මහ මැතිවරණයෙන් පසු බලය බෙදන්න ඉන්දියාව සමග අවබෝධයක්

(2010 ජනවාරි 31 -W3Lanka)  මහ මැතිවරණයෙන් පසු ලංකාවේ පුළුල් බලය බෙදීමක් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඉන්දියාව අතර අවබෝධයක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. 


ඉන්දියාව මහින්ද රාජපක්ෂ පාලනයේ දේශපාලන චලනයන්ට පූර්ණ අනුග්‍රහය දක්වන්නේ මෙම අවබෝධය මත පදනම්ව බව ද දැන ගන්නට ඇත. පසුගිය ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ජය ගත් වහා ම ඉන්දීය අගමැති හා ජනාධිපති ඔහුට සුබ පැතූ හ. 


දෙමළ ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති පිළි නො ගැනීම හා ඔහුට ඡ්නදය නො දීම කෙරෙහි ද, දැනට දෙමළ ඩයස්පෝරාවේ පැවැත්වෙමින් තිබෙන ඊලාම් ජනමත විචාරණ කෙරෙහි ද ඉන්දීය රජයේ අවධානය යොමු වී තිබේ. ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම ඉන්දීය මධ්‍යම රජයට තමිල්නාඩුව සමග කටයුතු කිරීමේදී වැදගත් ය. 


මේ අතර ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය යාපනයේ උප කාර්යාලයක් ආරම්භ කිරීමට ද සූදානම් කර තිබේ. මෙවැනි උප කාර්යාලයක් දැනට ඇත්තේ මහනුවර පමණි. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා