ඥානසාර හාමුදුරුවන්ට ලැබුණු මුත්තගෙ තුට්ටුව
වටරැක විජිත නාටකය අවසන් බව එහි අධ්‍යක්ෂ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව නිවේදනය කරයි. එහෙත්, ඊයේ එහි උද්වේගකර ජවනිකාවක් ඊයේ කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශයේදී පැවැත්විණි. එහි ප්‍රධාන චරිතය රඟපෑ බෞද්ධ භික්ෂුවගෙන් ඥානාසාර හාමුදුරුවෝ පරිස්සම් විය යුතු ය. මන්ද, ඔහුට බ්‍රේක් ඇත්තේ ම නැත. මේ දවස්වල ලංකාවේ බෞද්ධ නායකයකු වෙන්නට තිබෙන හොඳ ම සුදුසුකම එයයි. වටරැක විජිත හිමි ඔහුට අහු වුණා නම් සම්බෝල හදන හැටි ද ලෝකයට පෙන්වන්නට ඉඩ තිබිණි. හැබැයි, මුදා හරින ලද සුනඛ සේනාව ගැන ඥානසාර හාමුදුරුවන්ට ම දැන් දැන් බිය ඇති වී තිබේ. අර චීවරධාරියා පොලිස් ලොක්කකුට ගහන්න පනින හැටියට සිවුර නැතිනම් අනිවාර්යයෙන් ම ආයුධ පෙන්නන්නට යන්නට ලැබෙනවා නිසැක ය. හැබැයි සාදු, මේකත් මතක තියා ගන්න. අපි, ඔහෙලා වගේ මිනිස්සු රාශියක් අසූනමයේදී ටයර් උඩ යවපු කට්ටියක් මේගොල්ලෝ. සිවුරට තිබෙන ගෞරවයේ තරම ඒ දවස්වල දැකගන්න ඇතිනේ. සිවුරට මුවා වෙලා නටන නැටිලි දැන් නම් ඕවර් යන්න ඔන්න මෙන්න බව කරුණාවෙන් සලකන්න. තමුන්නැහෙලා කනකොට ඒකෙත් මානව හිමිකම් පාර්ශ්වය කතා කරන්න වෙන්නේ අපට ම ය. හැබැයි සාදු, ඔය වාසුලා වගේ නෙමෙය...