Posts

Showing posts with the label මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා

ප්‍රචණ්ඩම දින කීපය ඇරඹේ; පළමු ඉලක්කය ටිරාන් අලස්

Image
(2010 ජනවාරි 22 -W3Lanka) මංගල සමරවීර නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශ්වයේ ක්‍රියාකාරී සාමාජික ටිරාන් අලස්ගේ නාවල නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව හා නිවස ගිනි ගෙන ඇති බව අලුත් ම වාර්තා පවසයි.  අලස් අනතුරින් බේරී ඇති අතර ඔහුගේ වාහනයට ද හානි සිදු වී ඇත. ව්‍යාපාරිකයකු වන ටිරාන් අලස් කොළඹ ඩි.එස්. සේනානායක විදුහලේ නිර්මාතෘ විදුහල්පති අලස්ගේ පුතෙකි. මීට පෙර ඔහු විසින් පවත්වාගෙන යන ලද මව්බිම පුවත්පත විවිධ බලපෑම්වලට යටත් කර වසා දැමීමට ද මහින්ද රාජපක්ෂ රජය කටයුතු කළේය. විපක්ෂය තමන්ට ම බෝම්බ ගසාගෙන අනුකම්පා ඡන්ද ලබා ගැනීමට උත්සාහ කරනු ඇති බවට විමල් වීරවංශ ප්‍රමුඛ පිරිස් විසින් ප්‍රචාරයක් ආරම්භ කිරීමත් සමගම ජනාධිපතිවරණයේ අවසන් දින කීපයේදී ප්‍රචණ්ඩත්වය ඉහළ යැවීමේ සැලසුමක් ආණ්ඩුවට තිබෙන බවට බොහෝ දෙනා සැක පහළ කළහ.මෙය හොරාට කලින් කෙසෙල් කැන වැට පැනීමක් විය හැකි බව ජනතාව සැක කරති. ඉදිරි දින කීපය තවත් ප්‍රචණ්ඩ විය හැකි බවට මෙම සිද්ධිය අනාවැකි සපයයි.

මේ ජීවිතය බිලි ගත් මැරවරයන්ට ඔබේ ඡන්දය දෙනවාද?

Image
(2010 ජනවාරි 19 -W3Lanka) මෙම ඡායාරූපයේ සිටින 33 හැවිරිදි ධම්මික හේරත් සුළු ව්‍යාපාරිකයෙකි. එක් දරු පියෙකි. හිටපු විදුහල්පතිවරයකුගේ පුතෙකි.  ජනවාරි 18දා මධ්‍යම රාත්‍රිය පසු වී මඳ වේලාවකට පසුව මෝටර් සයිකල් හතකින් ආ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් නමගිය පුද්ගලයකු වන ග්‍රාමීය කර්මාන්ත හා ස්වයං රැකියා ප්‍රවර්ධන ඇමති එස්. බී. නාවින්නගේ 15ක පමණ මැරවර පිරිසක් මෙම තරුණයාට පොලුවලින් පහර දී කොඳු නාරටිය කඩා මහ මග මරා දැමූහ. ඔහු කළ වරද සරත් ෆොන්සේකාගේ මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් ඇලවීමයි.

මැතිවරණ ප්‍රචණ්ඩත්වයෙන් හානියට පත් දෙවන මාධ්‍යවේදියා

(2010 ජනවාරි 19 -W3Lanka) ජනවාරි 16දා පුත්තලම මදුරන්කුලියේදී සන්ධාන ආධාරකරුවකුට මරු කැඳවමින් ඇති වූ ගැටුම වාර්තා කිරීමට ගිය ප්‍රදේශීය මාධ්‍යකරුවකුට ද ආණ්ඩු පක්ෂයට සම්බන්ධ මැරයන් විසින් පහර දී ඔහුගේ වීඩියෝ කැමරාව ඇතුළු ආම්පන්න කුඩු කර තිබේ. මාධ්‍ය ආයතන ගණනාවකට සේවය සපයන නිදහස් මාධ්‍යවේදියකු වන ජූඩ් සමන්ත මෙසේ පහර දීමට ලක්ව ඇති අතර පුත්තලම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගත් ඔහු සිද්ධිය පිළිබඳව මුන්දලම පොලිසියට පැමිණිලි කර තිබේ. මීට පෙර පොළොන්නරුවේ මැතිවරණ ගැටුමක් වාර්තා කිරීමට ගිය ප්‍රාදේශීය මාද්‍යවේදිනී තක්ෂිලා දිල්රුක්ෂි ද පහර දීමක‍ට ලක් වූවා ය.

‍ජනාධිපතිවරණයේ දෙවන බිල්ල ආණ්ඩු පක්ෂයෙන්

Image
(2010 ජනවාරි 17 -W3Lanka) ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරවල ආණ්ඩුවේ දේශපාලකයන්ගේ ප්‍රචණ්ඩත්වය උත්සන්න වෙමින් ඇත. අලුත් ම සිද්ධිය ඇති වී තිබෙන්නේ ආනමඩුව මැතිවරණ කොට්ඨාසයේ ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිට සහාය පළ කිරීම සඳහා මදුරන්කුලියේ ඊයේ මහජන රැළියක් පැවැත්වුණු අතර එම රැළියට සහභාගිවීමට යමින් සිටි නියෝජ්‍ය කතානායක ප්‍රියංකර ජයරත්නගේ ආධාරකරුවන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ කාර්යාලයක් කැඩීමට තැත් කරද්දී සිදු වූ වෙඩි තැබීමකින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාක්ෂිකයෙක් මිය ගොස් ඇත. වෙඩි තැබීම කළේ එක්සත් ජාතික පක්ෂයේ අය විසින් යයි රජයේ මාධ්‍ය පවසයි. දෙපාර්ශ්වයේ ම නවදෙනෙකු තුවාල ලබා තිබේ. එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ නිවසට ගිනි තබා විනාශ කර ඇති බව ද පොලිසිය එම සිද්ධිය වැළැක්වීමට උත්සාහ නො කළ බව ද එජාප පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බංඩාර පවසයි.  ඝාතනය සිදු කළේ කවුරුන් විසින් ද යන්න පිළිබඳ පොලිසිය තවමත් ප්‍රකාශ කර නැත.

ජනාධිපතිවරණයේ ප්‍රචණ්ඩ අවධිය ඇරඹේ

(2010 ජනවාරි 13 -W3Lanka) ඊයේ දහවල් ජනාධිපතිවරයාගේ ගම් ප්‍රදේශය ආසන්නයේ තිස්‌සමහාරාම රන්න පලුන්න ප්‍රදේශයේදී සරත් ෆොන්සේකාට සහාය පිණිස සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පැවැත්වුණු රැස්වීමක් බලන්නට සෙනග යමින් සිටි බස් රියකට එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයකින් 60 වියේ සිටින වැඩිහිටි කාන්තාවක් මිය යාමත් සමගම ලංකාවේ ජනාධිපතිවරණ ව්‍යාපාරය ප්‍රචණ්ඩ ලේ වැකි අවධියක් කරා පිවිසෙමින් තිබේ ද යන සැකය මතු වෙමින් තිබේ. තංගල්ලේදී සිදු වූ වෙඩි තැබීම පිළිබඳ අවධානය යොමු කරන එක්සත් ජනපදය සාමකාමී මැතිවර්‍යක් තහවුරු කරන ලෙස ලංකවේ රජයෙන් ඉල්ලා තිබේ. ආණ්ඩුව සිද්ධිය හෙළා දැක තිබෙන අතර වගකිව යුත්තන් අධිකරණය හමුවට ගෙන ඒමට සියලු පියවර ගන්නා බව සුපුරුදු ලෙස පවසා තිබේ. බස් රියේ මග හරස්‌ කළ වෑන් රථයක්‌ සහ යතුරුපැදියක පැමිණි පිරිසක්‌ ටී. 56 ගිනි අවි යොදාගෙන ඊට වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ. වෙඩි ප්‍රහාරයෙන් විතාරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකාරියක වූ හැට හැවිරිදි කුසුමා කුරුප්පුආරච්චි නමැති කාන්තාව සිද්ධිය වූ ස්‌ථානයේම මියගිය අතර තුවාලකරුවන් දෙදෙනා තිස්‌සමහාරාම රෝහලට ඇතුළත් කර ඇත. සන්නද්ධ පිරිස ගමන්ගත් වෑන් රථය සහ යතුරු...