Posts

Showing posts with the label මාධ්‍ය මර්දනය

ලංකා ඊ නිව්ස් තහනම

Image
(2011 අප්‍රේල් 29,   W3Lanka )  ලංකා ඊ නිව්ස් මතවාදය වූයේ සරළ, ජනප්‍රියවාදී ආණ්ඩු විරෝධයයි. අප සිතන අන්දමින් නම් බුද්ධිමත් ආණ්ඩුවක් නම් බිය වැද්දීමට තරම් බලයක් එහි තිබුණේ නැත. දැනට රිමාන්ඩ් භාරයේ සිටින අප දන්නා ශාන්ත විජේසූරිය නම් එඩිතර වාම ක්‍රියාකාරිකයෙකි. ඔහුගේ එඩිතරකම එම වෙබ් අඩවියේ ශක්තියක් විය. ඔහු අද නීතියේ දැලේ පැටලී ඇත්තේ මාධ්‍ය වෘත්තිකභාවයේ ගැටලුවක් හේතුවෙනි. අධිකරණයට අපහාසයක් වූ බව කියන පුවත නිවැරදි කරමින් ඒ පිළිබඳ සමා ආයාචනයක් වෙබ් අඩවියේ පළ කර ඇති බව ශාන්ත විජේසූරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ අධිකරණයට දැනුම් දුන් හ. එහෙත්, දිනමිණ පුවත්පතේ සඳහන් වන අන්දමට නඩුවේ පාර්ශ්වයක් ද යන්න මාධ්‍ය වාර්තාවේ සඳහන් කර නැති පූගොඩ නීතිඥ සංගමය නම් සංවිධානයක් වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ පීටර් මෙන්ඩිස් කියා ඇත්තේ සැකකරු අධිකරණයට අපහාසයක් කර ඇති බැවින් එය නිවැරැදි කර විකාශනය කිරීමෙන් හා වරද පිළිගැනීමෙන් පමණක් ම එම චෝදනාවෙන් නිදහස් නො වන බවයි. අපට දැන ගැනීමට ලැබී ඇති අන්දමට එදින පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ සිටි සියලු නීතිඥයන් ශාන්ත විජේසූරියට එරෙහිව පෙනී සිටීමට නැගී සිට තිබේ. ව...

කච්චිය පිච්චියට ගියත් හෙළුවෙන් ම වනන ආණ්ඩුව

Image
( 2010 දෙසැම්බර් 10,  W3Lanka )  කටුනායක ගුවන් තොටුපළේදී යම් මාධ්‍යවේදියකුට පහරදීමක් සිදු වී තිබේ නම් ඒ පිළිබඳව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයට පැමිණිලි කරන්නැයි ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ කැබිනට් පුවත් සාකච්ඡාවේදී පැවසී ය. ඔහුගේ ප්‍රකාශයෙන් කාරණා කීපයක් ගම්‍ය වේ. එනම් යම් නීති විරෝධී සිදුවීමක් නිසා කිසිවකු අගතියට පත් වී නම් මේ රටේ එම පුද්ගලයාට යුක්තිය අපේක්ෂා කළ හැක්කේ රජයට පැමිණිලි කළොත් පමණි. පැමිණිලි කළොත් පරීක්ෂණයක් කළ හැකි ය. පරීක්ෂණයෙන් පසු කුමක් වේ ද යන්න දෙවන කාරණයකි. 'මාධ්‍යවේදියකුට පහර දීමක් සිදු වී තිබේ නම් ' කියා කීමෙන් ගම්‍ය වන තවත් අදහසක් වන්නේ කෙතරම් වාර්තා වී තිබුණත්, රජය පරීක්ෂණයකින් ඔප්පු වන තුරු එය පිළි නො ගන්නා බවයි. තර්කානුකූල ය. දැන් මතු වන ඊළඟ ප්‍රශ්නය වන්නේ ලංකාවේ තිබෙන එක ම ජාත්‍යන්තර ගුවන් තොටුපළ කෙතරම් ආරක්ෂිත ස්ථානයක් ද යන්නයි. එතැනින් රටට පැමිණි පිරිසකට තවත් පිරිසක් පහර දෙන තෙක් පොලිසිය සිටියේ කොහි ද? පහර දුන් මැරවරයෝ මෙම පිරිස එළවාගෙන ගොස් ඔවුන්ට පහර දී ගමන් ගත් වාහනයේ වීදුරු කුඩු කරන තෙක් පොලිසිය සිටියේ කොහි ද? නැතිනම්, මේ පිරි...

ආණ්ඩු විරෝධී පෝස්ටර්වලට එරෙහි ආණ්ඩුවේ යුද්ධය කාගේ මර ළතෝනිය ද?

Image
පෝස්ටර් අලවන ජවිපෙ  පැරණි පරපුර  (ඡායා: සන්ඩේ ටයිම්ස් වෙතිනි)  ( 2010 ඔක්තෝබර් 03,  W3Lanka )  ආණ්ඩුව රටේ ප්‍රබල ම ආණ්ඩු විරෝධී බලවේගය වන ජවිපෙට එරෙහි මර්දනය ආරම්භ කර තිබේ. ඒ ආණ්ඩුවට විරුද්ධව මහජනයා පෙළඹවීම සඳහා පෝස්ටර් අලවන්නන් අත්අඩංගුවට ගන්නා ලෙස හා එම පෝස්ටර් ඉවත් කරන ලෙස පොලිසියට නියෝග කිරීමෙනි.  මෙම නියෝගය නිකුත් වන්නේ ජවිපෙ ආණ්ඩුව විසින් සරත් ෆොන්සේකා හිරේ දැමීමට එරෙහිව දීප ව්‍යාප්ත පෝස්ටර් ව්‍යාපාරයක් ආරම්භ කිරීමත් සමගයි. බොරැල්ලේදී පෝස්ටර් අලවමින් සිටි ජවිපෙ සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.  ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝසණ කිරීම නීති විරෝධී නැත. එය රජයට එරෙහි මහජන කැළඹීමක් නො වේ. රජය යනු පාලනයයි. ආණ්ඩුව යනු එය නිශ්චිත කාලයකට භාර ගෙන සිටින දේශපාලකයන් කණ්ඩායමකි. ආණ්ඩුවට එරෙහිව දේශපාලනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයකි. ආණ්ඩුවට එරෙහිව දේශපාලනය කරන්නන් ප්‍රජාතන්ත්‍රවාදය තුළ නම් රාජ්‍ය විරෝධීන් ලෙස හැඳින්වෙන්නේ නැත. ආණ්ඩුවත්, රජයත් යනු දෙකක් නො ව එකක් වන්නේ ඒකාධිපතිවාදයන් තුළ පමණි.  පෝස්ටරය ආණ්ඩුව බිය වී ඇත්තේ ඇයි? මර්දනයට...

සියත නෙළා ගත්තේ තමන් වැපිරූ දෙයෙහි අස්වැන්නයි

Image
(2010 ජුලි 31,  W3Lanka )  සියත මාධ්‍ය ආයතනයට කවුරු හෝ එල්ල කළ ප්‍රහාරයෙන් එක හොඳක් සිදු වී තිබේ. එනම් කවුරුවත් නො බලන තත්වයක තිබුණු මෙම රූපවාහිනී සේවයට යළි විකාශනය ආරම්භ කළ හැකි නම්, අඩු තරමේ මේක මොකක්ද,  මේකට ගැහුවෙ ඇයිදැයි ආදිය දැන ගන්නට හෝ මිනිස්සු මෙම රූපවාහිනී නාලිකාව බලනු ඇත.  ඩයලොග් ටී.වී. හරහා කෙටි කලක් සියත විකාශනය වෙද්දී මෙම ලේඛකයා වරක් දෙවරක් සියත නරඹා ඇත. වර්තමානයේ පවතින තරගකරී මාධ්‍ය වෙළඳපොල තුළ ප්‍රේක්ෂක අවධානය රඳවා ගත හැකි කිසිදු නිර්මානශීලිත්වයක් එහි දක්නට නො ලැබිණි. අන්තිමේදී ඩයලොග් ආයතනයට ගෙවීමට ඇති මුදල් නො ගෙවීම නිසා සියත ඩයලොග් ටී.වී. වෙතින් ඉවත් කෙරිණි.  සියත ආයතනය විසින් ඉස්සර පුවත්පතක් ද පවත්වාගෙන යන ලදී. රාවයේ වැඩ කළ මංජුල වෙඩිවර්ධන අති විශාල වැටුපකට සියතට කර්තෘ ලෙස එක් වූ අතර එහි ප්‍රවෘත්ති කර්තෘ ධුරය දැරූ අතුල විතානගේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සිටි තදබල ක්‍රියාකාරිකයෙකි.  මේ ඩබල සහ වැඩි පඩියට සියතට එක් වූ සෙසු වාමාංශික පිරිස් රජ පවුලට කඩේ ගිය සියතේ උවමනාවට ගැලපෙන පරිදි පුවත්පතේ පිටු රජ මාළිගාවට ගෙන ගොස් අනුමත ක...

තිස්සනායගම්ගෙන් සිරිමල්වත්තට මාරු වන ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති

Image
(2010 පෙබරවාරි 01- W3Lanka )  රහස් පොලීසියේ අත්අඩංගුවේ සිටින ප්‍රබල ත්‍රස්තවාදී නායකයකු වන කේ. පී. හෙවත් කුමාරන් පද්මනාදන් නමැත්තා සම්බන්ධයෙන් සිදුකරන රහසිගත පරීක්ෂණ මාධ්‍ය මඟින් හෙළිකර එම පරීක්ෂණවලට බාධාවන අයුරින් කටයුතු සිදු කිරීමේ චෝදනාව යටතේ ‘ලංකා’ ඉරිදා පුවත්පතේ ප්‍රකාශනය වළක්වා, අධිකරණ නියෝග ලැබෙන තෙක් මුද්‍රණය කිරීම තහනම් කොට ප්‍රධාන කාර්යාලයට පෙරේදා (30) දින සිට මුද්‍රා තබා ඇති බව අද දිනමිණ පුවත්පත වාර්තා කරයි. ලංකා පුවත්පත පවත්වාගෙන යන ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලය මුළුල්ලේ ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා හදිසි නීතිය යොදාගෙන දෙමළ ජනයා මර්දනය කිරීම අනුමත කළේ ය. දැන් දෙමළ පීඩිත ජනයාගේ සටන්කාමී දේශපාලන ව්‍යාපාරය වූ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය වී හමාර ය. අවස්ථාව උදා වී ඇත්තේ සිංහල පීඩිත ජනයාගේ සටන්කාමී ව්‍යාපාරය වන ජවිපෙටයි. මේ මීට මාස කීපයකට පෙර අප විසින් පළ කරන ලද ලිපියක උපුටා ගැනීමකි. දෙමළුන් දැඩි මර්දනයකට ලක් වෙද්දී ලංකාවේ රාජ්‍යය සමග ජවිපෙ කෑ දීගයේ හා දික්කසාදයේ ප්‍රේම-වෛර සම්බන්ධයේ රස බලමින් මර්දනයට පුළුනෙන් කොට්ට තනා තිබුණු උණු...

ස්විස් මාධ්‍යවේදිනියගේ වීසා අවලංගුවට එරට තානාපති කාර්යාලයේ දැඩි විරෝධය

Image
(2010 පෙබරවාරි 01- W3Lanka )  ස්විස් පබ්ලික් රේඩියෝ ආයතනයේ ජර්මානු භාෂා අංශයේ මාධ්‍යවේදිනියක් වූ කැරින් වෙන්ජර්ගේ වීසා අවලංගු කිරීමට ගත් තීරණය ජනාධිපති නියමයෙන් ආපසු කැඳවා තිබෙන්නේ ස්විස් තානාපති කාර්යාලයේ දැඩි විරෝධය හේතුවෙන් බව වාර්තා වේ. ඉන්දියාවේ සිට කටයුතු කරන, ජනාධිපතිවරණය වාර්තා කිරීම සඳහා ලංකාව‍ට පැමිණි මෙම මාධ්‍යවේදිනියට පෙබරවාරි 17 දක්වා වීසා නිකුත් කර තිබුණ ද, පෙබරවාරි 01දාට පෙර පිට වන ලෙස ආගමන විගමන පාලකවරයා විසින් ලිඛිතව දැනුම් දී තිබිණි. විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකා රැඳී සිටින හෝටලය හමුදාව විසින් වට කර ඇත්තේ ඇයි ද යන්න හා ජනාධිපතිගේ උපදේශක හා සහෝදර බැසිල් රාජපක්ෂ අවසන් ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර ස්වාධීන මැතිවරණ කොමසාරිස්වරයා හමු වන්නට ගියේ ඇයි ද යන්න වෙන්ජර් විසින් ජනාධිපතිවරණයෙන් පසුව පැවති පුවත්පත් සාකච්ඡාවකදී අසන ලදී. සුසිල් ප්‍රේම ජයන්ත ඇතුළු ඇමතිවරු බැසිල් රාජපක්ෂ මැතිවරණ කොමසාරිස් හමු වූ බව ප්‍රතික්ෂේප කළ අතර ඔහු නිවසේ නිදි ඇති බව පැවසූහ. එහෙත් පුවත්පත් සාකච්ඡාව අවසන් වූ වහා බැසිල් රාජපක්ෂ මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් පිටව යනු තමා දුටු බව මෙම මාධ්‍යවේදිනි...

ස්විස් මාධ්‍යවේදිනියගේ වීසා අවලංගු කිරීම ජනාධිපති කරුණාවෙන් අවලංගුයි

Image
(2010 ජනවාරි 31 - W3Lanka )    ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මහා කරුණාවෙන්, ජනාධිපතිවරණයෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී අක්‍රමිකතා පිළිබඳ තිබෙන චෝදනා පිළිබඳව ප්‍රශ්න කර ඇමති සුසිල් ප්‍රේම ජයන්තගෙන් බැනුම් ඇසූ ස්විස් ජනමාධ්‍යවේදිනී කැරින් වෙන්ජර්ගේ වීසා අවලංගු කිරීම අවලංගු කර තිබේ. ඒ අනුව, දැන් ඇයට කලින් වීසා ලබා දී තිබුණු පරිදි පෙබරවාරි 17 දක්වා ලංකාවේ රැඳිය හැකි ය. තිස් හැවිරිදි වෙන්ජර් ස්විස් පබ්ලික් රේඩියෝ ආයතනයේ ජර්මානු භාෂා අංශයේ සේවය කරයි. සුදු හම ඇති ඇයට ලැබුණු කරුණාව අත්අඩංගුවේ සිටින ලංකා කර්තෘ චන්දන සිරිමල්වත්තටත්, තහනම් කර තිබෙන ලංකා පුවත්පතටත් ලැබේවා යි අපි ප්‍රාර්ථනා කරමු. එසේ ම අතුරුදහන් වී ඇති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ සොයා බැලීමට පොලිසිය උනන්දු කිරීමටත් ජනාධිපතිතුමාගේ සිත්හි කරුණාව පහළ වේවා යයි පතමු.

ඡන්ද අක්‍රමිකතා ගැන ප්‍රශ්න ඇසූ විදෙස් මාධ්‍යවේදිනිය පිටුවහල්

Image
(2010 ජනවාරි 29 - W3Lanka )  ජනාධිපතිවරණයෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී අක්‍රමිකතා පිළිබඳ තිබෙන චෝදනා පිළිබඳව ප්‍රශ්න කර ඇමති සුසිලි ප්‍රේම ජයන්තගෙන් බැනුම් ඇසූ ස්විස් ජනමාධ්‍යවේදිනී කැරින් වෙන්ජර්ගේ වීසා අවලංගු කර පෙබරවාරි 01දා වන විට ඇය රටින් නෙරපීමට රජය කටයුතු කර තිබේ.  ජනාධිපතිවරණය වාර්තා කිරීමට පැමිණි ඉන්දියාවේ දිල්ලියේ සිට කටයුතු කරන මෙම මාධ්‍යවේදිනියට පෙබරවාරි 17දා දක්වා වීසා ලබා දී තිබිණි.  ඇගේ වීසා අවලංගු කිරිම පිළිබඳව හේතු දැක්වීමක් කර නැති බව ඇය සේවය කරන මාධ්‍ය ආයතනය පවසයි.  තිස් හැවිරිදි වෙන්ජර් ස්විස් පබ්ලික් රේඩියෝ ආයතනයේ ජර්මානු භාෂා අංශයේ සේවය කරයි.

ලංකා සිද්ධිය: රාජ්‍ය මාධ්‍ය විපක්ෂය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයට ස්වාධීන මාධ්‍ය ‍කටයුතු නො කල යුතු ය

Image
(2010 ජනවාරි 29 - W3Lanka )  අද දහවල් ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගිය "ලංකා" පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා තවදුරටත් ප්‍රශ්න කිරීම සදහා රැදවුම් නියෝග මත අත්අඩංගුවට ගැනිමට රහස් පොලීසිය කටයුතු කර තිබේ. අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගිය චන්දන සිරිමල්වත්ත මහතාගෙන් පැය දෙකකට වඩා වැඩි කාලයක් ප්‍රකාශ සටහන්කර ගෙන ඇති අතර තවදුරටත් ප්‍රශ්න කිරීමට ඇති හෙයින් මෙලෙස රදවා තබාගැනීමට පියවරගන්නා බව සිරිමල්වත්ත මහතාගේ නීතිඥයින් වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත. චන්දන සිරිමල්වත්ත අත්අඩංගුවට ගෙන ඇත්තේ ලංකා පුවත්පතේ ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ පළ වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් බව දැනගන්නට ඇත. අද දිවයින පුවත්පතට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කර ඇති පහත ප්‍රකාශයෙන් ද එය පැහැදිලි වේ. ලංකා පුවත්පත යනු ජනතා විමුක්‌ති පෙරමුණ නමැති වගකිව යුතු දේශපාලන පක්‍ෂය විසින් ප්‍රකාශයට පත්කරන පුවත්පතකි. එම පුවත්පත පසුගිය කාලයේදී දිගින් දිගටම මට අපහාසවන ආකාරයේ අසත්‍ය පුවත් පළ කළා. මම ඒ සියල්ල ඉවසාගෙන සිටියේ ජනාධිපතිවරණය සමයේදී සිදුකරන මඩ ප්‍රකාශ ලෙසයි. නමුත් දැන්...

සරත් ෆොන්සේකාට සහාය දැක්වූ මාධ්‍ය දෙකක් අනතුරේ

(2010 ජනවාරි 29 - W3Lanka )   විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපා‍රයේ ප්‍රධාන මාධ්‍ය කුළුණු දෙකක් වන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය හා ලංකා ඉරිදා පුවත්පත දැඩි මර්දනයකට මුහුණ දී සිටියි.  ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය පසුගිය දිනවල කීප වරක් ම නිල නො වන අන්දමින් වාරණය කර තිබු අතර, ඊයේ එය නීති විරෝධී ලෙස සීල් තැබීමක් කර තිබූ බව කාර්ය මණ්ඩලය පවසයි. එම වෙබ් අඩවියේ බාහිර ලේඛකයකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ දින කීපයක සිට අතුරුදහන් වී ඇත.  මේ අතර ලංකා පුවත්පත් කාර්යාලය රහස් පොලිස් පරීක්ෂාවට ලක් වී තිබේ. එහි කර්තෘට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පිළිබද පුවත්පතේ පළ වූ ලිපියක් පිළිබඳ කටඋත්තරයක් දීමට රහස් පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.