කටකතා ඇති! කරුණු ගෙන එන්න

(2010 ජනවාරි 29 -W3Lanka)  "මම හොඳින්ම දන්නවා මට මිලියන 5 කට අධිත ජනතාවක් විශ්වාසය තබා ඡන්දය පාවිච්චි කළා. ඒ බව අපි මීට පෙරදීමයි තහවුරු කර ගත්තේ. නමුත් මේ මැතිවරණයේදී වංචනිකව හා දූෂිතව ඒ ජනමතය වෙනස් කළා. නමුත් මා කෙරෙහි තැබූ ජනතා විශ්වාසය ඒ ආකාරයෙන්ම තිබෙනවා. මම ඒ බව හොඳින්ම දන්නවා."
-විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා ජනවාරි 28දා සිය නිවසේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී


"මෙම මැතිවරණයේ සිදුවූ බලපෑම්වල කම්පණය ප්‍රතිඵල නිකුත්කරන දවසේ මැතිවරණ කොමසාරිස්වරයාගේ මුහුණෙන්, වචනවලින් පෙණුනා. මැතිවරණප‍්‍රතිඵල නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා කළේ මළගෙදර කතාවක්. ඔහු දැඩි ආතතියකින් කතා කළේ. ඔහුට එවැනි ආතතියක් එල්ල කළේ ආණ්ඩුව.
 
එම නිසා රාජ්‍ය මාධ්‍ය, රාජ්‍ය දේපළ යොදා ගනිමින්, මාධ්‍යය මර්ධනය කරමින් සහ අවසානයේ මැතිවරණ කොමසාරිස්වරයා පවා බිය වද්දමින් ආණ්ඩුව පෙන්වූ මෙම මැතිවරණ ‍ප්‍රතිඵලය අප පිළිගන්නේ නැහැ. මෙය අග සිට මුලට, මුල සිට අගට දූෂිත මැතිවරණයක්."
-ජවිපෙ නායක ටිල්වින් සිල්වා ජනවාරි 28 පැවති පුවත්පත් සාකච්ඡාවකදී

"වංචාවක් සිදු වුණා කියන එක අද රටේම අය පිළිගන්නව. අපි මේ වෙලාවේදි පැහැදිලිවම කියනව මෙම ප්‍රතිපලය අපි පිළිගන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී නීති ක්‍රියාමාර්ගයක් ගන්න සූදානම්."
-ශ්‍රිලනිප මහජන පාර්ශ්වයේ නායක මංගල සමරවීර  ජනවාරි 28 පැවති පුවත්පත් සාකච්ඡාවකදී

ඇති! ඇති! ඇති! මහත්වරුනි, කටකතා පුනරුච්ඡාරණය කළ හොඳට ම ඇති. කටකතා ජනතාවට භාර දෙන්න. ඔවුහු ඒ ගැන ඔබට වඩා දනිති. කටකතා විසින් දැන් ජනාධිපතිවරණය පිළිබඳ ජනමතයක් හදා හමාර ය. 

විපක්ෂ දේශපාලනඥයන් විසින් කළ යුතුව තිබෙන්නේ කටකතා ප්‍රතිරාවය කිරීම නොවේ. කරුණු සහිතව විරෝධය නිත්‍යනුකූලව හා සදාචාරාත්මකව ගොනු කිරීමයි. සාධාරණත්වය වෙනුවෙන් ජනතාව බලමුළුගැන්වීමයි. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා