කුරුණෑගල වාහනයක බෝම්බ පුපුරුවා කළ විනාශය රජයට ත්‍රස්ත ක්‍රියාවක් නෙමෙයිලු

(2009 ඔක්තෝබර්  04 - W3Lanka) එක් 12 හැවිරිදි දැරියකට මරු කැඳවමින් කුරුණෑගල පාසල් සිසුන් ප්‍රවාහනය කරන වෑන් රියක ඔක්තෝබර් 02දා පුපුරා ගිය බෝම්බය රහසිගතව සවි කළේ යයි සැක කෙරෙන මින්නේරිය යුදහමුදා කඳවුරේ සේවය කරන බෝම්බ නාශක අංශයක සෙබළෙක් අත්අඩංගුවට ගෙන තිබේ. 

වැන් රියේ හිමිකරු මෙම සෙබළාගේ බිරිඳ සමග අනියම් සබඳතාවක් පැවතීම නිසා ඔහු මෙම ක්‍රියාව කළ බවට පාපොච්චාරණය කර තිබෙන බව නිල නොවන ආරංචි මාර්ග පවසයි. මෙම සිද්ධියෙන් පාසල් සිසුන් අටදෙනෙකු ඇතුළු 11දෙනෙක් ද තුවාල ලැබූහ.


දැනට කුරුණෑගල පොලිසිය භාරයේ රඳවා සිටින මෙම සෙබළා ද අවි ආයුධ පෙන්වීමට ගොස් පැන යාමට උත්සාහ කරද්දී පොලිසියෙන් වෙඩි කෑමට ඉඩ තිබේ.



පොලිසිය ඇතුළු බලධාරීන් කියන පරිදි මෙය ත්‍රස්ත ක්‍රියාවක් නොවේ.

එසේ නම් ත්‍රස්තවාදය යනු කුමක්ද?

Comments

  1. දන්නැතුව වගේ අහන හැටි? ඔයාගෙ ප්‍රභාකරන් මාමා කලේ ඒ වගේ එව්වා තමයි.

    මේ යකා බෝම්බෙ හයි කරල තියෙන්නෙ තරහ කාරයෙක් මරන්න. ඔයාගෙ ප්‍රභාකරන් මාමා සමහර බෝම්බ එවනකොට මරන්න ඕනෙ කවුද කියලවත් දැනන් හිටියේ නැහැ. අන්න ඒකයි වෙනස.

    ReplyDelete
  2. එතකොට අර අහිංසක පාසල් දැරිය මිය ගිය එක, තවත් කුඩා දරුවන් තුවාල ලැබූ එක ප්‍රභාකරන් කරපු දේවලින් වෙනස් වෙන්නේ කොහොමද? මෙතන තියෙන ප්‍රශ්නය ත්‍රස්තවාදයට අර්ථකථනයක් නැති එකයි. දේශපාලන අරමුණු වෙනුවෙන් කරන මෙවැනි ක්‍රියා පමණද ත්‍රස්තවාදය? ඔබ වෙලාවකට කියනවා ප්‍රභාකරන් ඒවා කළෙත් පෞද්ගලික අරමුණකටයි කියලා. එහෙම නම් මේ සෙබළා කළ දේයි, ඒ දේවලුයි අතර වෙනසක් නැහැනේ.

    ReplyDelete
  3. එතකොට පොලෝසිය හා අපරාධකරුවන් අතර වෙන වෙඩි හුවමාරුවකදී වෙඩි වැදිලා සාමාන්‍ය මිනිහෙක් මළොත් ඒකත් ත්‍රස්තවාදය වෙන්න ඇති. දෙන්නෙක් ගහ ගන්න කොට රණ්ඩු බේරන්න ගිය එකාට පාරක් වැදිලා මැරෙන එකත් ත්‍රස්කවාදය වෙන්න ඇති. ඒ අර්ථ දැක්වීමට ඔයා වැඩිපුර කැමතිත් ඇති. මොකද හමුදාවත් ත්‍රස්තවාදීන් කියල පෙන්නන්න නෙ ඔයාලා දත කා ගෙන දගලන්නෙ

    ReplyDelete
  4. මිගාර කියන ලෙස හමුදාව ත්‍රස්තවාදීන් ලෙස පෙන්වීමට ද ඔබ තෙත් කරන්නේ , නැත්නම් ලංකාවේ "ත්‍රස්තවාදී" ක්‍රියා තවමත් ඇති වෙනවා කියා පෙන්නුම් කරන්නද අවශ්‍ය ?

    ReplyDelete
  5. මිගාර, ලියෝ,
    මම පෙන්වා දෙන්නේ මේ සිද්ධිවල සමානත්වයයි. එකක් ත්‍රස්තවාදය බව කියා අනෙක වෙන මොකක්දැයි කියන්නේ ඔබයි. කරුණාකර ත්‍රස්තවාදය යනු කුමක්දැයි අර්ථ දක්වන්න.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

ඕපාදූප, ආවේග, ඉරිසියාව හා ජාතිවාදය නිසා රටේ මාතෘ සෞඛ්‍යය අනතුරේ හෙළමු ද?