Wetness).

කලින් ලිපිය හා සම්බන්ධව අපේ පාඨකයෙක් මෙහෙම ප්‍රශ්නයක් මතු කළා. “තවත් වචනයක් තමයි හොරිකඩයා. මට හිතා ගන්න බැහැ ඒ වචනය හැදී ඇති විදිය. අනිවාර්යයෙන්ම විදේශ භාෂාවකින් ආවක් නොවෙයි වගේ. ඔය වචනයේ මූලය කොහොම විය හැකිද?“ 

මේ ගැන එක්සත් අරා‍බි එමිරේට් රාජ්‍ය යේ සිට අපට කතා කළ මුස්ලිම් සහෝදරයෙක් කීවේ එම වචනය එක්තරා වාමාංශික නායකයකු විසින් සාදචන ලද්දක් බව ඔහු පුවත්පත් ලිපියක කියවා තිබුණු බවයි. ඒ කවුරුද කියා ඔහුට මතක තිබුණේ නැහැ.

කොංග්‍රසය, කොන්සල්වරයා, ගිලටීනය, පැකේජය, පැරෂූට්කාරයා, දිස්ත්‍රික්කය, රෙජිම, පිලිස්තීනුවා කියන වචනත් දේශපාලන වාක්කෝෂයට ඉංග්‍රීසියෙන් ආ වචන. 

මඩ කියන වචනය සිංහල භාෂාවට ආ කාල වකවානුව ගැන සොයා බැලිය යුතුයි. මඩ යන අරුත දෙන mud නම් ඉංග්‍රීසි වචනය මධ්‍ය කාලීන යුගයේදී ජර්මානු භාෂාවකින් ඉංග්‍රීසියට පැමිණි වචනයක් බව ශබ්දකෝෂවල සඳහන් වෙනවා. මඩ මතක් වුණේ දේශපාලනයේදී මඩ ගහනවා කියා යෙදුමක් තිබෙන නිසායි. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. සිංහල භාෂාවේ යෙදෙන සමහර රූඩිත් (idiom?) ඒ අර්ථයෙන්ම ඉංග්‍රීසියෙත් යෙදෙනවා නේද ? උදාහරණයක් විදියට 'සුදු අලියෙක් වගේ' කියන එක 'A white elephant' කියල යෙදීල තියනවා කීප තැනකම දැක්ක. මං හිතන්නේ එකනම් ආසියාවෙන් ඉංග්‍රීසියට ගිය එකක්.

    A white elephant

    ReplyDelete
    Replies
    1. 'බ්ලොග් අවකාශයේ සුන්දර අඩවියක් වන කතන්දර බ්ලොගයේ ඊලියන් ද සිල්වා විසින් හදන ලද අදත් ව්‍යවහාර වෙන වචන ලැයිස්තුවක් පළ කරලා තිබුණා'

      අපේ කතන්දරකාරයා කියන්නේ බොහොම උගත් බුද්ධිමත්, රට රාජ්ජ වල ඇවිදින, හොද රස්සාවක් කරන, හොද පවුල් ජිවිතයක් ගත කරනා කෙනෙක්.

      ඒ වගේම, බ්ලොග් ලොකේ ඉන්න උන්දලගෙන් පාඨක අදහස් නිසා උඩ ගිහිං,අන්තිමේදී බිම වැටිලා පුක (පුක යනු කුණුහරුපයක් නොවේ- කකා) ඇනගත්තේ නැති අය ඉන්නේ බොහොම ස්වල්පයයි. ඒවායින් මුලටම ඉන්නේ අපේ කකා. කකා දන්නවා හැම දෙයක් ගැනම ලියන්නත්, ඇදගෙන නාන්නේ නැතිව ඉන්නත්.
      ඒ හින්ද කකාට ජයවේවා.

      අනික තමයි සිංහල බ්ලොග් ලියනා ගොඩක් අය කොම්පියුටරේ ඔෆ් කෙරුවම නිකන්ම නිකං කක්කා කෑලි විතරයි. ඒත් කකා එහෙම නෙමෙයි. බ්ලොග් එක තිබ්බත් නැතත් කකා පොරක්.

      ප.ලි- තෙල් බෙහෙත් වෙළෙන්දන්ගෙන්, තමුන්ට හතේ හත වැදී අනුන්ගේ කේන්දර බැලීමට යන කේන්දරකරුවන්ගෙන්, නයට සල්ලි අරං මග හරිනා උදවියගෙන් ප්‍රවේසම් වන්න.

      අනුග්‍රහය- ඕස්ට්‍රේලියානු රජය
      ඔස්ට්‍රේලියාවේ රස්සා නෑ. ඔස්ට්‍රේලියාවේ එන්ඩ එපා .අවොත් තලනවා ඇට. ඇට කිව්වේ කොස් ඇට. කෑමට ගන්නවනේ.

      Delete
    2. AnonymousMay 15, 2014 at 8:09 AM කොමෙන්ට් එක දැම්මෙ නම් කකා ම තමයි.

      Delete
    3. ela comment 1.........

      Delete
    4. මම ඇහුවෙ මට බාරයක් වෙන්න.දෙවි කෙනෙක් නම් ලේසියිනෙ.ලඟ පාත එයාගෙ දේවාලයක් තිබෙනවද?කපු මහත්තයෙක් කන්ටෑක්ට් කරගන්න බැරිද?
      මොන වගෙ ඒවටද හොඳ නවග්‍රහ අපල වලට එහෙම හොඳ නම් වාසනාවක්. පලතුරු වට්ටියක් රූපෙට රූපයක් දෙන්න අමාරුවක් නැහැනෙ

      Delete
    5. AnonymousMay 15, 2014 at 8:09 AM@

      උඹ කකාගෙ පුකා
      උඹට ලොකු ඇතා
      පුක් කොල්ලගෙ කතා
      අපට වැඩක් නැතා

      උඹේ මහලොකු කකා
      කකා තමයි සතා
      උඹට ලොකු ඇතා
      අපට වැඩක් නැතා

      කකාගෙ ලොකු කතා
      උඹට ලොකු ඇතා
      ඒ වුනාට පුතා
      අපට වැඩක් නැතා

      Delete
    6. කකා ඔයාගෙ බුද්ධිය ,වැඩ දැකල මුලු ලෝකෙම අන්ද මන්ද වෙලා කකා.කියන්න කකා.ඔයාගෙ පුකේ ඉදන්ම මොළේ තියෙනවද?
      කවදහරි කකා මළ දවසට අයින්ස්ටයින්ගෙ වගෙ කකා ගෙ මොළෙත් සංරක්ෂනය කරාවි. ඒ ගැන පර්යේශන පවත්වන විශේෂඥයන් කියාවි.කකාගෙ මේ අසමසම හැකියාවන්ගෙ රහස ඔහුගෙ මොළය ඔහුගෙ පුකේ පිහිටා තිබීම කියල.

      Delete
  2. අපි පාර්ලිමේන්තුව කියල ඉංග්‍රීසියෙන් හදාගත්තට ඒක ඉංග්‍රීසි වචනයක් නෙමෙයි නේද.. ප්රංශ භාෂාවේ parler ( කතාකරනවා ) + mento කියන වචනයෙන් ණයට ගත්ත වචනයක් නේද ? අදටත් ලතින් භාෂාවෙ ආභාෂය ලැබුන ප්‍රංශ ස්පාඥ්ඥ ඉතාලි භාශා වල ( ex- italy = parlare = කතාකරනවා ) යන්න භාවිත වෙනවා.. කෙනෙක් වරදවා වටහාගනී කියල ලිව්වේ පැරා .. අවුලක් හිතන්න එපා

    ReplyDelete
    Replies
    1. ආ මේ අපේ පුකේ ලින්ක් නේ, ......parliament කියන්නේ ඉංග්‍රීසි වචනයක් ( දැන්) එවචනේ Origin එක ප්‍රංශ.

      Delete
    2. socialist ( දේශප්‍රේමියා )

      Delete
  3. ආනුෂාංගික= integrated
    This is a project based on integated resorts located in Singapore.
    It is a casino-based vacation resort.
    The term "integrated resort" is a euphemism used because of opposition to casinos.
    refer Wikipedia for more details on gambling regilation in Singapore

    ReplyDelete
    Replies
    1. නැහැ. ඉන්ටිග්‍රේටඩ් කියන්නෙ අවයව කීපයක් එකතුවීමෙන් සැදුම්ලත් යමක් වගේ අදහසක්. එහිදී ඒ අවයව අනිවාර්ය කොටස්. ගනිතයේදී නම් අනුකලනය. එය යෙදෙන හැටි බලන්න.

      අනුශාංගික හෝ ඇසෝසියේටඩ් කියද්දි එතන අනිවාර්ය කමක් නැහැ. කැසිනෝ ඇතිවත් නැතිවත් හෝටලය් හදන්න පුලුවන්. (පැකර් ඒකට කැමති නැති එක වෙනම කතාවක්!)

      ගු.ම. ශබ්ධ කෝශයේ ඉන්ටිග්‍රේටෙඩ් කියන එකට තියෙන්නෙ සමෝධානිත කියන වචනයයි.

      - Dimithri

      Delete
    2. this is the sinhala term for incidental some times called consequential - so you might need prostitutes and other entertainment as you go along the casino path, however as all the diseases these days Packer is an autralin as KaKa as well

      Delete
  4. ඊලියන් ද සිල්වා හැඳු වචන ගැන මා ලියූ පැරා සඳහන් කර ඇති ලිපියට පාර මෙන්න.
    http://kathandara.blogspot.com.au/2011/03/blog-post_17.html

    මැවිසුරු කියන වචනය දැන් දැන් භාවිතාවට එනවා, අඩු වශයෙන් සයිබර් අවකාශයේ.

    මා අද කළ ගූගල් පිරික්සුමකදී මැවිසුරු යන වචනය සහිත වෙබ් පිටු 8,380 ක් ඇති බව හෙළිවුණා!

    ReplyDelete
  5. ඊලියන් ද සිල්වා කියන්නේ රූපවාහිනිය සහ සිනමාව නිසා ප්‍රසිද්ධ වුණු ටයිටස් තොටවත්ත ගේ සොහොයුරා.

    ඒ බව මගේ මුල් ලිපියේ ලිව්වාට පස්සේ, තොටවත්ත ගේ සොහොයුරා සිල්වා වෙන්නේ කොහෙමද කියලා විස්තර කරන්න මට දෙවෙනි ලිපියකුත් ලියන්න වුණා!
    http://kathandara.blogspot.com/2011/03/blog-post_19.html

    !!!

    ReplyDelete
    Replies
    1. කකා, ඔයාගේ ලිපිය නම් හරිම රසවත්. ඒ වගේම හරිම ගැඹුරුයි. මම දැක්ක උගත් බුද්ධිමත්ම හරවත්ම සංවාදය දැක්කේ ඔයාගේ මේ ලිපි මාලාව හරහා බව පවසන්නේ ඔයාව අනවශ්‍ය විදිහට මුරුංගා අත්තේ තියන්න නන් නෙවෙයි.

      Delete
    2. මුරුන්ගා අත්තේ තිබ්බත් නැතත්, කකා වගේ උත්තමයෝ ඉන්ට ඕන මුරුන්ගා අත්තෙමයි, කොච්චරනම් නිහතමානී, අති සුන්දර, අති සන්වේදී කකා වැනි මිනිස්සු මේ ගෙන්දගම් පොලවෙදි හම්බුනු එක ගමින් ආපු අපි වැනි තරුනයින් ලද මහාම භාග්ය බව නම් නොකියාම බෑ.

      Delete
    3. මම නොදන්න නිසයි අහන්නෙ කකා කියන්නෙ දෙවිකෙනෙක්ද

      Delete
    4. මම ඇහුවෙ මට බාරයක් වෙන්න.දෙවි කෙනෙක් නම් ලේසියිනෙ.ලඟ පාත එයාගෙ දේවාලයක් තිබෙනවද?කපු මහත්තයෙක් කන්ටෑක්ට් කරගන්න බැරිද?
      මොන වගෙ ඒවටද හොඳ නවග්‍රහ අපල වලට එහෙම හොඳ නම් වාසනාවක්. පලතුරු වට්ටියක් රූපෙට රූපයක් දෙන්න අමාරුවක් නැහැනෙ

      Delete
  6. මං හිතන්නේ මේ හොරිකඩයා කියන වචනය සාදාගන්න ඇත්තේ අර අපි පුංචි කාලේ අහපු කතාවක එන "හොරි කසපිය ගිණි පිඹපිය" කියන නරියෙකු ගේ ද කොහෙද වචන ආශ්‍රිතව විය යුතුයි!

    ReplyDelete
  7. "i assume Dr. Liyanage says that the term හොරිකඩයා was coined by late Doric de Souza...that's indeed a creative translation of 'scab' which literally means 'a dry, rough protective crust that forms over a cut or wound during healing' but figuratively used for a strike-breaker or who betray a strike action and getting back to work. LSSP early leaders' creativity often goes without appreciation. the very choice to use සම සමාජය is a creative use of the language.."
    -Udan Fernando

    ReplyDelete
  8. ක්‍රිකට් ක්‍රීඩාව නිසත් ඔය වගේ වචන ගොඩක් අපිට එකතු උබා නේද පැරා. ( ex . නිපන්දුව )
    ඒකත් හැදුවෙ මැවිසුරුමද මන්දා ,,

    ReplyDelete
    Replies
    1. පළල් පන්දුවට වචනයක් නෑ නේද?

      Delete
    2. නෑ නේද හරී ?? මටත් ඇහිල තියෙන්නෙ වයිඩ් පන්දුවක් කියනවම තමා..

      Delete
  9. සමඟිය බලය වේ කියලා කියමනකුත් තියෙනවානේ. දරුවෙකු මේ සමාජයට තිලිණ කිරීමේ දී කුඩා කල පටන් ඔවුන්ගේ ළඳරු මානස ක්‍රමිකව සදාචාරාත්මක හැසිරීම්වලට හුරු කරවීමෙන් පසු කාලක දී ඔවුන් නිරායාසයෙන්ම සදාචාරාත්මක පුද්ගලයන් බවට පත් වීමට ලොකු උපස්ථම්භනයක් සැලසෙන බව පැවසිය හැකිය.

    අනේ අයියේ ඔයාගේ මේ ලිපිය හරිම ලස්සනයි. කියවලා තේරුම් අරගන්න නම් ටිකක් විතර බර වැඩියි වගේ. මම ටික ටික කියෙව්වා. දැන් තමයි සම්පූර්ණ ලිපියම කියවලා ඉවර කලේ. ඒකයි අදහස් දාන්න ටිකක් පරක්කු වුනේ. වචනවලින් කියලා නිම කරන්න බැරි තරම් සුන්දරයි අයියේ ඔයාගේ අදහස් ටික නම් හරියට වටිනවා.
    අනික අයියේ ඔයා හරිම ලස්සනට මෙකේ විග්‍රහ කරලා තියෙනවා මානව සමාජයේ ආනුෂාංගික පහසුකම් කියන ආකල්පය ව්‍යාප්ත වීම පිලිබදව. මමත් සමාජ විද්‍යාව විශේෂවේදී උපාධියක් හදාරන කෙනෙක්. ඉතින් මටත් බොහෝම ප්‍රයෝජනවත් කරුණු රැසක් ඔයගේ මේ ලිපිය මඟින් මට දැන ගන්න ලැබුනා.

    ඔයාට ගොඩාක් ස්තූතියි. මට අවශ්‍ය කරුණූ මේ ලිපිය හරහා මට ලබා ගන්නට අවකාශ සලස්වලා දුන්නාට. ආයෙත් දවසක මම බ්ලොග් එකට එන්නම්. ලස්සනට ලිපි ලියන්න තව තවත් හැකියව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ

    ReplyDelete
    Replies
    1. ඇයි මචං තැන්තැන් වල තියෙන ඒවා කොපි පේස්ට් කරන්නේ. ලින්ක් එකක් දාපන්කෝ.


      පබාගේ දිනපොත

      Delete
    2. මොකට කරනවද කියන්නනම් දන්නේ නෑ. එත් කොපි පේස්ට් නෙමෙයි, කොපි ලාවට එඩිට් පේස්ට්.

      Delete
  10. භාෂාව එක තැන පල් වෙන්න ඕන නෑ. අවුල තියෙන්නේ යුගයට ගැලපෙන විදිහට සිංහල භාෂාව පරිවර්ථනය කල ගත යුතුයි. නැතුව කියවන්න අමාරු පාලි සංස්තෘත භාෂා වලින් උකහා ගත්ත තටමා තටමා කියවන්න වෙන වචන යොදා ගැනීම නොවේ

    ඔයාලාගේ බ්ලොග් අඩවියත් එකතු කරන්න

    ReplyDelete
  11. පැරා අද නම් ලින්ක් එකක් දාලා. තෑන්ක්ස් මෙයා ඒකට නම්. අපි ඉන්ගිරිසි වච්න වලට හින්ගල ඒවා හොයන එක නෙමෙයි කරන්න ඕන. ඉන්ගිරිසි පදේම යූස් කරන්න පුරුදු වෙන එක. දැන් ගොඩක් දෙනෙක් කතාකරන භාෂාව ඒකනේ. ඔහොම ටික කලක් යනකොට තියෙන හින්ගල කෑළී ටිකත් හැලිලා යයි. වෙන්න ඕන දේ ඒකයි. මොකෝ මේ භාෂාව දැන ගෙන ඉන්න එකෙයි වැදි භාෂාව දැනගෙන ඉන්න එකෙයි වෙනසක් නෑ. අපිට ඉස්කෝලේ උගන්වපු සබ්ජෙක්ට් වල තිබුන කුණුහබ්බ හින්ගල කෑලි වලට වඩා. නියම ඉන්ගිරිසි වචනේ ඉගෙන ගත්තා නම් කොච්චර වටිනවද කියලා තේරෙන්නේ, වතුරට පැනලා පීනන්න ගත්තට පස්සේ. සර්ව ළෝක පූට්ටුව කියලා ඉගෙන ගත්ත එකා. ජර්මන් ටෙක් එකේ කෝස් එකට ගියාම. ළෝකේ කරකවලා අත ඇරියා වගේ වෙන්නේ ඒකයි. පිලමන්ට් එක ඇඩප්පරේ ගාන කොට අපේ හරක් හිනා වෙන්නේ ඒකයි.

    ReplyDelete
    Replies
    1. මාතලන්ට ලංකාවේ දේවල් හරි අගුණයි වගේ.බුදුදහම යල් පැනලලු,සිංහල භාෂාව වැඩකට නැහැලු.අපරාදේ මාතලන් ලංකාවේ ඉපදුනේ.

      Delete
    2. maata is correct our things are less useful comparative to the world...

      Delete
    3. 'කය නම් අසාරය භව නම් භයංකාරය'- මාතලන් ලියපන් මේක ඉන්ග්‍රීසියෙන්, දන්න පුකයි නොදන්න පුකයි සූරියප්පෙරුම වගේ කියවන්නේ නැතුව ගැලපෙන දේවල් ගැන කතා කරපන්.

      Delete
  12. මාතලන්
    ඔය යුනිවර්සල් ජොයින්ට් එකට අපිට නම් කියල දුන්නෙ දසත මූට්‍ටුව කියලයි.
    ජර්මන් ටෙක් ගිය කෙනෙක්.

    ReplyDelete
  13. ඊනියා කියන වචනෙත් මේ ළඟදි නලින්ද සිල්වා මහත්තයා කරළියට ගෙනාව එකක් නේද?

    ReplyDelete
    Replies
    1. @දිනුක,

      නැහ්...... 'ඊනියා' යන වචනය 'එසේ කියන' (so called) වැනි අරුතක් දෙන එකක්.

      'ඊනියා නිදහස' කියන්නේ නිදහස නැති තැනක එය තියනවා යයි ප්‍රකාශ වෙන කොට.... වෙනත් වචනවලින් කියනවා නම් නැති නිදහසක් ඇතැයි කියන කොට.

      නලින් සිල්වාගේ පියාගේ වෘෂණ කෝෂවලට ශුක්‍රාණු උනන්නත් කලින් සිට ම මේ වචනය භාවිතයේ පැවතුණා. එය ඔහු විසින් නිර්මාණය කළ එකක් නෙවෙ යි.

      Delete
    2. ඊනියා කියන්නෙ සිංහල තද්භව වචනයක්, ඒක සමාජ ගත කළේ වම, ජේවීපී ඒක වැඩියෙන්

      Delete
  14. වචන මාලාවනම් වැදගත්. මටත් මේක පාඩමකට ගන්න පුලුවන් වගේ.

    ReplyDelete
  15. මෙහි දක්වා ඇති බොහෝ වදන් ඊලියන් ද සිල්වා මහතා අලුතින් සෑදූ "පාරිභාෂික" ඒවා නොවෙයි. පැරැණි වදන් ""පර්‍යාය පද " ලෙස කළ යෝජනාවන් පමණයි.

    ReplyDelete
    Replies
    1. එකගයි, මේ සියල්ල අලුත් හෝ හදපු වචන නෙමෙයි. ඉංග්‍රීසි වචන වෙනුවට ඒ වනවිටත් භාවිතාවේ තිබු වචන ආදේශ කිරීම්.

      Delete


    2. ඇත්ත.

      ගිලන්රිය = තියෙන්න ඕන ගරාජ් එකේ

      සැළලිහිනි සන්දේසෙ රැළි කියන වචනය තියෙනව 52 කවියෙ.

      තෙල් කියන වචනය එම අරුතින හින්දි බසෙහිත් භවිත වෙනව.

      සේවා/ හේවා වචන අලුත් ඒව නෙමෙයි.

      Delete
    3. sithumini, how dare you challenge the australians (so called arseholes) who come back when they feel as sad bastards with their secondary status in a country dominated by the whites. this is diasporic arsesholesomeness which is abundant these days.

      Delete
  16. 'මඩ' යන අරුත දෙන mud නම් වචනය ඉංග්‍රීසියට පැමිණියේ ජර්මානු වචනයක් වන Mudde යන්නෙන් විය හැකි යි. එය විල් පතුළ්වල තැන්පත් වන (ඓන්ද්‍රීය ද්‍රව්‍ය සහිත) 'අවසාදිතය' (sediment) හැඳින්වීමට යොදා ගන්නා පදයකි. මෙම වචනය දැන් නම් ජර්මන් භාෂාවේ සාමාන්‍ය ව්‍යවහාරයේදී එතරම් භාවිතා නොවේ.

    'මඩ' යන්න ජර්මන් භාෂාවට කිට්ටු භාෂාවක් වන ඕලන්ද භාෂාවෙන් සිංහලයට පැමිණියාද යන්න සොයා බැලීම වටී.

    ReplyDelete
    Replies
    1. මඩ කියන වචනෙ සද්ධර්ම රතනාවලියේ තියෙනවා, එතකොට ධර්මසේන සාදු ජර්මන් ඉගෙනගත්තේ කෙහොමද, මම කියන්නේ දඹදෙණි යුගයේ.! හැම දේම එකම විදිහට නොවෙන බව තමා කියන්න වෙන්නේ ;)

      Delete
    2. මඩ කියන වචනෙ සද්ධර්ම රත්නාවලියේ තියෙනවා නම් ඉතින් තියා ගන්නවකෝ..... අපිට පාන් යැ?

      Delete
    3. //මඩ කියන වචනෙ සද්ධර්ම රත්නාවලියේ තියෙනවා නම් ඉතින් තියා ගන්නවකෝ..... අපිට පාන් යැ?//

      තප්පුලන්න එපා දෙමාපියෝ කවුද කියල මාට්ටු වෙයි. ලැජ්‍ජයි යකෝ !

      Delete
    4. උඹට උඹේ දෙමව්පියන් ගැන ලැජ්ජයි කියලා අපිට පාන්ද යකෝ?

      Delete
  17. ඇ ල පිල්ලෙMay 16, 2014 at 10:41 PM

    මෝඩී යනු කුමක් ද ?
    ඉන්දියන් අධිරාජ්‍ය‍ යෙ කුමක් සිදු වේද ?

    පැරකුම්, කරනු මැනවි අකුරු වහ වහා.....෴
    දෙන්නම් කොමෙන්ටු නිදි වරා....

    ReplyDelete
    Replies
    1. 'මෝඩි' නෙවෙයි මනුස්සයෝ....., ඒ නමේ නියම උච්චාරණය 'මෝදි'.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා