සරත් ෆොන්සේකාට සහාය දැක්වූ මාධ්‍ය දෙකක් අනතුරේ

(2010 ජනවාරි 29 -W3Lanka)  විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපා‍රයේ ප්‍රධාන මාධ්‍ය කුළුණු දෙකක් වන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය හා ලංකා ඉරිදා පුවත්පත දැඩි මර්දනයකට මුහුණ දී සිටියි. 


ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය පසුගිය දිනවල කීප වරක් ම නිල නො වන අන්දමින් වාරණය කර තිබු අතර, ඊයේ එය නීති විරෝධී ලෙස සීල් තැබීමක් කර තිබූ බව කාර්ය මණ්ඩලය පවසයි. එම වෙබ් අඩවියේ බාහිර ලේඛකයකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ දින කීපයක සිට අතුරුදහන් වී ඇත. 


මේ අතර ලංකා පුවත්පත් කාර්යාලය රහස් පොලිස් පරීක්ෂාවට ලක් වී තිබේ. එහි කර්තෘට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පිළිබද පුවත්පතේ පළ වූ ලිපියක් පිළිබඳ කටඋත්තරයක් දීමට රහස් පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇත. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා