මැතිවරණ නිරීක්ෂකයන්ට සල්ලි මල්ලක්; බිම් මට්ටමේ නිරීක්ෂකයිනි ඔබේ දීමනාව ගැන සැලකිලිමත් වන්න


(2010 ජනවාරි 19 -W3Lanka) ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ නියෝජනය කරන දේශීය ජාතික බලවේගය පැරදවිම සඳහා මැතිවරණ නිරීක්ෂණ කඩතුරාවට මුවා වී ඇමරිකන් ගැති විජාතික බලවේගයේ ජයග‍්‍රහණය උදෙසා මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නිරීක්ෂණ මධ්‍යස්ථානයට (CMEV) ඇමරිකාවේ CIA රහස් ඔත්තු සේවය මගින් ඩොලර් දශලක්ෂයක මුදලක් ලබාදී ඇති බව Election Reporter නම් මැතිවරණ සමයේ නිකුත් කිරීම ආරම්භ කරන ලද විද්‍යුත් පුවත් හසුන පවසයි. 
.
මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ලබාදී ඇත්තේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් සෘජුවම එහෙත් අදිසිව මෙහෙයවනු ලබන ප‍්‍රජාතන්ත‍්‍රය සදහා වූ ජාතික උරුමය හෙවත් National Endownment for Democarcy නම් සංවිධානය බව ඉකුත් ජනවාරි 06වනදා  එම සංවිධානය මගින් නිකුත් කර ඇති අභ්‍යන්තර රහස්‍ය ව්‍යාපෘති අනුමත කිරීමේ පති‍්‍රකාවක් මගින් අනාවරණයවී ඇති බව පුවත් හසුන පවසයි. එය වැඩි දුරටත් මෙසේ ද පවසයි.


ප‍්‍රජාතන්ත‍්‍රය සදහා වූ ජාතික උරුමය නම් මෙම ඇමරිකානු සංවිධානය නිර්මානය කලේ හිටපු ඇමරිකානු ජනාධිපති රොනඞ් රේගන් විසින් 1983දීය. එහි මූලික අරමුණ වනුයේ ඇමරිකානු ආධිපත්‍යයවාදය පතුරුවා ලීමේ විදේශ ප‍්‍රතිපත්ති වලට විරුද්ධ වන ආණ්ඩු දුර්වල කිරීමටය. මෙයට පෙර ලතින් ඇමරිකාව තුළ ඔවුන්ගේ ප‍්‍රධාන ඉලක්ක දෙකක් වූයේ කියුබාව සහ වැනිසියුලාවය. එමෙන්ම වසර 2004දී බොලිවියානු රජයට විරුද්ධවූ කණ්ඩායම් 13කට ඩොලර් දශලක්ෂ 87ක් එම සංවිධානයට ලබාදී තිබිණි. එසේම වසර 2003දී
වැනිසියුලාවේ ජනාධිපතිට එරෙහි වූ කණ්ඩායම් 15කට ඩොලර් දශලක්ෂ 104ක් ලබාදුන් බවටද කරුණු අනාවරණය විය.


"ප‍්‍රජාතන්ත‍්‍රය සදහා වූ ජාතික උරුමය ආයතනය ශී‍්‍ර ලංකාවේ විජාතික බලවේගයන් පැරදවීම සඳහා ඩොලර් දශලක්ෂයක මුදලක් ලබාදී ඇත්තේ මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ඉහළම අදිසි
නායකයාටය. මෙම මුදල ශී‍්‍ර ලංකාවේ රුපියල් කෝට් 12කට ආසන්නය. පවතින මුදල් රෙගුලාසි අනුව එවැනි මුදලක් සෘජුවම ශී‍්‍ර ලංකාවේ අදාළ ආයතනයට එවිය නොහැකි නිසා කෝටි 12ක මුදල උන්ඩි ක‍්‍රමයට (කළු සල්ලි ලබාගැනීමේ ලොව කුප‍්‍රකට ක‍්‍රමය) ලබාදෙන බවට එම අභ්‍යන්තර ප‍්‍රතිකාවේ සදහන්ය. ශී‍්‍ර ලංකාවේ
සිවිල් සමාජය ශක්තිමත් කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම සඳහා මෙම මුදල් ලබාදීම ඉතා හදිසි කටයුත්තක් සේ සලකා කි‍්‍රයා කරන බවද එම ව්‍යාපෘති වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.



"මෙම ව්‍යාපෘති වාර්තාවට අනුව යමින් මැතිවරණ නිරීක්ෂක සංවිධාන 03ක් දැනටමත් එක් සන්ධානයකට එළඹ සිටිති. ඉකුත් ජනවාරි 13වනදා CMEV, PAFFREL සහ CAFFE යන සංවිධාන ඒකාබද්ධ පුවත්පත් සාකච්ඡාවක්ද තරු පහේ හෝටලයකදී පවත්වන ලදී. එම ව්‍යාපෘති වාර්තාව අනුව ඒකාබද්ධ මැතිවරණ නිරීක්ෂණ සංසදය වෙනුවෙන් සුනිලා අබේසේකර, ජෙහාන් පෙරේරා, සහ ශිරාල් ලක්තිලක අනුපිලිවෙලින් උක්ත සංවිධානවලට වගකියන අදිසි නායකයින් වේ. නාමික නායකයින් වෙනුයේ පිළිවෙලින් උදය
කළුපතිරණ, රෝහණ හෙට්ටිආරච්චි සහ කීර්ති තෙන්නකෝන්ය. ව්‍යාපෘතියේ මෙහෙයුම්කරු ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තුය."



අපගේ නිරීක්ෂණය: ‍ Election Reporter වාර්තාවේ ඇති CIA කුමන්ත්‍රණ කතාව  සඳහා මැතිවරණයේදී සිංහල ජාතිකවාදීන් බිය වද්දා මහින්ද රාජපක්ෂට ඡන්දය දීම සඳහා පොළඹවා ගැනීම සඳහා ගොතන ලද ප්‍රබන්ධයක් විය හැකි ය.

කෙසේ වෙතත්, එකක් පැහැදිලි ය. මැතිවරණ නිරීක්ෂණය මුවාවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ නමින් ලැබෙන විදේශ ආධාර යටි මඩි ගැසීම පිළිබඳ අපකීර්තිමත් ඉතිහාසයක් ඇති මෙම සංවිධානවලට මැතිවරණය නිසා හොඳ කුට්ටියක් ලැබී ඇති බව පැහැදිලි ය. 



එබැවින් මැතිවරණ නිරීක්ෂකයන් ලෙස බදවා ගනු ලබන බිම් මට්ටමේ සමාජ ක්‍රියාකාරිකයන්ට සුළු මුදලක් අත මිට මෙළවීම වෙනුවට හොඳ දීමනාවක් ගෙවීමට මෙම සංවිධානවලට හැකියාව ඇති බව අපි පෙන්වා දෙමු.


බිම් මට්ටමේ මැතිවරණ නිරීක්ෂකයන්ට නො ගෙවා ඉතිරි කර ගන්නා ලද, සොරකම් කර ගන්නට ද බැරි වූ ඉතිරි මුදලක් වියදම් කිරීම සඳහා PAFFREL සංවිධානය ඇතැම් වසරවල දෙසැම්බරයේදී සංගීත සංදර්ශන පවා පවත්වයි. මේවා හැඳින්වෙන්නේ අරමුදල් රැස් කිරීමේ සංදර්ශන ලෙසයි. එහෙත් ඒවායින් රැස් කර ගනු ලැබූ සතයකුදු නැත. 2008 දෙසැම්බරයේදී ඔවුන් විසින් සංදර්ශනය සඳහා තෝරා ගනු ලැබුවේ 70 දශකයේදී ගීත කීපයක් ගායනා කළ දැන් ගායකයකු ලෙස කටයුතු නො කරන රෝහණ සිරිවර්ධන නම් ඔවුන්ගේ හිතවතෙකි.

Comments

  1. Is it so unlikely? Mahinda has aligned himself with China. US has a history of trying to get rid of such leaders. They used to use violence, riots and wars to do this, but not anymore. These days they use NGOs, media and dollars. What we need is very strict controls over foreign funding for political NGOs.

    I'm not anti-American, merely pro-Sri Lankan. Our foreign policy should be based on our interests, and China is the winning horse right now.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා