දේවානන්දගේ 'යාපන සවුදම' නාට්ටිය හමුදාව අල කරයි

(2010 ජනවාරි 31 -W3Lanka)  මහින්ද රාජපක්ෂ ජනාධිපති අති බහුතර වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජනාධිපතිවරණය දිනද්දී පවා ඔහුගේ දෙමළ අතුරු හමුදා දේශපාලකයෝ ඔහු උතුරු-නැගෙනහිරදී පරාජය කළහ. යාපනය දිස්ත්‍රික්කයෙන් මහින්ද ජය ගත්තේ කයිට්ස් ආසනය පමණි. ඒ මදිවාට ඡන්දය ප්‍රකාශ කිරීම ද අවම මට්ටමක විය.

මුන්ට කන්න දෙනවාට වඩා කපුටන්ට ආප්ප අරන් දෙන එක හොඳ යයි මහින්දට සිතෙන්නට ඇත.

මේ අතුරු හමුදා දේශපාලකයන් වඩා ප්‍රජාතන්ත්‍රවාදී නව සංදර්භය තුළ අහෝසි වී ගොස් ඇති බව පැහැදිලි ය. දෙමළ ජාතික සන්ධානයට නැගෙනහිර පළාත් සභා මැතිවරණය තරග කරන්නට ලැබුණා නම් පිල්ලෛයන්ට මහ ඇමති වන්නට ලැබෙන්නේ ද නැත. 

පරාජිත ඩග්ලස් දේවානන්ද යාපනයේ ෂෝක් නාට්‍යයක් පෙන්වන්නට ගියේ ය. මුලින් එයා පාර්ලිමේන්තු ආසනෙන් ඉල්ලා අස් වන බව කීවේය. එහෙත්, ‍එසේ වුණොත් ඇමතිකමත් ගැලවී යන බව හා මහින්දලාගෙන් ලැබෙන සහාය ද අඩු ඊළඟ ඡන්දයේදී රාජ්‍ය බලය පාවිච්චි නො කළහොත් 2004දී මෙන් යන්තමින්වත් ගොඩ ඒමට බැරි වන බැවින් අස් වන අදහසක් ඔහුගේ තුන් හිතකවත් නො තිබුණු බව උතුරේ ආරංචි මාර්ග පවසයි. මේ අතර යාපනයේ ජනතාවට ඇමතිවරයා අස් වීමට විරෝධය පළ කරමින් හර්තාල් කරන්නැයි දේවානන්දාගේ අතුරු හමුදාකාරයෝ බල කළෝ ය. කඩ හිමියෝ ඔහුගේ කෙරුවාව ගැන දන්නා නිසා බියෙන් කඩ වසා ගත්හ.

එහෙත් මේ මොන මළ කෝලමක්දැයි සිතූ හමුදාව වහා මැදිහත් වී කඩ අරින්නැයි කීවේ ය. පැයකට පසු හර්තාලය අල වූයේ හා යාපනය ජන ජීවිතය සාමාන්‍ය වූයේ එසේ ය. 

අනුරුද්ධ රත්වත්තේ ආරක්ෂක ඇමති කාලයේ ද මේ අන්දමින් ඉල්ලා අස් වන කතාවක් කියා ඉන් පසු ඉල්ලා අස් වන්න එපා යයි තමන් ම පෝස්ටර් ගස්සවාගෙන ඉල්ලා අස් නො වී සිටියේ ය. 

Comments

  1. දෙමල ජාතිය රාජපක්ශ රෙජිමයට පවාදෙන ප (@#@#&^#^*&*@!#%# )ල්ලා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා