ලක්‍ෂ තුන්සියයේ අල්ලස් කථාව පාරා වළල්ලක් වෙලා -ශිරාල් ලක්තිලක


(2010 ජනවාරි 19 -W3Lanka) රුපියල් ලක්‍ෂ තුන්සියයක අල්ලසක් ලබා ගත් බව ප‍්‍රසිද්ධියේ පිළිගෙන ඇති මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයාට එරෙහිව වහාම නීතිය කි‍්‍රයාත්මක කරන්නැයි එක්සත් ජාතික පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමසාරිස්වරයාගෙන් ඉල්ලා ඇත. මේ පිළිබඳව සරත් ෆොන්සේකාගේ නීතිඥයින් දැනටමත් අල්ලස් කොමසාරිස්වරයා වෙත නීත්‍යානුකූල පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත. 

ජනරාල් ෆොන්සේකා මහතාගේ පාර්ශ්වයට දිනා ගැනීම සඳහා තමාට රුපියල් ලක්‍ෂ තුන්සියයක අල්ලසක් දුන් බව අදාල මන්තී‍්‍රවරයා මාධ්‍ය සාකච්ඡාවකදී ප‍්‍රසිද්ධියේ පිළිගත්තේය. මෙම මාධ්‍ය සාකච්ඡාව හමුවේ කථා කළ විමල් වීරවංශ මන්තී‍්‍රවරයා මෙම මුදල පුවත්පත් ප‍්‍රචාරක දැන්වීම් පළ කිරීම සඳහා තමන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දීමට තීරණය කර ඇති බව ද කියා සිටියේය.

"මොවුන්ගේ මෙවැනි අමුලික පට්ටපල් බොරු මහජනතාව කිසි ලෙසකින් විශ්වාස කළේ නැත. එහෙත් මොවුන්ගේ මෝඩකමේ මහත ඔවුහු මේ මුදල් මිටි මාධ්‍ය හමුවේදී පෙන්වූහ. එම දර්ශන සියලුම රූපවාහිනි මාධ්‍ය ඔස්සේ දැක ගැනීමට මේ රටේ මහජනතාවට අවස්ථාව ලැබිණි. මේ රටේ අල්ලස් නීතිය අනුව අල්ලස් දෙන පුද්ගලයා මෙන්ම අල්ලස් ගන්නා තැනැත්තාද යන දෙදෙනාම නීතිය ඉදිරියේ වැරදි කරුවෝ වෙති. දැන් තමා අල්ලස් ලබා ගත් බව මන්තී‍්‍රවරයා ප‍්‍රසිද්ධියේ පිළිගෙන ඇත. එබැවින් ඔහුට අල්ලස් හෝ දුෂණ කොමිසම ඉදිරියේ ගැලවීමක් නැත. තමන් මේ මුදල් අතින්වත් ඇල්ලූවේ නැතැයි ඔවුන් කරන ප‍්‍රකාශ මගින් නීතියෙන් ගැලවිය නොහැකියල" යි මේ පිළිබඳව අදහස් දක්වමින් ශිරාල් ලක්තිලක පවසයි. 

"මෙම අල්ලස් කථාව සත්‍යයක් නම් ඔවුන් කළ යුතුව තිබුණේ  අල්ලස් දෙන අවස්ථාවට අල්ලස් කොමිෂමේ නිලධාරියෙකු රහසින් සහභාගිකරවා ගැනීමය.  මෙම ඊනියා අල්ලස් දීමේ අවස්ථාවට අල්ලස් කොමිසමේ නිලධාරින් සහභාගි කරවා ගත්තේ නම් ඔවුන්ට ඇත්ත වශයෙන්ම විශාල ප‍්‍රචාරයක් ලබා ගන්නට ඉඩ තිබිණ. එහෙත් ඒ කිසිවක් මෙහිදි සිදු වී නැත. අල්ලස් කොමිසමට ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙස කරන අභියෝගයද ඔවුහු භාර නොගනිති. ඔවුන් කියන්නේ තමන් නීත්‍යානුකූලව පමණක් කටයුතු කරන බවයි. අල්ලස් සිද්ධියකදී නීත්‍යානුකූලව කටයුතු කළ හැකි එකම මාර්ගය අල්ලස් කොමිසමට ඒ බව පැමිණිලි කිරීමයි.

එහෙත් මේ කිසිවක් නොකළ මන්තී‍්‍රවරුන් දෙදෙනා හුදෙක් තමන්ට ලැබුණු බව කියන සල්ලි මිටි කිහිපයක් පෙන්වා ඒවා ජනාධිපතිතුමාට භාර දෙන බව කියා සිටියහ. මේ අනුව අල්ලස් ලබා ගැනීමට අනුබල දීම ගැන විමල් වීරවංශ මන්ති‍්‍රවරයාද සැක කරුවෙකු බවට පත් වේ.  ජනාධිපතිවරයාට මේ මුදල්වලින් ප‍්‍රචාරක කටයුතු කළ නොහැකිය. මන්ද එසේ කළහොත් නීති විරෝධී මුදල් භාවිතය පිළිබඳව ඔහු වරදකරුවකු වන බැවිනි. දැන් මොවුන්ට ගැලවීමට ඇති හොඳම මාර්ගය අල්ලස් කොමිසම වෙත ගොස් සත්‍ය තත්වය හෙලිදරව් කිරීමය."

බරපතල අර්බුදයකට පත් වී සිටින මේ මන්ති‍්‍රවරු ප‍්‍රශ්නය ගොඩින් බේරා ගැනීම සඳහා විපක්‍ෂයේ මන්ති‍්‍රවරුන්ට කථා කරන්නට පටන් ගෙන ඇති බවටද රාවයක් පවතී.

"දැන් ඉතින් ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවා ගත නොහැකිය. අල්ලස් කොමිසමේ නිලධාරින් වහාම කි‍්‍රයාත්මක වී මේ මුදල් තොගය තම භාරයට ගන්නා ලෙස අපි කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටිමු. විමල් වීරවංශ මහතා මීට කලින් ගැසු සියලූ තුරුම්පු මෙන්ම මේ අල්ලස් තුරුම්පුවද දැන් පුස්සක් වී ඔවුන්ටම ආපසු කැර කැවී තිබේ.  මේ රටේ ජනතාව මෙවැනි අභූත චෝදනා පිලිගැනීමට තරම් මෝඩයෝ නොවෙති. මෙවැනි කි‍්‍රයා ජනතාවගේ බුද්ධියට නිගා කිරීමට දරන වෑයමකි," යි ද ශිරාල් ලක්තිලක පවසයි.

Comments

  1. Is this the same Shiral who used to work for one of those election NGOs?

    ReplyDelete
  2. මෙ කොහොම කලත් මහින්ද දිනනවා. මොකද මෙ දෙවල් තෙරුම් ගන්න තරම් මොලෙ තියන මිනිස්සු බහුතරයක් මෙ රටෙ ඉන්නවනම් මෙ රට අලුතෙන් දියුණු කරන්න කිසිම පියවරක් ගන්න ඔනා නැහැ. එ මොලෙ තියන මිනිස්සු නිකම්ම වැඩ කරලා මෙ රට දියුණු කරනවා. බලන්න මෙකටත් එයාලා මොකක් හරි කරයි. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා