ජනාධිපතිවරණයේ ප්‍රචණ්ඩ අවධිය ඇරඹේ

(2010 ජනවාරි 13 -W3Lanka) ඊයේ දහවල් ජනාධිපතිවරයාගේ ගම් ප්‍රදේශය ආසන්නයේ තිස්‌සමහාරාම රන්න පලුන්න ප්‍රදේශයේදී සරත් ෆොන්සේකාට සහාය පිණිස සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පැවැත්වුණු රැස්වීමක් බලන්නට සෙනග යමින් සිටි බස් රියකට එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයකින් 60 වියේ සිටින වැඩිහිටි කාන්තාවක් මිය යාමත් සමගම ලංකාවේ ජනාධිපතිවරණ ව්‍යාපාරය ප්‍රචණ්ඩ ලේ වැකි අවධියක් කරා පිවිසෙමින් තිබේ ද යන සැකය මතු වෙමින් තිබේ.


තංගල්ලේදී සිදු වූ වෙඩි තැබීම පිළිබඳ අවධානය යොමු කරන එක්සත් ජනපදය සාමකාමී මැතිවර්‍යක් තහවුරු කරන ලෙස ලංකවේ රජයෙන් ඉල්ලා තිබේ.


ආණ්ඩුව සිද්ධිය හෙළා දැක තිබෙන අතර වගකිව යුත්තන් අධිකරණය හමුවට ගෙන ඒමට සියලු පියවර ගන්නා බව සුපුරුදු ලෙස පවසා තිබේ.


බස් රියේ මග හරස්‌ කළ වෑන් රථයක්‌ සහ යතුරුපැදියක පැමිණි පිරිසක්‌ ටී. 56 ගිනි අවි යොදාගෙන ඊට වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ. වෙඩි ප්‍රහාරයෙන් විතාරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකාරියක වූ හැට හැවිරිදි කුසුමා කුරුප්පුආරච්චි නමැති කාන්තාව සිද්ධිය වූ ස්‌ථානයේම මියගිය අතර තුවාලකරුවන් දෙදෙනා තිස්‌සමහාරාම රෝහලට ඇතුළත් කර ඇත.


සන්නද්ධ පිරිස ගමන්ගත් වෑන් රථය සහ යතුරුපැදිය අතහැර දමා තිබියදී අත්අඩංගුවට ගත් අතර සන්නද්ධ පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා හුංගම පොලිසිය‌ පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

Comments

  1. දේශපාලනය බල්ලට ගිහිල්ලද බල්ලො දේශපාලනයට ඇවිල්ලද...?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා