අපි දන්නෙ නෑ. අපට තේරෙන්නෙ නෑ.

(2010 ජනවාරි 27 -W3Lanka) මහ රෑ කියා නැත.
කටකතා අඳුරේ ම පියාඹති.
මැතිවරණ ප්‍රතිඵල විශ්වාස කළ නො හැකි බව බොහෝ දෙනා පවසති.

සිදු වන දෙය නො තේරේ.
වෙබ් අඩවි යාවත්කාලීන නොවේ.
වුණත් පරිස්සමෙනි.
යාවත්කාලීන වන ඒවා අපට නො පෙනේ.
අප මහත් ඇලුම් කළ බ්ලොග්කරුවෙක් වූ බියොන්ඩ් ෆ්‍රේම් සිය අවසන් සටහන මේ උදැසන ම තබා ඇත.
ලැබෙන මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනෙන්නේ මේ අප ඔබ හමුවට එන අවසන් වතාව මෙය විය හැකි බව ය. ජැක්සන් ඇන්තනී පෙන්වන මාවතේ ගොස් රාජ ආණ්ඩුවක් හදන්නට වන්දි භට්ටයින් විනා විමසන ප්‍රශ්න කරන මිනිසුන් අවශ්‍ය නොවන බැවිනි.
එහෙයින් මෙය ඔබෙන් සමුගැනීමට ද ලියන අවසන් බ්ලොග් සටහන මෙන් සැළකුව මැනවි.
ඔබට සුභ අනාගතයක්!
ධෛර්යය අවශ්‍ය ය. 
ඔරොත්තු දීම ද අවශ්‍ය ය. 
සුබවාදී වීම හැම විට ම අසුබවාදී වීමට වඩා හොඳ ය. 
අපි දිගට ම අසාධාරණයට එරෙහිව පෙනී සිටියෙමු.
කාටවත් කඩේ නො ගියෙමු.
මහින්දගේ ජයග්‍රහණය සාධාරණ එකක් නම් අපි හිස නමා එය පිළි ගනිමු. 
ලංකාවේ ජනතාව බුද්ධිමත් යයි අපි කිසි කලෙක පවසා නැත්තෙමු.
බුද්ධිමත්කම එන්නත් කරන්නට අපට බැරි ය. 
එහෙත් සිතන, විමසන මිනිසුන් වෙනුවෙන් අපි මේ සංවාදය දිගට ම පවත්වාගෙන යන්නට උත්සාහ කරන්නෙමු.
කරුණාකර අප ලුහු නො බඳින්න.
ප්‍රජාතන්ත්‍රවාදය අවසන් නම් ඒ බව දැනුම් දෙන්න. 
එවිට අප මෙම කාර්යය නවතන්නෙමු.


Comments

  1. ubala babala,,,, Dan etin Norway walin gattha check eka cash karagena wena namakin site ekak patan ganilla !! Nathnam beyonframe wage unge ratakama saranagathayo weyalla, !!!!

    ReplyDelete
  2. When things go wrong,
    When sadness fills your heart,
    When tears flow in your eyes,
    Just let me know,
    Because, I want to be there for you,
    Because!!!,
    .....
    .....
    One of my friend is selling Tissue Papers

    ReplyDelete
  3. Don't worry
    ape wada digatama karagena yamu
    me rata wenas karanna puluwan wei, habai kaalayak yai but uthsahaya athaarinna epaa

    "we can cahange Srilanka"
    do it or die

    ReplyDelete
  4. මිනිස්කමක් නැතත් "කෘතවේදී" සන්හතියක් වීම මොනතරම් ආඩම්බරයක්ද?මොනව නැතත් අපෙ පොඩි වුන් ලොකෙ හොඳම කුඩුකේඩුකාර,විරුද්ධවාදියාට මැරෙනකල් එලව එලවා "කෘතවේදීකම" පෙන්නන
    අමනයන් වීම කාටනම් වැලකිය හැකි වේද????

    ReplyDelete
  5. Paradunata passe kiyannath deyak thiyenna epa.
    lankawe mkinissu buddimath nisa thamai mahindata dunne.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා