කොළඹ තැපැල් ඡන්දෙනුත් මහින්ද දිනුම්


(2010 ජනවාරි 27 -W3Lanka) ලංකාවේ ජනාධිපතිවරණයේ දැනට ප්‍රකාශයට පත් වෙමින් තිබෙන ප්‍රතිඵල අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ විශාල ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් තිබේ. 


සරත් ෆොන්සේකාට වාසිදායක දිස්ත්‍රික්ක වන කොළඹ, මහනුවර, නුවරඑළිය, වන්නි ආදියෙන් පවා තැපැල් ඡන්දවලින් සරත් ෆොන්සේකා මෙන් දෙගුණයක් පමණ ඡන්ද ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ සමත් වීම සුවිශේෂ තත්වයකි.

මේ අතර ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවිය ජනාධිපතිට සමීප යයි කියන නම් නො කළ ආරංචි මාර්ගයක් උපුටා දක්වමින් මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර නිලධාරීන්ගේ සහයෝගය ඇතිව තැපැල් ඡන්ද ලක්ෂයක් පමණ ලබා ගැනීමේ සැලසුමක් තිබුණු බවට චෝදනාවක් ඉදිරිපත් කර තිබේ. මෙම වෙබ් අඩවිය මේ වන විට ලංකාවේ පාඨකයන්ට බැලීමට නො හැකි ය.

Comments

  1. නටන්න නො හැකි එකාට (........)ඇදයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා