තොරතුරු සන්නිවේදන තාක්ෂණය ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාවට අන්තර්ජාතික සම්මාන පහක්

(2010 ජනවාරි 14 -W3Lanka) ඩිජිටල් මාධ්‍යයෙන් තොරතුරු එක් රැස් කිරීම හා ගොඩනැගීම වෙනුවෙන් වාර්ෂිකව ඉන්දියාවේ පැවැත්වෙන 'මන්තන්’ සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකාවට සම්මාන පහක් හිමිවේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ක්‍රියාත්මක ප්‍රජා සහන අරමුදලෙන් සවිබල ගැන්වු ප්‍රජා සංවිධාන ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති පහක් වෙනුවෙන් මෙසේ සම්මාන හිමිවී තිබේ.


ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇප්ගනිස්ථානය,  බංග්ලාදේශය, භුතානය, නේපාලය සහ පකිස්ථානය යන රටවල් වලින් ව්‍යාපෘති 380ක් පමණ සම්මාන ප්‍රදානය සදහා ඉදිරිපත් කර තිබිණි.


ඒ අතරිත් ව්‍යාපෘති 45 ක් පමණ අවසන් වටය සදහා නිර්දේශ වී තිබේ.


ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති පහකටම මෙසේ සම්මාන හිමිවීම මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් ලබා තිබෙන ප්‍රගතිය පිළිබද කදිම සහතිකයක් බව නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර මහතා සදහන් කරයි.


විදුසුව, විදුණැන ඉගෙනුම් පද්ධතිය, සංඥා මාධ්‍ය වීඩියෝ ශබ්ද කෝෂය සහ විකි ගොවියා යන ව්‍යාපෘතීන් සදහා මෙම සම්මාන හිමීවී ඇතග

විදුසුව:  රජයේ රෝහල් වල ක්‍රියාත්මක විශේෂඥ වෛද්‍ය සේවාවන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ආධාරයෙන් ග්‍රාමීය ප්‍රදේශ වල රෝහල් වලට පැමිණෙන ජනතාවට ලබා දීම මෙම ව්‍යාපෘතිය මගින් සිදුකෙරේ. www.vidusuwa.com වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබද වැඩි විස්තර දැන ගත හැකග

විදුනැණ ඉගැනුම් පද්ධතිය
: උසස් පෙළ විද්‍යා විෂය ධාරාව හදාරන ශිෂ්‍ය ප්‍රජාවට අත්වැලක් වන ආකාරයෙන් මෙය සකස් කර තිබේ. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශ වල ඉහත විෂය ධාරාව ඉගැන්වීම  සදහා  පවතින ගුරු හිගයට මෙය යම් විසදුමක් වනු ඇත. අන්තර් ක්‍රියාකාරී අධ්‍යාපන මෙහෙයුම් පද්ධතියක්, රූප සටහන්, ත්‍රිමාන නිදර්ශන, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය සහ අන්තර් ක්‍රියාකාරී වැඩසටහන් මෙන්ම තම කුසලතාව උරගා බැලීම සදහා ප්‍රශ්නාවලි වැඩසටහන්ද මෙම අධ්‍යාපන පද්ධතියට ඇතුලත් වේ. http://vidunena.lk/login/index.php


සංඥා මාධ්‍ය වීඩියෝ ශබ්ද කෝෂය: ශ්‍රව්‍යබාධිත පුද්ගලයින් හා සමාජය අතර අන්තර් සන්නිවේදනය සංවර්ධනය කිරීමට මෙම ඩිජිටල් ශබ්ද කෝෂය අත්වැලක් ‍වේගමෙය ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමත සංඥා දෙදහසක් සහිතව නිර්මාණය කර ඇත. www.lankasign.lkයන වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළබද වැඩි විස්තර දැන ගත හැක.
 

විකි ගොවියා: කෘෂි කර්මාන්තය පිළිබද සෑම ක්ෂේත්‍රයක්ම ගැනම ජනතාවට දැනුම ලබා ගැනීමට සහ තොරතුරු දැන ගැනීමට හැකි ආකාරයෙන් මෙම ව්‍යාපෘතිය සකස් කර තිබේ. www. goviya.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිලිබද වැඩි විස්තර දැන ගත හැකි වේ.

Comments

  1. අනෙකුත් බොහෝ ක්ෂේත්‍රයන් පිළිබඳව නිවැරදි ඇගැයීමක සිටින ඔබ ICTA වෙනුවෙන් පමණක් කඩේ යන්නේ ඇයි? මේ රාජපක්ෂ පවුලේම අවශ්‍යතා සැපිරීම සඳහා පවත්වා ගෙන යන හොර ගුහාවක් බව ඔබ නොදන්නේද?

    මේ ප්‍රෝඩාව ගැන මා ලියූ /උපුටා පළ කළ පහත ලිපි බලන්න.

    1. පොදු ජන මුදල් කාබාසිනියා කළ නැණසල 600 ප්‍රෝඩාව: නැණසල ක්‍රියාකාරීන්ට ‘දන්සැල’ http://bandaragama.wordpress.com/2010/01/08/123-2

    2. තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නීති විරෝධීව, රෙදිත් ලිහාගෙනම රාජපක්ෂට කඩේ යයි http://bandaragama.wordpress.com/2010/01/02/icta

    3. වික්ටර් අයිවන් මහත්තයෝ, මෙන්න රාජපක්ෂලාගේ දූෂණයට සාක්කි (e – Sri Lanka වැඩ සටහනේ Lak Gov Net මගඩිය) http://bandaragama.wordpress.com/2009/12/31/231

    4. MR. VICTOR IVAN, HERE IS THE PROOF: How Shiranthi Rajapakse’s nephew won the USD 15 million ‘LAK-GOV-NET’ Tender under the table http://bandaragama.wordpress.com/2009/12/31/234

    5. තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (ICTA) “මහින්ද චින්තන” ඉලක්ක කිසිවක් සපුරා නෑ – අධ්‍යයනයක් කියයි http://bandaragama.wordpress.com/2009/12/28/28

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා