හිරේ ඉන්න පුතා බේරගන්න නිදහස ලද දෙමළ සන්ධාන මන්ත්‍රී මහින්දට වැඩ


(2010 ජනවාරි 17 -W3Lanka)  වසරක පමණ කාලයක් තමන් නියෝජනය කළ කොටි පාලන ප්‍රදේශයේ රැඳී සිට යුද්ධයේ අවසානයත් සමග රජයේ පාලන ප්‍රදේශයට පැමිණ අවතැන් කඳවුරක සිටියදී අත්අඩංගුවට ගෙන මාස අටකට වැඩි කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ රඳවාගෙන සිට කිසිදු චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව නිදහස් කරන ලද දෙමළ ජාතික සන්ධාන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් කනගරත්නම් නිදහස් කර ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දීමේ කොන්දේසියක් පිට බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

මෙම මන්ත්‍රීවරයාගේ පුත්‍රයා ද කොටි සංවිධානය විසින් කොළඹට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලට උදව් කළේ ය යන චෝදනාව මත රඳවා තබාගෙන සිටින අතර ඔහු නිදහස් කර ගැනීම සඳහා උදව් කරන බවට ද ආණ්ඩුව එහුට පොරොන්දු වී ඇති බව වාර්තා වේ. 



එසේම යුද්ධයේ අවසන් දිනවලදී ඔහු දුටු කිසිවක් ප්‍රකාශ නො කරන ලෙස ද ඔහුට උපදෙස් දී ඇති බව දැනගන්නට ඇත. 


දැනට මෙම මන්ත්‍රීවරයාට වවුනියාවේ මන්නාරම් පාරේ අලුතින් ඉදි කරන ලද රජයේ සංචාරක බංගලාවක් ද, රජයේ වාහනයක් සහ පොලිස් ආරක්ෂාව ද සපයා තිබේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා