ලංකා සිද්ධිය: රාජ්‍ය මාධ්‍ය විපක්ෂය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයට ස්වාධීන මාධ්‍ය ‍කටයුතු නො කල යුතු ය

(2010 ජනවාරි 29 -W3Lankaඅද දහවල් ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගිය "ලංකා" පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා තවදුරටත් ප්‍රශ්න කිරීම සදහා රැදවුම් නියෝග මත අත්අඩංගුවට ගැනිමට රහස් පොලීසිය කටයුතු කර තිබේ.


අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගිය චන්දන සිරිමල්වත්ත මහතාගෙන් පැය දෙකකට වඩා වැඩි කාලයක් ප්‍රකාශ සටහන්කර ගෙන ඇති අතර තවදුරටත් ප්‍රශ්න කිරීමට ඇති හෙයින් මෙලෙස රදවා තබාගැනීමට පියවරගන්නා බව සිරිමල්වත්ත මහතාගේ නීතිඥයින් වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.


චන්දන සිරිමල්වත්ත අත්අඩංගුවට ගෙන ඇත්තේ ලංකා පුවත්පතේ ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ පළ වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් බව දැනගන්නට ඇත. අද දිවයින පුවත්පතට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කර ඇති පහත ප්‍රකාශයෙන් ද එය පැහැදිලි වේ.


ලංකා පුවත්පත යනු ජනතා විමුක්‌ති පෙරමුණ නමැති වගකිව යුතු දේශපාලන පක්‍ෂය විසින් ප්‍රකාශයට පත්කරන පුවත්පතකි. එම පුවත්පත පසුගිය කාලයේදී දිගින් දිගටම මට අපහාසවන ආකාරයේ අසත්‍ය පුවත් පළ කළා. මම ඒ සියල්ල ඉවසාගෙන සිටියේ ජනාධිපතිවරණය සමයේදී සිදුකරන මඩ ප්‍රකාශ ලෙසයි. නමුත් දැන් ජනාධිපතිවරණය අවසන්. මෙවර කලාපය මගිනුත් මට අපහාස වන ආකාරයේ පුවතක්‌ පළකර තිබෙනවා. ඒ සම්බන්ධව මම ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතාට ඊයේ උදෑසන මගේ දුරකථනයෙන් ඔහුගේ ජංගම දුරකථනයට කතාකර මේ බැව් පැවසුවා.
මේ අනුව පෙනී යන්නේ ලංකාවේ නව තත්වයන් යටතේ ජනමාධ්‍ය පාලකයන් තමන්ට අපහාසයක් යයි සිතන අන්දමේ ප්‍රවෘත්ති පළ නො කළ යුතු බවයි. රජයේ මාධ්‍ය ආයතන විපක්ෂය සම්බන්ධයෙන් අනුගමනය කරන අපහාසාත්මක පිළිවෙත් ස්වාධීන ජනමාධ්‍ය විසින් අනුගමනය කළ යුතු නැති බව අපේ ද අදහසයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා