විමල්, පරිස්සමෙන්!


(2010 ජනවාරි 21 -W3Lanka) මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හොඳින් හෝ නරකින් ජනාධිපතිවරණය ජය ගන්නා බව මේ දිනවල සිවිල් සමාජය තුළ ප්‍රචාරය කරමින් සිටින එක් පුද්ගලයකු වන්නේ මහින්දගේ ළඟ ම හිතවතකු වන කුප්‍රකට ජාත්‍යන්තර සාම වෙළෙන්දෙක් වන රූපසිංහයි. මහින්ද ඔහු ප්‍රසිද්ධ දේශපාලනයට නො කැඳවන්නේ ඔහු වේදිකාවට නැගුණොත් මහින්දට ලැබෙන ඡන්ද ප්‍රමාණයක් නො ලැබී යාමට ඉඩ ඇති බැවිනි.


ජනාධිපතිවරණයේ තරග උණුසුම තීව්‍ර වීමත් සමග මැතක සිට අමුතු කතන්දර ආණ්ඩුවේ දේශපාලකයන්ගේ මුවින් ගිලිහෙමින් තිබේ. ඡන්දයට පෙර දා රෑ හැඳුනුම්පත් එකතු කිරීමේ සැලසුමක් ඇති බව ඇමති සුසිල් ප්‍රේම ජයනිත පවසයි. විමල් වීරවංශ දැන් කියන්නේ සරත් ෆොන්සේකා තමන්ට අනුකම්පාව දිනා ගැනීම සඳහා තමන්ගේ ම රැළියකට බෝම්බ ගසා ගන්නට ඉඩ ඇති බවයි. මෙවැනි දේ මීට පෙර ද සිදු වී තිබේ. 1999 ජනාධිපතිවරණයට දින කීපයකට පෙර චන්ද්‍රිකා බංඩාරනායකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ඇගේ ම සැලසුමක් බව වික්ටර් අයිවන් සිය චෞර රැජින පොතෙහි පවසයි.



ඔහුගේ තර්කය අනුව ගියහොත්, මෙවැනි සිද්ධියකින් යම් ජනප්‍රිය පුද්ගලයකු මිය ගියහොත් අනුකම්පා ඡන්ද ලබා ගැනීම සඳහා ඒ මිනිය හොඳින් අලෙවි කළ හැකි ය.



අප‍ මෙහි දකින අනෙක් පැතිත නම් එවැනි ක්‍රියාවක් විමල් වීරවංශගේ පාර්ශ්වය විසින් වුව අත්හදා බැලීමට ඉඩ ඇති බවයි. එහිදී ගොදුරු වන ජනප්‍රිය චරිතය විමල් වීමට වුව ඉඩ ඇත.


මක් නිසා ද යත්, පංති, කුල ආදී සාධක රැසක් නිසා විමල් යනු වලව්වල ඇත්තන්ට මෙවැනි දේ සඳහා පමණක් සුදුසු බිලි බෝයි කෙනෙකි.

පීඩිත කුල ප්‍රජාවකින් පැවත එන විමල්ට කිසි දිනෙක ඇමතිකමක් නො ලැබී ජාතික නිදහස් පෙරමුණට ලැබුණු ඇමතිකම් ගොවිගම කුලයේ අයට ලබා දීම විමල්ගේ මේ යථාර්ථය නිරූපණය කරන සාධක වේ.

Comments

  1. Kumar Rupesinghe may have been friends with Mahinda during his SLFP days, but like other NGOs, he now supports Sarath.

    The reason that they are saying Mahinda will come to power by hook or crook is as follows. MAHINDA IS GOING TO WIN! But they want to claim that Mahinda won by electoral fraud or violence.

    ReplyDelete
  2. I am not agree with the writer about cast factor come to front aganist the Wimal for holding a ministereal position. There was a time cast play big role in SL politics. But it is not a important factor for now these days, specially society which look for a 21st century. If it is so, as writer said, down trodden people should take arms to civilize or drive away so called high cast elites from the country.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා