‍ජනාධිපතිවරණයේ දෙවන බිල්ල ආණ්ඩු පක්ෂයෙන්


(2010 ජනවාරි 17 -W3Lanka) ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරවල ආණ්ඩුවේ දේශපාලකයන්ගේ ප්‍රචණ්ඩත්වය උත්සන්න වෙමින් ඇත. අලුත් ම සිද්ධිය ඇති වී තිබෙන්නේ ආනමඩුව මැතිවරණ කොට්ඨාසයේ ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිට සහාය පළ කිරීම සඳහා මදුරන්කුලියේ ඊයේ මහජන රැළියක් පැවැත්වුණු අතර එම රැළියට සහභාගිවීමට යමින් සිටි නියෝජ්‍ය කතානායක ප්‍රියංකර ජයරත්නගේ ආධාරකරුවන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ කාර්යාලයක් කැඩීමට තැත් කරද්දී සිදු වූ වෙඩි තැබීමකින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාක්ෂිකයෙක් මිය ගොස් ඇත. වෙඩි තැබීම කළේ එක්සත් ජාතික පක්ෂයේ අය විසින් යයි රජයේ මාධ්‍ය පවසයි.

දෙපාර්ශ්වයේ ම නවදෙනෙකු තුවාල ලබා තිබේ. එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ නිවසට ගිනි තබා විනාශ කර ඇති බව ද පොලිසිය එම සිද්ධිය වැළැක්වීමට උත්සාහ නො කළ බව ද එජාප පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බංඩාර පවසයි. 

ඝාතනය සිදු කළේ කවුරුන් විසින් ද යන්න පිළිබඳ පොලිසිය තවමත් ප්‍රකාශ කර නැත.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා