Posts

Showing posts with the label චන්දන සිරිමල්වත්ත

ලංකා හා ඊ නිව්ස් එක රූප රාමුවක

Image
(2011 පෙබරවාරි 03,  W3Lanka )   ඩේලි මිරර් පුවත්පතින් උපුටා ගනු ලැබූ පසුගියදා ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට එල්ල කරන ලද ප්‍රහාරයට එරෙහිව පැවති උද්ඝෝෂණයේදී ප්‍රදීප් දිල්රුක්ෂණ විසින් ගන්නා ලද මෙම ඡායාරූපය අප පළ කරන්නේ එහි ඇති සුවිශේෂීභාවය නිසා ය. මෙහි ඉදිරියෙන් සිටින්නේ නිරන්තරයෙන් තර්ජනයට මුහුණ දෙන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ ප්‍රමුඛ මාධ්‍යවේදී ශාන්ත විජේසූරියයි. පසුබිමින් සිටින්නේ පසුගිය සමයේ දැඩි මර්දනයකට මුහුණ දුන් තවත් මාධ්‍යවේදියකු වන ලංකා පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්තයි. 

ලංකා පත්තර කන්තෝරුවට සීල් තැබේ

Image
(2010 ජනවාරි 30 - W3Lanka )   රහස් පොලිසිය ලංකා පුවත්පතේ කාර්යාලයට සීල් තබා ඇත. එම කාර්යාලයට ඇතුල්වීම සඳහා රහස් පොලිසිය උසාවි නියෝගයක් ලබාගෙන ඇති බව පොලිස් ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අයි. එම්. කරුණාරත්න පවසයි. මෙම පුවත්පත් කාර්යාලයට සීල් තබා ඇත්තේ කුමන හේතුවක් නිසා ද යන්න තවමත් වාර්තා වී නැත. කාර්යාලයට සීල් තැබීමත් සමග ලබන සතියේ සිට මෙම පුවත්පත ‍නිකුත් කිරීමට නො හැකි තත්වයක් උදා වී තිබේ. 1970 දශකයේදී එවක පැවති සමගි පෙරමුණු ආණ්ඩුව විසින් ද 'දවස' පුවත්පත් ආයතනයට සීල් තබන ලදී. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ එම ආණ්ඩුවේ කණිෂ්ඨ මන්ත්‍රීවරයෙක් විය.   මෙම පුවත්පතේ පළ වූ ලිපියක් ජනාධිපති සහෝදර හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නො සතුටට හේතු වී ඇති බව පෙනේ. ඔහු ඊයේ දිවයින පුවත්පතට මෙසේ පවසා තිබිණි. ලංකා පුවත්පත යනු ජනතා විමුක්‌ති පෙරමුණ නමැති වගකිව යුතු දේශපාලන පක්‍ෂය විසින් ප්‍රකාශයට පත්කරන පුවත්පතකි. එම පුවත්පත පසුගිය කාලයේදී දිගින් දිගටම මට අපහාසවන ආකාරයේ අසත්‍ය පුවත් පළ කළා. මම ඒ සියල්ල ඉවසාගෙන සිටියේ ජනාධිපතිවරණය සමයේදී සිදුකරන මඩ ප්‍රකාශ ලෙසයි. නමුත් දැන් ජන...

ලංකා සිද්ධිය: රාජ්‍ය මාධ්‍ය විපක්ෂය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයට ස්වාධීන මාධ්‍ය ‍කටයුතු නො කල යුතු ය

Image
(2010 ජනවාරි 29 - W3Lanka )  අද දහවල් ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගිය "ලංකා" පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා තවදුරටත් ප්‍රශ්න කිරීම සදහා රැදවුම් නියෝග මත අත්අඩංගුවට ගැනිමට රහස් පොලීසිය කටයුතු කර තිබේ. අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගිය චන්දන සිරිමල්වත්ත මහතාගෙන් පැය දෙකකට වඩා වැඩි කාලයක් ප්‍රකාශ සටහන්කර ගෙන ඇති අතර තවදුරටත් ප්‍රශ්න කිරීමට ඇති හෙයින් මෙලෙස රදවා තබාගැනීමට පියවරගන්නා බව සිරිමල්වත්ත මහතාගේ නීතිඥයින් වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත. චන්දන සිරිමල්වත්ත අත්අඩංගුවට ගෙන ඇත්තේ ලංකා පුවත්පතේ ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ පළ වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් බව දැනගන්නට ඇත. අද දිවයින පුවත්පතට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කර ඇති පහත ප්‍රකාශයෙන් ද එය පැහැදිලි වේ. ලංකා පුවත්පත යනු ජනතා විමුක්‌ති පෙරමුණ නමැති වගකිව යුතු දේශපාලන පක්‍ෂය විසින් ප්‍රකාශයට පත්කරන පුවත්පතකි. එම පුවත්පත පසුගිය කාලයේදී දිගින් දිගටම මට අපහාසවන ආකාරයේ අසත්‍ය පුවත් පළ කළා. මම ඒ සියල්ල ඉවසාගෙන සිටියේ ජනාධිපතිවරණය සමයේදී සිදුකරන මඩ ප්‍රකාශ ලෙසයි. නමුත් දැන්...

අත්අඩංගුවට ගත් ලංකා කර්තෘ නිදහස්

Image
(2009 ඔක්තෝබර්  18 - W3Lanka )  ජවිපෙට සම්බන්ධ ලංකා පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත ඊයේ රහස් පොලිසිය විසින් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩගුවට ගන්නා ලදී. තෙපැයකට වඩා ප්‍රශ්න කිරීමෙන් පසු ඔහු නිදහස් කර ඇත. මෙවර ලංකා පුවත්පතේ ප්‍රධාන ශීර්ෂය වන "ජනරාල් ‍ෆොන්සේකාට එරෙහිව ආණ්ඩුව යුද ප්‍රකාශ කරයි " යන ශීර්ෂය යටතේ පළවූ ලිපියේ මූලාශ්‍ර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිරිමල්වත්ත මහතාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර තිබේ. රජය සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් සරත් ෆොන්සේකා මහතා අතර ගැටුමක් පවතින බවට රට පුරා අසත්‍ය ප්‍රචාර පතුරුවා හරින්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට යන බව හා මේ දිනවල ඇතැම් මාධ්‍ය මගින් සහ වෙබ් අඩවි මගින් රටපුරා ගෙන යන මේ ප්‍රචාරය සත්‍යයෙන් තොර බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා මේ පිළිබඳව කරුණු දැක්වීම සඳහා 16දා ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.