ස්විස් මාධ්‍යවේදිනියගේ වීසා අවලංගු කිරීම ජනාධිපති කරුණාවෙන් අවලංගුයි

(2010 ජනවාරි 31 -W3Lanka)   ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මහා කරුණාවෙන්, ජනාධිපතිවරණයෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී අක්‍රමිකතා පිළිබඳ තිබෙන චෝදනා පිළිබඳව ප්‍රශ්න කර ඇමති සුසිල් ප්‍රේම ජයන්තගෙන් බැනුම් ඇසූ ස්විස් ජනමාධ්‍යවේදිනී කැරින් වෙන්ජර්ගේ වීසා අවලංගු කිරීම අවලංගු කර තිබේ.


ඒ අනුව, දැන් ඇයට කලින් වීසා ලබා දී තිබුණු පරිදි පෙබරවාරි 17 දක්වා ලංකාවේ රැඳිය හැකි ය.


තිස් හැවිරිදි වෙන්ජර් ස්විස් පබ්ලික් රේඩියෝ ආයතනයේ ජර්මානු භාෂා අංශයේ සේවය කරයි.


සුදු හම ඇති ඇයට ලැබුණු කරුණාව අත්අඩංගුවේ සිටින ලංකා කර්තෘ චන්දන සිරිමල්වත්තටත්, තහනම් කර තිබෙන ලංකා පුවත්පතටත් ලැබේවා යි අපි ප්‍රාර්ථනා කරමු. එසේ ම අතුරුදහන් වී ඇති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ සොයා බැලීමට පොලිසිය උනන්දු කිරීමටත් ජනාධිපතිතුමාගේ සිත්හි කරුණාව පහළ වේවා යයි පතමු.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා